January 12, 2015

නයිලෝන් හිතකර වීමට යයි.

නිෂ්පාදන ක්‍රියාවලිය වන සරල ප්‍රතික්‍රියාව මඟින් අවම හරිතාගාර වායු ප්‍රමාණයක්  නිපදවයි.
නයිලෝන් මේස්  (panty hose) සොයා ගැනීම මගින් ලෝකය වඩා දියුණු තත්ත්වයට පත්වුණේද යන්න විවාදයට  බඳුන් වන කරුණකි. නමුත් නයිලෝන් සෑදීමේ නව ක්‍රමයක්, එනම් අමිශ්‍ර මේස් ආදී නිමැවුම් සඳහා යොදා ගන්නා බහු අවයවකයක් පෘථිවියේ  යහපැවැත්මට වඩා යෝග්‍ය වේ.

පාරජම්බුල ආලෝකය හා ඕසෝන් බුබුළු භාවිතයෙන් හරිතාගාර වායු පිටවීමෙන් තොරව නයිලෝන්හි මූලාකෘතියක් සෑදීමට රසායන විද්‍යාඥයින්ට හැකි වී තිබේ. නව සොයා ගැනීම් දෙසැම්බර් 9 දින “Science” සඟරාවේ ඇතුලත් වේ.

සාමාන්‍ය වශයෙන් නයිලෝන් ඇඩිපික් අම්ලය භාවිතයෙන් සාදනු ලබන අතර එය හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලින් සමන්විත කාබන් 6 කින් යුත් අක්වක් (Zigzag) හැඩයේ අණුවකි. ඇඩිපික් අම්ලය ලබා ගැනීම සඳහා විද්‍යාඥයින් විසින් ෂඩස්‍රාකාර කාබන් අණු, කාරම් සහිත නයිට්‍රික් අම්ලය (Corrosive Nitric acid)සමඟ ප්‍රතික්‍රියා කරවයි. මෙම ප්‍රතික්‍රියාවෙන් නිකුත් කරන නයිට්‍රස්  ඔක්සයිඩ් වායුවට, පෘථිවියේ ඕසෝන් ස්ථරයට හානි පැමිණවිය හැකිය. එය ඕසෝන් අණුවෙන් අණුවට සිදු කල හැකි අතර එමගින් සිදුවන පෘථිවිය රත් වීමේ ධාරිතාව CO2 මඟින් සිදුවන රත් වීමේ ධාරිතාව මෙන් 300 ගුණයක් පමණ වේ. මිනිස් ක්‍රියාකාරකම් මඟින් සෑම වසරකම මෙට්‍රික් ටොන් මිලියන 8කට වඩා නයිට්‍රස් ඔක්සයිඩ්  නිපදවන අතර එයිනුත් 8% කට වඩා සෑදෙන්නේ නයිලෝන් නිෂ්පාදනය මඟිනි.

මෙය වළක්වා ගැනීම සඳහා තායිවානයේ ජාතික ට්සින්ග් හුවා සරසවියේ රසායන විද්‍යාඥ ක්යූ චූ හ්වෑන්ග් හා අරුණාචලම් සගදේවන් යන අය විසින් නයිට්‍රික් අම්ලය, ඕසෝන් බුබුළු, O3  හා පාරජම්බුල ආලෝකය මඟින් විස්ථාපනය කරන ලදි. පාරජම්බුල ආලෝකය මඟින් ඕසෝන් වායුව ඔක්සිජන් අණුවක් හා ඉතා ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් පරමාණුවක් බවට කඩා දමයි. තනිවූ ඔක්සිජන් පරමාණුව,  සයික්ලෝහෙක්සේන් නම්වූ ෂඩස්‍රාකාර හැඩැති කාබන් අණු  මතට නැවත නැවතත් දිගින් දිගටම  දාමය බිඳෙන තුරු පහර දෙමින්  ඇඩිපික් අම්ලය සාදයි.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිලධාරී -කුරුණෑගල.

0 comments:

Post a Comment