දුවන්න
පෙර දැනගත යුතු දේ (ශරීර
යන්තරේ රකින මන්තරේ - ව්‍යායාම)
මිනිස් සිරුර
මොනවගේ දෙයකට සමාන කරන්න පුලුවනිදැයි කෙනෙකු ඔබෙන් විමසුවහොත් ඔබට ඒ සදහා විවිධ
උපමා දිය හැකියි. ඒ අතරින් ඉතාම සරළවම
ගතහොත් මිනිස් සිරුර යන්ත්‍රයකට සමාන කරන්නට පුලුවනි. නිකම්ම නිකම් යන්ත්‍රයක්
නොවෙයි. හැගෙන, දැනෙන, දකින, ඇසෙන සහ සිතමේ හැකියාව ඇති ජෛව යන්ත්‍රයකට. ඉතින්
අනිත් හැම යන්ත්‍රයක් වගේම මේ සිරුර කියන යන්ත්‍රයත් හොදින් ක්‍රියාත්මක විමට නම්
එය නිසි පරිදි නඩත්තු කළ යුතු වෙනවා. ඒ සඳහා ආහාරපාන, පෝෂ්‍ය පදාර්ථ, විටමින,
ඛණිජලවන මෙන් ම තවත් එක් වැදගත් දෙයක් ද ලබාදිය යුතු වෙනවා. ඒ තමයි ව්‍යායාම.
ලංකාවේ පමණක්
නොව ලොව බොහෝ රටවල පාසල්වල උදෑසන එක් කෙටි කාල පරිච්ඡේදයක් ශරීර සුවතා ව්‍යායාම් සඳහා වෙන්කොට තිබෙනවා.
මෙයින් පැහැදිලි වෙනවා ව්‍යායාම අපේ සෞඛ්‍ය රැක ගැනීම සඳහා කොයිතරම් වැදගත්වනවාද
යන වග. ව්‍යායාම අපේ සිරුරට කොයිතරම් වැදගත් වුවත් ව්‍යායාම කිරීමේ දී අපි මතක
තබාගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ව්‍යායාම කියන දේ අපට ඕන ඕන වෙලාවට ඕන
ඕන හැටියට කිරීම සුදුසු නැති බව. ඒ විදිහට
ආවාට ගියාට ව්‍යායාම කරන්න ගියොත් සෞඛ්‍ය රැක ගැනීම කොහොම වුණත් තිබෙන සෞඛ්‍යයත්
පිරිහෙන්න පුලුවන්. එම නිසා නියමිත කාල වේලාවක දී සුදුසුකම් ලත් උපදේශකයකුගේ මග
පෙන්වීම් යටතේ ක්‍රමාණුකූලව කල යුතු දෙයකි. එහෙම උනොත් පමණයි එමගින් අපේක්ෂිත ප්‍රතිඵල
නෙලාගත හැකි වන්නේ.
සිරුරේ ජෛව ක්‍රියාවලින්
නිසි පරිදි පවත්වා ගැනීම සදහාත්, මාංශ පේශි ශක්තිමත් කර සිරුරේ හැඩය පවත්වා ගැනීම
සදහාත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා සිරුර තුල මේද තැන්පත් වීම වලක්වා ගැනීම සදහාත් ව්‍යායාම්
කිරීම ඉතා වැදගත් වෙනවා මේ සදහා නොයෙක් ව්‍යායාම් ක්‍රම භාවිතා කරනවා. සමහරු විවිධ
උපකරණ හා මෙවලම් භාවිතා කරකමින් ගෘහස්ථ ව්‍යායාම් වල නිරත වන අතර තවත් සමහරු
ශාරීරික අභ්‍යාස ක්‍රම යොදාගනිමින් එළිමහන් ව්‍යායාම්වල නිරත වෙනවා. මෙබදු එළිමහන්
ව්‍යායාම් අතරින් ප්‍රචලිත ව්‍යායාම් ක්‍රමයක් වනුයේ උදේට හෝ හවස යම් දුර ප්‍රමාණයක්
පහසු වේගයකින් දිවීම.
අපට වියදමකින් තොරව ඉතාම පහසුවෙන් කලහැකි වීම නිසා ව්‍යායාමයක්
වශයෙන් “දිවීම” අද බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත. විවිධ වයස් පරාසයන් වලට අයත්
විවිධ තරාතිරම් වලට අයත් ගම්බද මෙන්ම නගරබද පුද්ගලයන් දිවීම හා ඇවිදීම කරණ බව
පෙනෙන්නට ඇත. ඒ අතර විලාසිතාවට දුවන අයත් නැතුවා නොවෙයි. මේ අනුව දිවිමගට යහපත්බව
දැන හෝ නොදැන බොහෝ දෙනෙකු දිවීම ව්‍යායාමයක්
ලෙස තෝරාගෙන ඇති බව පෙනෙනවා. ඒ කුමණ අරමුණකින් වුවද ව්‍යායාමයක් ලෙස දිවිම සිරුරට
යහපත් බව පිළිගැනීමට සිදුවෙනවා. නමුදු එහි ප්‍රතිඵල සුබදායක වීමට නම් ඒ පිළිබද යම්
තරමක හෝ අවබෝධයක් තිබිය යුතුය. නොමැති නම්
අවසානයේ ඉතිරි වන්නේ කාලය වැය කිරීමක් හා ඒ තුල කිසිදු ප්‍රතිඵලයක්
නොලැබීමේ පසුතැවිල්ල පමණි.
- දිවීම සදහා වැඩිමනක් උපකරණ අවශ්‍ය නූනත් පාවන් යුවලක් නම් තිබිය යුතුමයි. ඒ සදහා කකුලේ ප්‍රමාණයට ගැලපෙන හොදින් කුෂන් කරන ලද පහසු මෙන්ම වළලුකරට සහ පතුලට ආධාරකයක් වන සාමාන්‍ය සපත්තු ජෝඩුවක් මේ සදහා හොදටම සෑහේ. එලෙසම සපත්තු යුවලක් සැතපුම් 350ක් 550ක් අතර දුරක් ධාවනයේ යෙදුන පසු ඉවත් කළ යුත බවයි ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයින්ගේ අදහනේ.
- ආරක්ෂාව ගැන සැලකිළිමත් වීම අතිශයින්ම වැදගත්වේ. නිවසට සමීප හුරු පුරුදු මංතීරුවක් තෝරා ගැනීම,වාහන තද බදය නැති මාර්ග තෝරාගැනීම, ආලෝකය ඇති අවස්ථා ධාවනයට තෝරා ගැනීම සහ අදුරෙහි ධාවනය කරන්නේ නම් ආලෝකයට දීප්තිමත් වන හෝ ආලෝකය පරාවර්තන කොටස් ඇති ඇදුමක් තෝරා ගැනීම.
- මාංශපේශීන් තුවාල වීම වැලැක්වීමට, සතියකට ධාවන වේගය 5-10% අතර ප්‍රමාණයට පමණක් වැඩි කිරීම, ධාවන රටාව වෙනස් කිරීම, ධාවන මංපෙත් හා ධාවන දිශාව වෙනස් කිරීම,අවම වශයෙන් සතියකට දින දෙකක්වත් විවේක ගැනීමෙන් සිරුර ශක්තිමත් කර ගැනීම, සතියෙන් සතිය ධාවන පිළිවෙත් වෙනස් කිරීම, මස් පිඩු තෙරපීමට ලක් කිරීම (අවම වශයෙන් අත පය හා උදරය ආදි ප්‍රෙද්ශවල මස් පිඩු තෙරපීමකට ලක්කල යුතුයි).
- මස්පිඩු වල වේදනාව ඇතිවුවහොත් අවශ්‍ය කාලයක් විවේක ගැනීම සහ අවශ්‍යනම් ක්‍රීඩා වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලියට යොමු වීම.
- අධික උණුසුම හෝ ශීතල කාලගුණ තත්ත්ව යටතේ සුදුසු පරිදි ඇදුම් තෝරා ගැනීම.
- එලෙසම අධික උණුසුම් සහිත දිනයක් දී ධාවනයේ යෙදෙන විට සිරුරෙන් අධිකව දහඩිය පිටවීම නිසා විජලනයට මුහුණදීමට සිදුවේ. සම හරවිට මෙය මරණිය තත්ත්වයක් දක්වා දරුණු විය හැකියි. ඒ සදහා ධාවනයට පෙර හොදින් සජලනය වීම හා ධාවනයේ යෙදෙන අතරතුර ජලය පානය කිරීමත්, ධාවනය සෙමෙන් ආරම්භ කර ක්‍රමයෙන් වේගය වැඩිකර ගැනීම. දිවා කාලයේ ධාවනයේ යෙදෙන විට හිරු ආලේපන තවරා ගැනීම, දියවැඩියාව, අධික රුධිර පිඩනය, උණ වැනි තත්ත්ව ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්වේ.Source – www.positivemed.comNayana Wijeratne, STO- Yatinuwara.
0 comments:
Post a Comment