Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 31, 2019

සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද DNA සහිත ලොව ප්‍රථම ජීවීයා


විද්‍යාඥයන් විසින් සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද DNA සහිත ලොව ප්‍රථම ජීවීයා (living organism) නිර්මාණය කර ඇති බව වාර්තා වේ. සම්පුර්ණයෙන්ම සංශ්ලේෂක (synthetic/කෘත්‍රිම ) සහ රැඩිකල් (radically) ලෙස වෙනස් කරන ලද DNA කේතයක් ඇති, වෛද්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රයෝජනවත් වීමේ  විභවයක් සහිත ලොව ප්‍රථම ජීවීයා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත.

ජාන සකස් කර නව නිර්මාණ කිරීමට හැකි ලෙස සංශ්ලේෂක ජීව විද්‍යාවේ අනාගතය යොමු කරමින් ජිවය පවත්වාගෙන යාමේ නීති වටහා ගැනීමේ නව ක්‍රමයක් සංශ්ලේෂක ජාන විද්‍යාව ඉදිරිපත් කර තිබේ.

සාමාන්‍යයෙන් පසෙහි සහ මිනිස් අන්ත්‍රයෙහි හෝ බඩවැලෙහි දක්නට ලැබෙන බැක්ටීරියාවල වික්‍රියාවක් වූ පර්යේෂණාගාරයේ නිපයු මෙම ක්ෂුද්‍රජීවියා උගේ ස්වභාවික මුල් ජීවියාට වඩා කුඩා වන අතර කුඩා ප්‍රවේණික උපදේශන පද්ධතියක් තුල වුව ජිවය පවත්වා ගනියි.  

එමෙන්ම උගේ පැවැත්ම නිසා සීමිත ජාන කේතයක වුව ජිවය පැවතිය හැකි බව තහවුරු වේ. තවද එමගින් ඖෂධ හා ප්‍රයෝජනවත් ද්‍රව්‍ය සෑදීමට හෝ වෛරස් ප්‍රතිරෝධි වැනි නව අංග එක් කිරීමට හැකි ජෛව විද්‍යාත්මක යන්ත්‍රෝපකරණ සහිත ජීව විශේෂ සඳහා මඟ විවර වේ.

වෙනස් කරන ලද සංස්ලේෂක (කෘත්‍රිම) ජානමය ද්‍රව්‍ය අනුවාදය සහිත සෛල සෑදීමට පෙර කේම්බ්‍රිජ්හි වෛද්‍ය පර්යේෂණ සභාවේ අණුක ජෛව විද්‍යා රසායනාගාරය පර්යේෂකයන් විසින් Escherichia coli (E coli) බැක්ටීරියාවේ DNA නිරික්ෂණය කර ප්‍රතිනිර්මාණය කරන ලද අතර ඒ සඳහා වසර දෙකක කාලයක් ගත වී තිබේ.
මෙතරම් විශාල ජානමය ද්‍රව්‍යය (ජිනෝමය/genome) ක් සෑදීමට හැකිවේද  යන්න පමණක් නොව එම ජිනෝමය මේ ආකාරයෙන් විශාල ලෙස වෙනස් කිරීමට හැකිවේද යන්න පිලිබඳ මුලදී අපට විශ්වාසයක් තිබුනේ නැහැ.”යැයි  මෙම ව්‍යාපෘතියේ නියමුවා වූ සංස්ලේෂක (කෘත්‍රිම) ජීවවිද්‍යා විශේෂඥ Jason Chin (ජේසන් චින්) පවසා තිබේ. මෙම නිර්මාණයෙන් විශ්මයට පත්වූ පර්යේෂණ කණ්ඩායම විසින් ක්ෂුද්‍රජිවින් සහිත දීසිය සමඟ සමුහ ඡායාරුපයක්  ගෙන තිබේ.

කෙසේවෙතත් මෙම වාර්තාව බිඳ දැමීමට බොහෝ නිර්මාණ බිහිවෙමින් පවතින බවත් බේකරි යිස්ට් සඳහා සංශ්ලේෂක (කෘත්‍රිම) ජිනෝමයක් නිර්මාණයට පර්යේෂක කණ්ඩායමක් යොමුවී ඇති අතර  Harvard (හාවර්ඩ්) විද්‍යාඥයන් පිරිසක් වඩා වැඩි කේත (code) වෙනස් කිරීමක් සහිත බක්ටිරියා ජිනෝම නිර්මාණයේ යෙදී සිටින බවද වාර්තාවේ සදහන් වේ. 
 
අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/cq8hDKBh5AE?t=10

May 30, 2019

වලාකුළු පරිගණකකරණය....................

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වලාකුළු පරිගණකකරණය අපගේ පරිගණක හා ජංගම දුරකථන භාවිතයට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවයි.

වලාකුළු පරිගණකකරණ සංකල්පය යනු අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑම පරිගණක උපාංගයක් පරිගණක ජාලයකදී භාවිතා කල හැකි වීමයි.

වලාකුළු පරිගණක ක්‍රමයේ වාසිය වන්නේ නඩත්තු කිරීමේ අපහසුව හා වියදම අවම කිරීම, කාර්යක්ෂමතාවය, වේගවත් කිරීම හා සම්පත් වැඩි දියුණු කර ගනිමින් ඔබගේම පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ප්‍රගමනය කිරීම හා පරිමාණය කිරීමයි. 

එමෙන්ම මෙහිදී ඔබගේ පරිගණකයේ සැකසුම් වේගය, මතක ධාරිතාවය, මෘදුකාංග යෙදවුම් හා නඩත්තු අවශ්‍යතාවයන් අවම වීමද විශේෂත්වයකි. තවද මෙමගින් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් ඕනෑම ප්‍රමාණයේ, ඕනෑම මාදිලියේ ගොනුවක් වෙත පිවිසීම, ගබඩා කිරීම, ඕනෑම පරිගණක ක්‍රීඩාවක යෙදීම, ඕනෑම පරිගණක පැකේජයක් භාවිතා කිරීම, වැඩිදියුණු කිරීම, වීඩියෝ නැරඹීම, වදන් සංස්කරණය, විද්‍යාත්මක ගණනයන් සිදු කිරීම, වැනි ඔබට අවශ්‍ය ක්‍රියාවන් සිදු කල හැකිය.

මෙම වලාකුළු පරිගණක ක්‍රමවේදය මෙසේ සරල උදාහරණයක් මගින් විග්‍රහ කල හැකිය. ඒ සදහා අප ඔබගේ ගෘහස්ථ විදුලි අවශ්‍යතාවය උදාහරණයකට ගනිමු. ඒ වෙනුවෙන් ඔබගේම විදුලි ජනන ක්‍රමවේදයක් ඇත්නම් ඒ සදහා වැය වන ප්‍රාග්ධනය, නඩත්තු වියදම, ගත වන කාලය, දැරිය යුතු අවදානම ආදී සාධක ගණනාවකින් යුක්ත වේ. මෙය වලාකුළු පරිගණකයකින් සිදු කෙරෙන කාර්යය ඔබගේම පරිගණකයකින් සිදු කිරීමට යාම වැන්නකි.

එසේම,  වළාකුළු පරිගණක භාවිතය, කිසියම් සංවිධානයක් සමාගමක් (හෝ රඡය) වැනි ආයතනයන් ලබා දෙන විදුලි සැපයුම ලබා ගැනීමට සමකල හැකිය.ඔබට ඇත්තේ ඔවුන්ගේ විදුලි ඡාලයට සම්බන්ධ වීම පමණි.ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවීම පමණක් සෑහේ. අමතර වියදමක් අවදානමක් කාලය වැය වීමක් සිදුනොවේ.

මයික්‍රොසොෆ්ට් IBM ගූගල් වැනි ප්‍රධාන පෙලේ පරිගණක සමාගම් මෙම වලාකුළු පරිගණක ක්‍රමයේ සංවර්ධනයට හා පර්යේෂණයන්ට මහත් වු ආයෝඡනයන් සිදු කරමින් පවති.

  
මූලාශ්‍රය-Computer Org
K J A V පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

වායු පිරිසිදුකාරක කුළුණු

මෙම බාහිර වායු පිරිසිදුකාරක කුළුණු නවතම විද්‍යාත්මක සොයාගැනීමකි. මීටර 7ක් (අඩි 23ක්) උසැති ආකෘතියක් වන අතර එමගින් වාතයේ අඩංගු අතිශය සිහින් අංශූ [ULTRA FINE PARTICLES] අයන තාක්ෂණය උපයෝගි කරගෙන ඉවත් කරයි.මෙම අයන තාක්ෂණය පේටන්ට් බලපත්‍රලාභී  තාක්ෂණයක් වන අතර එය ඩෙල්ෆ්ට්  විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සංවර්ධනය කොට ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වායු දුෂණය මානව වර්ගයාගේ සෞඛ්‍යයට තදින්ම බලපාන පාරිසරික ප්‍රශ්නයකි.

වායු දුෂණය නිසා වාර්ෂීකව මිලියන 7ක පමණ පිරිසක් ශ්වසන හා කන්තුක වාහිනි රෝග වලදි මරණයට පත්වේ.මෙම මරණ සංඛ්‍යාව අවදානම් සහගත ලෙස ඉහළ යමින් පවති.
ඇමරිකා එක්සත් ඡනපදයේ වායු දූෂණය අතින් ඉහලින්ම සිටින කැලි‍‍ෆෝනියා ප්‍රාන්තයේ පමණක් වසරකට මිනිසුන් 53000ක් පමණ වායු දුෂණය නිසා මිය යයි.

ඕලන්ද නවෝත්පාදක Daan Roosegaardeවිසින් ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්ව විද ලයේ සමග සයෝගීව මෙම අංශු ශේධක කුලුණු නිර්මාණය කර ඇත.මෙම තාක්ෂණය මුලින්ම ඇති කරණ ලද්දේ MRSA බැක්ටීරියා (ප්‍රතිජීවක සදහා ප්‍රතිවිරෝධි බැක්ටීරියාවක්) ඉවත් කිරිමෙනි.මෙම බැක්ටීරියා දුවිලි මත වාතයේ ගමන් කිරිමින් මිනිසා වෙත පැතිර යයි.වායු අයනීකරණය බැක්ටීරියා මේ ආකාරයේ පැතිර යාම වළක්වයි.

Roosegaarde ගේ කුළුණ වර්ග මීටර් 30000 වායු පරිමාවක් පැයක් තුලදි පිරිසිදු කරන අතර වොට් 1,400ක විදුලිය වැය කරයි.මේ ක්‍රමයේදී Ozone වායුව භාවිතා කිරිමක් සිදු නොකෙරේ.
මෙහිදි අවට වායුව කුළුණ වෙත ඇද ගන්නා අතර සෑම වායු අනුවකට විද්‍යුත් ආරෝපණයක් ලබාදෙයි.මෙම ආරෝපිත අංශුන් විරුද්ධ ලෙස ආරෝපිත තැටියකට ආකර්ෂණය කර ගනි.

ඉන්පසු පිරිසිදු වාතය කුළුණේ අනෙක් පසින් ඉවතට මුදා හරී. ඡර්මානු ආර්ථික හා තාක්ෂණික අමාත්‍යංශය මගින් පිරිනමනු ලබන හොදම නිර්මාණයට හිමි සම්මානයද මෙම නිෂ්පාදනයට හිමි ව ඇත.මෙම කුළුණ චීනයේ බීජිං නුවර මේ වන විට නිරික්ෂණ මට්ටමේ සවි කොට ඇත.

අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ,
කේ.ජේ.ඒ.වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව.

පර්යේෂණාගාර මුසිකයන් සැමරීමට ස්මාරකයක්

පොදුවේ ගත් කළ විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුලව භාවිතා වන සත්වයා ලෙස මීයන් හෝ මුසිකයන් හඳුන්වාදිය හැකිය. විද්‍යාවේ නාමයෙන් ඔවුන් බොහෝ රටවලදී තම ජීවිතය පරිත්‍යාග කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මිනිස් සංහතියේ ඉදිරිගමන සඳහා අවසන් පූජාව ලෙස නිර්මාණය කර ඇතැයි යයි සිතෙන තරමට ඔවුන් විද්‍යාව සමග එක්ව රෝග පිලිබඳ අධ්‍යනයේ සිට ප්‍රතිකාර සංවර්ධනය කිරීම දක්වා වූ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. එහෙයින් මෙම නිර්භීත කෘන්තකය සැමරීමට අතිශය ජනප්‍රිය ස්මාරකයක් මධ්‍යම රුසියාවේ ඉදිකර ඇත.

මෙම රසායනාගාර මූසික ස්මාරකය රුසියාවේ Akademgorodok හි ජීව විද්‍යා හා ජාන විද්‍යාව පිළිබඳ ආයතනයේ පිහිටුවා තිබේ. Novosibirsk (නොවොසිබස්ක්) රාජ්‍ය විශ්වවිද්‍යාලය සමග සහයෝගීව ක්‍රියාත්මක වන මෙම පර්යේෂණ ආයතනය DNA වල ස්වභාවය වඩාත් හොඳින් වටහා ගැනීම සඳහා පර්යේෂණවල නියැලේ. නිරිත දිග සයිබීරියාවේ පිහිටි Novosibirsk හිදී 2013 දී එළිදැක්වූ ප්‍රතිමාව, ඇස්කණ්නාඩි  යුගලයක් පැළඳ පර්යේෂණාගාර ඇදුමකින් සැරසි සිටින වයෝවෘද්ධ කාන්තාවක් වැනි මානවරූපී මුසිකයෙක් ලෙස නිර්මාණය කළ සිත් ඇදගන්නා පිළිමයකි. එම මානවරූපී මුසිකයේ දෑතේ ඇති ගෙතුම් මෝස්තරයෙන් ද්විත්ව දාම DNA හි ද්විත්ව හෙලික්සිය (කුන්ඩලය) නිරුපනය වේ.පවුම් 50,000 ක්  හෙවත් රුබල් මිලියන 1.7 වැයවූ ස්මාරකය සහ උද්‍යානය නිර්මාණය කිරීම සඳහා ආයතනය පරිත්‍යාග මගින් අරමුදල් එකතු කර ඇතැයි වාර්තා වේ.

වසර 15,000 කට ආසන්න කාලයක් පුරා මිනිසුන් සමඟ මීයන් ජීවත් වී ඇති අතර සෑමවිටම පාහේ ඔවුන් මිනිස් සිරුරේ සරල හා වේගයෙන් වර්ධනය වන සමාකාරයක් (analogue) ලෙස භාවිතා කර ඇත. පිළිකා රෝගවල සිට අභ්‍යවකාශ ගවේෂණය දක්වා වූ බොහෝ අධ්‍යන සඳහා චිරාත් කාලයක සිට මිනිසාට සමාකාරය ලෙස මුසිකයන් බොහෝ සේ ප්‍රයෝජනවත් වී තිබේ. තවද මෙම කුඩා ජීවීන් ලොව වටා ජෛව වෛද්‍ය පර්යේෂකයන් සඳහා භාවිතාවන සත්වයින්ගෙන් එක් අයෙකු වේ. මුසිකයන්ගේ මෙම දායකත්වයට හා මිනිස් සම්බන්ධතාවයට ගෞරවයක් ලෙස මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබීම ලොව වටා මිනිසුන්ගේ සතුටට හේතු වී තිබේ.
"ප්‍රතිමාව මගින් විද්‍යාගාර මූසිකයකු හා විද්‍යාඥයකුගේ රූප දෙකම එකට සම්බන්ධ වන අතර, මුසිකයා සහ වීද්‍යාඥයා යන දෙදෙනාම එක් පොදු හේතුවක් සඳහාම සේවය කරන බව එයින් හැඟවේ.” යයි ප්‍රතිමාව නිර්මාණය කළ ප්‍රතිමා ශිල්පී Andrei Kharkevich ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රවෘත්තිය 2013 පළවුවක් වුවද එහි ඇති කළගුණ සැලකීමේ ගුණය ජාති,ආගම්,වර්ග,වර්ණ මෙන්ම මනුෂ්‍යන්, සත්වයින්, පරිසරය,කාලය වැනි සියලුදේටම වැදගත් නොවේද?

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර
https://youtu.be/c47IR3XSPRE?t=39

May 27, 2019

කඩොලාන විනාශයට ග්‍රාමීය ව්‍යවසායක නිෂ්පාදනයක් දහයියා දර?



2008 මැයි මාසයේදී Nargis සුළි කුණාටුව නිසා මියන්මාරයේ සිදුවූ landfall (භුමිය කඩා වැටීම / නිවර්තන සුළි කුණාටුවක කේන්ද්‍රය, වෙරළ තීරය හා අන්ත:ඡේදනය) මගින් රටෙහි ග්‍රාමීය හා පහත් බිම් ප්‍රදේශයක් වන Irrawaddy Delta (ඉරවඩ්ඩි ඩෙල්ටා)ව විනාශ කර දැමීය. 100,000 කට අධික පිරිසක් මිය ගිය සහ තවත් බොහෝ දෙනෙක් අවතැන් වූ මෙය මියන්මාරයේ  මාරාන්තික ස්වභාවික ව්‍යවසනයක් ලෙස සටහන් වී තිබේ. කෙඩොලාන වනාන්තරවලට පිටුපසින් පිහිටා ඇති ප්‍රදේශවල සාපේක්ෂව අඩු හානියක් සිදුවූ අතර  කෙඩොලාන වනාන්තරවලින් අඩු ආරක්ෂාවක් සහිතව පිහිටි ගම්මානවල වැසියන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වූහ.  Nargis සුළි කුණාටුවෙන් පසුව සිදුවූ හානිය පිලිබදව හොදින් අවබෝධ කර ගත් වෙරළ තීරයේ වෙසෙන ගම්වැසියන් කඩොලාන මගින් ලබාදුන් ආරක්ෂාවට බොහෝ සේ ස්තුතිවන්ත විය.

කඩොලාන වනාන්තර මගින් ලැබෙන මෙවැනි ආරක්ෂාව පිලිබඳ දැනුවත්කම සහ රජය මගින් රට පුරා ගස් කැපීම තහනම් කිරීම මධ්‍යයේ වුවද මියන්මාරයේ කඩොලාන හානිය තවමත් සිදුවේ. බොහෝ කඩොලාන ඉඩම් මත්ස්‍ය වගාව සහ වී වගාව සඳහා යොදාගැනීම නිසා මියන්මාරයේ කඩොලාන ඉඩම් විශාල ප්‍රමාණයකින් අඩුවී තිබේ. මිට අමතරව විශේෂයෙන් විදුලිය නොමැතිවීම, දුගීකම යනාදී ගැටළු නිසා ගින්දර  සහ දැව අඟුරු නිපදවීම සදහා නොමිලේ ලද සම්පතක්  වූ කඩොලාන ශාඛ භාවිතා කිරීමට Irrawaddy Delta වැනි දුෂ්කර ගම්මානවල වැසියන් යොමු වී ඇත.

මෙම තත්ත්ව යටතේ වී මෝල් හිමියෙකු වන , U Zayar Myo (උයාර් මයෝ) විසින් ඔහුගේ ව්‍යවසායකත්ව ගතිගුණ උපයෝගී කරගෙන කඩොලාන දැව වලට විකල්පයක් ලෙස ඉවතලන දහයියා වලින් දහයියා සම්පිඩිත ගඩොලිත (compact rice husk briquettes/ දහයියා දර) නිපදවීමට සමත් වී තිබේ. වී මොලෙන් නැවත පරිසරය අපවිත්‍ර කරමින් ඉවතලන දහයියා පිලිබදව කනස්සල්ලෙන් පසුවූ Myo එය ප්‍රයෝජනවත් අමුද්‍රව්‍යක් බවට පත්කිරීමට සමත් විය. කඩොලාන දර හෝ දර අඟුරු වලට විකල්ප ඉන්ධනයක් ලෙස මෙම දහයියා briquettes පිළිස්සීම යොදා ගත හැකි බව වාර්තා වේ. මේ අනුව දහයියා දර දෙයාකාරයකින් පරිසරය ආරක්ෂා කරයි.

කඩොලාන දර දහනය කිරීම මත යැපුණු ඓතිහාසික ව්‍යාපාර සඳහා නව දහයියා briquettes (දහයියා දර) ලබාදී දැන් එම ව්‍යාපාරිකයෝ කඩොලාන දර භාවිතයෙන් වැලකි සිටිති.  එමගින් මියන්මාරයේ කඩොලාන වානාන්තර විනාශය ප්‍රමාණාත්මකව අඩුවක් දක්නට ඇත. එහෙත් දහයියා දර හොද මිලකට අලෙවි කර ගැනීම අපහසු නිසා අවශ්‍යතාවය කෙසේවුවද දහයියා දර නිෂ්පාදනය ලාභදායි ව්‍යාපාරයක් නොවන බව මයෝ පවසයි. එහෙත් දහයියා දර කඩොලන රැකීමට උපකාර කිරීම මගින් පරිසරයට, මියන්මාරයට, ස්වභාවික විපත්වලින් ඉරවඩ්ඩි ඩෙල්ටා වැනි ග්‍රාමීය ප්‍රදේශ සහ ඒවායේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් ලබාදෙන ප්‍රතිලාභය ඉතා ඉහළය. 

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

May 22, 2019

දරුවන්ගේ කණ තුල සිදුවන ආසාදන හඳුනාගැනීමට Smartphone මෘදුකාංගයක්


දරුවන්ගේ කණ තුල සිදුවන ආසාදන නිසා දෙමව්පියෝ සෑමවිටම පාහේ ළමා රෝග වෛද්‍යවරුන්ගේ සහය පතති. කන්බෙරයේ (කර්ණපටහයේ) පිටුපස මැද කණ තුල වර්ධනය වූ ද්‍රව ආසාදනය වීම මගින් බොහෝවිට දරුවන්ගේ කණ තුල ආසාදනයන් ඇතිවේ. කණ තුලට මෘදු ශබ්දයක් නිකුත් කර  එම ශබ්දය පරාවර්තනය වී පැමිණෙන ආකාරයට සවන්දී දරුවාගේ කණ තුල ආසාදනයක් තිබේදැයි හඳුනාගත හැකි ඇප් (app) මෘදුකාංගයක් සකස් කර ඇතැයි වාර්තා වේ. නව ක්‍රමය අනුව මෙම රෝගය හඳුනාගැනීමට අවශ්‍ය වන්නේ ස්මාර්ට් (smart) දුරකතනයක් සහ නලයක් ලෙස සකස් කර ගත් කඩදාසියක් පමණි.  

වේදනාවක් සහිතව දරුවන්ගේ ඇසීම පවා දුර්වල කරන උද්දීපනයක් සහිත ottis media රෝගයේදීද කණ තුල ද්‍රව වර්ධනය වීම පොදු ලක්ෂණයකි. එය ළමයා කතා කිරීමට ඉගෙනීමේදී විශේෂයෙන් හානිකර වේ. මෙම රෝගී තත්වයන් දෙකටම , vague ලක්ෂණ ඇති බැවින් රෝග හඳුනා ගැනීම අපහසු වේ. සමහර අවස්ථාවන්හිදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර සමහර විට  ළමයින් tug on their ears හෝ ළමයින්ට උණ සැදේ. ඊට අමතරව, කුඩා දරුවන්ට තමාගේ රිදුම් දෙන ස්ථානය පවා විස්තර කිරීමට නොහැකි වේ.

හඳුනා ගත් පසු, කණ තුල ආසාදන සදහා ප්‍රතිජීවක ඖෂධ මගින් හා නිරීක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම පහසුය. අනවශ්‍ය දියරයන් ඉවත් කිරීම හෝ නිරීක්ෂණය මගින් වේදනාව හෝ ශ්‍රවණ රෝග පාලනය කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබේ. එහෙයින් කණ තුල සිදුවී ඇති ආසාදන දෙමව්පියන්ට නිවසේදී ක්ෂණිකව හඳුනාගැනීමට හැකිවීමෙන් තම දරුවා වෛද්‍යවරයා වෙත ගෙන යාමට අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීම පහසු වේ.

Seattle (සියැටල්) සරසවියේ Justin Chan (ජස්ටින් චෑන්) සහ කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද නව app (යෙදුම) මෘදුකාංගය විසින් සිහින් කඩදාසි නලයක් තුලින් තත්පර 0.15 ක කාලයකදී ශබ්දයක් නිකුත් කර මෙම පරීක්ෂණය සිදු කරයි. වයස අවුරුදු 18 සහ අවුරුදු 17 අතර දරුවන් 53 දෙනා පරීක්ෂාවට ලක් කරන ලද අතර, නව මෘදුකාංගය සියයට 85  නිරවද්‍යතාවයක් දක්වා තිබේ.

නව මෘදුකාංගයේ නිරවද්‍යතාවය, විශේෂඥ සායන වලදී පමණක් ලබා ගත හැකි tympanogram (ටිම්පැනොග්‍රම්) වැනි වෛද්‍ය උපකරණවල නිරීක්ෂණයන්හි නිරවද්‍යතාවයට  සමාන වේ. කණෙහි නාලය තුළ වාතය ගමන් කළ නොහැකි පරිදි tympanogram වෛද්‍ය උපකරණය ඇතුළු කර කුඩා සංඛ්‍යාතයකින් යුත් ශබ්දයක් යවා එහි චලනය අනුව කන්බෙරය පිටුපස ද්‍රවය එක්රැස්වී තිබේදැයි නිරීක්ෂණය කරයි. එනිසා නව ක්‍රමය දෙමව්පියන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.Chan ගේ අදහසයි.

  

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර
https://youtu.be/3F2p_ZTuXRk?t=1

කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර නිපදවීම.


කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට පර්යේෂකයෝ සමත් වි ඇතැයි වාර්තා වේ. එනම් එමගින්  කර්මාන්තශාලා වලින් නිපදවෙන කාබන්ඩයොක්සයිඩ් අපගේ ආහාර දාමයට එක් කිරීමට හැකියාව ලැබී තිබේ. බිලියන 7.2 ක් වූ ලොව මනුෂ්‍ය ජනගහනය සමග ඉහළ යන බිලියන ටොන් ගණනින් විශාල වූ කාබන්ඩයොක්සයිඩ් (CO2) නිෂ්පාදනය පෘථිවියේ පැවැත්මට විශාල ලෙස බලපාන බව සදහන් වේ. 

Nottingham (නොටින්හැම්) විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ව්‍යවසායකයින් පිරිසක් සහ Deep Branch (ඩීප් බ්‍රාන්ච්) නම් සිමෙන්ති නිෂ්පාදන සමාගමක් එක්ව සිමෙන්ති කර්මාන්තශාලාවේ දුම් කවුළුවලින් පිටවෙන CO2 වලින් මත්ස්‍ය ආහාර නිපදවීමට තාක්ෂණයක් නිර්මාණය කර තිබේ. විශේෂ බැක්ටීරියා වර්ගයක් නව මිශ්‍රණයෙන් පෝෂණය කර එම බැක්ටීරියාව මත්ස්‍ය ආහාර බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ නව ක්‍රියාවලිය වේ. එය වායු පැසවීම(gas fermentation)ලෙස හැඳින්වෙන ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකි (microbial process).

විශාල වශයෙන් CO2 නිෂ්පාදනය කරන සිමෙන්ති හෝ බලශක්තිය නිපදවන කර්මාන්තශාලා යන්ත්‍රෝපකරණ වලින් අපට සෘජුව CO2 ලබාගත හැකිය. එම CO2 හා හයිඩ්‍රජන් ද්‍රව මාධ්‍යයක දිය කර ප්‍රෝටීන නිෂ්පාදනය කරනු ලැබේ. බියර් නිෂ්පාදනය කිරීමට සමාන ක්‍රියාවලියක් වන මෙයින් නිපදවනුයේ ප්‍රෝටින්ය. ඉන්පසුව එම ප්‍රෝටීන සතුන් පෝෂණය කිරීම සඳහා යොදා ගනු ලැබේ. දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකවන මේ අවස්ථාවේදී අප විසින් අපගේ යන්ත්‍රෝපකරණයේ ආකෘතිමය ආකාරයේ කුඩා නාවික බහාලුම/කන්ටේනරය ක් (shipping container) නිපදවා ඒතුලට නලයක් උපයෝගී කර ගෙන කර්මාන්තශාලාවේ ප්‍රධාන යන්ත්‍රෝපකරණයෙන් ඉවතලන CO2 එක්රැස් කළා. ඒ මොහොතේදීම සිලින්ඩරයක ඇති හයිඩ්‍රජන්ද බහාලනයට එක් කළා. අවසාන වශයෙන් මෙම මිශ්‍රණයට ජලය ස්වල්පයක්, ලුනු ස්වල්පයක් සහ නයිට්‍රජන් ස්වල්පයක් පමණක් එක් කරන ලද බව පර්යේෂක කණ්ඩායමේ  Pete Rowe ප්‍රකාශ කර තිබේ.

ජලජීවී වගා කර්මාන්තයේ (aquaculture) මත්ෂ්‍යයින්ට ආහාර ලබාදීමේදී සෝයා (soy) යනු යෝග්‍ය ආහාරයක් නොවේ. සෝයා ආහාරය හොදින් ජීර්ණය කර ගැනීමේ හැකියාවක් මත්ෂ්‍යයින්ට නොමැති නිසා මුහුදු මසුන්ගෙන් නිෂ්පාදිත මත්ෂ්‍යආහාර (fishmeal) මත්ස්‍ය වගා කර්මාන්තයේදී භාවිත කරයි. මිනිසුන්ගේ පරිභෝජනය වෙනුවෙන්ද මුහුදු මසුන් අවශ්‍ය වේ.  එහෙත් මුහුදෙන් අල්ලා ගත හැකි මසුන්ගේ ප්‍රමාණයේ යම් සීමාවක් තිබේ. දැනටමත් මත්ස්‍ය වගාකරුවන් පණුවන් වැනි විකල්ප මත්ස්‍ය ආහාර වෙත යොමුවී ඇත. එනිසා මුහුදු මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයටද නව ප්‍රෝටීන මත්ස්‍ය ආහාරය ප්‍රයෝජනවත් වේ. විශාල කර්මාන්තශාලා වලින් CO 2 මිලියන ටොන් ගණනක් වාර්ෂිකව නිපදවන බැවින් නව ප්‍රෝටීන මත්ස්‍ය ආහාර හිඟ නොවනු ඇතැයිද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ. 
 

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර
https://youtu.be/mxgnB2q8D7c?t=8

May 17, 2019

ඝෝෂාවකින් අවශ්‍ය කටහඬ ශ්‍රවණය කිරීම.


සමහර අවස්ථාවලදී ඝෝෂාකාරී වාතාවරණයක් තුළ මිනිසුන් පවසන දේ දැනගැනීමට අපහසුය. ඔබේ මනස කියවීමට උපකාරී වන උපකරණයක් මගින් ඔබට ඇසීමට අවශ්‍ය කටහඬ හඳුනාගෙන එහි ශබ්දය වැඩිකර ඔබට ඇසීමට සැලැස්වීම මෙම ගැටළුවට විසඳුමක් වේ. එක් හඬකින් තවත් හඬක් වෙන් කර හඳුනාගැනීමේ මොළයේ ස්වභාවික කුසලතා අනුකරණය කර එක් හඬක් අනාවරණය කිරීමට හා ඉන්පසුව එහි ශබ්දය වැඩි කිරීමට හැකි පර්යේෂණාත්මක  තාක්ෂණයක් පිලිබඳ විස්තර කොලොම්බියා ඉන්ජිනේරුවන් විසින් නිවේදනය කර තිබේ. කෘත්‍රිම බුද්ධිය (AL) මගින් බල ගැන්වුණු මොළය මගින් පාලනය වන නව ශ්‍රවණ ආධාරකය, ස්වයංක්‍රීය පෙරහනයක් ලෙස ක්‍රියාකරමින් අදාළ පුද්ගලයාගේ මොළයේ තරංග අධීක්ෂණය කර ඒඅනුව අවධානය යොමු කළ යුතු හඬ හි ශබ්දය වැඩි කරයි.

තවමත් සංවර්ධනය වන මුල් අවධියේ පසුවන මෙම තාක්ෂණය වඩා හොඳ ශ්‍රවණ ආධාරකයක් සඳහා වැදගත් පියවරකි. අත්හදා බැලීමේ උපකරණයට එකම ශබ්දයකින් නිකුත්වෙන හඬවල් දෙකක් හෝ තුනක් තත්කාලීනව වෙන්කිරිමේ හැකියාව තිබේ. එනම් නව උපකරණයට මොළයේ තරංග ලබාගෙන යමෙකුට සවන්දීමට අවශ්‍ය හඬ හඳුනාගැනීමට හා එම හඬ හි ශබ්දය වැඩි කිරීමට හැකිය.  

නිව් යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ Nima Mesgarani (නීමා මෙස්ගරානි) විසින් නිර්මාණය කරන ලද නව උපාංගය, සාදයකදී, භෝජනාගාරයකදී,රැස්වීමකදී,වෙළඳපොළකදී වැනි අවස්ථාවන්හි මතුවන සංවාදයේ යෙදීමේ අපහසුතාවය වැලැක්වීමට උපකාරී වේ. එනම් සමුහයකගේ ඝෝෂාවකදී වුව අවශ්‍ය හඬට සවන්දිය හැකිවේ.

ගූගල් සහ ඇමේසන් වැනි විශාල සමාගම් කිහිපයක්ම Alexa වැනි හඬ සහායකයින් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි ආකාරයේ කෘත්‍රිම බුද්ධිය (AI) පාදක කර ගත් ක්‍රම නිර්මාණය කර ඇත. එහෙත් එම ක්‍රමවේදය මගින් හඬ වෙන්කිරීම සිදු කරනුයේ මිනිසුන් කථාකර අවසාන වූ පසුවය. නමුත් නව උපරණය තත්කාලීනව හඬ වෙන් කිරීමටද සමත්ය.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තිදෙනෙකුගේ මොළ අධීක්ෂණය කිරීම මගින්, ඔවුන් සවන්දීමට අවශ්‍ය  හඬ හඳුනාගෙන එහි ශබ්දය වැඩි කිරීමට ශ්‍රවණ උපාංගයට හැකි බව සනාථ කර ගෙන තිබේ. තවද ඔවුනට වෙනත් හඬක් වෙත අවධානය යොමු කිරීමට අවශ්‍ය වූ විට, උපකරණයට එය හඳුනාගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්විය හැකි බවද පැහැදිලි වි ඇත.

මෙම තාක්ෂණය උපයෝගී කරගෙන වෙළඳපොළට ප්‍රායෝගික ශ්‍රවණ ආධාරකයක් නිර්මාණය කිරීමට තවකාලයක් ගත විය හැකිය. එකම ශබ්දයකින් නිකුත්වෙන හඬවල් දෙකක් හෝ තුනක් තත්කාලීනව වෙන්කිරිමට නව උපකරණයට ඇති හැකියාව බොහෝ ශබ්ද හෝ හඬ එකිනෙකින් වෙන්කර ගැනීමේ හැකියාව දක්වා වර්ධනය විය යුතුය. ඇත්ත වශයෙන්ම, මිනිසුන් තමන්ගේ හිසෙහි ඉලෙක්ට්‍රෝඩ පැළඳීමට අකමැතිය. එහෙත් මොළයේ තරංග හඳුනාගැනීමට සමත් ශිර්ෂචර්ම (scalp) ඉලෙක්ට්‍රෝඩ හෝ දැනට බහුලව භාවිතාවන earphones (කන් නලා) තුල සවිකිරීමට හැකි ඉලෙක්ට්‍රෝඩ පවා හෙට දින නිපදවනු ඇතැයි Mesgarani (මෙස්ගරානි) පවසයි.  

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

May 15, 2019

மூளையின் பிரதான நிணைவுத்தறணைப் பாதிக்கும் வாகனப்புகை


அல்சைமர்ஸ் க்கான பட முடிவு

அதிக வாகன நெரிசல் காணப்படக்கூடிய நகர்ப்பறங்களில் வாழக்கூடிய மக்களுடைய மூளையில் வாகன மாசுத்துகள்கள் சேர்வதால் அல்சைமர்ஸ் எனும் ஞாபக சக்திப் பிரச்சனை என்கின்ற நோய் மனிதனை தாக்குகிறது. இது இப்பிரச்சனைக்கான நோய்க்காரணிகளில் ஒன்றாக சமீபத்திய ஆய்வுகள் தெரிவிக்கின்றன. ஐக்கிய இராச்சிய விஞ்ஞானிகள் மேற்கொண்ட இந்த ஆய்வைன் முடிவுகள் நகரவாழ்க்கையின் ஆபத்தினை சுட்டிக்காட்டுகின்றன.
அதீத வாகணப்புகையை சுவாசிப்பதால் மூச்சுத்திணறல், மாரடைப்பு போன்றவற்றால் திடீர் மரணங்கள் ஏற்படக்கூடும் என்பது நமக்கு நன்கு தெரிந்த செய்தி. தெரியாத செய்தி தற்போதைய இந்த ஆய்வு அதற்கான இன்னுமொரு நிரூபனமாக அமைந்திருக்கின்றது. சாதாரன கண்களுக்கு புலப்படாத மிக நுன் இரும்புத் துகள்கள் மூளையில் படிந்திர்ருப்பதை இந்த ஆய்வாளர்கள் கண்டு பிடித்துள்ளனர்.
மூளைத்திசுவின் ஒரு கிராமில் மில்லியன் கணக்கில் இத்துகள்கள் படிந்துள்ளன. எனவே மில்லியன் கணக்கில் மூளைக்கு சேதம் ஏற்படுவதற்கான வாய்ப்புகள் காணப்படுகின்றன. இந்த மேக்னட் துகள் எனப்படுபவை மூக்கின் வழியே உள்வாங்கப்பட்டு நுரைஈரல் ஊடாக இரத்தத்தில் கலக்கின்ன்றன, அதனினும் சிறிய துகள்கள் மூக்கை மூளையுடன் இணைக்கும் மூளைக்குச் செல்வதாக இந்த ஆய்வில் க்கண்டறியப்பட்டுள்ளது.
மூளைச் செல்களுக்கு இடையேயான தொடர்பாடலைத்தடுக்கக்கூடிய பாசி அல்லது பங்கசு போன்றன வளர்வதற்கு ஏதுவாக அமைவதால் இவை மூளையின் செயற்பாடான ஞாபக சக்தியில் பிரச்சனையை ஏற்படுத்துவதாக நம்பப்படுகின்றது.


භාෂාව සඳහා අවශ්‍ය දත්ත (ඩේටා) ප්‍රමාණය floppy තැටියක මතකයද?


ඔබ පළමු භාෂාව ඉගෙන ගන්නා විට, ඔබගේ මොළය තුල ගබඩා කරන තොරතුරු සදහා මෙගාබයිට් 1.5 ක පමණ මොළයේ ගබඩා  ඉඩක් වෙන්කර ගන්නා බවද එය තමා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝසෙයින් අඩු බවත් නිව්යෝක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Frank Mollica (ෆ්රෑන්ක් මොලිකා) පවසා තිබේ. එය මුල් යුගයේ පරිගණක සඳහා භාවිතා කළ floppy  තැටියක මතක ප්‍රමාණයට සමානය. මෙම අධ්‍යනය සඳහා මොලිකා සහ ඔහුගේ සගයන් තොරතුරු න්‍යාය ලෙස හැඳින්වෙන ගණිත අංශයේ කොටසක් භාවිතා කර තිබේ. ඉංග්‍රීසි භාෂාව සඳහා මොළයට  අවශ්‍යවන දත්ත ප්‍රමාණය බිට් (bit) කොපමණ සංඛ්‍යාවක්දැයි සොයා ගැනීමට තොරතුරු න්‍යායෙන් ගණනය කිරීමක් කර තිබේ. එය හුදෙක් ඇස්තමේන්තු කිරිමක් පමණක් වන නමුත් එමගින් අනෙක් භාෂා සදහා ගණනයට මෙන්ම ඉංග්‍රීසි භාෂාව සඳහා ගණනය යාවත්කාලින කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇතැයි ඔහු පවසා තිබේ.

ඔබ දන්නා වචනයක් ඇසෙන විට, ඔබට එය අවබෝධ කර ගැනීමට උපකාර කිරීම සඳහා ඔබේ මොළය සියලු වර්ගවල තොරතුරු වලට පිවිසෙන විට: වචනය සෑදී ඇති ශබ්ද, එහි තේරුම, වාක්‍යයේ ඇති සන්දර්භය, වාක්‍යයේ කාල පරාසය යනාදී තව බොහෝ දේ සළකනු ලැබේ.

“භාෂාව සහ සන්නිවේදනය ආහාර හා ජලය ලෙස අතිශයින් වැදගත් වේ. අපි සන්නිවේදනය මගින් තොරතුරු හුවමාරු කර ගැනීම, සබඳතා ගොඩනඟා ගැනීම, කලාත්මක නිර්මාණ වැනි නොයෙක් කාර්යයන් ඉටු කරන්නෙමු. මෙම නව මුලික  විශේෂාංගය මගින් මොළය තුල භාෂාව විද්‍යාමාන වන ආකාරය සහ එය අපගේ දෛනික ජීවිතය හැඩ ගැස්වීම සඳහා කෙසේ බලපාන්නේද බව අපි සොයා සොයා බැලුවෙමු. අපි සියලු දෙනාටම කථා කිරීම සඳහා උපන් භාෂාවක් තිබේ. පසුව එය සාමාන්‍යයෙන් අපේ මව් භාෂාව බවට පත් වේ. විවිධ මාර්ග ඔස්සේ තවත් අමතර භාෂාවක් අප හසුරුවා ගතහොත් එමගින් විවිධ වෙනත් සංස්කෘතීන් හා අත්දැකීම් අපට විවර කර ගත හැකිය.” ප්‍රකාශයේ දැක්වේ.

අධ්‍යන කණ්ඩායමේ ගණනය කිරීම හා අර්ථනිරුපන අනුව ඉංග්‍රීසි ශබ්ද කෝෂයක සාමාන්‍යයෙන් ඇති  වචන 40,000 ක් ඉගෙනගැනීම සඳහා බිට්(bit) 400,000 ක් පමණ අවශ්‍යය. එක් වචනයකට බොහෝ තේරුම් ඇති නිසා එම වචනවල අර්ථය තේරුම් ගැනීම සඳහා තවත් විශාල bit ප්‍රමාණයක් අවශ්‍යය. වචන නිර්මාණය කරන විශේෂිත ශබ්ද phonemes (ශබ්දිම)  50 ක් සඳහා එකකට bit 15 බැගින් bit 750 ක් පමණ අවශ්‍ය වේ. වචනයක සම්පුර්ණ අර්ථය සඳහා වාක් කෝෂිය අර්ථ විචාරය (lexical semantics) සැලකිය යුතුය.  turkey” වචනය සැලකු විට ඒ සමග විශාල තොරතුරු ප්‍රමාණයක් දැනෙන අතර එමගින් ඌට පියාඹිය හැකිද? ඇවිදිය හැකිද? යනාදිය දැනගත හැකි වේ. මේ සියල්ල සැලකීමෙන් වචන 400,000 වෙනුවෙන් bit මිලියන 12 ක පමණ දත්ත අවශ්‍ය වන බව ඔවුන්ගේ අදහසයි.

භාෂා ඉගෙන ගැනීමේදී සමහර වචන යෙදෙවන වාර ප්‍රමාණයද වැදගත් වන අතර මෙම වචනවල සංඛ්‍යාත තොරතුරු ගබඩා කිරීම සඳහා bit 80,000 ක් පමණ යෙදවිය යුතුය. අවසන් වශයෙන්, වාක්‍ය රචනය - වාක්‍යයන් පාලනය කරන රීති මාලාවන්, අවම වශයෙන් bit  700 ක් පමණ වේ . මේ ආකාරයෙන් සැලකු විට ඉංග්‍රීසි භාෂාව සදහා මෙගාබයිට් 1.56 ක් දත්ත එනම්  floppy තැටියේ ධාරිතාවට වඩා තරමක් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.

කෙසේවෙතත් මේවා හුදෙක් ගණනය කිරීම් වන අතර එය තවදුරටත් සංවර්ධනය කළ යුතු බවත් වෙනත් භාෂාවන් සඳහා වූ ගණනය කිරිම් වලටද යොදාගත හැකි බවත් මොලිකා පවසා තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර