January 1, 2015

ඕසෝන වියනේ හානිවීම නිසා සෞඛ්‍ය ගැටළු ඇතිවන බව ඔබ දන්නවාද?


ඕසෝන වියන මිහිතලය වටා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියාකරමින් හිරුගේ සිට පැමිණෙන අහිතකර UV කිරණ මඟින් මිහිමත ජීවය රැකගනී. සම්පූර්ණ ඕසෝන් ස්ථරයේ සාන්ද්‍රණයේ 10% ක් අඩුවීම නිසා ලොවට ලැබෙන පාර ජම්බූල කිරණ ප්‍රමාණය 20% ඉහල යන බව විද්‍යාඥයින්ගේ මතයයි. මෙලෙස ලැබෙන අහිතකර සූර්ය කිරණ නිසා සෞඛ්‍ය හා පාරිසරික ගැටළු රාශියක් ඇතිවේ.

1     සම ආශ්‍රිත චර්ම රෝග ඇතිවේ.
අධික ශක්තියකින් යුත් පාරජම්බූල කිරණ සම මතට පතිත වීම නිසා සම වියළී රැළි වැටීම,සම පිළිස්සීම සහ සමේ පිළිකා ඇතිවේ.
    සම පිළිස්සීම
   අධික ශක්තියෙන් යුත් පාරජම්බූල කිරණ සෘජුවම සම මතට නිරන්තර වැටීම නිසා සම මතුපිට සෛලවලට හානි සිදුවේ.එමඟින් සමවියළිම සමපිළිස්සීම ඇති වේ.සූර්යය කිරණ වලට විවෘතව සිටීම නිසා මේවා සිදුවන අතර පසුව නැවතත් ප්‍රකෘත්ති තත්වයට පැමිණේ.


·       අකලට මහලුවීම
 අධික ලෙස සූර්යා ලෝකයට විවෘත වීම නිසා UV –B කිරණ මඟින් සමේ ඇදෙන සුළු ස්භාවය වැඩිකරයි.සම රැළි වැටීම සහ එල්ලා වැටීම මඟින් අකලට මහලු පෙනුමක් ලබාදේ.

සමේ පිළිකා ඇතිවීම
සමේ මෙලනින් වර්ණකය අඩු සංවේදී සමක් සහිත වූවන් නිරන්තරව හිරුකිරණ වලට නිරාවරණය වීම නිසා සමේ අභ්‍යන්තර සෛලවල ඇතිවන විකෘතීන් පසුකලෙක චර්ම පිළිකා තත්වයට පත්වේ.

2. අක්ෂි රෝග ඇතිවීම
 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත යන්ට අනුව මිලියන 12-15 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ඇසේ සුද ඇතිවීම වාර්තා වේ.මින් 20%පමණ හේතුවී ඇත්තතේ අධික ලෙස අධි ශක්ති සූර්යාලෝකයට නිරාවරණය වීමයි.

3.    අධික පාරජම්බූල කිරණ වලට නිරාවරණය වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණිම එබැවින් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවේ.

4.      ඕසෝන වියන තුනී වීමත් සමඟ පාරජම්බූල කිරන පැමිණ පහල වායුගෝලයේ ඕසෝන නිපදවයි.පහල මට්ටමේදී ඕසෝන වායුව වායු දූෂකයක් ලෙස ක්‍රියාකරයි.අධ්ක ප්‍රතික්‍රියා ශීලී මෙම වායුව ආශ්වාස කිරීමෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවේ.එමෙන්ම මෙලෙස සෑදෙන ඕසෝන් වාහන වලින් පිටකරන නොදැවුනු හයිඩ්‍රොකාබන් සමඟ ප්‍රතික්‍රියාකර “ප්‍රභාරසායනික දූම“ සාදයි.මෙම වායු දූෂක රාසායන ද්‍රව්‍ය නිසා ශ්වසන රෝග ඇතිවේ.

5.      ජාන විකෘතිතා ඇතිවීම
මිනිසාගේ මෙන්ම සියලුම ජීවීන්ගේ මූලික ගති ලක්ෂණ තීරණය කිරීම හා පරම්පරාවෙන් පරම්පරාවට ඒවා සම්ප්‍රේෂණය කිරීම ජාන මඟින් සිදුකරයි.ජාන වල තැනුම් ඒකක වන න්‍යෂ්ටික අම්ල හා ප්‍රෝටීන විකිරණ වලට අධික ලෙස සංවේදීය.ඔසෝන වියන ක්ෂ්ය වීමෙන් පෘථවියට පැමිණෙන අධික UV කිරණ ජාන විකෘති ඇති කරයි.එසේම මිනිසා තුල පිළිකා සෛල වර්ධනයට හේතු වේ.

පින්තූර ලබා ගැනීම අන්තර් ජාලය මගිනි     
 සැකසුම : එච්.එල්.හංසනී ක්‍රිෂ්ණා ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,මාලිම්බඩ

0 comments:

Post a Comment