December 5, 2016

මොනවද මේ රෙස්කිව් ඩිස්ක්?

බොහෝ අවස්ථා වලදී ඔබ පරිගනක වෛරස් වලින් ආරක්ෂා වීමට ඇන්ටි වෛරස් මෘදුකාංග භාවිතා කරනු ලබයි.  මෙසේ  ඇන්ටි වෛරස් මෘදුකාංග  භාවිතා කරනු ලැබුවද සමහර අවස්ථාවන් වලදී බේ පරිගනකයට වෛරස්  ඇතුල්විය හැක. එයට හේතු විය හැකි කාරනා ලෙස ස්කෑන් කිරීමකින් තොරව පෙන් ඩ්රයිව් භාවිතය, ඇන්ටි වෛරස් මෘදුකාංග යේ සැකසුම් නිසිලෙස සකස් නොකිරීම ‍‍වැනි දෑ හැදින් විය හැක. මෙලෙස පරිගනකයට වෛරස් ඇතුල් වූ විට එහි ඇති ඇන්ටි වෛරස් මෘදුකාංගයෙන් ස්කෑන් කර වෛරස් මකා දැමීම අසීරුය. මක් නිසාද යත් පරිගනකයට ඇතුල් වූ වෛරසය මගින්  අදාල ඇන්ටි වෛරස් මෘදුකාංගයේ ක්රියාකාරීත්වයට භාධා සිදු කරන නිසාය.

ඒසේම පරිගනකයකට වෛරස් ඇතුල් වූ පසුව ඇන්ටි වෛරස් මෘදුකාංගයක් install කර වෛරස් මකා දැමීම සිදුකල නොහැක. එසේ සිදුකර පරිගනකය ස්කෑන් කිරීම සිදුකලත් වෛරස් අල්ලාගෙන මකාදැමිය නොහැක.

පරිගනකයකට වෛරස් ඇතුල් වූ පසුව පරිගනකය ක්රියාත්මක කරන සෑම අවස්ථාවකම අදාල වෛරස් පරිගනකයේ මෙහෙයුම් පද්දතිය සමග ක්රියාරී තත්වය පත්වන අතර එවැනි අවස්ථා වලදී වෛරස් මකා දැමීම සිදුකල නොහැක.


Rescue disk එකක් මගින් සිදු කරනු ලබන්නේ මෙලෙස ආසාදිත වූ පරිගනකයක තිබෙන වෛරස් මකා දැමීමයි. මෙහිදී සිදුකරනු ලබන්නේ අදාල පරිගනකය Rescue disk එක මගින් Boot කිරීමයි. එනම් පරිගනකයේ ඇති මෙහෙයුම් පද්දතිය ක්රියාත්මක කරනවා වෙනුවට Rescue disk එක තුල ඇති වැඩ සටහන මගින් පරිගනකය ක්රියාත්මක (Boot) කිරීමයි. මෙලෙස Rescue disk එක තුල ඇති වැඩ සටහන ක්රියාත්මක වන විට පරිගනකයේ හාඩ් ඩිස්ක් එකෙහි ඇති වෛරස් ක්රියාත්මක නොවන අතර ඒවා පහසුවෙන් මකා දැමිය හැක. සදහා අවශ් වැඩසටහන Rescue disk එක තුල අන්තර්ගතව ඇත.

පහත පියවර අනුගමනය කරන්න
1 පහත සදහන් වෙබ් අඩවි වලින් Rescue disk එකක ISO Image එකක් නොමිලේ Download කර ගත හැක. Rescue disk එකක් සකසා ගැනීමට අවශ් ISO Image ෆයිල් ඇන්ටි වෛරස් මෘදුකාංග නිපදවන කැස්පර්ස්කි, වී ජී. බිට් ඩිපෙන්ඩර් වැනි ආයතන වලින් නොමිලේම ඩවුන්ලෝඩ් කර ගත හැක
පහත ලින්ක් මගින් ඔබට කැමති ISO Image ෆයිල් එකක් ලබා ලන්න
2 ඩවුන්ලෝඩ් කරගත් ISO Image ෆයිල් එක නීරෝ හෝ සීඩී රයිට් කරන මෘදුකාංගයකින් සීඩී එකකට රයිට් කර ගන්න.
3 සීඩී එක පරිගනකයට ඇතුල් කර රීස්ටාර්ට් කරන්න දැන් පරිගනකයේ ඇති වින්ඩෝස් හෝ අදාල මෙහෙයුම් පද්දතිය වෙනුවට Rescue disk එකේ ඇතුලත් වැඩසටහන මගින් පරිගනකය විවෘත (Boot) වෙයි
4 දැන් Rescue disk එක තුල ඇති වැඩසටහන මගින් හාඩ් ඩිස්ක් ස්කෑන් කර වෛරස් මකා දමන්න

0 comments:

Post a Comment