Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2016

ශ්‍රී ලංකාව තුල තෙත් බිම්

"තෙත් බිම් යනු ගැඹුර මීටර හයක් ඉක්මවා නැති ස්වභාවික කෘතිම හෝ ස්ථිතික හෝ ගලා යන සාගර ප්‍රදේශ  ඇතුළු, නැවුම්, කිවුල් හෝ ලුණු ජලය , තාවකාලිකජලය, අඩු උදම් කලාප වෙ. මෙම තෙත් බිම් රැම්සා අර්ථ දැක්වීමටඅනුව පුළුල් වශයෙන් වර්ග තුනකට බෙදිය හැකිය:           දේශීය ස්වභාවික ජල තෙත් බිම් (උදා ගංගා, ඇළ, මඩවගුරු, වගුරු වනාන්තර සහ විල්ලු)   ...

සෙල්සියස් අංශක දෙකේ ඉලක්කයත් අවදානමේ?

දේශගුණ වෙනස් වීම පාලනය සදහා ලෝකයේ රටවල් ලබා දී ඇති පොරොන්දු ප්‍රකාරව කටයුතු කළත්, ලෝක උෂ්ණත්වය සෙල්සියස් ඉහළ යෑම අංශක දෙකේ සීමාව ඉක්මවා යා හැකි බව එක්සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන නිකුත් කළ වාර්තාවක් පෙන්වා දෙයි. ඒ අනුව උක්ත සීමාවේ රැදී සිටීමට නම් 2030 දී වායුගෝලයට එකතු විය හැකි උපරිම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා 25%ක් පමණ අධික විමෝචන ප්‍රමාණයක් වර්තමාන තත්ත්වය යටතේ විමෝචනය...

දේශගුණ බලපෑමෙන් ජීවීන් වෙනස් වන අයුරු

දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල දැකිය හැකි ජීවී වි‍ශේෂවල ඇති වන වෙනස්වීම් පිළිබදව කරුණු අනාවරණය කරන අධ්‍යයන වාර්තාවක් පසුගිය දා පළ වී ඇත. ඒ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමග ජීවී වි‍ශේෂ, නව ජීවි ප්‍රජාවන් ඇති වීම දැකිය හැකි වනු ඇත. ඒ  දේශගුණ බලපෑම නිසා ජීවී වි‍ශේෂවල සුලබතාව හා ව්‍යාප්තිය වෙනස් වීම නිසාය. මේ වෙනස්කම් සිදු වන ආකාර තුනක් මේ අධ්‍යනයේ දී...

ගල් අගුරු වායු දුෂණය පාලනයෙන් ජීවිත බේරාගැනීම

ගල් අගුරු වායු දුෂණය පාලනයෙන් ජීවිත බේරාගැනීම යුරෝපයේ ගල් අගුරු බලාගාරවලින් සිදු වන වායු දූෂක සම්බන්ධ නීති දැඩි කිරීමෙන් වාර්ෂිකව ජීවිත 20000ක් පමණ බේරාගැනීමට හැකියාව ඇති බව පසුගිය දා නිකුත් වූ වාර්තාවක සදහන් විය.එම වාර්තාවේ දක්වා ඇති පරිදි  ගල් අගුරු බලාගාරවලින් විමෝචනය කළ හැකි වායු විමෝචන සදහා වඩා දැඩි සීමා පැනවීම හා ඒවා ක්‍රියාත්මක කිරීමෙන් ගල්අගුරු දහනයෙන් නිකුත්...

ආක්ටික් අයිස් දිය වීමේ බලපෑම්

ආක්ටික් ප්‍රදේශවල අයිස් දිය වීම පිළිබදව අවධානය යොමු කරන වාර්තාවක දැක්වෙන ආකාරයට එය බරපතල බලපෑම් ඇති විය හැකි අවස්ථා 19ක් සදහා හෙළීම් ලක්ෂ්‍යයක් (tipping point) වියහැකිය.එහි බලපෑමෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණයේ වෙනස් වීම් ඇති විය හැකිය. මේ වර්ෂයේ ආක්ටික් සාගරයේ වාර්තා වූ අවම අයිස් මට්ටම දෙවැනි වන්නේ 2012 වර්ෂයේදී  ආක්ටික් සාගරයේ පැවැති අයිස් මට්ටමට පමණි. වර්ෂයේ...

December 30, 2016

ලෝකයේ විශ්මය ජනක පුදුම

ලෝකයේ පුදුමාකාර දේ බොහොමයක් පවතින අතර ඒවායෙන් සමහරක් පුදුමයෙනුත් පුදුමයන් වේ. 1.   යක්ෂයාගේ කුළුන ( Devil’s tower) මෙම මීටර් 390 ක් උස යෝධ පාශානය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මීට වසර මිලියන පනහකට පෙර ඇති වූ ගිණි කඳු පිපිරීමකින් මෙම පාශානය ඇති වූ බව සළකනු ලැබේ. මෙය ආග්නේය පාශාන ගණයට වැටේ.  ගිණිකඳු...

දියවැඩියාව පරාජයට මිනිත්තුවක ව්යාියාමයක්!

දිනකට මින්ත්තුවක් ව්‍යායාම කිරිමෙන් දියවැඩියා රෝගය වළකන්නට හැකි බව පර්යේෂකයෝ කියති. බ්‍රිතාන්‍යයේ බාත් සරසවියේ පර්යේෂකයන් පවසන ආකාරයට සතියකට තුන් වතාවක් ව්‍යායාම පා පැදියෙන් කෙටි වේලාවක්, වේගයෙන් පැදවිමෙන් 2වැනි වර්ගයේ  දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරිමේ හැකියාව සහ එම රෝගය වැළදිම වළකන්ට හැකිය. මේ පර්යේෂණය සඳහා බාත් සරසවියේ පර්යේෂකයන් යොදා ගෙන ඇත්තේ ස්වෙච්ජාවෙන්...