January 19, 2015

වකුගඩු ගල්වලින් පීඩා විදින ඔබට ඉන් මිදීමට මඟක්

අද බොහෝදෙනා පීඩා විඳින රෝගයකි වකුගඩු ගල් ඇතිවීම. නවීන වෛද්‍ය ක්‍රම භාවිතයෙන් සුවකර ගත්තද නැවතත් මෙය මතුවිය හැකි එමෙන් ශල්‍යකර්මවලට පවා ගොඳුරුවිය හැක.
මෙම තත්වය වලක්වා ගැනීමට නම් නිතර ජලය පානය කලයුතු බව වෛද්‍ය මතයයි. එය දිනකට වතුර ලීටර 2කක් පමණවේ.

වකුගඩු ගල් ඇතිවීමේදී ඒ තුලින් පෙරී පිටනොවන ද්‍රව්‍ය අවක්ෂේප ලෙස වකුගඩු තුල තැම්පත් වේ.

නමුත් ජලය, පාන වර්ග හා තේ වතුර පානය කිරීමෙන් අවක්ෂේප ලෙස තැම්පත් නොවී ශරීරයෙන් මේවා පිටවන බව සොයාගෙන තිබේ. මෙයින් ගල් සෑදීමේ අවදානම සියයට පනහකින් පමණ අඩුකර ගත හැක. වකුගඩු ගල්වල ඇති ප්‍රධානම සංයෝගය වන්නේ කැල්සියම් ඔක්සලේට්ය. වෛද්‍ය නිර්දේශයට අනුව රතු පාට මස් වර්ග හා  ඔක්සලේට අඩංගු ආහාර අඩුවෙන් අනුභව කල යුතුය. නට්ස්, පළා කොළවල යම් ප්‍රමාණයක් හා චොක්ලට්වල ඔක්සලේට බහුලව ඇති බව  සොයාගෙන ඇත.

තේ පානය යම් ප්‍රමාණයකට කලයුතුවූවද, ගල් ඇතිවීමට උදව් වන පොස්ෆරික් අම්ලය ඇති මත්පැන් කොකා කෝලා, සෝඩා අාදී පානය කිරීම අවම කල යුතුයි.

සකස්කලේ
සොබා සමරසිංහ
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි
කෝට්ටේ (VRC - KOTTE)

0 comments:

Post a Comment