දියවැඩියාව යනු රුධිරයේ සීනි වැඩිවීමයි. රුධිර සීනි මට්ටම පාලනය කරනු ලබන්නේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලීන් හොමෝනය මගිනි. ඉන්සියුලීන් හෝමෝනයේ ඌණතාවය නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය මදිකම නිසා දියවැඩියා තත්වය ඇති වේ.
දියවැඩියා රෝගය පාලනයට රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය
වේ. දියවැඩියා රෝගී තත්වය නිට්ටාවට සුව කල නොහැක. නමුත් මනා රුධිර සීනි පාලනය
මගින් දියවැඩියා රෝගීන්ටත් සාමාන්‍ය දිවි පෙවතක් ගත කළ හැක. දියවැඩියාව ඇති
රෝගියකුට සෑම අවස්ථාවේදීම අසනීප තත්වයක් ශරීරයට නොදැනුනද රුධිර සීනි පාලනය
නොකලහොත් විනාශකාරී සංකුලතා ඉක්මණින් ඇති විය හැක. එනම් වකුගඩු රෝග, පෙනීමේ
දුබලතාවය, සහ ලිංගික අප්‍රාණිකත්වය, ක්ලාන්තය ආදී රෝගී ලක්ෂණ වේ.
දියවැඩියා
රෝගයට බලපාන හේතු
-
ආරය
- මානසික ආතතිය
- තරබාරුකම
- අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩු වීම
- ගර්භනී කාලයේ දියවැඩියාව ඇති වු මව්වරුන්
- උපත් බර අඩු දරුවන්
- පිපාසය
- නිතර නිතර ඇති වන කුසගින්න
- තොල කට වියළීම
- රාත්‍රී නින්දෙන් අවදි වී මුත්‍රා පහ කිරීම හා මුත්‍රා කරන වාර ගණන වැඩි වීම
- ශරීරයේ බර කෙටි කාලයකදී අඩු වීම
- තෙහෙට්ටු ගතිය
1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
එනම් රාත්‍රී කාලයේ පැය 12 ක කාලයක් නිරාහාරව සිට රුධිරය පරීක්ෂා කීරීම
සාමාන්‍ය අගය 65 – 105 dl/mg
2. ආහාර ගෙන පැය දෙකකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂාව (Post Parandial Blood Suger ) සාමාන්‍ය අගය 140 dl/mg
3. GTT (Glucose Tollerace Test)ග්ලුකෝස් දැරීමේ හැකියාව පරීක්ෂා කිරීම
දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම
නිරාහාර රුධිර සීනි මට්ටම්
|
ආහාර ගෙන පැය දෙකකට පසු
|
|
සාමාන්‍ය
|
100 mg/dl අඩු
|
126 mg/dl අඩු
|
පුර්ව දියවැඩියා තත්වය
|
100 mg/dl වැඩි
|
126 - 200 mg/dl අතර
|
100 - 126 mg/dl
|
140 mg/dl
|
|
දියවැඩියා තත්වය
|
126 mg/dl වැඩි
|
200 mg/dl හෝ වැඩි
|
ගර්භණී අවස්ථාවේ
දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 – 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව
ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10%
ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක්
ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු
ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන්
විකලාංග වීමේ අවදානමද ඇත.
ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන්(රෝග
විනිශ්චය පරීක්ෂණ)
1. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )
92 mg/dl2. ආහාර ගෙන පැයකට පසුව
180 mg/dl
3. ආහාර ගෙන පැය 2 කට පසුව
153 mg/dl
ගර්භණී
අවස්ථාවේදී දියවැඩියාව ඇත්දැයි පරික්ෂා කළයුතු මව්වරුන් වන්නේ
(පලමු පුර්ව
සායනයේදී මෙම පරීක්ෂාවන් කල යුතුය.)
- ස්ථුල ශරීරය ඇති අය
- පෙර අවස්ථාවලදී ගබ්සාවලට ලක් වු අය
- ගර්භණී අවස්ථාවේදී, පෙර දියවැඩියාවෙන් පෙලුනු අය
- වැඩි උපත් බර සහිත දරුවන් ඇති මව්වරුන්
- දියවැඩියා ඉතිහාසක් ඇති මව්වරුන්
තුෂංග හේරත්
විද්‍යා හා
තාක්ෂණ නිළධාරීහාලිඇල
0 comments:
Post a Comment