Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 22, 2018

2016 இல் 44.7 மில்லியன் டன் மின்னணுக் கழிவுகள்


வருடம் தோறும் பயன்படும் மின்னணுச் சாதனங்களின் அளவு அதிகரித்துக்கொண்டே வருகிறது. வீட்டிற்கு ஒரு போன் என்கிற காலம் போய், ஆளுக்கு ஒரு ஸ்மார்ட்போன், லேப்டாப் என்று காலம் மாறிவிட்டது. போன் பில் தொடக்கம் கரண்ட் பில் வரை, இ-பில் மூலம் கட்டணம் செலுத்தி சூழலைக் காப்போம் என்று பலரும் செய்யும் வேளையில், இந்த பில்களை கட்டப் பயன்படும் மின்னணுச் சாதனங்கள்கூட ஒரு நாள் பழுதடைந்து குப்பைக்கு செல்லவேண்டிய காலம் வரும் என்பதனை பெரும்பாலும் பலர் உணர்வதில்லை.
மின்னணுச் சாதனங்கள் குப்பைக் கிடங்கில் எறியப்படும் போது, அதனில் இருக்கும் மூலப்பொருட்களும், அதனை உருவாக்க செலவிடப்பட்ட சக்தி என்று பல விடயங்கள் வீணாகப்போகும்.
ஐக்கியநாடுகள் சபையின் International Telecommunication Unionனின் அறிக்கையின் படி, 2016 இல் மட்டும் 44.7 மில்லியன் டன் மின்னணுக் கழிவுகள்  (electronic waste) உருவாகியுள்ளது. இந்தக் கழிவுகளில் இருக்கும் மூலப்பொருட்களின் மதிப்பு மட்டுமே 55 பில்லியன் அமெரிக்க டாலர்கள். இதில் 9 பில்லியன் அமெரிக்க டாலர்கள் மதிப்பு ஸ்மார்ட்போன் கழிவுகளில் இருக்கிறது.


இதில் வெறும் 20% மட்டுமே மீள்சுழற்சிக்கு உட்படுத்தப்பட்டுள்ளது.
இந்தக் கழிவுகளில் 5% மானவை ஆபிரிக்காவில் இருந்து உருவாகியுள்ளது. ஆனால் அவற்றில் ஒரு வீதம் கூட மீள்சுழற்சிக்கு உட்படுத்தப்படவில்லை. ஐரோப்பா மற்றும் ரஷ்சியா ஆகிய பிராந்தியங்களில் இருக்கும் சட்டதிட்டங்கள் காரணமாக உருவாகிய 28% கழிவுகளில் 35% மானவை மீள்சுழற்சிக்கு உட்படுத்தப்பட்டுள்ளது.
அமேரிக்கா 14% மான உலக மின்னணுக் கழிவுகளுக்கு காரணம், ஆனால் இதில் வெறும் 25% இற்கும் குறைவான கழிவுகளே மீள்சுழற்சி செய்யப்பட்டுள்ளது. உலகின் அதிக சனத்தொகை கொண்ட நாடானா சீனா 16% உலக கழிவுகளுக்கு காரணம், ஆனால் இதில் வெறும் 18% மட்டுமே இங்கே மீள்சுழற்சி செய்யப்பட்டுள்ளது.
மேலும் அறிக்கையின் கணிப்பின் படி ஒவ்வொரு வருடமும் உருவாகும் கழிவு 4% வளர்கிறது. 2007 இல் உலக சனத்தொகையில் 20% மட்டுமே இணையத்தை பயன்படுத்தியது. ஆனால் தற்போது இந்த அளவு 50% மாக உயர்ந்துள்ளது.
அதிகரிக்கும் மின்னணுக் கழிவுகள் பல்வேறு சூழல் பாதிப்புகளை உருவாக்கும் என்றாலும், இதில் பொருளாதார பாதிப்புகளும் அடங்கும். பல நாடுகள் (2014 இல் இருந்து இந்தியா உட்பட) மின்னணுக் கழிவுகளை கையாளுவதற்கான சட்டதிட்டங்களை உருவாக்கியிருப்பதால், அது ஒரு நல்ல விடையம் என்றும் இந்த அறிக்கை சுட்டிக்காட்டியுள்ளது.

February 21, 2018

පියාසර කුලී රථයක් ලගදීම ගුවනට


තමන්ගේම පියාසර මෝටර රියක නැගී ගමන් කිරීමට සිහින දකිමින් සිටින අපට ඊටත් ප්‍රථමයෙන් පියාසර කූලි රථයක ගමන් කිරීමේ අවස්ථාව වැඩි ඈතක නැති බව ජර්මිනියේ පර්යේෂකයින් පිරිසක් පවසයි. ජර්මනියේ Lilium Aviation ආයතනයේ පර්යේෂකයන්ට අනුව මෙම යානය වායූ විමෝචනයෙන් තොර, විදුලියෙන් ක්‍රියාත්මක ආසන දෙකකින් යුක්ත වන අතර දැනටමත් මිනිසුන් රහිතව සාර්ථකව අත්හදාබැලීම්කර ඇත. මෙය 2019 දී මිනිසුන් 5ක් සහිතව ගුවන් ගත කිරීමට නියමිත බවත් ඔවුන්ගේ අදහසයි.
මෙහි සුවශේෂිත්වය නම් ජෙට් තාක්ෂණය යොදා සකස්කර ඇති මෝටර් මගින් ක්‍රියාත්මක, භ්‍රමණ පෙති 36ක් මෙම යානාවේ තටු මත සවි කර ඇත. තවද සීරු මාරු කල හැකි තල 12ක් මගින් සුළං ධාරාවන් පාලනය වන අතර මෙමගින් යානාව ඉහලට හා පහලට නැංවීම හා ඉදිරියට ගමන් කිරීම සදහා අවශ්‍ය ජවය ලබා දීම සිදු කරයි.
මෙය අනෙකුත් කුඩා හෙලිකොප්ටර් (Quadcopter – Style) වර්ගයේ යානාවකට සාපේක්ෂව 10% තරම් අවම ශක්තියක් වැයවන අතර වේගය පැයට කිලෝමීටර් 300 කි. එමෙන්ම දූෂක වායු විමෝචනයෙන් තොරව ගමන් කරයි. ගොඩබෑමට හා ගොඩ නැංවීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණයද සීමිත වේ. මේ හේතුවෙන් ගුවන් පථ නඩත්තු වියදම්ද ඉතා අඩුය.
ඇතැම් විට ගුවනේදී යොදා ඇති ජව ගැන්වුම් මෝටරයක් අක්‍රිය වූ විට ඉන් අනෙකුත් මෝටර් සදහා කිසිදු බලපෑමක් ඇති නොවන  අතර එමගින් අනෙකුත් පද්ධතීන් අක්‍රිය වීම අවම කිරීමට වග බලා ගෙන ඇත. යොදා ඇති බැටරි දිගු ගමන් වාරයක් සඳහා ඔරොත්තු දෙන පරිදි නිමවා ඇත. තවද ගුවන් නියමුවන් මගින් ඇතැම් විට ලබා දෙන වැරදි විධානයන් බැහැර ලීම සදහා විශේෂීත ගුවන් ආරක්ෂණ පද්ධත්යක් සැලසුම් කර ඇත.
සාර්ථක අත්හදා බැලීම් වලින් අනතුරුව ආසන 5කින් සමන් විත ගුවන් ටැක්සියක් නුදුරේදීම ගුවන් ගත කිරීමට පර්යේෂකයන් අදහස් කර සිටී.




www.gizmag.com ඇසුරිනි.

ස්වභාවික දැව වලට වානේ ශක්තියක්


ගස් වලින් ලබා ගන්නා ස්වභාවික දැව වානේ මෙන් ශක්තිමත් කිරීමට පර්යේෂකයෝ සමත් වී ඇති බව වාර්තා වේ. දිය උරාගන්නා ව්‍යූහයන් සහිත ස්වභාවික දැව නවීකරණය කරමින් නව සුපිරි දැව වර්ගය නිපදවූ බව වාර්තාවේ සදහන් වේ. ඒ සදහා ස්වභාවික දැව රසායනික නැහැවුමකට සහ උණුසුම් තෙරපුමකට භාජනය කර තිබේ.

ස්වභාවික දැව සාමාන්‍යයෙන් සෙලියුලෝස් 50% ප්‍රමාණයකින්ද දැව වර්ගය අනුව ලිග්නින් 20% ක් ප්‍රමාණයකින්ද ඉතිරිය හෙමිසෙලියුලොස් වලින්ද සමන්විත වේ. සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් සහ සෝඩියම් සල්ෆේට් ද්‍රාවණයක විවිධ වර්ගවල දැව පය 7 ක පමණ කාලයක් උණු කිරීමෙන් එම දැව වල සෙලියුලෝස් වටා පිහිටි ලිග්නින් ඉවත්කිරීමට මෙන්ම දැව ව්‍යුහය තුල වැඩි ඉඩ ප්‍රමාණයක් ඇති කිරීමට හැකි වී තිබේ. ලිග්නින් යනු සෙලියුලෝස් එකට බැඳ තබා ගන්නා බහු අවයවයකි. ඉන්පසුව මෙම දැව එක් දිනක් 1000 C උෂ්ණත්වයකට සහ මෙගා පැස්කල් 5 ක හෙවත් මුහුදු මට්ටමේ වායුගෝලීය පීඩනය මෙන් 50 ගුණයක පීඩනයකට භාජනය කිරීම මගින් සෙලියුලෝස් නාල (නැනෝ තන්තු) අන්තර්බද්ධ කිරීම සිදු කර තිබේ.

මෙම ක්‍රියාවලිය නිසා දැව එහි ස්වභාවික ඝනකම පස් ගුණයකින් කුඩාවීමකටද, ස්වභාවික ශක්තිය 11.5 ගුණයකින් වැඩිවීමකටද ස්වභාවික ඝනත්වය තුන් ගුණයකින් වැඩිවිමකටද භාජනය විය. එනම් නව සුපිරි දැව ඉතා ශක්තිමත් වේ. එය වානේ මෙන් ශක්තිමත් බව පර්යේෂණ වලින් තහවුරු කර ගෙන තිබේ. තත්පරයකට මීටර 30 ක වේගයකින් විදීමෙන් උණ්ඩය ස්වභාවික දැව සිදුරු කරගෙන ගමන් කරන නමුත් නව සුපිරි දැව තුල උණ්ඩය ගිලියාමක් පමණක් සිදුවේ.
 
සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ බොහෝ ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදන සදහා වානේ වලට වඩා සැහැල්ලු එහෙත් වානේ තරම් ශක්තිමත් නව සුපිරි දැව යොදා ගත හැකි වේ යැයි පර්යේෂකයන්ගේ අදහසයි. 2010 වසරේදී වානේ නිෂ්පාදනය නිසා සිදුවූ විමෝචනය ටොන් මිලියන 2500 ක් පමණ වන අතර වසර 2050 වන විට විමෝචනය ටොන් මිලියන 2800 දක්වා වර්ධනය වනු ඇතැයි සැලකේ. වානේ නිෂ්පාදනයේ ප්‍රධාන රාජ්‍ය වූ චීනය දැනටමත් වානේ නිෂ්පාදනයේදී සිදුවන මෙම විමෝචනය අඩු කිරීමට දරණ ප්‍රයත්නයේදී සුපිරි දැව ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ඇතැයි පර්යේෂක කණ්ඩායමේ සම කතෘ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ  යාන්ත්‍රික විශේෂඥ ලි ටෙන්ග් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර
https://youtu.be/5rj7GWDUXDU?t=3

February 12, 2018

දිනපතා අධිකව මස් ආහාරයට ගැනිමේ බලපැම


මස් යනු ප්‍රනිත රසයක් සහිත අපගේ ශිරුරේ විවිධ පෝෂණ අවශ්‍යතා සපයන බොහෝ ප්‍රසිද්ධ ආහාරයකි.
·                ප්‍රෝටින් : ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරන අතර නිරෝගිව පවත්වා ගනි  පටක වර්දනයට හා ළමා වර්ධනයට හා නිරෝගිව සිටිමට වැදගත් වේ.
·         සේලිනියම්  : ආහාරයේ අඩංගු සේලිනියම් ප්‍රතිඹක්ෂිකාරකයක් වන අතර ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරයි .
·           යකඩ : ආහාරයේ අඩංගු යකඩ ප්‍රතිශක්තිකරන පද්දතිය ආරක්ෂා කරන අතර රත්තහිනතාව නැතිකර ළමා වර්ධනය සදහා විශාල මෙහෙයක් ඉටුකරයි.
·          Bවිටමින් : ආහාරයේ අඩංගු විටමින් බි සංකිර්ණය මගින් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩිකරයි.
·          Vitamin D : ආහාරයේ අඩංගු විටමින් ඩි අස්ථි හා දත් නිරෝගිව තබයි.
·         (Zinc) සින්ක් : ආහාරයේ අඩංගු සින්ක් ප්‍රතිශක්තිකරය වර්ධනය කරන අතර පරිවෟතිය ක්‍රියාකාරිත්වය හොදින් සිදු කරයි.