ඖෂධීය ගුණ සුමුදායකට හිමිකම් කියන කොහිල උෂ්ණ, වියළි තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයකි. කොහිල
ඖෂධීය මෙන්ම ආහාරයක් ලෙස මෙරට ජනයා අතර භාවිතා වන අතර ජලජ වගුරු බිම් වල සාර්ථකව
වගා කළ හැකි ශාඛයකි. මෙහි අල මෙන්ම කොළ පෝෂණ ගුණයෙන් අනූන වන අතර
කොහිල කැද ලෙස ආහාරයට ගැනීම වඩාත් පෝෂ්‍යදායී බව විද්වත් මතයයි. Lasia spinosa උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන
මෙම ශාකය සෙ.මී 4 ක් පමණ ඝනකම් කටු සහිත කදකින් යුක්තය. පත්‍ර
වෘන්තය මීටර් 1 ක් පමණ දිගැති අතර ඊතලයක හැඩයෙන් හා තද කොළපැහැයකින්
යුක්ත වන අතර දල්ල ළා කොළ පාටින් යුක්ත වේ. පුෂ්ප
බොහෝ විට ද්විකලාපිකය. ඇන්තූරියන් මලට සමාන තැඹිලි හා රතුපාට මලකි. මෙහි කොපුව දුඹුරු හා
කහ පාටින් යුක්ත වේ.
ඵලයේ අග්‍රයේ ඉන්නන් වැනි ව්‍යුහ දැකිය
හැකිය. කිරි කොහිල, ගුරු කොහිල, වැල් කොහිල, කලු කොහිල, රටකොහිල, සිංහල කොහිල, ගොඩ කොහිල ආදී වශයෙන් කොහිල ප්‍රභේද
කිහිපයක් දැකිය හැකිය.
කේ.කේ.එල්.තුෂාරා.
තාක්ෂණ හා මානව සම්පත් ප්‍රවර්ධන සහකාර.
විදාතා සම්පත් මධ්‍යස්ථානය.
බෙලිඅත්ත.
0 comments:
Post a Comment