December 7, 2016

කෘමීන්ගේ මොළය විනිවිද දැකීම තුලින් ගැටළු රැසකට විසදුම්

කෘමීන්ගේ විවිධත්වය හා ක්‍රියාකාරීත්වය විෂ්මය ජනක මෙන්ම, ඉතා සංකීරණය. මේ සම්බන්ධව විවිධ පර්යේෂණයන් සිදු කරනු ලබන ගොල්ෆ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් නවතම සොයාගැනීමක් සිදු කර ඇත. එනම් කුඩා කෘමීන්ගේ සංකීරණ වූ මොළය පිළිබද වඩාත් පැහැදිලි හා විස්තරාත්මක දර්ශන සටහන් ලබාගත හැකි ක්‍රමයකි. මෙහිදී 3D දර්ශන ප්‍රතිසංස්කරණය කරමින් වඩා පැහැදිලි හා විස්තරාත්මක රූපයක් ලබා ගැනීම සිදු කරයි. මෙය ක්ෂුද්‍ර පරිගණක ටොමෝග්‍රැෆි (Micro – CT) ලෙස හදුන්වයි.






මෙහිදී X ray කිරණ යොදාගනිමින් කුඩා තීරු වශයෙන් ලබා ගන්නා ඡායාරූප ගොනුවක් විශේෂිත මෘදුකාංගයක් හා ලැප්ටොප් යන්ත්‍රයක ආධාරයෙන් එකලස් කිරීමකට ලක් කරයි. අවසානයේ මෙම රූප ගොනුව කිසිදු වෙනසකට ලක් නොකර ඉහල පැහැදිලි ත්‍රිමාණ මොඩලයකට සකසනු ලබයි.

මෙම ක්‍රමයේදී කිසිදු  කෘමියකුගේ හිස විච්ඡේදනයකට ලක් නොකර වඩා පැහැදිලි ත්‍රිමාණ රූපයක් ලෙස ලබා ගැනීමේ හැකියාව පවතින බව ඉම්පිරියල් විද්‍යාලයේ ස්වභාව කෞතුකාගාරයේ විද්‍යාඥයින් පවසයි.
මෙම ක්‍රමය භාවිතයෙන් ලබාගන්නා ඡායාරූපය මොලයේ හැඩයට ඉතා නිරවද්‍ය තාත්වික බවකින් යුක්ත වන අතර එහි ප්‍රමාණය හා මෘදු පටකයන්ගේ අන්තර් සම්බන්ධතාවයක්ද වඩා පැහැදිලිව නිරූපණය වන බව පර්යේෂකයන් පවසයි.

සාමාන්‍ය බිගු මොලයක ආසන්න වශයෙන් මිලියනයක පමණ ස්නායු සෛල පවතින අතර මෙය මිනිස් මොලයක පවතින ස්නායු සංඛ්‍යාව මෙන් 0.00001% කි. 

නව පර්යේෂණ වාර්තාවක් මගින් මෙම ක්‍රමය සදහා විවිධ වර්ණ ගැන්වීමි (Stain) භාවිතා කිරීම මගින් එහි කොටස් තව දුරටත් වෙන්ව හදුනාගැනීමටත් විශේෂ මෘදුකාංග භාවිතා කරමින් ලබාගන්නා රූපයන් සාමාන්‍ය ලැප්ටොප් පරිගණක් මගින් නැවත සංස්කරණය කිරීම මගිනුත් කෘමි මොලයේ රූප සටහන් වඩාත් ඉහල පැහැදිලි තත්වයකට පත්කල හැකි බව ඔවුන්ගේ අදහසයි.  

තවදුරටත් මෙමගින් බිගුන්ගේ මොලයේ සිදුවන වෙනස් කම් ජීවීන්ගේ චර්යාවන්ට බලපාන ආකාරය අධ්‍යනයට මං පෑදී ඇත. එසේම එම අධ්‍යනයන් මගින් තනි තනි ජීවීන්ගේ හා ගහණ අතර පවතින විචලනයන් හා පැණි හා පරාග රැස්කිරීම සදහා දක්වන චර්යාවන් ආදිය වඩා සවිස්ථරාත්මකව අධ්‍යනය කල හැකි වේ. 

එසේම මෙම ක්‍රමය මගින් බිගුන්ගේ මාර්ග සටහන් හදුනාගැනීමේදී ඇතිවන ගැටළුකාරී තත්වයන් සදහා ප්‍රායෝගික විසදුම් ලබා ගන්නා ආකාරය අධ්‍යයනයට මෙම ක්‍රමය යොදාගත හැකි බව පෙන්වා දෙයි. මෙමගින් සාපේක්ෂව සරල මොළයක් සහිත කෘමීන් මගින්, සංකීර්ණ ගැටළු විසදා ගන්නා ආකාරය අධ්‍යනය කිරීමේ පහසුව සැලසී ඇත.

රෝග, දුර්වල පෝෂණය, කෘමිනාශක වැනි පාරිසරික පීඩනයන් හමුවේ මෙම අති පරිසර සංවේදී ජීවීන් කොට්ඨාශයන්ගේ  මොළයේ ක්‍රියාකාරීත්වය හා ඒ සදහා දක්වන ප්‍රතිචාරයන් හදුනාගැනීමට මෙම තාක්ෂණය ඉතා වැදගත් වේ.

තවද පාරිසරික බලපෑම් හේතුවෙන් බිගු මොළයේ සිදුවන සුළු විචලනයකින් පවා චර්යා රඨාවන් වෙනස් වීම සිදුවන අතර මෙමගින් ඇතිවිය හැකි බලපෑම් අධ්‍යයනය කර ඒවා සමනය කිරීමට මෙම ක්‍රමය බෙහෙවින් ප්‍රෙයෝජනවත් වේ. මීමැස්සාගේ සුරක්ෂිතබව තහවුරු කිරීම මගින් අනාගතයේදී බෝග හා වන ශාක වල පරාගනය වඩාත් යහපත්ව පවත්වාගෙන යෑමට හැකි බවත් ඒ සදහා මෙය බෙහෙවින් ඉවහල් වන බවත් පර්යේෂකයින්ගේ අදහසයි.

www.sciebcedaily.com ඇසුරිණි.

0 comments:

Post a Comment