Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 29, 2016

ප්ලාස්ටික් සෞඛයට තර්ජනයක් ද !

ප්ලාස්ටික් වල මූලික සම්භවය පෙට්ට්‍රෝලියම් ය.  සංයුතිය අනුව ප්ලාස්ටික් වර්ග කිහිපයකි.
  1.  PET / PETE – Polyethelene terephtalate (සංකේත අංකය - #1)
  2. HDPE – High density polyethelene (සංකේත අංකය - #2)
  3. PVC – Polyvenyl Chloride (සංකේත අංකය - #3)
  4. LDPE – Low density Polyethelene  (සංකේත අංකය - #4)
  5. PP – Polypropylene  (සංකේත අංකය - #5)
  6. PS – Polystyrene  (සංකේත අංකය - #6)
  7. Polycarbonate Plastic  (සංකේත අංකය - #7)
මේවා අතුරින් ආහාර ඇසුරුම් කිරීම සදහා ජාත්‍යන්තරව අනුමත කර ඇත්තේ HDPE, LDPE සහ PP යන වර්ගයන්ය.
ප්ලාස්ටික් වලට විවිධ භෞතික හා රසායනික ගුණ ලබාදීම සදහා එක් කරණු ලබන සහ ප්ලාස්ටික් තුලම තිබෙන විවිධ විෂ රසායන වර්ග පොදුවේ ප්ලාස්ටිසයිසර්ස් (Plasticizers) ලෙස හදුන්වන අතර ප්ලාස්ටික් භාජනවල ඇසුරුම් කළ ආහාර වලට කල්යාමේ දී ප්ලාස්ටිසයිසර්ස් කාන්දුවෙයි.  උෂ්ණත්වය,තෙල්.ඇල්කොහොල් යන ඒවා මගින් මෙම ක්‍රියාවලිය උත්ප්‍රේරනය කරණු ඇත.  පෙට් බෝතල් වලින් පමණක් අහිතකර රසායනික ද්‍රව්‍යන් 19 ක් පමණ කාන්දු වන බව සොයාගෙන ඇත.  ඒවා අතුරින් පහත සදහන් රසායනික ද්‍රව්‍යන් වර්ග මානව සෞඛ්‍යට වැඩි බලපෑමක් සිදු කරණ බවට හදුනාගෙන ඇත.
1.      කැලේට් (Pthalate)
2.      බිස්ෆිනෝල් ඒ
3.       ඇන්ටිමනි
4.      ඇසිටැල්ඩිහයිඩ් සහ විවිධ ඇල්ඩිහයිඩ් වර්ග


විද්‍යා තාක්ෂණ නිලධාරි, පඩුවස්නුවර (බටහිර)

June 28, 2016

නවෝත්පාදන තුලින් තිරසර සංවර්ධනය කරා


 
තිරසර සංවර්ධනය යනු පරිසර පද්ධතිය සම සමතුලිතතාවයෙන් යුක්තව සිදුකරනු ලබන සංවර්ධනයයි. තිරසර සංවර්ධනය යන්න සැම දෙනාම පාහේ පිළිගනු ලබන නිර්වචනය 1987 දී හුන්වා දෙන ලද්දේ බෲන්ඩ්ලන්ඩ් කොමිසම වේ.එම හැඳින්වීමට අනුව “අනාගත පරම්පරාව ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාව අනතුරකට නොහෙලා වර්තමාන අවශ්‍යතා සපුරා ගැනීම” යන්නයි.
තිරසාර සංවර්ධනය ගැන කථා කිරීමේදී එය දෙයාකාරයකට  ුනා ගත හැකිය.එනම් සමාජ,පරිසර හා ආර්ථික තිරසර බවය යන්නයි. ඇත්තවශයෙන්ම තිරසර බව අනාගතය කෙරෙහි අවධානය යොමු කරන්නකි.වර්තමාන අසීමිත  ඉල්ලුම සපුරාලීම සහා  අනාගතයට හානි කරන දෑ වලින් මිදීම මෙහි අරුතයි.
කාර්මික විප්ලවයත් සම  ඉතා දරුණු ලෙස පරිසර හානිය ආරම්භ වූ අතර එමින් සංවර්ධනයේ අවක්‍රමණය ඇති වීම පිළිබව සළකුණු ඒකරාශී වීම ඇරඹිණ. විශේෂයෙන් කෂිකාර්මික ක්ෂේත්‍රය සහා නිපදවනු ලැබූ පළිබෝධනාශක ,බෝග වලට හානි කරන කමීන් තුරන් වීම වෙනුවට විවිධ කමි විශේෂ එම පළිබෝධනාශකයන්ට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමෙන් බෝග හානිය එපරිද්දෙන්ම සිදුවිය. එලෙසම ගෝලීය උණුසුම,ඕසෝන් ස්ථරය ක්ෂයවීම,අම්ල වැස්ස,තෙල් හිය,ජලය දූෂණය,ජෛව විවිධත්වය අඩුවීම හා අහිමි වීම යනාදිය ද ලෝක පරිසරමය හානීන් බවට පත්වීම දැක්විය හැකිය.කෙසේ වුවද වර්තමාන සංවර්ධන නවෝත්පාදන කිහිපයක්ම කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයන්ය. ඒ අතර මෝටර් රථ නිෂ්පාදනය හා පරිගණකයේ නවීකරණයන් වැනි සාර්ථක නවෝත්පාදන ගණනක් අපට දැකිය හැකිය. එසේම ඇතැම් නවෝත්පාදන අපට තර්ජන එල්ලකර ඇති බව ද පෙනේ. එහෙයින් වර්තමාන නවෝත්පාදන වෙනත් මඟකට යොමු කළ යුතුව ඇති බව අපට පෙනේ. එනම් පරිසරය අභිබවා යෑමට  හෝ පමණ ඉක්මවා ස්වභාවික සම්පත් භාවිතය අපට තව දුරටත් කිරීමට හැකියාවක් නොමැත.
මහා පඬිරුවනක් වන මුණිදාස කුමාරතුංග පළ කළ “අළුත් අළුත් දෑ නොතනන දැය ලොව නොනගී” යන ප්‍රකට කියමන අදටත් එදා සේම වළංගු වේ.
නවෝත්පාදන යනු ඉබේම සිදු නොවන්නකි.මෙහි පළමු පියවර වන්නේ යම් නිර්මාණයකි.එම නිර්මාණය යම් යම් තත්ත්ව යටතේ ස්ථාවරත්වයකට පත් වූ පසු  නවෝත්පාදනක් ලෙස හැඳින්විය හැකිය. නවෝත්පාදන බිහිවීමට නම් නිර්මාණශීලීත්වයට සහය ලබාදිය යුතුය.එලෙස නිර්මාණශීලීත්වයන් සඳහා සහය ලබා දීමේදී විශාල අවදානමක් දැරිය යුතු වේ.ශ්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශ වලින් මෙවැනි නිර්මාණශීලීත්වයන්ට සහය ලැබෙන බව එතරම්ව දැකිය නොහැකිය.එවැනි තත්ත්වයන් මත ශ්‍රී ලංකාව තුළ නවොත්පාදන බිහිවීම සුලබව දැකිය නොහැකි බව ඇතැම් විටෙක නිර්මාණශීලීත්වය ආරම්භයේදීම මියැදී යාම් අපට බහුලව දැකිය හැකිය.

වර්තමාන තිරසර ලෝකයන් සඳහා නවෝත්පාදන ස්වභාවිකවම බිහිකළ හැකිය.ස්වභාව දහම අභිබවා නොගොස් ගෞරවනීය ලෙස එය සිදුවෙමින් පවතින බව යම් යම් ක්‍රියාවලීන් දෙස බැලූවිට අපට පෙනේ.එවැනි අනුකරණ ලෙස සකස් වී ඇති පුනර්ජනනීය බලශක්ති ක්‍රියාවලියේ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය ,නැනෝ තාක්ෂණයේ ස්වයං - ස්ථර කරණය වැනි ක්‍රියාවලීන් සඳහා උත්සාහ දැරීම උදාහරණ ලෙස දැක්විය හැකිය.

ගෘහ නිර්මාණ සැලසුම්වල සජීව ත්‍රිමාණ වස්තු රූප හිස් අවකාශයේ දැකීම

ලොව පුරා සිටින ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා තම අනාගත නිර්මාණයන් වර්තමානයේදී සජීවිව දැකීමේ තාක්ෂණයක් මෙම වීඩියෝවෙන් හදුන්වා දෙයි.

අභ්‍යන්තර ඉදිකිරීම් සමාගමක් වූ DIRTT විසින් ICE reality නම් තාත්වික යථාර්ත වැඩ  සටහනක් ලෙස ආශ්චර්යමත් වේදිකාවක් නිර්මාණය කර තිබේ. පවතින අවකාශය තුල පෙනෙන ගෘහ නිර්මාණ සැලසුම්වල සජීව ත්‍රිමාණ වස්තු රූප තුළ ඇවිදින අතරම එහි අභ්‍යන්තරව හා බාහිරව ඇති දේ නිරීක්ෂණය කරමින් අවශ්‍ය සංශෝධන ප්‍රායෝගිකව නිවැරිදිව හදුනාගැනීමට මෙම වේදිකාව පහසුකම් සලසයි. ඉදිකිරීම සහ සැලසුම් කිරිමේ මුලිකාංග අවකාශයේදී කෙසේ වෙනස් වන්නේදැයි වඩාත් පැහැදිලිව හදුනා ගැනීමට මෙම මෘදුකාංගය ගෘහනිර්මාණ ශිල්පීන්ට අනපේක්ෂිත ලෙස උපකාර කරයි.

“අවකාශය දෘශ්‍යකරණය” යන අදහස සැලසුම් කරුවෝ ඉතා අශාවෙන් වැළඳ ගනිති. එහෙත් එවැනි දෘශ්‍යකරණයන් මනසෙහි ඇති කර ගැනීමට නොහැකි නිවාස හිමියන්ට එය නොවැටහේ. ඇඳීම ඉතා උත්කෘෂ්ඨය එහෙත් සීමා සහිතය. වැඩිදියුණු කරන ලද නව සජීව අවකාශය දෘශ්‍යකරණය සැම දෙනාටම ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ වෘත්තීය සැලැසුම් භෞතිකව පැහැදිලි කිරීමට සමත්ය. සජීව අවකාශය දෘශ්‍යකරණය තුළ ඇවිදමින් බාහිරය හා  අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීම පහසුවෙනවා මෙන්ම අවශ්‍ය වෙනස්කම් කිරීමට හැකියාවද එමගින් ලැබේ.
දැනට මෙම වේදිකාව, ඉදිකිරීම් නිමවීමට පෙර සැලැසුමට අනුව ඉදිකළ කාමරයක හෝ කුස්සියේ කැබිනෙට්ටුවක යථාර්ථ ත්‍රිමාණ ස්වරූපය දැකීමට හා එහි අඩුපාඩු සැකසීමට පහසුකම් සපයන අතර ඉදිරියේදී එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය බොහෝ ක්ෂේත්‍ර සඳහා යොදා ගැනෙනු ඇත. අධිකරණ වෛද්‍ය, මුදවා ගැනීම සදහා සෙවීම් යනාදී අවකාශයේදී ත්‍රිමාණ රූපමය අභ්‍යන්තරය දැකීමෙන් ප්‍රතිලාභ ලද හැකි සෑම ක්ෂේත්‍රයකට මෙම මෘදුකාංගය ප්‍රයෝජනවත් වනු ඇත.

උපුටාගැනීම :
Watch augmented reality put furniture into empty space by G. Clay Whittaker

https://www.youtube.com/watch?v=JCyfPLZt83o

June 23, 2016

චිනය නව රොබෝ සුරතලෙක් ඩොම්ජි (Domgy) නමින් එළිදක්වයි.


ඉලෙක්ට්‍රෝනික් විද්‍යාවේ පෙරළිකාර රටක් වන චිනය වෙළදපොළට රොබෝ සුරතල් සතුන් ඉදිරිපත් කිරිමට සැරසේ. මේ සදහා පරිගණක දෘඩාංග තාක්ෂණය සහ කෘතිම බුද්ධිමය තාක්ෂණය යොදාගෙන බිජිං නුවරදි ආදර්ශ රොබෝවක් වන ඩොම්ජි (Domgy) සාදා ඇත.
මෙම රොබෝ සුරතලා අඵත් විදිහට සිතන විනෝද ජනක, පවුලේ හිතවතෙක් ලෙස හදුන්වා දි ඇත. මෙමගින් තුඩා දරුවන් සදහා ශබිද පාලනය කිරිමට යොදා ගැනිමේ හැතියාවද ඇත. මෙම සුරතලා සතුව කුඩා දරුවන්ට ඉගැන්විම සදහා වචනමාලාව, භූගෝලිය තොරතුරු සහ විහිඵ වැඩසටහන් ත්‍රියාත්මක කිරිමේ හැකියාවද පවති. මෙම නිර්මාණය පුඩින් (Puddin) නැමති සමාගම මගින් ඉදිරිපත් කිරිමට නියමිත අතර මෙම සමාගම Virtual Reality Headset, Sky series dorn  runbone airbueds  ආදිය නිෂ්පාදනයේද පුරෝගාමි වි ඇත.

 2014 වර්ෂයේදි ආරම්භ කරන ලද මෙම සමාගමේ දැනට සේවකයින් 300ක් පමණ ඇති අතර උපකරණ සැටලයිට් හරහා පාලනය කිරිමට හැකියාවක් ඇති සමාගමක් බවට පත්ව ඇත.

මෙම රොබෝ සුරතලා සදහා Domgy යන නම ඉදිරිපත් වි ඇත්තේ චින භාෂවෙන් රොබෝ බල්ලා යන අරුත ඇතිව වේ. මෙම Domgy සුරතලා පාද 04කින් යුක්ත ගමන් කිරිමේ හැකියාවද සහිතය. ඉතා අඩු පරතරයක් සහිතව පාද තබමින් ඉදිරියට ගමන් කල හැකි අතර යම් අවස්ථාවකදි මෙහි බැටරියේ ආරෝපනයඅඩු වුවහොත් ඉබේම ආරෝපණය විම සදහා කටයුතු කරයි.
මෙම සුරතලා සදහා ස්පර්ශ සංවේදි තිරයක් සහිත චලනය කළ හැකි ඇස් වලින් සමන්විත Smart ජංගම දුරකථනයකින් වුවද පාලනය කල හැකි වේ. Domgy ට හදවතේ දැවෙන ආදරය ,සතුට වැනි ගුණාංගද හදුනා ගැනිම මෙන්ම ඉදිරිපත් කිරිමේ හැකියාවද පවති. කිසියම් පුද්ගලයෙකුගේ එවැනි හැගිම් සදහා ප්‍රතිචාර දැක්විමේ හැකියාවද ඇත. මෙම රොබෝව කෘතිම බුද්ධිමය තාක්ෂණය යොදා ගන්නා නිසා ආරම්භයේදි පවුලේ සාමාජිකයන් හදුනා ගෙන ඔවුන්ලේ සිතුම් පැතුම් සහ නීතිමාලාවන්ට අනුව කටයුතු කිරිමට පෙළඹේ.
මෙයට කෘතිම බුද්ධීමය තාක්ෂණය යොදාගෙන ඇති නිසා වඩාත් බලවත් Domgy ලෙසින් ජනප්‍රිය වි ඇත.මෙම උපකරණයේ මෙහෙයුම් පද්ධතියක් (Operating System ) පවතින අතර එය නිර්මාණය කළ කොරියාවේ Innovative Play Lab (IPL) මගිනි. මෙම සමාගමේ විධායක නිලධාරි පවසන පරිදි IPL මෘදුකාංග සංවර්ධනය කිරිම සදහා වෙනත් නිෂ්පාදකයින්ටද අවස්ථාව ලබා දෙමින් පවති.

තවද Domgy ගේ හිසෙහි මෙගාපික්සෙල් 5ක කැමරාවක් සහිත විමෙන් ගෙදර ආරක්ෂාවද සකස කර ගත හැකි වේ. Domgy ගේ කටහඩ පිරිමි හෝ ගැහැණු ලෙස වෙනස් කර ගැනිමේ හැකියාවද පවති. මෙහි මිළ ඉතා විශාල නොවනු ඇතැයි චින සමාගම් පවසයි.මෙය වරක් ආරෝපණය කොට පැය 4ක් 5ක් පමණ කාලයක් භාවිතා කිරිමේ හැකියාව පවති. තවද මෙම සුරතලාට පැයට කිලෝමිටර් 5ක වේගයක් සහිතව ගමන් කළ හැකි අතර Android මෙහෙයුම් පද්ධතියක් යොදාගෙන ඉගෙනිමේ පාඨමාලා පොත් ආදිය App ලෙස භාවිතා කිරිමේ හැකියාවද ඇත.

ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
තුම්පනේ (ගලගෙදර).



විලොපියන්ගේ ගොදුර වීමෙන් වළකින බිත්තර

විලොපියන්ගේ ගොදුර වීමෙන් වැළකීමට බිත්තරවලට නොහැකි බවත් බිත්තර ඉතා අසරණ හා පහසු ගොදුරක් බවත් සාමාන්‍ය පිළිගැනීම වේ.එහෙත් එම බිත්තර රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ වුයේ නම් තත්වය සම්පුරණයෙන් වෙනස් වේ.

සාමාන්‍ය මැඩියන් මෙන් නොව රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ (ගෙම්බා) බිත්තර රැකීම සදහා බොහෝ වේලාවක් ගතවේ.නාගයෙක් වැනි බිත්තර ගොදුර කර ගන්නා විලොපියෙක් මෙම මැඩි විශේෂයේ බිත්තර වලට ළඟාවන විට එහි සිටින කුඩා ඉස්ගෙඩියන්ට තත්පර කිහිපයකදී බිත්තර තුළින් මතුවී විලොපියාගේ ගොදුර නොවී පැන යා හැකිය.  රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ ජෙලි වැනි බිත්තර සිර මැදිරි තුළින් තත්පර කිහිපයකදී පැටව් නිදහස්වීම නිසා ක්ෂණිකව සිදුවන පහරදීමකදී වුව බේරීමේ හැකියාව උන්ට තිබේ.
මෙලෙස කළල ආරක්ෂාවීමේ කලාව නම් උන්ගේ අතුරුදහන් වීමේ රංගනය සදහා එන්සයිමයක් භාවිතා කිරීම බව බොස්ටන් විශ්ව විද්‍යාලයේ සහ Smithsonian tropical පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යා පර්යේෂණ වාර්තා සගරාවක පළවී තිබේ.

නාගයෙකු හෝ දෙබරෙකු වැනි ගොදුරු සොයන විලෝපියෙකු ළගා වන විට  ඇතිවන සියුම් කම්පනයන් (චලනයන් ) හදුනාගැනීමට මෙම බිත්තර තුල සිටින කළල වලට ඇති හැකියාව සුවිශේෂ වේ.ඒ අනුව මුලික කළලය ඉක්මනින් ක්‍රියාත්මක වී බිත්තර රැකීම හැකිතාක් වේගයෙන් සිදු කරයි. ඉස්ගෙඩියාගේ හොම්බ අසළ වූ ග්‍රන්ථියක ඇති එන්සයිමයක්  මගින් බිත්තරයේ පිටත ස්ථරය කා දමා සිදුරක් ඇති කරන බව පර්යේෂකයන් විසින් හදුනාගෙන තිබේ.එමගින් කළලයට බේරියාම සදහා අවශ්‍ය මාර්ගය සලසා දෙයි.
ජාල ප්‍රභව වලට ආසන්න ලෙස පිහිටි ගස් කොළවල යටි පැත්තේ මෙම ගස් මැඩියන් බිත්තර දමන්නේ මේ නිසාය. එවිට සතුරන්ගෙන් ගැලවී ඉක්මනින් වතුරට පැන පිහිනා ආරක්ෂාවීමට කළල වලට හැකියාව ලැබේ. එනම් විලොපියන්ගේ ගොදුර වීමෙන් වැළකීමට රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ බිත්තර වලට සහජ හැකියාව තිබේ.

උපුටාගැනීම :
These eggs can hatch and wriggle away if predators approach by Mary Beth Griggs

https://www.youtube.com/watch?v=dNHC4OciQJw

ඖෂධාගාරයක් වූ දෙළුම්


දෙළුම් යනු කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවකි . දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරාවි.එය එපමණටම ගුණ ඖෂධයකි. පලතුරකි. ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි‍්‍රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂපලතුරු අතර ජනපි‍්‍රයම පානයකි. අයිස් කී‍්‍රම්යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර  ගැනීමෙන් රස මෙන්ම ගුණය ද වැඩිවෙයි.                                                      

                                                   

  • දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය.
  • දිගු කලක් ගබඩා කළ හැකියි. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි. දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි. හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්.  
  • දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප‍්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න.
        

විද්‍යාත්මක  වර්ගිකරණයට අනුව
Kingdom  : Plantae
unranked : Angiosperms
Unranked : Eudicots
Unranked : Rosids
Order        : Myrtales
Family      : Lythraceae
Ginus       : Punica
Species   : P. granatum


 විද්‍යාත්මක නාමය -   Punica granatum

පෝෂණ ගුණ :
දෙළුම් ගෙඩියෙහි ආහාරයට ගන්නා කොටසෙහි ග්‍රැම් 100 ක අඩංගු දුව්‍ය
ශක්තිය -  කිලෝජුල් 346  (කිලෝකැලරි 83 )
පදාර්ථය
ප්‍රමාණය
ශක්තිය
කිලෝජුල් 346  (කිලෝකැලරි 83 )
කාබෝහයිඩ්‍රේට්
- ග්‍රෑම් 18.7
සීනි
- ග්‍රෑම් 13.67
මේදය  
- ග්‍රෑම්  1.17
ප්‍රෝටීන්
- ග්‍රෑම් 1.67
තන්තු
- ග්‍රෑම් 4
කැල්සියම්   
- මිලිග්‍රෑම් 10
මැග්නීසියම්
- මිලිග්‍රෑම් 12
මැන්ගනීස්
- මිලිග්‍රෑම් 0.119
පොස්පරස්
- මිලිග්‍රෑම් 36
සෝඩියම්
- මිලිග්‍රෑම් 3
සින්ක්
- මිලිග්‍රෑම් 0.35
පොටෑසියම්
-මිලිග්‍රෑම් 236
යකඩ
- මිලිග්‍රෑම් - 0.3
තයමින්   ( බි 1)
- මිලිග්‍රෑම්  0.067
රයිබෝහ්ලේවීන්   ( බි 2)
- මිලිග්‍රෑම් 0.053
නියසීන් ( බි 3)
- මිලිග්‍රෑම් 0.293
පැන්ටොතනික් ඇසිඩ් ( බි 5)
-මිලිග්‍රෑම්  0.377
විටඑින්  බි 6
-මිලිග්‍රෑම්  0.075
පොලේට් ( බි 9)
-මිලිග්‍රෑම්  0.038
කෝලින්
-මිලිග්‍රෑම්  7.6
විටමින් සී
- මිලි ග්‍රෑම් 10.2
විටමින් කේ
- මිලි ග්‍රෑම් 16.4

දෙළුම් ආහාරයට ගැනීම  මගින් .....,   
  • දෙළුම් යුෂ සොබා දහම විසින් අපට ලබා දී ඇති ප‍්‍රබලම විස නාශකයකි. පෝෂණ ගුණයෙන් අනූන පලතුරකි. මෙහි තන්තු, විටමින්, ඛණිජ යන ජෛව ක්‍රියාකාරී සංයෝග බහුලව ඇත.
  • සෞඛ්‍යය ආරක්ෂාව සදහා වැදගත්වන සුවිශේෂි සංයෝග 02 ක්වූ පුනිකැලජින් (punicalagin) හා පියුනිසික් ඇසිඩ් (Punicic acid) ඇත.  පුනිකැලජින් යනු ප්‍රතිඔක්ෂිකාරකයක් වන අතර දෙළුම් පොත්තේ සහ ඇටවල green tea හා  red wine වල මෙන් තුක්ගුණයක් පමණ පුනිකැලජින්  ඇතිබව සොයාගෙන ඇත. පියුනිසික් ඇසිඩ් (seed oil) යනු මෙහි ඇති ප්‍රධානම මේද අම්ලය වන අතර ප්‍රබල ජෛව ක්‍රියාකාරීත්වයක් පවතී.
  • ශරීරයේ ඉදිමුම (ප්‍රතිදාහය) වැලැක්වීමේ ගුණයක් දෙළුම්වලට ඇත. දීර්ඝකාලීන නිදනිගත ප්‍රතිදාහ රෝග මර්දනය කිරීමට   මෙම පුනිකැලජින් වල ඇති ප්‍රතිඔක්ෂිකාරක ගුණය නිසා හැකිය.
  • ආහාර මාර්ගයේ ඉදිමුම් වැලැක්වීම, පියයුරු පිලිකා වැලැක්වීම, මහාන්ත්‍ර  පිලිකා වැලිකවීමේ ගුණය ඇත.
  • පුරස්ථ ග‍්‍රන්ථියේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත් , පියයුරු පිළිකා සෛලවලට පහර දීමටත් දෙළුම්වල අඩංගු විස නාශකවලට හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.  
                                                                                                           
  • හදවත් රෝග, ආඝාතය ඇතිවිමේ අවධානම, අකලට මහලු වීම, අධික රුධිර පීඩනය, ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතුවන අහිතකර ද්‍රව්‍යයන්ගෙන් අපව මුදවා ගන්නේ දෙළුම්වල අඩංගු විස නාශකයි. හෘද රෝගීන් දෙළුම් අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. විස නාශකවලට අමතරව පොටෑසියම් හා විටමින් සීද විශාල වශයෙන් මෙහි අඩංගුය. එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියකුගේ දෛනික විටමින් සීඅවශ්‍යතාවයෙන් 40% ක්ම සපුරා ගත හැකියි.
  • දෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල ඩයරියා රෝගයට හොඳ ප‍්‍රතිකාරයකි.  අර්ශස් රෝගීන්ටද දෙළුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්. ශරීරයේ පටකවල සෘජුභාවය ඇති කිරිමේ හැකියාව ඇත.
  • දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් (Punicalagins)නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වලක්වන අතර මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට හැකියාව ඇති බැවින්  මොළයේ සෛල විනාශ කරන ඇල්ෂයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති
  • දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවත් මුඛයේ ඇතිවන ආසාදන හා ප්‍රතිදාහ තත්වයන්ට මෙන්ම පරිදන්ත ප්‍රදාහය, දත්මුල්ඉදිමුම් හා දන්ත කුහර වැලැක්වීමේ හැකියාව ඇත.   
වෛද්‍ය ලෝකයෙහි නැතිවම බැරි ඖෂධයක් බවට දෙළුම් පත්ව තිබේ මෙහි ඇති ඖෂධීය ගුණය විවිධාකාරයෙන් මිනිසාට ප‍්‍රයෝජනවත් වෙන අන්දම ගැන නිරන්තරවම පර්යේෂණ කරමින් පවතී.

සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ගාල්ල-කඩවත් සතර

උපුටා ගැනීම:https://en.wikipedia.org/wiki/Pomegranate
 http://www.justnaturallife.com/12-proven-benefits-of-pomegranate-no-8-is-impressive/

June 21, 2016

ඇලුමිනියම් භාජන වල උයන්නේ බලාගෙනයි


ඇලුමිනියම් ඉතාමත් හොද තාප සන්නායක ලෝහයක් නිසා ඉක්මනට රත් වෙනවා. මේ නිසා ආහාර පිසීමට ගත වන්නේ අඩු කාලයක්. අලුමිනියම් භාජන මිලෙන්ද ඉතාමත් අඩුයි. මේ නිසා මුලුතැන්ගෙයි ආහාර පිසීමට භාවිතා කරන භාජන අතුරින් ප්‍රධාන ස්ථානයක් ඇලුමිනියම් වලට ලැබෙනවා.

මේ ආකාරයෙන් පහසුව නිසා බොහෝ දෙනා ඇලුමිනියම් භාජන ආහාර පිසීමට භාවිතා කළත් බොහෝ දෙනා නොදන්නා කාරණයක් තමයි ඇලුමිනියම් කියන්නේ ආහාර පිසිමට භාවිතා නොකලම යුතු ලෝහ වර්ගයක් කියන එක. මිළ අඩු නිසායි,ගෑස් ඉතිරි කරගන්නයි ඇලුමිනියම් භාජන පාවිච්චි කළා වගේ නොවෙයි ඉන් ඇති වන සෞඛ්‍ය ගැටලු ඉතාමත් බරපතලයි.

ඇලුමිනියම් කියන්නේ ඉතාමත් ඉකිමනින් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වන සක්‍රීය ලෝහයක්. අම්ල වර්ග සමග ඇලුමිනියම් ඉතාමත් සක්‍රීයව ප්‍රතික්‍රියා දක්වා නව සංයෝග නිපදවනවා.  ඔබ පිසින ආහාර වල ආමිලික බව අඩංගු නම් ආහාර පිසින අතරතුර ඇලුමිනිය් භාජනය එම ආහාර සමග ප්‍රතික්‍රියා කරනවා. එසේ සෑදෙන නව සංයෝග පිසින ආහාර වලට හොදින් කලවම් වෙනවා. අවසානයේ දී එසේ ආහාර වලට මුසු වූ ඇලුමිනියම් නතර වන්නේ ඔබේ ශරීරයේ.
ඇලුමිනියම් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහයක් නොවේ. වැඩිපුර ඇලුමිනියම් ශරීර ගත වීම ගොඩක් භයානකයි. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇලුමිනියම් ශරීරයට ඇතුල් වුනොත් විශාල ශාරීරක ව්‍යසන වලට මුහුණ දීමට ඔබට සිදුවෙනවා.

ඇලුමිනියම් අම්ල සමග ප්‍රතික්‍රියා කර සාදන හයිඩ්‍රොක්සයිඩ අපේ ශරීරයට ඉතාමත් විෂ සහිතයි. දෙහි යුෂ, දොඩම් යුෂ,තක්කාලි, විනාකිරි වගේ දේවල් සමග ඇලුමිනියම් භාජන වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා එවැනි ආමිලික දේවල් ඇලුමිනියම් භාජන වල පිසිම ඉතාමත් භයානකයි.නමුත් ඔබ පිසිවන ඕනැම ආහාරයකට දෙහි ,තක්කාලි විනාකිරි වැනි දෙයක් කලවම් කිරීම සාමාන්‍යෙයන් සිදුවන දෙයක් නිසා ඔබ පිසින ඕනෑම ආහාරයක් ඇලුමිනියම් සමග ඔක්සිකරණ ප්‍රතික්‍රියා දක්වනවා. අධික උෂ්ණත්වය මෙම ප්‍රතික්‍රියා වැඩි කරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනවා.

ශරීරගත වන ඇලුමිනියම් ඔබේ ස්නායු පද්ධතියට සෘජුවම බලපානවා.එම බලපෑම් ඔබේ මොලයට තදින්ම දැනෙනවා. ඉක්මනින් මතකය නැතිවීම හෙවත් ඇල්ෂයිමර් රෝගය සෑදීමේ ප්‍රධාන හේතුවක් ලෙස අද වන විට ඇලුමිනියම් හදුනාගෙන තිබෙනවා. මීට අමතරව ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත රෝග සදහාත් ඇලුමිනියම් බලපානවා.ඔබේ වකුගඩු වලට 99% ක් පමණ ඇලුමිනියම් පෙරා ඉවත් කළ හැකි වුවත්  වකුගඩු රෝගීන්ගේ තත්වය මීට වඩා වෙනස්.

මේ නිසා 2007 වසරේ සිට ඇමරිකාවේ ඇලුමිනියම් ප්‍රධාන විෂ සංඝඨකයක් ලෙස හදුන්වා අනතුරු හගවා තිබෙනවා. ජර්මනිය ,ප්‍රංශය බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ තවත් බොහෝ රටවල් මේ වන විටත් ඇලුමිනියම් ආහාර බදුන් නිෂ්පාදනය සහ අලෙවිය තහනම්කර තිබෙනවා. 

පොත පත ඇසුරිනි,
වයි.ජී.එල්.දිල්රුකිෂි - විද්‍යා හා තාක්ෂණ 

June 17, 2016

යතුරුපැදියෙන් කොන්ද බේරාගන්න ක්‍රමයක්......

යතුරුපැදි ධාවනයේදී ඇතිවන කොන්දේ වේදනාව, ස්නායු හා දෙපාවලට රුධිරය ගමනාගමනය අවමවීම නිසා ඇතිවිය හැකි සංකූලතා මඟ හරවා ගත හැකි වායු පීඩන කවරයක්වරලත් භෞත චිකිත්සක සංගමයේ ආචාර්ය සුජීව වීරසිංහ සහ ආචාර්ය කුමාර පතිරණ යන මහත්වරු නිර්මාණය කර තිබේ.
යතුරුපැදියේ ගමන් කරන විට කොන්දට ආධාරකයක් නොමැතිවීම හේතුවෙන් කොදු ඇටපෙළ ආබාධ දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව ඇතිවිය හැකිය. යතුරුපැදි ධාවනය පිරිමි පාර්ශවය මෙන්ම මේවන විට කාන්තාවන් අතරද බහුලව දක්නට ලැබේ.
යතුරුපැදි ධාවනය කරන විට අපේ පිට කොන්දට ආධාරකයක් නොමැතිවීම කොන්දේ හා ස්නායු ආබාධ ඇතිවීමට හේතුවක් වෙනවා. දුෂ්කර පාරවල් සහ වලගොඩැලි මතින් යතුරුපැදිය ධාවනය කරන විට කොදු ඇටපෙළ පීඩනය උරාගැනීම සඳහා යතුරුපැදියේ ෂොක් ඇබ්සෝබර් පද්ධතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක නොවන්නේ නම් මෙම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ’’
‘‘බොහෝ විට ඒ පිළිබඳව කාගේත් අවධානය යොමුවන්නේ නෑ. එබැවින් අපි ඒ ගැන දැඩි ලෙස අවධානය යොමුකළා. මෝටර් සයිකලයක වාඩිවූ සැනින් ඔබේ උකුල් වැඩිපුර පසුපසට කරකැවෙනවා. ඒ සමඟම කොදු ඇට පෙළේ කටී වක‍්‍රය අනවශ්‍ය ලෙස අඩුවී කම්පනය නිසා ඇතිවන පීඩනය සම්පූර්ණයෙන්ම අන්තර් කශේරුකා මඬල වෙතට පතිතවීම සිදුවෙනවා. මේ සමඟම කොදු ඇටපෙළ ආශ‍්‍රිත මෘදු පටකවලට හානිවී භයානක තත්ත්වයක් දක්වා දීර්ඝකාලීනව වර්ධනයවීමට හැකියාව තියෙනවා. දීර්ඝකාලීනව කොඳු ඇට පෙළ වකුටුවී විරූපී ස්වරූපයක් ඇතිවීමටත්, උදරය එල්ලා වැටීමටත් මෙය එක් හේතුවක් වෙනවා.’’
‘‘යතුරු පැදියේ වාඩිවන විට තෙරපුමට ලක්ව උකුල් අස්ථි කොටස් මතට දැඩි තෙරපුමක් ඇතිවෙනවා. මෙම අස්ථි කොටස් යටින් ස්නායු, රුධිර නාල (ධමනි හා ශිරා* පීඩනයට ලක්වීම නිසා දෙපා හිරිවැටීම හා තට්ටම් පෙදෙස් වේදනාවට ලක්වෙනවා. මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට ඇතිවිය හැකිය. කාන්තාවන් යතුරුපැදියේ ගමන් කරන විට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.’’
‘‘මේ පිළිබඳව වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමඟ සාකච්ජා කොට ඔහුගේ උපදෙස් පරිදි අපි වසර ගණනාවකට සිට පර්යේෂණ පවත්වා යතුරුපැදි භාවිත කරන්නන්ට සුවපහසු  වායු පීඩන කවරයක් හඳුන්වා දෙන්නට අපට හැකිවුණා. මෙය නිර්මාණය කිරීමේදී තාක්‍ෂණ නිලධාරී කවීන්ද්‍ර සිරිසේන, කළමනාකාරිනී ශිරාණි වල්පොළ ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සහයෝගය ලබාදුන්නා. මේ නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබාගෙන ඉදිරියේදී ජනතාවට හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.’’ යැයි ආචාර්ය සුජීව වීරසේන මහතා පැවැසීය.
 ලංකාදීප පුවත්පත ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිළධාරි,

මීගමුව.