January 23, 2015

වාර්තාවලට අනුව 2014 වසර,පෘථිවියේ උණුසුම් ම වසරයි.

ගොඩබිම හා මුහුද මතුපිට උෂ්ණත්වය ඉහළයාම හේතු කොට ගෙන 2014 වසර, පසුගිය වසර 135 හා සැසඳීමේදී උණුසුම්ම වසර ලෙස වාර්තා ගත වී ඇත.



නිල් පාටින් පාට කර ඇති ප්‍රදේශ, 20 වන සියවසේ සාමාන්‍ය අගයට වඩා සීතල වන අතර තැඹිලි පාට ප්‍රදේශ වඩා උණුසුම් වේ.
1880 දී විද්‍යාඥහින් වාර්තා තැබීම ආරම්භ කරන ලද අතර, නාසා (NASA) ආයතනය හා ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) මඟින් ජනවාරි 16 දින නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය වසර උණුසුම්ම වසර ලෙස වාර්තා ගත විය.
2014 දී පෘථවි මතුපිට උෂ්ණත්ව‍යේ සාමාන්‍ය අගය, 20 වන සියවසේදී සාමාන්‍ය උෂ්ණත්වයේ අගය වන සෙල්සියස් අංශක 13.9ට වඩා  සෙල්සියස් අංශක 0.69 කින් ඉහළ නැග ඇත. මෙම උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ඉහළ යාම නිසා 2014 වසර, අනුයාත 38 වන වසර බවට පත් වී ඇත. 2010 හා 2005 උණුසුම අතින් සමදෙවන ස්ථානයේ පසු වේ. මෙම වසර වලදී උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ඉහළ යාම සෙල්සියස් අංශක 0.65 කි.
උෂ්ණත්වයේ මේ නොකඩවා සිදුවන ඉහළ යාමට විශාල වශයෙන් හේතු වී ඇත්තේ හරිතාගාර වායු විමෝචන වල වර්ධනය  බව NASA හා NOAA විද්‍යාඥහින් විසින් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදී.
හරිතාගාර වායු විමෝචනය කෙරෙහි ඇති නැඹුරුතාවය නොකඩවා වර්ධනය වෙමින් පවතින අතර අප තවදුරටත් මැදිහත් නොවුනහොත් මීට ඉහළ වාර්තා ඇති වීමට ඉඩ ඇති බව Gavin Schmidt නම් නිව්යෝක් නගරයේ  අවකාශ අධ්‍යයනය (space studies) සඳහා වන NASA හි Goddard ආයතනයේ අධ්‍යක්ෂ විසින් පවසන ලදී.
පහළ latitudes වලට වඩා Arctic ප්‍රදේශ දෙගුණයක වේගයකින් උණුසුම් වෙමින් පවතින බවද නියෝජිත ආයතන විසින් නිරීක්ෂණය කර ඇත.
ලෝකය පුරාම උණුසුම්වීම වෙනුවට, උතුරු ඇමරිකාවේ වැඩි ප්‍රදේශයක්  අසාමාන්‍ය සිසිල් තත්ත්වයකින්2014 වසර පුරාම . Polar  jet stream  හි විවිධත්වයන්   මීට හේතු වේ.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

ජේ.ඒ.එස්. සාගරිකා කුමාරී,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,

කුරුණෑගල

0 comments:

Post a Comment