September 18, 2013

දහනව වසරක් අධි ශීත ගැබේ සිට මෙලොවට ආ බිලිඳු පුතා

කෙලී බර්ක් සිය පුතු ලියම් ජේම්ස් සමඟ


ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා වල වාසය කරන කෙලී බර්ක් 45 හැවිරිදි නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥවරියකි. ඇය මාස නවයක් වයසැති ලියම් ජේම්ස්ගේ මවයි. වෛද්‍ය විද්‍යාව දියුණු අද වගේ යුගයක වයස අවුරුදු හතලිස් පහේදී මවක් වීම පුදුමයට කරුණක් නොවේ. එසේනම් කුමක්ද මෙහි ඇති විශේෂත්වය? ඇය මෙම දරුවා බිහිකර ඇත්තේ අවුරුදු 19ක් එනම් 1994 දී අධිශීත කිරීම මඟින් කල්තබාගත් (cryopreserved embryo) කළලයක් තම ගර්භාෂය තුල තැන්පත් කිරීමෙන් වීමයි. මෙම කළලය ලොව වැඩිම කාලයක් අධිශීත කිරීම මඟින් කල්තබා ගැනීමේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.

මවක වීමට දැඩි ආශාවකින් පසුවූ කෙලී බර්ක් වයස අවුරුදු 39යේ සිට ඒ සඳහා උත්සාහ දරා තිබිණි. මුලින්ම ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තුවූ ඇය එය ඉටු නොවූ විට දායක ශුක‍්‍රාණු උපයෝගි කරගෙන කෘත‍්‍රිම සංසේචනය මඟින්ද ඒ සඳහා දැරූ උත්සහය අසාර්ථක විය. අවසානයේදි දරුවකු දරුකමට හදා ගැනිමට තීරණය කළ ඇය ඒ සඳහා නීතිඥවරයෙකුගේ සහය ලබා ගන්නා ලදී.

මෙහිදි ඇයට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිශීත කිරීමෙන් කල්තබාගත් කළල හතරක් ප‍්‍රදානය කිරීමට කැමති ඇමරිකාවේ ඔරිගන් ප‍්‍රදේශයේ යුවලක් ගැන දැන ගැනීමට ලැබිණි. එම යුවලට IVF ක‍්‍රමයෙන් (In Vitro fertilization – දේහයෙන් බැහැරව කෙරෙන සංසේචනය) ගැබ තුල කළල තැන්පත් කිරීම මඟින් නිවුන් දරුවන් දෙදෙනකු ලැබී ඇත. එම දරුවන් දැන් 18 හැවිරිදි වියේ පසුවෙයි. මෙහිදී ඉතිරිවූ කළල 04ක් 1994 සිට අධිශීත කිරීම මඟින් කල්තබා ගෙන ඇත. ඊට අමතරව එම කළල වල තිබූ විශේෂත්වය වූයේ ඒවා ප‍්‍රදානය කර තිබුණේ, IVF ප‍්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වෙනත් තරුණ කාන්තාවක වීමයි. (ඒ වන විට ඔරිගන් කාන්තාව හතලිස් විය ඉක්මවා සිටි හෙයින්)

ඇමරිකා එක්සත් ජනපදයේ මෙසේ අධිශීත කළ කළල 500,000 පමණ මේ වන විට ඇති අතර එහෙත් ඒවා දානය කරන්නේ ඉතාමත් කලාතුරකිනි. ඇමරිකාවේ නීතිය අනුව එම කළල විකිණිය නොහැකි අතර ඒවා දරුකමට හදාගත යුතුය. ඒ සඳහා දරුවකු දරුකමට හදා ගැනීමේදි අනුගමනය කළ යුතු සම්පූර්ණ ක‍්‍රියාදාමයම අනුගමනය කළ යුතුවේ. කෙලී බර්ක් මේ සඳහා ඉතා උනන්දුවූ අතර එම කළල ලබා ගැනීම සඳහා අයදුම් කරන ලදී. ඉතා නොඉවසිලිමත්ව ගෙවූ මාස 05ක කාලයකට පසුව ඔරිගන් යුවල තම කළල ප‍්‍රදානය කිරීමට තෝරා ගත්තේ කෙලී බර්ක්වයි. සතුටින් පිනා ගිය ඇයට මාස ගණනාවක් පුරා හෝර්මෝන ආදි විවිධ ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් ගර්භාෂ බිත්ති ඝන කිරීම ඇතුළුව තම සිරුර ගර්භනීභාවය සඳහා සූදානම් කිරීමට සිදු විය.

ප‍්‍රවාහනයේදි කළල වලට සිදු විය හැකි හානිය අවම කිරීම සඳහා කෙලී බර්ක්ට එම කළල අධිශීත කර තැන්පත් කර ඇති සැන් ප‍්‍රැන්සිස්කෝ ප‍්‍රජනන විද්‍යා මධ්‍යස්ථානය (Reproductive Science Centre of the San Francisco Bay Area)වෙත යාමට සිදු විය. මෙසේ අධිශීත කළ කළලයක ජීවිභාවය රඳා පවතින්නේ ඒ සඳහා යොදා ගත් ඩිම්බ වල වයස මත වන අතර අදාල ඩිම්බ වයස අවුරුදු 35ට අඩු තරුණ කාන්තාවකගේ නම් ගැබ් ගැනීමේ සාර්ථකත්වය 65 ‍% දක්වාවේ. එබැවින් වෛද්‍යවරු කෙලී බර්ක්ට ප‍්‍රකාශ කර ඇත්තේ එම කළල ගර්භාෂය තුල තැන්පත් කිරීම සාර්ථක වීමේ සම්භාවිතාව 60 - 65 ‍% බවයි.

දින 02ක් වයසැති මෙම කළල අධිශීත කර වසර 19ක් පුරා පැවතුණු බැවින් ප‍්‍රථමයෙන් ඒවා අවශ්‍ය උෂ්ණත්වයට පත් කර රෝපණය කිරීම (culture) මඟින් දින 05ක් වයසැති කළල බවට වර්ධනය කිරීමට සිදු විය. එයට හේතුව වර්තමානයේදි ගර්භාෂය තුල තැන්පත් කරන්නේ දින 05ක් වයසැති කළල වීමයි. සියල්ලෝම පුදුමයට පත් කරමින් කළල 04ම මෙසේ වර්ධනය කර ගැනීමට හැකි විය. මෙයින් කළල 02ක් කෙලී බර්ක්ගේ ගර්භාෂය තුල තැන්පත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2012 වසරේ නොවැම්බර් මාසයේදි ලියම් ජේම්ස් පුතු බිහි විය.

ඉතිරිව ඇති කළල 02ට කුමක් කරන්නේද යන්න කෙලී බර්ක් මෙතෙක් තීරණය කර නැත. වසර 05ක කාලයක් සඳහා මෙම කළල 02 ඇය සතු වන අතර ඉන්පසු ඒවා ඔරිගන් යුවලට නැවත භාර දිය යුතුවේ. තම පුතුගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන්වූ (biological parents) ඔරිගන් යුවලත්, ඔවුන්ගේ 18 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනා සහ ලියම් අතර සබඳතාවය දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශවයම එකඟවී ඇත. ඔවුනොවුන් ඡායාරූප හුවමාරු කර ගෙන ඇති අතර මෙතෙක් මුණ ගැසී නැත.

දරුවකු බිහි කිරීමට ආශාව ඇතත් එසේ කිරීමට නොහැකි වීමේ වේදනාව තමන් හොඳින් දන්නා බැවින් සිය අත්දැකීම් ලොවට ප‍්‍රකාශ කිරීම මඟින් තමාට අවශ්‍ය වූයේ එවැනි කාන්තාවන් දිරිගැන්වීම හා ඔවුන් තුල බලාපොරොත්තු ඇති කිරීම බව කෙලී බර්ක් ප‍්‍රකාශ කර ඇත.

වී.කේ. සිවපාලන් ( යාහූ නිව්ස් ඇසුරින්)


                                                                          




    

            

4 comments:

Fastidious response in return of this matter with genuine arguments
and describing all on the topic of that.

Also visit my page; this is the sound of dubstep

Good article. I'm experiencing many of these issues as well..


Feel free to visit my web-site

Just desire tߋ saʏ yοur article іs as surprising.
Thе clrity tօ your pսt up iis just excellent аnd i cоuld
suppose ƴou'rе ann exxpert in this subject.Ԝell alߋng with your permission allοw me tо
takе hold օf уour RSS feed to stay updated ԝith approaching post.
Tɦanks a million and рlease keеp uр the reewarding worк.


Ӎy wweb blogon Get Paid To Complete Surveys

Post a Comment