December 7, 2016

පරිසරයට හා සෞඛ්‍යයට හිතකර රෙදි සේදීමකට...

හානිකර රසායනික ද්‍රව්‍යයන් අපේ රටේ රෙදි සේදීමේදී භාවිත කෙරෙන නිෂ්පාදන වර්ගවල තිබෙනවාද නැතිද යන්න නිර්ණය කළ නොහැකි වන්නේ අපේ රටේ වෙළෙඳ පොළේ තිබෙනා එවැනි නිෂ්පාදන වර්ග බොහොමයකම තිබෙන රසායනික ද්‍රව්‍යයන් පිළිබඳ ඒවායේ ලේබල්වල විශ්වාසනීය සටහනක්‌ නොමැති වීමයි.


  • රෙදි සේදීමේදී ගංගා ඇළ දොළවල්වලට පරිසරයට මුදා හරින රසායනික ද්‍රව්‍යය, පරිසරය තුළ එලෙසම  පවතීද
  • අප විසින් දැනටමත් තොග පිටින් පරිසරයට මුදා හරිමින් සිටිනා කෘෂි රසායනික ද්‍රව්‍යයන් සමග මේවා ප්‍රතික්‍රියා නොකරන්නේද
  • ඒවා අපේ ශරීර සෞඛ්‍යයට කිසිදු බලපෑමක්‌ ඇති නොකරාවිද?


මෙවැනි ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඇති අතර ඇතැම් කරුණු මෙ වනවිටත් අනාවරණය වී නොමැත. රසායනික සංයුතීන් සැලකීමේදී රසායනික ක්‍රියාවලියකට අවශ්‍ය තත්වයන් ලැබුණු විට ඒවායෙහි ඇතැම් ප්‍රතික්‍රියාවන් කවර ආකාරයෙන් වේ දැයි පර්යේෂණ මට්ටමින් පවති. නීතිමය ප්‍රතිපාදන නිසාවෙන් සහ සංවර්ධිත රටවල්වල ජනයා සහ විද්‍යාඥයන් මේවා පිළිබඳ නිරතුරු අවධානයෙන් පසුවීම නිසාවෙන්මේවා නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් සෞඛ්‍යයට සහ පරිසරයට හිතකර නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරමින් සිටී. දියුණු රටවල්වල මෙම පාරිභෝගික නිෂ්පාදනයන් පිළිබඳව පර්යේෂණ හා අධ්‍යයනයන් නිරතුරුවම සිදු කෙරෙන අතර ඒවායින් හෙළි කෙරෙන දැනුමෙන්ද එරට ජනයා නිතර යාවත්කාලීන වෙයි.


පරිසරයට හා සෞඛ්‍යයට හිතකර රෙදි සේදීමක් සඳහා,
  • රෙදි සේදීමට හැකිතාක්‌ සබන් වර්ග භාවිත කරන්න.
  •  සැර අඩු, මෘදු, වර්ණක නොමැති, සුවඳින් අඩු රෙදි සෝදන කුඩු වර්ග පමණක් භාවිතා කරන්න.
  •  එකවර රෙදි ගොඩක්‌ සෝදන්න.
  • වොෂින් මැෂින් එකෙන් රෙදි වියළීම වෙනුවට හිරු එළියෙන් වේලන්න. (හිරු එළිය හමුවේ ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඉවත් වන බව සොයාගෙන ඇත.)
  • ඇල් වතුරෙන් රෙදි සෝදන්න. (උණු ජලය රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරනු ඇත.)
  • සියයට සියයක්‌ පරිසර හිතකාමී සහ ජෛව වියෝජනයට ලක්‌ වන නිෂ්පාදන මිලදී ගන්න.
  • ශාක මූලාශ්‍ර එන්සයිම භාවිත කර ඇතැයි සඳහන් නිෂ්පාදන මිලදී ගන්න.
  • පොස්‌ෙෆ්ට්‌ සහ සල්ෙෆ්ට්‌ අඩංගු නොවන නිෂ්පාදන මිලදී ගන්න.
  • පෙට්‌ට්‍රොaලියම් ආශ්‍රිත රසායනික ද්‍රව්‍යයන් අඩංගු නැතැයි ලේබලයේ සඳහන් නිෂ්පාදන මිලදී ගන්න.
  • "විරංජක, කෘත්‍රිම වර්ණක, කෘත්‍රිම සුවඳකාරක, ෆ්ලොරසන්ට්‌ වර්ණක වලින් තොරයි" ලෙස ලේබලයේ සඳහන් නිෂ්පාදන වෙත යොමු වෙන්න.
  • සාන්ද්‍රිත, දියරමය සේදුම් නිෂ්පාදන භාවිත කරන්න(Concentrated detergents).
  •  ශාක මූලාශ්‍ර මත පදනම් වූ රෙදි මෘදුකාරක භාවිත කරන්න.



0 comments:

Post a Comment