January 22, 2015

මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්(Danger of Mosquito coils).


මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්
විවිධ හේතුන් නිසා ලොව පුරා මදුරු ගහනය ඇති විශාල ලෙස වර්ධනය වෙමින් පවතින අතර ඒ හා සබැදි මදුරුවන් මගින් බෝවන භයානක රෝග රාශියකට අප ගොදුරුව පවතී. එලෙසම වැඩිවන මදුරු ගහනය පාලනය කිරීම සදහා තිරසාර සහ පරිසර හිතකාමි ක්‍රම පසෙකලා විවිධ රසායනයන් අන්තර්ගත වෙළද භාණ්ඩ වෙත නැඹුරුවීම අද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. මේ නිසා මදුරු කොයිල්(Mosquito coils), මැට්,එරසෝල්(Erasole) සහ විවිධ මදුරු විකර්ශක ක්‍රීම් සහ ලෝෂන්(Mosquito repellant cream and lotion) වර්ග ජනප්‍රිය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බවට පත්වී ඇත.
මේවා කොතෙක් ජනප්‍රියද කිවහොත් ලොවපුරා වෙසෙන ජනතාව වර්ෂයකදී ඇමරිකන් ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි මුදලක් මදුරු කොයිල්(Mosquito coils) සඳහා පමණක් පුලුස්සා දමති. බොහෝ දෙනෙක් තම නිවස අවට පරිසයේ  මදුරුවන් බෝවන ස්ථාන පිලිසකර කර ගන්නවා වෙනුවට මදුරු කොයිල්වල පිහිට පැතීමට පුරුදු වී සිටිති.ඒ බොහෝ දෙනෙකුට තම වෙහෙසකර දවස අවසානයේ  මළාක්  මෙන් නිදි සුව විදීමට පිහිටවනුයේ   ඉහ ඉද්දරින් දල්වා ගන්නා මදුරු කොයිල්එකය.
"වදින්න ගිය දේවාලෙ හිසේ කඩාගෙන වැටීම
 මැලේසියානු ළය රෝග පිළිබද පර්යේණ පදනමේ අධ්‍යක්ෂ ‘සන්දිප් සැලිටි’ ඇතුලු විද්‍යාඥ යන්ගේ පර්යේෂණවලට අනුව මදුරු කොයිල් මහජන සෞඛ්‍යයට හානිකරවන බව  දැන් සොයගෙන ඇත. වදින්ට ගිය දේවාලය හසේ කඩා වැටිම යනු මෙයයි. දොර ජනේල වසා මදුරු කොයිල් එකක් දල්වාගන සිටින්නෙකුගේ ශරීරයට දුම්වැටි 130 දහනය වීමෙන් පිටවන විෂ  සිරුරට ඇතුලු වේ."
මදුරු කොයිල්වල  ලේබලයේ සදහන් වන  පරිදි මදුරු කොයිල් වල පර්මිත්‍රීන් (Permetrcne) ඇලතීන් (Allethrine) සහ  ඩී- ට්‍රාන්ස් ඇලත්‍රීන්(D- trans allethrine) වැනි පිරත්‍රොයිඩ වර්ග ක්‍රියාකාරි සංඝටක ලෙසද පිරවුම් ද්‍රව්‍ය සහ දාහකයන් ලෙස ලීකුඩු , ගොම කුඩු සහ විවිධ වර්ණක සංඝටක අඩංගු වේ. මෙම පිරිතොයිඩ් කාණ්ඩයේ රසායනික සංයෝග ක්ෂිරපායි සතුන්ට සෘජුවම බලපෑම් ඇති කරන බව සොයගෙන ඇත.
මේවා මගින් ස්නායු අධි උත්තේජනයට  පත්වන බවත් (Hyper excitation of nervous system)  ස්නායු පද්ධතිය හා මොලයේ ස්නායු සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල අතිකල හැකි බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මදුරු කොයිල් හා විර්ශක වල ඇති ඇලත්‍රීන් විසින් මොලයේ අශ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකයේ (Blood Brain Barrier) පාරගම්‍යතාවය වැඩිකරවන බැවින්  මොළයට සිදුවන බලපෑම  සුලුපටු නොවේ. මෙහිදි ගර්භනී මවුවරුනට සහ කුඩා දරුවනට විශාල බලපෑමක්  සිදුවන අතර දීර්ඝ කාලීනව මෙම රසායනයට නිරාවරණය විම මගින් මොළයේ ස්නායු සෛලවල ඇටයිල් කොලීන් ප්‍රතිග්‍රාහකවල(MACHRS)  යලි යථා තත්ත්වයට පත්කල නොහැකි ලෙස වෙනස්කම් ඇති කරණ බව සොයා ගෙන ඇත.  මෙහි ප්‍රථිඵලය පසු කාලීනව ඇති වන හැසිරීම් ගැටලු සහ නොසන්සුන්තාවය(Behavioral disturbances)   වැනි ආබාධයන් වේ.
එලෙසම ඇලත්‍රීන් සතුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයන් ප්‍රකාශ කරති. (Immunotoxicity)  එම නිසා බාහිරින් අප ශරීරයට අතුලුවන ක්ෂුද්‍රජීවීන් මගින් අප ශරීරය ආරක්ෂා කර දෙන මෙම  ප්‍රතිශක්ති කරණ පද්ධතිය දුර්වලවීම නිසා ලෙහෙසියෙන්ම රෝග වැළදීමේ සහ  උත්සන්න වීමේ අවධානමක් ඇත. එලෙසම සමහර මදුරු කොයිල් වල අඩංගුවන ඩී - ට්‍රාන්ස් ඇලත්‍රීන් රසායනිකය මිනිස් හෝමොන පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපාන බවත් එමගින් මදසරුභාවය පවා ඇතිවිය හැකිබවත් ප්‍රජනන පද්ධතිය  ආශ්‍රිතව පිළිකා ඇතිවීමට හේතුවක් විය හැකි බවත් සොයාගෙන ඇත.
එලෙසම කෙටිකාලීන සංකුලතා වන හුස්ම ගැනිමේ අපහසුතා ඇස් දැවිල්ල, කැකස්ස, හිසරදය, ඇදුම, ස්වසන පද්ධතියේ දැවිල්ල, කසීම, නාසයේ සහ උගුරේ ඇතිවන වේදනාව වමනය ඔක්කාරය වැනි සෞඛ්‍ය ගැටලු මෙන්ම මදසරුභාවය, ඇදුම, පෙනීමේ ආබාධ, අක්කමාවට හානි වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විම, පිළිකා ඇතිවීම, ස්නායු පද්ධතියේ අක්‍රමිකතා වැනි දීරඝ කාලීන බලපෑම් රාශියකට හේතුවිය හැකි මදුරු කොයිල් දැලීවීම මදුරුවන්ට සමහර ආසියාතික මදුරු කොයිල්වල  ලේබලයේ සදහන් නොවන S-2 නමැති පිළිකාකරක රසායනිකය අඩංගු වන බවත් මේවා පෙනහලු පිළිකාකරකයකි.
 එලෙසම මදුරු කොයිල් වලින් කාබනිල් සහ බහුකාබනික, බහු චක්‍රිය ඇරෝමැටික සංයෝග සැලකිය යුතු මට්ටම මාත්‍රාවකින් වුවද දීර්ඝ කාලයක් ශරීරගත වීමෙන් පිළිකා ඇතුලු යලි නිවැරදි කල නොහැකි ගැටලු ගනනාවක් ඇතිවේ. එලෙසම සමහර මදුරු කොයිල් වල අන්තර්ගත විය යුතු ප්‍රමාණය ඉක්මවා කැඩීමියම්ද(Cadmium) අන්තර්ගත වන බව සොයාගෙන ඇත. මේවා ඇමරිකානු පාරිසරික  ඒජන්සිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමත ප්‍රමාණ ඉක්මවීමක් සහ අනුමත නොකළ ද්‍රව්‍ය අඩංගු වීමත් වේ එනම් සංවර්ධනය වන රටවල් බොහෝමයක්  නිෂ්පාදනයන් අති බහුතරයක් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් උල්ලංගණය කරණ බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා මගන් හෙළි කර ඇත.      
Source . www.sciencealterts.com
Nayana Wijeratne, STO Yatinuwara.





1 comments:

Post a Comment