December 29, 2014

දේශීය ආර්ථිකය නංවන අපේ කිරි වල ගුණාත්මක වටිනාකම

කෘෂී ආර්ථිකයකට හිමිකම් කියන අප ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිට ම ගව පාලනය ජීවනෝපාය කරගෙන ජීවත් වු ගැමි කොටසක් දක්නට ලැබුණා. අද එම සමාජය නවීකරණයට යමින් කිරි ගව පාලනය රටේ ආර්ථිකය නංවාලමින් මහත් වු සේවයක් කිරීමට අත් වැල් බැඳී සිටී. ආර්ථිකය මෙන්ම රට ස්වයං පෝෂීත කිරීමට මෙන්ම තම සෞඛ්‍ය නංවාලීමට වැදගත් ස්ථානයක් ගෙන ඇත.

පිරිසිදු නැවුම් එළකිරි ආහාරයක් ලෙස හැඳින්විය හැක. ගුණදායක, වාසිදායක හා පෝෂණීය රසවත් ආහාරයකි. සත්ව හා ශාකමය ආහාර අතරින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක සපයන එක් ආහාර කාණ්ඩයක් ලෙස කිරි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මිනිස් පෝෂණයට කිරි වැදගත් වන්නේ කේසේද යන්න සලකා බලමු.
Ø  සියලු පෝෂ්‍ය පදාර්ථ අඩංගු බැවින් කිරි සමබල සම්පූර්ණ ආහාරයකි.
Ø  පහසුවෙන් ශරීරය තුළ ජීර්ණය හා අවශෝෂණ ක්‍රියාවලියට පහසු දියරමය ආහාරයක් වන බැවින්.
Ø  ශරීරය වැඩීමට අවශ්‍ය කේසීන්, ඇල්බියුමින් සහ ග්ලෝබියුලින් වැනි වටිනා ප්‍රෝටීන් අඩංගුය.
Ø  බත්, පාන් වැනි ධාන්‍ය ආහාර වලින් ලබා ගැනීමට අපහසු ලයිසීන් වැනි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කිරිවල යහමින් අඩංගුය.
Ø  A,B,C,D සහ E විටමින් බහුලව අඩංගුය.
Ø  ශරීරයට අවශ්‍ය තරම් කැල්සියම් සහ පොස්පරස් කිරි මඟින් ලබාගත හැක.
Ø  වැඩෙන ළමුන්ට සහ ගර්භනී මවුවරුන්ට අමතර ආහාරයක් ලෙසද වැදගත් වේ.
ළදරුවන්ගේ වැඩීමට වඩාත්ම වැදගත් වන්නේ මව්  බව අපි දනිමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව මිනිසකු දිනකට පානය කළ යුතු කිරි ප්‍රමාණය මි.ලි.200 ක් විය යුතුය.මේ අනුව මන්දපෝෂණය දුරලීමටත් නිරෝගී දිවියකටත් කිරි පානය හේතු වේ.

එළකිරි වල සංයුතිය මව්කිරි වල සංයුතියට කොපමණ සමානදැයි සසඳා බලමු.
අඩංගු සංඝටකය
මව්කිරි
(%)
එළකිරි(%)
ජලය
87.5
87.5
මේදය
3.8
3.7
ලැක්ටොස්
6.9
4.6
ප්‍රෝටීන්
  1.2
  3.2
ඛනිජ ලවන
  0.6
  0.7

දිනකට එළකිරි කොප්ප දෙකක් පානය කිරිමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ඛනිජ ලවන, විටමින් වඩාත් පහසුවෙන් ලබා ගත හැකිය. ශරීර වර්ධනය හා පැවැත්ම ට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා ගත හැකි ලාභදායක ක්‍රමයකි.

එළකිරි ආහාරයට ගත හැකි විවිධ ක්‍රම රාශියකි. 

Ø  පිරිසිදුව දොවා ගන්නා එළකිරි උණු කොට නැවුම්ව පානය කල හැකිය. ලාභදායි ක්‍රමය මෙයයි.
Ø  එළකිරි,මී කිරි මුදවපු කිරි ලෙස ආහාරයට ගත හැක. මුදවන ලද කිරි ආම්ලිකරණය ඇති නිසා කිරි දිරවීම වේගවත් වේ.

Ø  විවිධ පළතුරු කැබලි එක්කර අතුරු පසක් ලෙස සකසා ගත හැක.
Ø  පැස්ටරීකරණය කරන ලද එළකිරි
Ø  ජීවානුහරණය කරන ලද එළකිරි (කල් කිරි)
Ø  පානීය යෝගට්
Ø  කිරි පැකට්
Ø  කිරි ටොෆී
Ø  අයිස් ක්‍රීම්
Ø  මේදය ඉවත් කරන ලද කිරි

Ø  බටර්
නැවුම් එළකිරි පානයට හුරුවීමෙන් දේශීය කිරි කර්මාන්තය දියුණුවක් ඇති කිරිමට දායක විය හැකි  අතර ශරීර පෝෂණය ද වර්ධනය වී නිරෝගි දිවියකට මංපෙත් විවර වේ.

සකස්කලේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
ඉබ්බාගමුව.

0 comments:

Post a Comment