BPA හි අහිතකර
බලපෑම්
· මොළයට හානි
වීම.
· පිළිකා අවධානම වැඩි කිරීම. ( පියයුරු, පුරස්ථි ග්‍රන්ථිය )
· පිළිකා අවධානම වැඩි කිරීම. ( පියයුරු, පුරස්ථි ග්‍රන්ථිය )
· අධි ක්‍රියාකාරීත්වය
ඇති කිරීම
, ප්‍රකෝපකාරී බව වැඩි කිරීම.
, ප්‍රකෝපකාරී බව වැඩි කිරීම.
· අධික තරබාරුව
සහ මේදය තැන්පත් වීම වැඩි කිරීම.
· කුඩා අවදියේ
වැඩිවිය පැමිණීම.
· ඩිම්බ කෝෂ වල අවිධිමත් ක්‍රියාකාරීත්වය
· ඩිම්බ කෝෂ වල අවිධිමත් ක්‍රියාකාරීත්වය
· අසාමාන්‍ය
ලිංගික චර්යා ඇති කිරීම.
· ශුක්‍රාණු නිෂ්පාදන ධාරිතාව අඩු කිරීම.
· ශුක්‍රාණු නිෂ්පාදන ධාරිතාව අඩු කිරීම.
· අධ්‍යාපන
කටයුතු වලට දුර්වල වීම.

වර්තමානය වන විට BPA වාතය, ජලය, ආහාර ආදී
සියළු දේ සමඟ මිශ්‍ර වී පවතින නිසා 100% ක් BPA වලින් ආරක්ෂා
වීමට ඔබට නොහැකි වේ. නමුත් BPA ට නිරාවරණය වන ප්‍රමාණය අඩු කල හැකියි. මේ සඳහා,
1. සිඟිත්තන්ගේ ආහාර, ජලය, බීම ලබා දීමට
වීදුරු බෝතල්, දීසි පමණක්
භාවිතා කරන්න.
2. ඔබේ දරුවාට ප්ලාස්ටික්
සෙල්ලම් බඩු වෙනුවට ස්වභාවික නිර්මාණ ලබා දෙන්න.
3. ඔබේ ආහාර, බීම වර්ග
වීදුරු බඳුන් තුල පමණක් ගබඩා කරන්න.
4. ආහාර ප්ලාස්ටික් බඳුන්
තුල දමා මයික්‍රොවේව් උඳුනේ තැබීමෙන් වළකින්න.
5. කෑන් කරන ලද ආහාර හා
බීම මිලදී ගැනීමෙන් හා අනුභවයෙන් වළකින්න.
6. ප්ලාස්ටික් ආහාර දවටන
භාවිතයෙන් වළකින්න.
7. ප්ලාස්ටික් දීසි, පිඟන්, කෝප්ප
භාවිතයෙන් ඉවත් කරන්න. ඒ වෙනුවට වීදුරු පිඟන්, කෝප්ප භාවිතයට හුරුවන්න.
8. මුළුතැන්ගෙයි
ප්ලාස්ටික් බඳුන් භාවිතා කරන්නේ නම් සීරුණු පැරණි බඳුන් ඉවත් කරන්න. මේවා රළු සබන්
කුඩු, ඩිටර්ජන්
මඟින් සේදීම නොකරන්න.
9. බෝතල් කල පානීය ජලය
භාවිතයෙන් වළකින්න.
10. දත් පිරවීමට
පෙර දන්ත පිරවුම් හි BPA අඩංගු දැයි
දන්ත වෛද්‍යවරයාගෙන් විමසන්න.
ඉහත උපදෙස් අනුගමනය කිරීමෙන් BPA ට පමණක් නොව
ඉතා අහිතකර වෙනත් ප්ලාස්ටික් රසායනික වලට නිරාවරණය වීමෙන් ද ඔබට ආරක්ෂා විය
හැකියි.
www.mercola.com
හි පලකර තිබූ ලිපි ඇසුරින් සකස් කරන ලදී.
ආර්.ඒ.ඩී. නිරෝෂණී -විදාතා සම්පත් මධ්‍යස්ථානය, ඉංගිරිය.
0 comments:
Post a Comment