ජාත්‍යන්තර කුරුළු සංරක්ෂණ ආයතන[Bird-life International] දත්ත අනුව ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන් වර්ග 23ක් සිටින බව පැවසේ. Bird-life International ආයතනය රටවල් 100ක ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ෂණ හා පර්යේෂණ ආයතන සමග එකට ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අධ්‍යයනාංශයෙහි පිහිටුවා ඇති ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිතායතනය වේ. මෙම පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ ආයතනයෙහි නියමුවා ලෙස කටයුතු කරණුයේ පක්ෂීන් සම්බන්ධ විශ්ව කීර්තිධර මහාචාර්ය සරත් කොටගම මහතා වන අතරම ඔහුගේ කාර්යය භාරය අගයනුවස් මේවන විට ජාත්‍යන්තර කුරුළු සංරක්ෂණ ආයතනයේ ලෝක විධායක කවුන්සිලයේ [Global Council] සාමාජිකයෙකු ලෙසත්, life Asia Council හි සභාපතිවරයා ලෙසත් නම්කරණු ලැබ ඇත.
කුඩා දිවයිනක් උවත් ලංකාව ඉහළ පක්ෂි විවිධත්වයක් සහිත රටක් ලෙස පිළි ගැනෙයි. මන්ද මෙම භූමය තුල පක්ෂීන් විශේෂ 373 ක් පමණ දක්නට ලැබෙන අතර ඉන් විශේෂ තුනක් ලංකාවට පමණක් ආවේණික කුරුල්ලන් බවටද හඳුනාගෙන ඇත. එසේම මොවුන් අතරින් විශේෂ 208 ක් සංචාරක කුරුල්ලන්ය. තවද විශේෂ 128 ක් ජලාශ්‍රිත කුරුල්ලන්ද, විශේෂ 34 ක් සමූද්‍රික හා ආශ්‍රිත කුරුල්ලන්ද, විශේෂ 232 ක් ගොඩබිම ආශ්‍රිත කුරුල්ලන් ලෙසද දැක්විය හැකිය. ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනය ප්‍රකාශයට පත්කර ඇති වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂී තොරතුරු ඇතුලත් රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] පාත්‍රවී ඇති කුරුල්ලන් වර්ග තුනක් ලංකා භූමියෙහි වාසය කරන අතර ඔවුන් තිදෙනාම සංචාරක කුරුල්ලන් වීමද විශේෂත්වයකි. අපට ආවේණික පක්ෂි වර්ග විසිතුන අතරින් විශේෂ දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] නම්කර ඇති අතරම, තවත් පක්ෂීන් වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින බවත් සටහන් වේ. තවද, තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන් ලෙසද හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 23 දෙනා පිළිබඳ සාරාංශ සටහනක් පහතින් දැක්වේ.
1. පොදු නාමය - ශ්රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush)
සත්ව විද්යාුත්මක නාමය - Myophonus blighi
රතු ලයිස්තු වර්ගීකරණය - EN(Endangered)
2. පොදු නාමය - ශ්රී ලංකා පඬු කන් බස්සා (Serendib Scops Owl)
සත්ව විද්යා ත්මක නාමය - Otus thilohoffmanni
රතු ලයිස්තු වර්ගීකරණය - EN(Endangered)
3. පොදු නාමය - වත රතු මල්කොහා (Red Faced Malkoha)
සත්ව විද්යාමත්මක නාමය - phaenicophaeus pyrrhocephalus
රතු ලයිස්තු වර්ගීකරණය - VU(Vulnerable)
4. පොදු නාමය - ශ්රී ලංකා බට ඇටිකුකුළා (Green-billed Coucal)
සත්ව විද්යානත්මක නාමය - Centropus chlororhynchus
රතු ලයිස්තු වර්ගීකරණය - VU(Vulnerable)
5. පොදු නාමය - ශ්රී- ලංකා මයිල පරෙවියා (මයිලගොයා) (Sri Lanka Wood Pegion)
සත්ව විද්යාරත්මක නාමය - Columba torringtoniae
රතු ලයිස්තු වර්ගීකරණය - VU(Vulnerable)
6. පොදු නාමය - කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie)
සත්ව විද්යාරත්මක නාමය - Urocissa ornate
රතු ලයිස්තු වර්ගීකරණය - VU(Vulnerable)
7. පොදු නාමය - වත සුදු සැරිකාවා / හිස සුදු සැරිකාවා(White-faced Starling)
සත්ව විද්යාරත්මක නාමය - Sturnus albofrontatus
රතු ලයිස්තු වර්ගීකරණය - VU(Vulnerable)
8. පොදු නාමය - හිස කළු උප-දෙමලිච්චා (Ashy-headed Laughing thrush)
සත්ව විද්යාරත්මක නාමය - Garrulax cinereifrons
රතු ලයිස්තු වර්ගීකරණය - VU(Vulnerable)
9. පොදු නාමය - පිට තඹල උප බස්සා/පිට තඹල වන බස්සා(Chestnut-backed Owlet)
සත්ව විද්යාපත්මක නාමය - Glaucidium castanonotum
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
10. පොදු නාමය - තිත් පිය තිරාසිකයා / පුල්ලි වල් අවිච්චියා (Spot-winged Thrush)
සත්ව විද්යාමත්මක නාමය - Zoothera spiloptera
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
11. පොදු නාමය - ශ්රී ලංකා අනු-මැසිමාරා / නිල් මාරාවා(Dull Blue Fly Catcher / Dusky Blue Fly Catcher)
සත්ව විද්යාමත්මක නාමය - Eumyias sordidus
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
12. පොදු නාමය - කහකන් කොණ්ඩයා / කහ කොණ්ඩයා (Yellow-eared Bulbul )
සත්ව විද්යාමත්මක නාමය - Pycnonotus penicillatus
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
13. පොදු නාමය - වනරැවියා (Bush Warbler)
සත්ව විද්යාමත්මක නාමය - Bradypterus palliseri
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
14. පොදු නාමය - රතු දෙමලිච්චා (Orange Billed Babbler)
සත්ව විද්යාමත්මක නාමය - Turdoides rufescens
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
15. පොදු නාමය - ශ්රී( ලංකා පිළිලිච්චා (White-throated Flowerpecker / Legge's Flowerpecker )
සත්ව විද්යාමත්මක නාමය - Dicaeum vincens
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
16. පොදු නාමය - කායුරු (කොරල) තිරාසිකයා / පෙති ගෝමර වල් අවිච්චියා
(Sri Lanka Scaly Thrush)
සත්ව විද්යා ත්මක නාමය - Zoothera imbricate
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
17. පොදු නාමය - ශ්රී ලංකා මයිනා / සැළලිහිණියා (Sri Lanka Myna)
සත්ව විද්යා ත්මක නාමය - Gracula ptilogenys
රතු ලයිස්තු වර්ගීකරණය - NT(Near Threatened)
18. පොදු නාමය - හබන් කුකුළා (Sri Lanka Spurfowl )
සත්ව විද්යාමත්මක නාමය - Galloperdix bicalcarata
රතු ලයිස්තු වර්ගීකරණය - LC (Least Concern)
19. පොදු නාමය - ගිරා මලිත්තා (Sri Lanka Hanging Parrot / Ceylon Lorikeet)
සත්ව විද්යාමත්මක නාමය - Loriculus beryllinus
රතු ලයිස්තු වර්ගීකරණය - LC (Least Concern)
20. පොදු නාමය - අළු ගිරවා (Emerald-collared Parakeet / Layard's parakeet )
සත්ව විද්යාමත්මක නාමය - Psittacula calthropae
රතු ලයිස්තු වර්ගීකරණය - LC (Least Concern)
21. පොදු නාමය - සිතැසියා / මල් කුරුල්ලා(Sri Lanka White-eye / Ceylon Hill White-eye)
සත්ව විද්යාමත්මක නාමය - Zosterops ceylonensis
රතු ලයිස්තු වර්ගීකරණය - LC (Least Concern)
22. පොදු නාමය - දෑකැති දෙමළිච්චා / ශ්රීe ලංකා දෑ-දෙමළිච්චා (Ceylon Scimitar Babbler)
සත්ව විද්යාමත්මක නාමය - Pomatorhinus melanurus
රතු ලයිස්තු වර්ගීකරණය - LC (Least Concern)
23. පොදු නාමය - වළි කුකුළා (Sri Lanka Junglefowl)
සත්ව විද්යාමත්මක නාමය - Gallus lafayetii
රතු ලයිස්තු වර්ගීකරණය - LC (Least Concern)
0 comments:
Post a Comment