පියවි
ඇසින් දැකිය නොහැකි තරම් කුඩාවු අංශු නැනෝ අංශු ලෙස හැදින්වෙන අතර මෙම නැනෝ අංශුවක
විශාලත්වය 1 nm සිට 100nm
දක්වා විය හැක. එනම් නැනෝ මීටරයක් මීටරයෙන් බිලියනයෙන් පංගුවකි. නැනෝ තාක්ෂණය යනු මෙම නැනෝ අංශු පිළිබද අධ්‍යයනය කිරීම ඒවා
පර්යේෂණ හා සංවර්ධන කේෂ්ත්‍ර වලට ක්‍රියාකාරි ලෙස දායක කර ගැනීම හා ඒ තුළින් කරනු
ලබන නිෂ්පාදන ක්‍රියාවලියයි.
නැනෝ
පද්ධති ස්වභාවික නැනෝ පද්ධති හා කෘතිම නැනෝ පද්ධති ලෙස කොටස් දෙකකට බෙදිය හැක.
ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය තැනුම් ඒකකය වන ජීවි සෛලය ස්වභාවික නැනෝ පද්ධතියකි.
පරමාණු අණු නිවැරදි ලෙස ස්ථාන ගත කරමින් උසස් ප්‍රමිතියෙන් යුත් කෘතිම නැනෝ පද්ධති
සකස් කෙරේ.
නැනෝ
තාක්ෂණයේ භාවිතා කිරීම් රැසකි. එනම් බලශක්ති
උත්පාදනය , පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය හා වෛද්‍ය විද්‍යාව වැනි අංශ
රැසකදී නැනෝ තාක්ෂණයේ භාවිතා කිරීම් දැකිය හැක.
නැනෝ
තාක්ෂණය මගින් කාර්යක්ෂ්මතාවයෙන් ඉතා ඉහළ විද්‍යුත් ප්‍රභව නිපදවීමත්,
පිරිමැසුම්දායක ලෙස බලශක්තිය භාවිතා කළ හැකි ක්‍රම හදුන්වා දීමත් සිදුවේ. ඒ සදහා
උදාහරණ ලෙස සූර්ය කෝෂ , හයිඩ්රජන් ඉන්ධන
කෝෂ , පුනරාරෝපණ විදුලි කෝෂ, දෙමුහුම් විද්‍යුත් වාහන , තාප පරිවාරක, කාර්යක්ෂම හා
සුපිරි සන්නායක, නැනෝ සුපිරි ධාරිත්‍රක, නැනෝ ස්ඵටිකමය LED බල්බ
දැකිවිය හැකි අතර එම නිෂ්පාදන වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සදහා
නැනෝ තාක්ෂණය උපයෝගි කර ගත හැකිය.
සුර්ය
කෝෂ අර්ධ සන්නායක ද්‍රව්‍ය යොදා සාදා ඇති අතර දැනට භාවිතා කරන අර්ධ සන්නායක මගින්
අවශෝෂණය කර ගත හැක්කේ සූර්ය ශක්තියෙන් 14% වැනි සුළු ප්රමාණයකි. නමුත් නැනෝ
තාක්ෂණය භාවිතා කර සූර්ය ශක්තිය වැඩිපුර අවශෝෂණය කර ගත හැකි අර්ධ සන්නායක නිපදවිය හැකිය.
රසායනික
ක්‍රියාවලියක් මගින් විද්‍යුත් ශක්තිය ජනනය කළ හැකි වඩාත් සාර්ථක කෝෂ වනුයේ හයිඩ්රජන්
ඉන්ධන කෝෂයයි.නමුත් මේවායේ හයිඩ්රජන් ගබඩා කිරීම ප්‍රායෝගිකව ගැටළු සහගත වන අතර
එයට විසදුමක් ලෙස කාබන් නැනෝ නල භාවිතා කළ හැකිය.
පුනරාරෝපණ
විදුලි කෝෂවල ප්‍රධාන දුර්වලතාවය වනුයේ භාවිතයට නොගන්නා විටදී පවා කාලය සමග ආරෝපණය
වි ක්ෂය වී යාමයි. එබැවින් වඩාත් කාර්යක්ෂ්ම විදුලි කෝෂය වන ලිතියම්අයන කෝෂය
නිෂ්පාදනයේදී ලිතියම් නැනෝ සංයුක්ත ද්‍රව්‍ය භාවිතා කල හැකිය. එමගින් කෝෂයේ
කාර්යක්ෂ්මතාවය වැඩි කිරීම මෙන්ම බැටරිය
භාවිතයට නොගන්නා විටදී ශක්ති හානිය වලක්වාලයි.
තාප
දීප්ත පහන් , ප්‍රතිදීප්ත පහන් ආදියේදි තාප ශක්තිය ලෙස විද්‍යුත් ශක්තිය අපතේ
යාමක් සිදුවන අතර නැනෝ ස්ඵටිකමය ආලෝක
විමෝචක ඩයෝඩ (LED) වල තාප හානිය අවමය. ආයු කාලය
සම්ප්‍රදායික බල්බ වලට වඩා විසි ගුණයකින් පමණ වැඩිවේ.
පාරිභෝගික
ද්‍රව්‍ය නිෂ්පාදනයේදීද නැනෝ තාක්ෂණය භාවිතා කළ හැකිය. ඒ සදහා උදාහරණ ලෙස රෙදි
පිළි ,ඇගලුම් කර්මාන්තය, රූපලාවන්‍ය නිෂ්පාදන, සුපිරි දෘඩ පිගන් ගඩොල් , නැනෝ
තීන්ත, ක්‍රීඩා භාණ්ඩ, ප්‍රති විඛාදන ආලේප, කෘතිම රබර් , රථ වාහන කොටස්, විෂබීජ
නාශක නිෂ්පාදනය දැක්විය හැක.
එමෙන්ම
වෛද්‍ය විද්‍යා කේෂ්ත්රෙයේදි රෝග විනිශ්චය, රෝග වැළැක්වීම හා ප්‍රතිකාර සදහා යන
අංශ තුනේදීම නැනෝ තාක්ෂණය යොදා ගත හැකිය. මෙහිදී රුධිරය පරීක්ෂා කිරිම, රුධිර
පීඩනය මැනිම, හෘද ස්පන්දනය මැනීම හා දේහ උෂ්ණත්වය මැනීම සදහා නැනෝ තාක්ෂණය
භාවිතයෙන් උපකරණ නිපදවා ඇත.
රෝග
වැළැක්වීම සදහා ප්‍රයෝජනවත් වන ප්‍රතිජීවක
ආලේප, වෛරස් වැනි ක්ෂුද්‍ර ජීවින් සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ හැකියාව ඇති නැනෝ
පෙරහන් , නැනෝ වෛද්‍ය ප්‍රතිකාර , ජීව විද්‍යාත්මක රොබෝවරු , දියවැඩියාව පාලනය
සදහා නැනෝ පරිමාණ සිදුරු සහිත ඉන්සියුලීන් අඩංගු උපාංග නිපදවා ඇත. මීට අමතරව
පිළිකා සදහා නැනෝ කවච මගින් සිදු කරන ප්රතිකාරද දැක්විය හැක. එමෙන්ම දත් පිරවීම
හා කෘතිම අස්ථි සෑදිම සදහා නැනෝ තාක්ෂණය යොදා ගැනීමටද අවධානය යොමු වී ඇත.
පරිසර
දූෂණය නැනෝ තාක්ෂණය හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑමකි. නැනෝ තාක්ෂණය හේතුවෙන්
නැනෝ පරිමාණයේ රසායනික සංයෝග අණු වාතයටත් ජලයටත් එකතු විය හැකිය. ඒවා ශ්වසන මාර්ගය
හා ආහාර මාර්ගය තුළින් ශරීර ගත වීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ව ඇති විය හැක. මේ තත්වය
පාලනය සදහා නැනෝ තාක්ෂණයම යොදා නිෂ්පාදිත නැනෝ සවිවර පෙරහන් භාවිතා කළ හැකිය.මෙම
නැනෝ තාක්ෂණය වැරදි ලෙස භාවිතා කිරීම තුළින් ප්‍රමාණයෙන් කුඩා අවි ආයුධ නිපදවීම,
නැනෝ පරිමාණ විෂ රසායනික ද්‍රව්‍ය යුධ කටයුතු සදහා යොදා ගත හැකි විමත් ඉලෙක්ට්‍රෝනික්
උපාංග සුලබ නිසා ඇති වන සමාජ විෂමාචාරත් දැක්විය හැක. එබැවින් පරිසරයද රැක ගනිමින් නැනෝ තාක්ෂණය මිනිසාගේ උන්නතිය
වෙනුවෙන් යොදා ගැනීම මිනිසාගේම වගකීමකි.
සැකසුම-
පොත පත ඇසුරිනි
කේ.ඩී.පී.ඩී
සිරිවර්ධන
විද්‍යා
හා තාක්ෂණ නිලධාරී -බලපිටිය
0 comments:
Post a Comment