December 23, 2014

බිම්මල් වගාවට හානි කරන කොලපැහැ පුස් රෝගය

මෙම දිලීරය පසෙන් හටගනී. මෙම දිලීරයේ බොහෝ විශේෂ තිබුනද Trichoderma aggressivum var. aggressivum ප්‍රධානම ගැටළුකාරී වර්ගයවේ. (විශේෂ‍යෙන්ම ‍බොත්තම් බිම්මල් වලට) ආසාදිත උපකරණ හා පුද්ගලයන් හරහා වගා කාමර වලට රෝග කාරකයන් ඇතුල්වීම සිදුවේ. අයහපත් ලෙස සැකසූ වගා මාධ්‍ය හා ප්‍රමාණවත් ලෙස ජීවාණුහරණය නොකල වගා මාධ්‍ය හා වගා කාමර ද රෝගය ඇතිවීමට හේතුවේ. රෝගය වරක් ඇතිවූ විට ආසාදිත ස්ථානයේ සිට විශාල ප්‍රදේශයක් කරා රෝග කාරකයා ව්‍යාප්තවේ. වගා මාධ්‍ය හා කේසීන් මාධ්‍ය ආසාදනය වූ විට දරුණු හානිවීම් සිදුවේ.
Green mould හි ආවේණික ලක්ෂණය නම් ඝන සුදු දිලීර ජාලයක් වර්ධනය වී කේසින් හි මාධ්‍ය‍යේ හා බිම්මල් ඡත්‍ර‍යේ කොලපාට පුළුල් ලප ඇතිවීමයි. දිලීරයේ බීජාණු ඇලෙන සුළු නිසා මැස්සන් මයිටාවන් හා සේවකයන් මගින් පහසුවෙන්ම නිරෝගී  ප්‍රදේශ වලට පැතිරිය හැක.  Red pepper මයිටාවන් මෙම රෝගය හා බහුලව සම්බන්ධ වී ඇත.

පාලනය
·         බිම්මල් වගාවේ සෑම පියවරකදීම ‍සෞඛ්‍යාරක්ෂිත බව හා සනීපාරක්ෂිත බව ඉතා දැඩි ලෙස පවත්වාගෙන යාම.
·         නියමිත පරිදි ජීවාණුහරනය කල හා නිවැරදිව පිළියෙල කළ මාධ්‍ය (උපස්ථර)  භාවිතා කිරීම.
·         ආසාදිත මාධ්‍ය හැකි ඉක්මනින් විනාශ කරන්න. නැතිනම් වගා කාමරයෙන් 100m වැඩි දුරකට ආසාදිත වගා මාධ්‍ය බැහැර කරන්න.
·         මැස්සන් හා මයිටාවන් පාළනය කිරීම.
·         මෙම දිලීරය හදුනාගත් මොහොතේදීම අසාදිත ප්‍රදේශ‍යේ මාධ්‍යය මතට මේස ලුණු විසුරුවා හැරීම.
·         ජීවාණුහරිත වගා මාධ්‍ය‍යේ රෝග කාරක දිලීර ජාල ආසාදනය වැලැක්වීමට වාතය පෙරීමකට ලක් කිරීම
·         සියළුම ව්‍යුහයන් හා උපකරණ  (ඇදුම්ද ඇතුළුව) ජීවාණුහරණය කිරීම.  ජීවාණුහරණය කල වහාම භාවිතා කරන්න. නැතිනම් වාතය පෙරීමකට ලක්වන ස්ථානයක ගබඩා කරන්න.


ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ

0 comments:

Post a Comment