December 7, 2016

විදුලි මෝටර් රථ භාවිතය සහ හරිත සංවර්ධනය

කාර්මීකරණයත් සමග ඇති වූ මානව ක්රිතයාකාරකම් හේතු කොටගෙන ගෝලීයව ඉස්මතුවූ ගැටළු අතරින් ප්රතදාන තැනක් ගන්නා සංසිද්ධියකි පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උණුසුම් වීම හෙවත් ගිම්හල් තලයක් ඇතිවීම කෙරේ බලපාන මුලික ක්රිරයාවළිය හරිතාගාර ආචරණයයි. හරිතාගාර ආචරණයට හේතුකාරකවන වායු වර්ග අතර ප්ර ධානතම වායුවකි කාබන්ඩයොක්සයිඩ්. මෙය තාපය අවශෝෂණය කර ගන්නා වායුවකි. මෙම වායු, සූර්ය කිරණ පෘථිවි තලයෙහි පතිත වූ පසු පරාවර්තනය ඉවත්ව යාම වළක්වාලමින් ඉහළ අහසේ වලාපටලයක් මෙන් එක් රැස් වේ. ඉන් පෘථිවි උෂ්නත්වය ඉහළ යයි. කාබන්ඩයොක්සයිට් වායුව පරිසරයට මුදාහැරීම සදහා මිනිසාගේ දායකත්වය අතිවිශාලය. වර්තමානයේ ගෝලීය වශයෙන් සිදුවන විවිධ වූ සංවර්ධන ව්යාාපෘති සඳහා මෙන්ම පුද්ගල අවශ්ය තා සහ සුඛවිහරණ කටයුතු වෙනුවෙන් විශාල ප්රවමාණයෙන් මෝටර් රථ යොදාගෙන ඇත. එසේම මෙම මොටර් රථ සඳහා භාවිතාවන්නේ අභ්යදන්තර දහන එන්ජින් වන අතරම ඒවායේ ප්රකධානම බලශක්ති ප්රරභවය පෙට්ර ල්, ඩීසල් ,ගල් අගුරු හෝ ස්වභාවික ගෑස් වැනි පොසිල ඉන්ධනය. මෙවැනි පොසිල ඉන්ධන දහනයෙහි අතුරු ඵළය ලෙස නිකුත්වන කාබන්ඩයොක්සයිට්, නයිට්ර්ස්ඔක්සයිඩ් වැනි වායු වර්ග සියල්ලම වායුගෝලයට නිරන්තර එකතු වීම සිදුවෙයි.

මෙයටද විසඳුම් විකල්පයන් සෙවීමේ අරමුණින් ගෝළියව ඇති වූ කතිකාවතක් තුලින් නිර්මාණය වූ සංකල්පයකි හරිත සංවර්ධනය. එනම් සෑම අවස්ථාවකම ස්වාභාවික පරිසර පද්ධතියයෙහි තුලනයට බලපාන ලෙස සිදුවන මිනිස් ක්රිනයාකාරකම් අවම වන ලෙස සෑම පුද්ගලයකුම කටයුතු කිරීමට උත්සාහ දැරිය යුතු වීමයි. එවන් කතිකාවන් මැද කරළියට පැමිණෙන ඉතා සාර්ථක පරිසර හිතකාමී නිර්මාණයක් ලෙස විදුලි මෝටර් රථය හඳුන්වා දිය හැකිය. සැබෑ ලෙසම විදුලි මෝටර් රථයෙහි අභ්යාන්තර ඉන්ධන දහන එන්ජිමක් නැත. ඒ වෙනුවට ඇත්තේ විදුලි මෝටරයක් මගින් යාන්ත්රිරක ශක්තිය උත්පාදනය කරණ නිර්මාණයකි. එනිසා හරිතාගාර වායුන් නිකුත් කිරීමක් සිදුවන්නේ නැත. එමෙන්ම ශබ්දය නිකුත්වීමද සාපේක්ෂව ශුණ්යැ මට්ටමක පවතී. එහි විදුලි මෝටරය සඳහා අවශ්යන බලය එම රථයයෙහි සවිකර ඇති බැටරියක් ආරෝපණය කිරීම මගින් සපයාදීම සිදුකරයි.
නමුත් හරිත සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ අටියෙන් හඳුන්වාදුන් ඉහත විදුලි මෝටර් රථ මගින් එම කතිකාවතට කෙතරම් සාධාරණයක් ඉටුකරණවාද යන්න පිලිබඳව කතිකාවතක්ද වහවහාම ඇතිවිය යුතු යැයි මට සිතෙයි. මන්ද මෑත කාළීණව ලාංකේය සමාජයද භාවිතයට යොමු වෙමින් සිටින විදුලි මෝටර් රථ සියල්ලම නැවත ආරෝපණය කරණු ලබන්නේ ප්රකධාන ජාතික විදුලි පද්ධතියෙන් වීම නිසාය. ශ්රීම ලංකා විදුලිබල මණ්ඩල නිල වෙබ් අඩවියට අනුව මෙම ලිපිය ලියන මොහොත වන විට ඔවුන්ගේ ජාතික විදුලි නිෂ්පාදනයෙන් 78% ක ප්රිමාණයක් ජනනය කරණු ලබන්නේ පුණර්ජනනීය නොවන ඉන්ධන භාවිතයෙනි. තවද, ශක්ති සංස්ථිති මුලධර්ම අනුව අප දන්නා සංසිද්ධියකි ශක්ති පරිවර්ථනයේදී ඉතා විශාල ශක්ති ප්රකතිශතයක් තාපය, ශබ්දය, විකිරණය ආදි ලෙස විවිධ ආකාරයෙන් හානිවී අවසන් ශක්ති ඵලය හීන වීම. එම හේතුවෙන් ශක්ති පරිවර්තන දාමයකට බඳුන් වී අප නිවසට ජාතික විදුලි පද්ධතියෙන් ලබා දෙන එක් විදුලි ඒකකයක් නිපදවීම වෙනුවෙන් මහත් විශාල ඉන්ධන ප්රිමාණයක් දහනය කිරීමට සුදුවනු ඇත. එනිසා සැබෑ ලෙසම මෙම විදුලි මෝටර රථයට සම වන්නා වූ, ඉන්ධන භාවිත මෝටර් රථයක් භාවිතයෙන් ඉටු කරණු ලබන කාර්යය ඉටු කරගැනීමට විදුලි මෝටර් රථයක් භාවිතා කලේනම් සෘජු ලෙස එම රථය තුල නොවූවත් නොරොච්චෝලේ හෝ වෙනත් ස්ථානයක හෝ සාපේක්ෂව විශාල ඉන්ධන ප්රුමාණයක් දහණය කිරීමට සිදුවනු ඇත. එසේනම් සෘජුව නැතත් වක්රාසකාරව හෝ ලාංකීය විදුලි මෝටර් රථ හිමිකරුවන් අනෙක් සම රථවාහන භාවිතා කරන්නන්ට වඩා වැඩිපුර පරිසරයට හරිතාගාර වායුන් නිකුත් කිරීමට දායක වී ඇති බව පෙනීයයි.

0 comments:

Post a Comment