December 26, 2014

පරිගණකයේ අහඹු ප්‍රවේශ මතක උපාංගය නොහොත් RAM Card

පරිගණකයට සම්බන්ධවන මතක උපාංග(Memory Devices) ප්‍රාථමික(Primary) සහ ද්වීතියික(Secondary) ලෙස වර්ග කෙරෙන අතර RAM(Random Access Memory) සහ  ROM(Read Only Memory) ප්‍රාථමික ගණයටත් Hard Disk,CD,DVD,Floppy,.. වැනි ස්ථිර මතක උපාංග ද්වීතියික ගණයටත් වැටේ.
ප්‍රොසෙසරය වෙත යැවිය යුතු සහ ප්‍රොසෙසරයෙන් සකසා ලබා දෙන දත්ත ස්ථිර මතක උපාංගයක ගබඩා කරන තෙක් මතකයේ තබා ගැනීම RAM එකේ කාර්යයයි.  
  මෙහිදී හාඩ් ඩිස්කයේ ඇති දත්ත Data Cable මඟින් මවුපුවරුව (Mother Board)  හරහා RAM එකටත් නැවත RAM එකෙන් මවු පුවරුවටත්, මවු පුවරුවෙන් Data Bus හරහා ප්‍රොසෙසරයටත්  ගමන් කරයි.                                                                               
  • RAM card පරිගණකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික උපාංගයක් ලෙස සැලකේ. 
  • පරිගණකය ON වීමේදී මෙහෙයුම් පද්ධතිය සතු තොරතුරුද හාඩ් ඩිස්කයෙන් RAM එක තුලට ලබා ගනී.
  • අහඹු ප්‍රවේශ මතකය(RAM), නෂ්‍ය (Volatile) එනම් විදුලිය ලබා දෙන තෙක් පමණක් දත්ත රදවාගැනීමේ හැකියාව ඇති මතක උපාංගයකි.
  • මවුපුවරුවේ ඇති විශේෂ සොකට්ටුවකට(RAM slots) සම්බන්ධ(plug) කළ හැකි කුඩා පරිපථ පුවරුවක් ලෙස  RAM cards  ලබා ගත හැක. 
  • RAM Cards ඒවා සතු ක්‍රියාත්මක වීමේ වේගය (RAM Speed)  අනුව එකිනෙකින් වෙනස් වේ. 
  • විවිධ කාල වකවානු වලදී නිෂ්පාදනය කල ප්‍රොසෙසර්(Processor) සඳහා ඊට ගැලපෙන අාකාරයේ RAM Cards ද නිෂ්පාදනය විය.                                                                
ප්‍රොසෙසර් පරම්පරාව
භාවිතා වන රැම් වර්ගය
රැම් වේගය
486 & Pentium I
SIMM (Single Inline Memory Module)
66 MHz
Pentium II
DIMM (Dual Inline Memory Module)

Pentium III
SDR (Synchronous Dynamic RAM)
100-133 MHz
Pentium IV සහ ඉන් පසුව ඉදිරිපත් කළ Dual Core, Core 2 Duo, Core i3,... යනාදී නවතම ප්‍රොසෙසර් සඳහා
DDR 1(2002 වර්ෂය)
(Double Data Rate) Memory                  256MB – 4GB
200-400 MHz
DDR 2 (2004 වර්ෂය)
1GB – 4GB
125-400 MHz
DDR 3 (2007 වර්ෂය)                                1GB – 4GB
300-800 MHz
මවුපුවරුවකට ගැලපෙන RAM Card එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  • මවුපුවරුවේ Clock pulse එකට සමාන Speed එක තිබීම.
  • එකම මවුපුවරුවට RAM Cards දෙකක් සවිකිරීමේදී ඒවා එකම සමාන වේගයන්ගෙන් යුතු වීම.

පරිගණකයක RAM එක දෝෂ සහිත නම්,
  • පරිගණක තිරය මත කිසිවක් දර්ශනය නොවේ.
  • Casin එක තුල ඇති කුඩා ස්පීකරයෙන් 'Beep' නාදයක් කඩින් කඩ ලැබේ.
  • සමහර පරිගණක ON වීමේදී ඉබේම restart වේ.                                                                                                                                  උපුටා ගැනීම :- 
    en.wikipedia.org/wiki/Random-access_memory  සහ පොත පත ඇසුරිනි.
    සැකසුම : -
    ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය

0 comments:

Post a Comment