මිනිසුන් භීතියෙන්
මුදවාගැනීමේ මුලික පියවරක් ලෙස මොලයෙන් සමහර භිතිකා මකා ඉවත් කිරීමට විද්‍යාඥයන්
සමත් වූ බව වාර්තා වේ. භිය මැඩපැවැත්වීමට අපහසු භයානක චිත්තාවේග වේ. එහෙත් භිය
යටපත් කර දැමීමට හැකි කෙටි, පහසු හා නියමාකාර ක්‍රමයක් විද්‍යාඥයන් විසින් හදුනාගෙන
තිබේ. භීතිය මැඩපැවැත්වීමට භාවිතාවන සාමාන්‍ය ක්‍රමය නම් භීතියට කෙලින්ම
මුහුණදීමයි. මොළයේ ක්‍රියාකාරකම්වලට විධානයක් ලබාදීම මගින් ප්‍රතිචාර දක්වන
තත්ත්වාරෝපිත භියක් මුලින් මිනිස් මොළය තුළ ඇති කිරීමටත් ඉන්පසුව එම භිය මොලයෙන්
ඉවත් කිරීමටත් විද්‍යාඥයෝ කටයුතු කලෝය. එහිදී එම පරීක්ෂණයට භාජනය වුවන්ට කුමක්
සිදුවීදැයි යන්න පවා හදුනාගැනීමට නොහැකි වී තිබේ.
පුද්ගලයකුගේ භීතිකාව, අවුල්සහගත
බව සහ චකිතය (වෙව්ලුම) යනාදිය මැඩපැවැත්වීමට වර්තමානයේ ඇති ප්‍රතිපලදායි එකම නිවැරිදි ක්‍රමය ලෙස එම
භිතියන්ට නිර්භයව මුහුණදි ජයගැනීම බව පිළිගෙන තිබේ. එම ක්‍රමය සාර්ථක වූ විට විශාල
ප්‍රීතියක් දැනෙන මුත් එය විශාල පිඩාවක් ගෙනදේ. කෙසේවෙතත් neurofeedback (ස්නායු
ප්‍රතිපෝෂණය) නම් තාක්ෂණය භාවිතාකර සියලු
අපහසුතා මගහැර සමහර භිතියන් සම්පුර්ණයෙන් මකා ඉවත් කිරීමට ස්නායු විද්‍යාවේ
ශක්තියට හැකිවීම රෝගීන්ට සහනයකි.

අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=1PV7Hy_8fhA
0 comments:
Post a Comment