December 7, 2016

ඔබ පදවන වාහනයට සවිකර ඇති ටයර ගැන ඔබ දැනුවත්ද?

වර්තමානයේ ඉතා කාර්යය බහුල ජීවන රටාවක් සඳහා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුගත වී සිටින අප සියළු දෙනා හැකි සෑම අවස්ථාවකම කාලය ඉතිරි කර ගැනීමටත් වැඩ පහසුකර ගැනීමටත් රථ වාහන භාවිතයට ගැනීමට බොහෝවිට පෙළඹී ඇත. එනිසා නිතරම එම රථ වාහනවල ගෙවීයන උපාංග නැවත අළුත්වැඩියා කිරීම හෝ නව උපාංග සවි කිරීම යන කාර්යයන්ද කලයුතු වීමද අනිවාර්යය වී ඇත.

එළෙස නව ටයර සවිකර නිෂ්චිත කිලෝමීටර ගනනක් ධාවනය කල පසු ගෙවීයන ටයර වෙනුවට නව ටයරයන් මාරු කිරීම කරනු ලබයි. නමුත් අප බොහෝ අවස්ථාවලදී ටයරයක් මිලදී ගැනීමේදී හෝ ගෙවීගිය ටයරය මාරු කිරීමේදී ඒ පිළිබඳ දක්වන අවදානය අඩුවීම නිසා බොහෝ ගැටළු වලට මුහුණපෑමට සිදුවිය හැකිය. මන්ද යත් බොහොමයක් අවස්ථා වලදී අපගේ වාහනයට සවිකරන හෝ අප මිලදී ගන්නා ටයරය තීරණය කරණුයේ එම ටයර අළෙවි කරන අලෙවි නියෝජිතයා මත හෝ එහි මිල ගනන් මත හෝ වීම නිසාත්, ටයරයෙහි නිෂ්පාදන තත්ව පිළිබඳ අප නොදැනුවත්වීම නිසාත් යන කරුණු නිසා අපගේ වාහනයට නොගැලපෙන, කල් ඉකුත් වූ ආදී දෝෂ සහිත ටයරයන් සවි කිරීම නිසාය. එනිසා වර්තමානයේ දැනුම මත පදනම් වූ සමාජයක වෙසෙන අප එවැනි අපහසුතා වලින් මිදීමට හෝ අවම කර ගැනීමට ඒ හා සම්බන්ධ මුළික තොරතුරු ගැන හෝ දැනුවත්ව සිටීම වැදගත් විය හැකිය.

අපගේ රථවාහන සඳහා සවිකරනු ලබන ටයරවල නිෂ්පාදකයන් විසින් කේත කරණයක් (DOT IDENTIFICATION NUMBER) මගින් එහි මුලික තොරතුරු පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අවස්ථාව උදාකර ඇත.

උදාහරණ ලෙස ඉහත ආකාරයෙන් දක්වා ඇති කේතයෙහි වැඩිදුර තොරතුරු පහත පරිදි දැක්විය හැකිය.
මීට අමතරව ඉහත DOT කේතයෙහි මුලට බොහෝවිට ඉංග්‍රීසි අක්ෂරයක් අති අතර එම අක්ෂරය P නම් Passenger වාහන වලටද, LT නම් Lite truck ගණයේ වාහන වලටද, C නම් Car වලටද සුදුසු යැයි නිර්දේශ කර ඇත. එසේම අවසානයේ යෙදෙන අංකයෙහි අවසන් කොටස මගින් ටයරයෙහි නිෂ්පාදිත වර්ෂයත්, පෙර කොටස මගින් ටයරය එම වසරෙහි කීවන සතිය තුල නිපදවා ඇත්ද යන්නත් නිරූපණය කර ඇත. ඉහත තොරතුරු ගැන අවධානය යොමුකර මින් ඉදිරියට ඔබගේ වාහනය සඳහා ටයර මිලදී ගන්නේ නම් වැය කරන මුදලට උපරිම ප්‍රතිපලයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි සිතමි.

0 comments:

Post a Comment