January 3, 2015

ආහාරයට ගත හැකි බෝතල්

ප්ලාස්ටික් වැනි ජීර්ණය නොවන ද්‍රව්‍ය පරිසයට නිදහස්වීම පිළිබද ව විශාල පරිසරික ගැලුවක් වී ඇත.ආහාර ඇසුරැමි සදහා ජීර්ණය විය හැකි හෝ ආහාරයට ගත හැකි ප්ලාස්ටික් හදුන්වා දෙනු ලැබුවහොත් එය පාරිසරික දුෂණය අවම කර ලිමට විශාල පිටුවහලක් වනු ඇත.

අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් ආහාරයට ගත හැකි වනු  ඇත. මෙම අපූරුන නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන සහායකි. දිරවිය හැකි ප්ලාස්ටික් විශේෂයකින් තැනෙන එයට පොතු ඉවත් කර කෑමට ගත හැකි ආහාර කොටස් සහිතව සමහර විට සම්පූර්ණ බෝතලයම කෑමට ගැනීමට හැකි වන පරිදි මේවා නිපදවෙනු ඇත.
ඇමරිකාවේ හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් මේ වන විට දොඩම් යුෂ දැමීම සඳහා දොඩම් පට්ටයක්ද ස්පාඤ්ඤ සුප් වර්ගයක් දැමීමට තක්කාලි රසැතිපට්ටයක්ද වයින් දැමීමට මිදිවලින් තැනූ පට්ටයක්ද නිර්මාණය කර ඇත.
ශ්‍රී ලාංකීය දේශීය නිෂ්පාදන වන කිතුල් ,තල් වැනි ආහාර ගබඩාව සදහා පුවක් පිලි ,කෙසෙල් කොල යොදා ගැනීම මීට නිදර්ශණයකි.
පර්යේෂණ කණ්ඩායමක් විසින් දුබුරැ ඇල්ගී සහ කැල්සියම් ක්ලෝරයිඩ් යොදා ගෙන ජල බිංදුවක් වටා ජෙලටිනීමය පටලයක් නිර්මාණය කරන ලදි.
මෙය බිත්තර කහමදය වටා පවතින ජෙලටිනීමය පටලය හා සමානය.මෙම පටලය මගින් ඇතුලත ඇති ජල බිංදුව ආරක්ෂා කරයි.

පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස විකීසෙල්ස් පටලයක් නිර්මාණය කරන ලදී.එය ජීර්ණය විය හැකි ප්ලාස්ටික් පටලයකි.                                                                                           
 පට්ටයක් මිස ඔවුන් විකීසෙල්ස්වලින් තැනූ බෝතල් නිපදවා නැත.ජෛවරසායන ඉන්ජිනේරුවකු වූ ආචාර්ය ඬේවිඞ් එඞ්වඞ් එවැනි මුලාකෘතියක් තැනීමට බලාපොරොත්තු ප්‍රකාශ කරයි. අපට ළඟදීම මේ විකීසෙල්ස් අවන්හල්වල දී දැක ගත හැකි වේවි.ඔහු දැනටමත් එවැනි නිමැවුමක් විශේෂිත අළෙවිහල්වලට හා සුපිරි වෙළඳසල් සඳහා නිකුත් කිරිමට අපේක්ෂාවෙන් සිටියි. 
විකිසෙල්ස් නිපදවන්නේ ජීර්ණය කළ හැකි පොලිමර් හෙවත් බහුඅවයවකයකින් හෝ ප්ලාස්ටික හා ආහාර කැබලිවලින්ය.
එවැනි බඳුනක්  බිත්තරයක කටුවක් සහ සමානය . ඕනෑම රසවත් දෙයකින්, දොඩම් යුෂ, වයින් (මිදි යුෂ) හෝ චොකලට් වැනි දෙයින් එය පිරවිය හැකියි සමහර විට එය පිට පොත්ත ගලවා දැමිය හැකි බෝතලයක් විය හැකියි. නැති නම් මුළු බහාලූවම ආහාරයට ගත හැකිවේ.

අපට මතකයට නැගෙන්නේ ස්වභාවික දොඩම් ගෙඩියක් හෝ ඇපල් ගෙඩියක බාහිර ආවරයයි.

මෙය ස්වභාවධර්මයේ අපුර්ව නිර්මාණ වේ.

ආරම්භයක් ලෙස  හාවර්ඞ් වයිස් ආයතනයේ මහාචාර්ය ඬේවිඞ් එඞ්වඞ්ස්  විකීසෙල්ස් බදුන් නිපදවන යන්ත්‍රයක් නිපදවීමට සැලසුම් කර ඇත.   මෙහි අදහස නම් සොබාදහම ඵල නිෂ්පාදනය කරන ආකාරයට බෝතල් තැනීමයි.ඔහු හාවර්ඞ් කි‍්‍රම්සන් නම් පුවත් සඟරාවට පවසන ලදි.

අපි‍්‍රකාවේ එක් ගමක මිනිසුන්ට ප්ලාස්ටික් බෝතල් නැහැ. ඔවුන් තමන්ගේ ම බීම බඳුන් තනා ගන්නවා. ඒ එක් අතකට මානව හිතවාදී කාර්යයක්

3 comments:

ලිපිය අගෙයි

This comment has been removed by the author.

බෝකල්(Kayanna) , බෝතල්(Thayanna) ලෙස නිවැරදි වියයුතුයි.

Post a Comment