January 12, 2015

ගෙවතු වගාව සඳහා කාබනික දියර පොහොරක් සාදා ගනිමු ද?

අපට ජීවත් වීමට ආහාර අවශ්‍ය වනවා සේම ශාක ජීවත්වීම  සඳහා පොහොර අවශ්‍ය වේ.ශාක සඳහා භාවිතා වන පොහොර  කාබනික පොහොර හා රසායනික පොහොර ලෙස ලෙස වර්ග දෙකකට බෙදිය හැක. වල ක්‍රමය සහ ගොඩ ක්‍රමය භාවිතා කර කොම්පොස්ට් පොහොර සාදා ගන්නා බව ඔබ දන්නා කරුණකි. නමුත් මෙම කාබනික පොහොර දියර පොහොරක් ලෙස සාදා ගන්නා ආකාරය පිළිබඳ ඔබ දන්නවාද? එසේ නම් මේ අවධානය ඒ සඳහායි.

අවශ්‍ය අමුද්‍රව්‍ය
1.     අමු ගොම
2.     අළු
3.     අමු කොළ (වැටහිර, කොහොඹ , ඉපිල් ඉපිල් , ගන්සූරිය, කැප්පිටිය)
 ( මෙම කොළ වර්ග වලින් 2 ක් හෝ තුනක් භාවිතය ප්‍රමාණවත්)
4.     ජලය
අවශ්‍ය උපකරණ
1.     පලුදු නොවූ හිස් බැරලයක් හෝ සිමෙන්තියෙන් බඳින ලද ටැංකියක්

සාදාගන්නා ක්‍රමය
*      බැරලයට අමු කොළ තට්ටුවක් දමා ඒ මත අළු මිශ්‍රිත අමු ගොම, තට්ටුවක් එක් කරන්න.
*     මේ ආකාරයෙන්ම තට්ටු කිහිපයක් එකතු කරන්න.
*     මෙයට ජලය ද අවශ්‍ය පමණට එක් කරන්න.
*     මෙලෙස සාදා ගත් මිශ්‍රණය දින 18 ක් ගත වන තුරු සෑම දිනයකම උදෑසන කලවම් කර පියනකින් වසා තබන්න.
*     ජල ප්‍රමාණය නියමිත මට්ටමක පවත්වා ගන්න. (බැරලයේ කට මට්ටමේ සිට අගල් 8ක්  හෝ 10ක් පමණ හිස්ව තබන්න. මිශ්‍රකරගැනීමේ පහසුව සදහා)          


දින 18 න් පසු වගාව සඳහා යොදා ගත හැක.මෙම මිශ්‍රණය පෙරීමෙන් අනතුරුව වගාව සඳහා එක්කර ගන්න.

*     සාදාගත් මිශ්‍රණය ඝනකම වැඩිනම් එයට වතුර අවශ්‍ය පමණට එක්කර වගාව සඳහා යොදා ගන්න. මෙවැනි ටැංකි 3ක් හෝ 4ක් සාදා ගතහොත් අක්කර ¼ කට ප්‍රමාණවත් වේ.

කාබනික දියරපොහොර යෙදීමෙන් ලැබෙන වාසි.

*     වස විස වලින් තොර එළවළු , පළතුරු , පලා  වර්ග ලබා ගත හැකි වීම.
*     පැළෑටි වල කල් පැවැත්ම වැඩි වීම.
*     පසේ ව්‍යූහය දියුණු වීම.
*     ජලය රඳවා තැබීමේ හැකියාව ඇත.
*     බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හොඳින් ඇතිවේ.
*     බෝග වල තත්වය හොඳින් දියුණු වේ.
*     කැටායන හුවමාරු ධාරිතාව වැඩි කරයි.
*     අස්වැන්නෙහි ගුණාත්මක භාවය වැඩි කරයි
*     ගෙවත්ත සඳහා යන වියදම අඩු කර ගත හැකිය.
*     පැළෑටියකට අවශ්‍ය සියළුම මූල ද්‍රව්‍ය කාබනික දියර පොහොර වලින් ලැබේ.

(තායිලන්තයෙන් ලද පුහුණුවකට අනුව ඇග්‍රෝ ක්‍රියේෂන් ආයතනයේ එස්.ඒ.ශාන්ත මහතා විසින් විදාතා මධ්‍යස්ථානයේ පවත්වන ලද වැඩසටහනක් ඇසුරිනි.)
ඡායා රූප උපුටා ගැනීම -https://www.google.lk/search?q=organic+fertilizer&biw=1024&bih=657&source=lnms&tbm=isch&sa=X&ei=BIezVMHzE8qzuATvn4CoDw&sqi=2&ved=0CAYQ_AUoAQ

5 comments:

ගොඩක් වැදගත්....👌👌👍👍

ගොඩක් ස්තුති

මම ව්‍යපෘතියක් කරනවා ප්‍රතිචක්‍රීකරනය දියුනු කිරිම හා කාබනික පොහොර නිෂ්පාදනය කොයල මට විස්තර ටිකක් ලබ දෙන්න පුලුවන් නම්

ගොඩක් ස්තුතියි මේක පලකලාට

Post a Comment