December 19, 2016

පැරසිටමෝල් වෛද්‍ය උපදෙස් මත ලබා ගතයුතු වේදනානාශනයක්


පැරසිටමෝල්(acetaminophen)හිසරදයමස්පිඩු වේදනාව, ආතරයිටිස් ,කොන්ද කැකැකුම, දත් කැක්කුම, සෙම්ප්‍රතික්ෂාව සහ උණ වැනි රෝගී තත්ව සදහා බොහෝ දෙනා ඖෂධයක් ලෙස භාවිතා කරයි.  මෙම ඖෂධය මගින් ආතරයිටිස් රෝගීන්ට ඇතිවන  සියුම් වේදනාව සමනය කලද මතුපිටින් ඇති ඉදිමුමමට හෝ සන්ධි වල ඉදිමුමට ප්‍රතිකාරයත් නොවේ.

පැරසිටමෝල් වල බොහෝ ආකාර ඇතත් එම සියලු වර්ග පිළිබදව සදහන් කර නැත. මෙම පැරසිටමෝල් ඖෂධය වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතයට බොහෝ දෙනා පුරුදුව ඇතත් නිර්දේශිත මාත්‍රාවට වඩා භාවිතය හානිදායකය. වැඩිහිටියෙකු සදහා දිනකට භාවිතා කල යුතු ප්‍රමාණය ග්‍රෑම් 1(මිලි ග්‍රෑම් 1000) සිට ග්‍රෑම් 4 (මිලි ග්‍රෑම් 4000)දක්වා වේ. මෙම ප්‍රමාණය ඉක්මවා පැරසිටමෝල් භාවිතා කරන්නේ නම් එය අක්මාවට හානිකරවේ.දිනකට තුන් වතාවකට වඩා  මත්පැන්පානයට ඇබ්බැහි වූ කෙනෙකුට alcoholic liver disease  පැවතිය හැක. ඔවුන් වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් භාවිතා කල යුතු අතර දිනකට ග්‍රෑම් 2කට වඩා වැඩි මාත්‍රාවක් භාවිතා නොකල යුතුය.
පැරසිටමෝල්, ඖෂධ බොහොමයක සම්මිශ්‍රණයකි. පැරසිටමෝල් සමග පැරසිටමෝල් අන්තර්ගත වෙනත් රසායනයන් සහිත ඖෂධ භාවිතා කලහොත් ශරීරගත වන පැරසිටමෝල් ප්‍රමාණය බලාපොරොත්තු නොවූ පරිදි  වැඩිවිය හැක. මේ නිසා භාවිතා කරනු ලබන අනෙකුත් ඖෂධ වල පැරසිටමෝල් ,acetaminophen හෝ APAP  අන්තර්ගතද යන්න ලේබලය කියවා දැන ගැනිම වැදගත්ය.
 පැරසිටමෝල් භාවිතා කරන අතරතුර මත්පැන් මගින් අක්මාව හානිකිරීමේ අවදානම වැඩි බැවින් එම  කාලය තුල මත්පැන් පානයෙන් වැලකී සිටිය යුතුය.
acetaminophen or paracetamol.සදහා අසාත්මිකතාවයක් පවතින්නේ නම් මෙම ඖෂධය භාවිතයෙන් වැලකිය යුතුය. මෙලොව එලිය නුදුටු දරුවන් සදහා මෙම ඖෂධය හානිදායකද යන්න මෙතෙක් සොයා ගෙන නැත. මේ නිසා ගැබිනි මව්වරු වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් භාවිතා කිරීම වැදගත්ය. මෙම ඖෂධය මව් කිරි හරහා දරුවන් ට ශරීරගතවීම සිදුවන නිසා කිරි දෙන මව්වරුන්ද වෛද්‍ය උපදෙස් මත පැරසිටමෝල් භාවිතා කල යුතුය.
පැරසිටමෝල් දියරය භාවිතා තරන්නේ නම් මේ සදහා සකස්කරන ලද විශේෂ හැන්දක් හෝ කප් එකක් භාවිතා  කලයුතු අතර  නිවසේ භාවිතා කරන මේස හැන්ද හෝ තේ හැන්ද භාවිතය සුදුසු නැත.එසේම සපා කෑ හැකි පැරසිටමෝල් පෙත්ත ගිලීමට පෙර හොදින් සැපීම කල යුතුය.
ගිලීම සදහා සකස් කර ඇති පැරසිටමෝල් ආකාර පහසුවෙන් කැඩෙන සුලු බැවින් භාවිතයට පෙර දෑත් වියලි තත්වයෙන් පැවතීම වැදගත්ය. කිසියම් ආකාරයකින් මෙම ඖෂධය ගිලීමට නොහැකි වූයේ නම් මුඛය තුලදීම දියවීමට ඉඩ හැරිය යුතු අතර සැපීම නොකල යුතුය.
ජලයේ දිය කර පානය කලහැකි පරිදි සකස්කර ඇති පැරසිටමෝල් ආකාර කුඩා කැටිති ලෙස ඇත. මේවා භාවිතයේදී එක් පැකට්ටුවක් අවම වශයෙන් ජලය අවුන්ස 04 ක හොදින් දියකර නිවැරදි ආකාරයට පානය කල යුතුය.
ගුද මාර්ගයේ දී දියවන පරිදි සකස් කරන ලද පැරසිටමෝල් වර්ග ඇත. මේවා භාවිතා කල යුත්තේ ගුද මාර්ගය හරහා පමණි. මෙවැනි පැරසිටමෝල් ආකාර මුඛයෙන් නොගත යුතුය. ගුද මාර්ගය හරහා මෙම ඖෂධය ඇතුල් කිරීමට පෙර හා පසුව දෑත්  හොදින් සෝදා පිරිසිදු කරගත යුතුය.පැරසිටමෝල් ගුදය මගින් ඇතුල් කරන අවස්ථා වලදී අතුනුබහන් සහ මුත්‍රාශය ජලයෙන් තොරව තබා ගැනීමට උත්සාහ කල යුතුය. ගුදය හරහා ඇතුල් කිරීමට පෙර ඖෂධයේ පිටත ආවරනය ඉවත් කිරීමට වග බලා ගතයුතුය. මෙම කාර්යය  සදහා වැඩි කාලයක් ගත වුවහොත් එය අතේ දීම දිය වී යාමට ඉඩ තිබෙන බැවින් මිනිත්තු කිහිපයකින්  මෙම කර්තව්‍යය අවසන් කල යුතුය.කිසියම් රෝගියෙකුට දින 03කට වඩා අධික කාලයක් උණ පවතී නම් පැරසිටමෝල් භාවිතය නතර කල යුතුය. වැඩිහිටි පුද්ගලයෙක් සදහා කිසියම් වේදනාවක්  දින 07කට  වැඩි කාලයක් පවතී නම් පැරසිටමෝල් භාවිතය නතර කල යුතු වන අතර කුඩා දරුවෙක් සදහා මෙම කාලය දින 05ට සීමා වේ. තවද සමෙහි ඇතිවන දද, දිගටම පවතින හිසරදය,ඉදිමුම හෝ රතු පැහැවීම් හෝ වෙනත් නුසුදුසු රෝග ලක්ෂණ පවතී නම් පැරසිටමෝල් භාවිතය වහාම නතර කල යුතුය.
පැරසිටමෝල් භාවිතා කරන කාලය තුල රෝගියෙකුගේ  මුත්‍රා වල අඩංගු සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේ දී ව්‍යාජ ප්‍රතිඵල ලබා දෙනු ඇත. මේ නිසා දියවැඩියා රෝගයෙන් පෙලෙන රෝගීන් ඒ පිළිබදව වෛද්‍යවරයා දැනුවත් කල යුතු අතර ප්‍රතිකාර ගන්නා කාල සීමාවේදී මුත්‍රා වල අන්තර්ගත සීනි මට්ටම කෙරෙහි අවධානය යොමු කල යුතුය.
පැරසිටමෝල් ඖෂධය කාමර උෂ්ණත්වයේ ගබඩා කල යුතුය. ගුද මාර්ග තුල භාවිතා කරන පැරසිටමෝල් කාමර උෂ්ණත්වයේ හෝ ශීතකරනයක් තුල ගබඩා කල හැක.
පැරසිටමෝල් භාවිතා කල යුත්තේ අවශ්‍ය නම් පමණි. කිසියම් රෝගී තත්වයක් සදහා දිගින් දිගටම පැරසිටමොල් භාවිතා කරන්නේ නම් එය එක්වරක් මගහැරීම ගැටලුවක් නොවේ. එවැනි අවස්ථා වලදී ඒ ගැන නොසලකා ඊලග මාත්‍රාව උපදෙස් පරිදි ගතයුතුය. නමුත් එවැනි මගහැරුණු අවස්ථාවදි අමතර ඖෂධ භාවිතය නොකල යුතුය.පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවට වඩා ශරීරගත වීමෙන් ඇති වන අතුරු ආබාධ  ලෙස ආහාර අරුචිය,ඕක්කාරය, වමනය, උදරයේ වේදනාව,දහදිය දැමීම, ව්‍යාකූල බව හෝ  ශරීරය දුර්වල වීම වැනි රෝගී ලක්ෂණ පෙන්නු කරනු ඇත. පසුව උදරයේ ඉහල පෙදෙසේ දැඩි වේදනාව , මුත්‍රා තද පැහැ ගැන්වීම හෝ මල පහ මැටිවල පැහැයෙන් යුක්ත වීම, සම සහ ඇස් කහපාට වීම  , හුස්ම ගැනීමේ අපහසුතාව ,මුහුණ ,දිව .තොල් වල ඇතිවන ඉදිමුම වැනි රෝගී ලක්ෂණ පෙන්නුම්කරනු ඇත. මේ නිසා පැරසිටමෝල් වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතා කලහැකි සරල වේදනානාශයක් නොවේ.

https://www.drugs.com/paracetamol.html

1 comments:

Post a Comment