Macrobrachium rosenbergii යන සත්ව විද්‍යාත්මක නමින් හදුන්වන පැල්මොඩේ පවුලට අයත් ජීවියෙක් වන නිල් අණ්ඩා, නිල් අඩු ඉස්සා, යෝධ අඩු ඉස්සා, නමින් ජනතාව හදුන්වයි.

ජලයේ PH අගය 7 - 8.5ත් දක්වා පරාසයක ජීවත් විය හැකි අතර, ජලයේ දෘඩතාවය ලීටරයට මිලි ග්රූම් 150 දක්වා ජලයේ ජීවත් විය හැක. ලවණ ජලය නොමැති පිරිසිදු මිරිදිය ජලයේ හොදින් වර්ධණය වුවත් ලවණතාවය 3-4 ppm ජලයේ ජීවත් විය හැක. එහිදී, වර්ධන වේගය අඩුවීමක් සිදු වේ.
දේහය සැලකීමේ දී ශීර්ෂෞර්ෂය හා උදරය ලෙස කොටස් දෙකකි. එහි අගක් වැනි rostren දක්ණට ලැබේ.
![]() |
විශාල දෙවන චර පාදය |
ස්වභාවිකව බෝ වීමට පරිණත බිත්තර සහිත ගැහැණු සතුන් කලපු සදහා ගමන් කරන අතර එහිදී ප්‍රසස්ථ ලවණතාවය හා උෂ්ණත්වය හමුවේ බිත්තර පිපිරී පසු කීටයින් ඇති වේ.
ඔවුන් වර්ධනයෙන් මිරිදිය ජලාශ සොයා රට අභ්‍යන්තරයට පැමිණේ.
![]() |
බිත්තර පිපිරී බිහි වූ කීටයන් |
දේහ විලාශය අනුව, ගැහැණු සතුන් කුඩා අතර පිරිමි සතුන් ප්‍රමාණ තුනකි.
- නිල් අඩු පිරිමි ඉස්සන්
- තැඹිලි අඩු පිරිමි ඉස්සන්
- කුඩා පිරිමි ඉස්සන්
![]() |
නිල් අඩු පිරිමි ඉස්සන් |
![]() |
තැඹිලි අඩු පිරිමි ඉස්සන් |
ඉස්සන් වගාවේ දී නිල් අඩු හා තැඹිලි අඩු පිරිමි ඉස්සන් වේගයෙන් වර්ධනය වේ. එබැවින් වාණිජ්‍ය වගාවේ දී එම ඉස්සන් වර්ග දෙක බහුලව වගා කෙරේ.
0 comments:
Post a Comment