January 19, 2015

ආදර සිහිවටන දියමන්තියක්

ඔබගේ ජීවිතයට සමීප පුද්ලයන් මියගිය විටදී ඔබට විශාල ශෝකයක් ඇතිවේ. කොතරම් ශෝකවුවද අවසානයේ කිරීමට සිදුවන්නේ ආගමික වතාවත් සිදුකර සිරුර භූමිදාන කිරීම හෝ ආදාහනය කිරීමයි. ඉන්පසු ඔබට ඉතුරුවන්නේ ඔවුන් පිලිබඳ මතකය පමණි.


නමුත් ස්විස්ටර්ලන්තයේ සමාගමක් විසින් මෙයට අපුරු විකල්පක් සොයාගෙන ඇත. ඔවුන් සොයගෙන ඇති ක්‍රමවේදයට අනුව මියගිය පුද්ගලයින්ගේ සිරුරු උපයෝගී කොට ගෙන දියමන්ති සෑදිය හැකිය. ‍

දියමන්ති යනු කොපමණ වටිනවාද යන්න ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. මියගිය ඔබේ ආදරනීය පුද්ගයාගේ වටිනාකම කොපමණද යන්න මුදලින් කිවනොහැකිවූවද, මෙම දියමන්තිය මඟින් එම පුද්ගලයා මතක්වීම සඳහා සිහිවටනයක් ලෙස භාවිතා කල හැකිය.
මීනි අළු විද්‍යාත්මක ක්‍රියාවලියකට භාජනය කර මෙම දියමන්ති සාදනු ලබන අතර එහි බෝරෝන් ප්‍රමාණය අනුව දියමන්තියේ වර්ණය තීරණය වේ. බෝරෝන් වැඩි වශයෙන් ඇත්නම් එම දියමන්තියේ නිල් වර්ණය වඩාත් තීව්ර වේ.
මේ අනුව ඔබගේ ආදරණීය පුද්ගලයෙකු මියගිහොත් සම්ප්‍රදායික ක්‍රමයට ආදාහනය හෝ භූමිදාන කරනවාද, නැතිනම් දියමන්තියක් කර ලග තබා ගන්නවාද නැද්ද යන්න ඔබටම තීරණය කරල හැක.

සකස්කලේ
සොබා සමරසිංහ
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි 
කෝට්ටේ (VRC - KOTTE)

0 comments:

Post a Comment