January 22, 2015

ආහාර සිරිත උඩු යටිකුරු කරණ නැනෝ ආහාර






නැනෝ  තාක්ෂණය (Nano Technology) වර්තමාණ ලෝකයේ හැඩතල ඉතා වේගයෙන් වෙනස් කරමින් තිබේ. එය තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රෝන විද්‍යාව, ඖෂධ නිපැයුම්, පරිසරය, වෛද්‍ය විද්‍යාත්මක මෙවලම්, ප්ලාස්ටික්, ඉදිකිරීම් කර්මාන්තය ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රවල විශාල පරිවර්තන ඇති කරමින් සිටී. මේ පරිවර්තන යුගය තුල  නැනෝ  තාක්ෂණය අපේ ආහාර සිරිතට බලපෑම අත් විශාලය. නැනෝ ආහාර( Nano food) දැනටමත් වෙළපළට පැමිණ අවසන් සේම වැඩිම වෙළපළ ආසියාවෙන් දැකගත හැකිය. එළෙසම එයින් සිතැි පරිදි විස්කම් සිදුකළ හැනිවා සේම එහි අන්තරාදායක බාවය පිළිබව ඉක්මනින් දැනගත හැකි ක්‍රමවේදයක් තවම සොයාගෙන නැත.

නැනෝ  තාක්ෂණයේ විප්ලවීය පෙරළියේ එක් අතුරුඵලයක් ලෙස මෙකළ ආහාර තාක්ෂණය ඉතා විශාල ලෙපෙරළියකට බදුන් වෙමින් පවතී. නැනෝ  ආහාර තාක්ෂණය එයින් පුබුදු වූ හුදු ශාඛාවක් පමණි. 1997 නැනෝ  තාක්ෂණික විප්ලවය ලොවට හදුන්වා දුන් විද්‍යාත්මක පෙරළියකි. නැනේ යනු ක්ෂුද්‍ර හැසිරීම් රටා විමසීමේ විද්‍යාවයි. නැනෝ යනු ලතින් බසින් “ කුරු ” යන අරුත ගෙන දෙයි.එනම් නැනෝ මීටරයක් යනු අපට හුරු පුරුදු ගෙහි නූතන මානයෙහි  කොටස් බිලියනයකින්(Billion) එකකි.

නැනෝ  තාක්ෂණය  අද අප කන බොන දෑ වලටද විපරම් කිරීම නිසා නැනෝ ආහාර අප දොර එළිපත්තටම අද පැමිණ තිබෙන අතර නැනෝ ආහාර කර්මාන්තය ඊලග දශකයේදී අප ලෝකය උඩු යටිකුරු කරණු නොඅනුමාණය. යම් ආහාරයක් හෝ වගාවක් සහා එම වගා ක්‍රමය හෝ  නිෂ්පාදනය ක්‍රියාවලිය තුල නැනෝ තාක්ෂණය  භාවිතා කරයිනම් එවිට එම ආහාරය නැනෝ ආරාරයකි. ඒ අනුව නැනෝ  තාක්ෂණය   ආහාරවල ඵලදාව වර්ධනයට මෙන්ම ඒවා වගා කිරීමට මෙන්ම නිෂ්පාදනය කිරීමට යෙදිය යුතු පිරිවැය පහත හෙලීමට ද උපකාර කරගත හැකිය. එලෙසම ආහාර සැකසුම් ක්‍රියාවළිය ආරක්ෂා කර ගුනීමටද, ඡීවානුහරණ ක්‍රියාවලීන්, අහඅතකර බැක්ටීරියාවන් ඉවත් කිරීම, හිතකර බැක්ටීරියා සහ පෝෂණ පදාර්ථ එකතු කිරීම එමගින් පහසු කරවයි. මෙම නිසා ආහාරයක ආරක්ෂිත පරහරණ කාළය වඩාත් දීර්ඝ කර ගැනීමටත්, නාස්තිය අවම කර ගැනීමටත්, රසය පෝෂණ මට්ටම්  ආදිය සිතැ  පරිදි වෙනස් කර ගැනීමටත් මෙය ඉවහල් වනු ඇත.

නැනෝ ආහාර යනු අප ගන්නා සාම්ප්‍රදායික ආහාරවල වඩාත් වර්ධනීය වූ අදියරකි. මෙම මෙවලමෙහි ඇති පුලුල් උපයෝගීතා පරාසය අනුව අනෙකුත් සියලු තාක්ෂණයන් පරදා දුරගමනක් යන ලකුණු පහළ කර ඇත. නමුදු මෙම තාක්ෂණය හෙට දවසේ මිනිසාට කුමණ ගැටලු ඇති කරයිද යන්න විද්වතුන්ටද තවම ඇත්තේ සැකයකි. එහෙත් ඒ කිසිවෙකුත් මෙම තාක්ෂණයෙන් මිදීමටද සූදානම් නැත.

 නැනෝ ආහාර භාවිතයෙහි දැනට විද්‍යාඥයන්ට ඇති ප්‍රශ්ණය තමයි මේ ආහාර අවසානයේ දී ඉවර වෙන තැන ..... දැන් මේ අංශු වලට අන්ත්‍රවල බිත්ති හරහාත් යන්න පුලුවන්නම් එය මීට ඉහත ආහාර ගමන් නොකල ඉසව්වලට යන්න පුලුවනි. ඒ විතරක් නෙවේ. ආහාරදාම න්‍යායට එදිරිව නැනෝ ආහාර ක්‍රියාත්මක වෙන්න පුලුවන් බව බ්‍රිතාන්‍ය රජයේ විද්‍යාවට අදාල කටයුතු සම්බන්ධයෙන් උපදෙස් සපයන Council for science for Technology (C&T) ආයතනය පවසනු ලැබේ.

 නැනෝ ආහාර තාක්ෂණය ලොවට හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ Craft  සමාගමටය. ඔවුන් විශ්විද්‍යාල 15ක විද්වතුන් කණ්ඩායමක Nanotech Consortium   යනුවෙන් සංවිධානයක් සකසා දී මේ නව්‍ය තාක්ෂණය ආහාර ක්ෂේත්‍රයට යොදා ගැනිමේ ඉඩ ප්‍රස්ථා පිළිබද පර්යේෂණ කිරීමේ අවස්ථාව හා මූල්‍යාධාර ලබා දුන්නේය. ඒත් සමගම මෙම තාක්ෂණය පිළිබදව කුකුස ප්‍රධාන පෙලේ ආහාර කර්මාන්ත කරුවන් අතර පැතිර  ගියේය. නමුත් එය ප්‍රසිද්ධියේ ඇති වු  තරගයකට වඩා “රහස්‍ය තරගයක්” බවට පත්වූ ආකාරයව දැන් හෙලිදරව් වි තිබේ.

            අද වන විට නැනෝ තාක්ෂණයෙන් උපන් ආහාර රාශියක්  වෙළදවලට පැමිණ තිබේ. එනම් Nano ceuticats  නම් ඇමරිකානු  සන්නම නාමය යටතේ අලෙවිකරණ පෝෂක පදාර්ථ සහ විටමින් බී විසිරණය (Vitamin B spray)   එලෙසම චීනයේ නිෂ්පාදිත Nano tea  ලොවපුරා ප්‍රචලිත පානයකි. එය ආමාශය අතැර  කෙලින්ම අන්තවලදී සෙලිනියම් අවශෝෂනයට ඉඩකඩ ලබා දෙයි. එ ලෙසම ඊශ්‍රායලේ නිෂ්පාදිය කොලොස්ටරෝල් රුධිරයට  එකතු නොවන තේ වර්ගයක් Candy Active oil ලෙස හදුන්වාදී තිබේ. ඇමරිකාව සීනි අහිතකර අයට හා අනෙක් අයට Slim Shake Chocolate  නම් පානය හදුන්වා දි ඇත්තේ  රසය එලෙසම පවත්වා ගනිමින් සීනි නැතිව පානය කල හැකි ප්‍රණීත පානයක්  ලෙසය.

 

නැනෝ තාක්ෂණය නිසා ඉදිරියේ දි සිරුර ඉල්ලන ප්‍රමාණවලින් නොව ශරීරයේ අවශ්‍ය තැනක අවශ්‍ය ප්‍රමාණ වලින් ආහාර , ඖෂධ ඇතුලු  දෑ සිරුරට ලබාදීමේ හැකියාව( Nano-Capsnt delivary System)  ලැබෙනු ඇත. මෙය දිනෙක සුපවේදීනගේ රක්ෂාවට තර්ජනයක් වනු ඇත. ආහාරයක රසය, පෙනුව ඇදි බොහෝ සාධක  (Progamme)  කිරිමට නැනෝ තාක්ෂණය සමත්වන නිසාය. එලෙසම ආහාර ඇසුරුම්කරණයේ දී ඒවා සෞඛ්‍ය සම්පන්නව ජීවානුහරණය කිරීම මෙන්ම කාලයක් යනතෙක් සංරක්ෂණයද නැනෝ තාක්ෂණය මගින් කල හැකි අතර එමගින් 100% ආහාර අහිතකර බැකිටීරියා වලින් තොර කිරීම කල හැකිවීමයි. එලෙසම මෙම ආහාර පෙරට වඩා වැඩිකාලයක් (Extended Expiry Date)  වෙළදපලේ තබාගත හැකිය. ඉන් එහාට ගත්විට  නිෂ්පාදකයා තීරණය කරන කල් ඉකුත්වීමේ දිනය වෙනුවට දවටනයේ වර්ණය වෙනසක් විද්‍යාමාන වීම මගින් (Bio Fingerprint)  එම ආහාරය අනුභවයට සුදුසු නුසුදුසු ද යන්න තීරණයට එළඹීමට මෙමගින් හැකියාව ලැබේ. මෙම නව්‍ය අසුරුම් පරම්පරාවේ මුල්ම නිෂ්පාදනය වන Anti-bacteral Food  containers  දැනටමත් වෙළදපොල පැමිණ අවසානය.

කිරිවලට ආසාත්මිකතා ඇති දරුවනට ලැක්ටෝස් ඉවත්කල කිරිද පෝෂණ පදාර්ථ එලෙසම තබාගත් ආහාරද වෙළදවලට නැනෝ තාක්ෂණයේ පිහිටෙන් එනු ඇත.  එවිට ඔබේ දරුවනට පළතුරු කන්නට, එළවලු කන්නට, ආහාරයට මාලූ එකතු කරන්නට ඔබේ දරුවාට බොරු පොරොන්දු දෙන යුගය   නිමාවනු ඇත.  නැවුම් පළතුරු පෙර සකස් කර ගබඩා කිරීමේ දි විනාශවන විටමින් සී වලට නැනෝ  තාක්ෂණය මගින් ගබඩා කිරිමේ දී ඒවා අක්‍රිය කර පානය කරන අවස්ථාවේ දි සක්‍රිය කර ගත හැකිවනු ඇත.  එලෙසම ඔස්ට්‍රේලියාවේ ඇති Tip-top  නැමැති (විටමින් සී වලින් පෝෂක  - Omega 3-Fish oil  පළතුරු  බීම) පානය නැනෝ කැප්සියුල අන්තර්ගතයකි.

අද එක්සත් ජනපදය නැනෝ ආහාර ක්ෂේත්‍රය සදහා ඩොලර් බිලියන 22 පමණ වියදම් කර අතර පර්යේෂණ ක්ෂේත්‍රය ඉතා වේගයෙන් ඉහල යයි. එහිදී පළමුතැන එක්සත් ජනපදයට වන අතර දෙවන තැන ජපානයවට හා තෙවන තැන චීනයට ද හිමිවේ. එහෙත් නැනෝ තාක්ෂණය භාවිතා කරන්න්ගෙන් 50% ක්ම ආසියාතියන් වන බවට ලකුණු පහලව ඇති.

එලෙස ම පර්යේෂණ තත්ත්වය සමත් වූ ආහාර රැසක් ම වෙළදපලට පැමිණ අවසන්ය.


                www.nanomagazine.co.uk

                Nayana Wijeratne, STO – Yatinuwara

 

 

 

 



0 comments:

Post a Comment