Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 30, 2014

අත්භූත ඈණුම



ඔබ මිලඟට රැස්වීමක සිටින විට මෙම සරල අත්හදා බැලීම සිදු කර බලන්න.
විශාල ඈණුමක් අරින්න. පැකිළිමකින් තොරව ඔබගේ මුව වසාගන්න.දැන් බලන්න කී‍ දෙනෙක් ඔබ අනුගමනය කරනවාද? කියා. තීක්ෂණව නිරීක්ෂණය කිරිමෙන් ඔබට දැකගත හැකි වේවි ඇණුම් හැරීමේ දාම ක්‍රියාවලියක්.මෙම ලිපිය කියවා හමාර කිරීමට පෙර ඔබ අඩුම ගණනේ එක් වරක් හෝ ඈණුම් හැරීම සිදුකර තිබෙන බව ඔබ දන්නවාද?‍ අපි ඔබ ව නොමග යැවීමට තැත්කරනවා යැයි නොසිතන්න. ඈණුම් යැම පිළිබදව කියවීමේ දී ඔබ නොසිතාම මේ දේ කිරිමට පෙළ‍ඹෙන බව මෙන්ම වෙනත් කිසිවෙක් ඈණුම් හැරීමේ දී ඒ දෙස බලා සිටින අපද නිරායාසයෙන්ම එම දෙය කිරීමට පෙළඹෙන බවත් මේ වන විට අනාවරණය වී තිබේ.කරුණු එසේ නම් මෙම අත්භූත ඈණුම් යැම පිටුපස ඇත්තේ කුමක්ද?

පළමුවෙන්ම මෙම ඇණුම් යැම නමැති ශාරීරික ක්‍රියාදාමය දෙස බලමු.ඈනුම් හැරීම යනු අප නොදැනුවත්වම සිදුවන ක්‍රියාවක් වන අතර මෙහි දී මුඛය විශාල ව විවර කර ගැඹුරු හුස්මක් ගැනීමට අපව පොළඹවනු ලැබේ.මෙම ක්‍රියාව නොදැනුවත්වම සිදුවන ක්‍රියාවක් බව අප සක්සුදක් සේ දනිමු. එයට හේතුව අප මව්කුසයෙන් මෙලොවට බිහිවීමට පෙර සිටම කළල අවස්ථාවේ දී පටන් ද ඇණුම් හරින බව මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥ රොබට් ප්‍රොවින් මහතා විසින් අනාවරණය කර තිබේ.  ඇණුම් යෑම සාමාන්‍යයෙන් අප විවේකීව සිටින අවස්ථා මෙන්ම නිදිබර ගතියෙන් සිටින අවස්ථා සමග සමීප සහසම්බන්ධයක් පවතින අතරම ඇණුමක් හරින අතරතුර දී ඔබගේ හෘද ස්පන්දන වේගය 30% න් වැඩිවීමට හැකිය. ඔබ ඇණුමක් හරින විට ඔබගේ ශරීරයේ බොහොමයක් කොටස් මේ සමග ක්‍රියාකාරී වෙයි.ප්‍රථමයෙන්ම ඔබ මුව විවර කරන අතර  ඒ සමගම වැඩි වායු ප්‍රමාණයක් ඇද ගැනීමට හැකි වන පරිදි ඔබගේ හක්ක පහත් ‍වෙයි.මෙසේ ඔබ ආශ්වාස කරන වාතය මගින් ඔබගේ පෙනහලු පුරවා දමයි. ඔබගේ උදර මාංශපේශින් ඉහිල් වන අතරම මහා ප්‍රාචීර පේශිය පහළට තල්ලු වෙයි.ඔබ මෙසේ ආශ්වාස කරන ලද වාතය මගින් පෙනහලු වල ධාරිතාවයට ගැලපෙන පරිදි පෙනහලු පිම්බීම සිදුවන අතර යම් වායු කොටසක් නැවත පිටවිම සිදුවෙයි.
ඈණුම් යැම යනු කුමක් දැයි දැන් අප සියලු දෙනා ඉතා හොදින් දන්නෙමු.මීළඟ ට මෙසේ කිරීමට අප පෙළ‍ඹෙන්නේ ඇයි ද යන්න පිළිබදව මදක් සොයා බලමු.තෙහෙට්ටුව,නිදිමත ගතිය හෝ වෙහෙසට පත්විම ඈණුම් හැරීම හා පහසුවෙන්ම බද්ධ වන සංසිද්ධින් වේ.ඈණුම් යෑම සම්බන්ධව වැඩිමනත් තොරතුරු මෙතෙක් සොයාගෙන නැති අතර මේ විෂය සම්බන්ධව පර්යේෂණ සිදු කර ඇත්තේ ද ඉතා අල්පවය. කෙසේ නමුත් ඈණුම් යෑම සම්බන්ධව සෛද්ධාන්තික කරුණු කාරණා කිහිපයක්ම ප්‍රකාශයට පත්කර තිබේ. ඉන් වඩාත්ම පෙරමුනේ තිබෙන කාරණා සතරකි.

1. කායික විද්‍යාත්මක සෛද්ධාන්තිකය
     වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් වායුව ඇද ගැනීමට හෝ ශරීරය තුල නිපද වී ඇති කාබන්ඩයොක්සයිඩ්
වායුව ශරීරයෙන් පිටකිරිමට හෝ අපගේ ශරිරය ඇණුම් යැවීමට අප ව පොළඹවනු ලබයි.
2. පරිණාමවාදී සෛද්ධානතිකය
    මෙම ඇණුම් ඇරීමේ පුරුද්ද අපගේ මුතුන්මිත්තන් ගෙන් ආරම්භ වූ බව සමහරෙක් ගේ අදහසයි. මොවුන් තමන්ගේ ප්‍රතිවාදීන් බිය ගැන්විම සදහා තමන්ගේ දත් අන්‍යන්ට පෙන්විම සදහා ඇණුම් හැරීම යොදාගත් බව මොවුන්ගේ මතයයි.
3. ඒකාකාරී සෛද්ධාන්තිකය
    ඒකාකාරි බවින් අත්මිදිමට හෝ වෙහෙසට පත් වූ විට ඈණුම් යෑම සිදුවන බව පැවසුවත් මෙම සෛද්ධාන්තිකය මගින් ඔලිම්පික් මලල ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩා ඉසව්ව අවසන් කිරීමට පෙර  ඇණුම් යවන්නේ මන්ද? යන්න හෝ බල්ලන් සටන් ඇරඹීමට පෙර ඈණුම් යවන්නේ මන්ද? යන්න පිළිබද ව පැහැදිලි කිරීමක් සිදු නොකරයි.
4. මොළය සිසිල් කිරිමේ සෛද්ධාන්තිකය
     පර්යේෂකයන් විසින් ඉතා මෑතකදී යෝජනා කරන ලද සෛද්ධාන්තිකයක් වන මෙය මගින් පැහැදිලි කරනුයේ අප ඈණුම් යැවීමට පෙළඹෙනුයේ අපගේ මොළය උණුසුම්කාරි තත්වයකට පත් වන අවස්ථා වලදි බවයි.
කරුණු කාරණා කෙසේ වුවත් ඉතාම සරල සත්‍ය වනුයේ අපගේ මුතුන් මිත්තන් ගේ පටන් මේ දක්වාම අප විසින් ඈණුම් හරිමින් සිටිනු ලබන බවයි. අප මෙසේ කරනුයේ මක්නිසාද යන්න පිළිබදව පැහැදිලි නිවැරදි මතයක් මෙතෙක් ඉදිරිපත් වි නැත. ඒ දිනය එළඹෙන තෙක් ඈණුම් හරිමින් අපි බලා සිටිමු!

උපුටා ගැනිම http://science.howstuffworks.com/life/inside-the-mind/human-brain/question5721.htm

ඇට කෑමෙන් දීර්ඝායුෂ වැඩිවේ


කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධානය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශක්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.
ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000 කගේ ජීවන රටාව අධ්‍යයනය කර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළි‍වී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කර තිබේ.
පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කර ගත හැකි බව පර්යේෂණ වලින් හෙලිවී තිබේ. එම පර්යේෂණ කණ්ඩායමේ සයන් ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
‍ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.
කොට්ටම්බා ලෙල්ල ප්‍රෝටීන් අඩංගු   ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයකි. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබේ. සමට සහ ස්නායු පද්ධතිය නි‍රෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වන අතර  දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් වැදගත් වේ. 

කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් වේ.. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිර බවත් සයන් ක්ලාර්ක් මහත්මිය පෙන්වා දෙයි.
මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සාමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

පරිසර සමතුලිතතාවයට බලපාන බැලාස්ට් ජල (Ballast Water) තර්ජනය

ලොව පුරා භාණ්ඩ ප්‍රවාහනය බහුලවම සිදුවන්නේ නැව් මගිනි.  නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී නැවේ සමතුලිතතාවය සහා යොදා ගන්නා ජලය බැලාස්ට් ජලය ( Ballast Water)  ලෙස හැදින්වේ. ඒ අනුව, එක් එක් වරායන්හිදී භාණ්ඩ පැටවීමේදී හා බෑමේදී ඊට සමානුපාතික ලෙස බැලාස්ට් ජලය ඉවත් කිරීම හෝ පිරවීම මගින් නැවේ සමතුලිතතාවය පවත්වා ගනී. නැවකට භාණ්ඩ පැටවීමේදී එම වරාය ආශ්‍රිත සමුද්‍රයට බැලාස්ට් ජලය මුදා හැරීම සිදුවන අතර එලෙසින් සමුද්‍රයට එකතුවන්නේ ආගන්තුක පරිසරයකින් රැගෙන එන ආගන්තුක නව ජීවී විශේෂ සහිත ජලයයි. මෙය සමුද්‍ර දූෂණය කෙරෙහි බලපාන විශාලතම තර්ජන වලින් එකක් බවට පත්වී ඇත්තේ අද ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනයෙන් 90% ක් පමණම නැව් මගින් සිදුවන බැවිනි.
බැලාස්ට් ජලය සමග නව  පරිසරයට එකතුවන ආගන්තුක ජීවීන් බොහෝ විට වෙනත් පරිසරයක සිට
සංක්‍රමණය වූ ආක්‍රමණශීලී ජලජ  ජීවීන්, ශාක හෝ ව්‍යාධීජනකයන් විය හැක. විද්‍යාඥයන් ගණන් බලා ඇති ආකාරයට ලොව වටා වාර්ෂිකව බැලාස්ට් ජලය මෙට්ට්‍රික් ටොන් බිලියන 10-15 දක්වා ප්‍රමාණයක් සංසරණය වන අතර එමගින් දෛනිකව ආගන්තුක ජීවී විශේෂ (Alien Species) 3000 ක් පමණ එක් පරිසරයක සිට තවත් පරිසරයකට සංක්‍රමණය වේ. මෙලෙස සංසරණය වන සියළුම  ජීවී විශේෂ එම චාරිකාව තුළදී හා තමා ඇතුළුවන නව පරිසරය තුළදී නොනැසී නොපවතින අතර එසේ නොනැසී ඉතිරිවන ජීවීන් ආක්‍රමණික ජීවීන් (bio invaders) ලෙස සැලකිය හැකිය.
zebra mussel
බැලාස්ට් ජලය  සමග සංසරණය වූ ලොව කරදරකාරී ජීවී විශේෂ කිහිපයක් නම් comb jelly, sea star, zebra mussel, Asian kelp, European green crab, toxic algae වර්ග හා  cholera ව්‍යාධිකාරක.
Asian kelp
European green crab
 
comb jelly
එලෙසින් බැලාස්ට් ජලය මගින් එක් පරිසර පද්ධතියක සිට වෙනත් පරිසර පද්ධතියකට සංක්‍රමණය වූ   ආගන්තුක ශාක හෝ සත්ත්ව විශේෂ නව  පරිසරයේ භෞතික හා ජෛව රසායනික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව සහිත නම්  නව  පරිසරය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවී පරිසර සමතුලිතතාවයට බලපෑම් ඇති කරයි. එනම්,
·        එම පරිසරයට උරුමකම්කී අනෙකුත් ජීවීන්ගේ ආහාර දාම මත බලපෑම් ඇති කිරීම හා විලෝපිකයකු සේ ක්‍රියා කිරීම,   ඔවුන්ගේ අභිජනන නිකේතන වලට බලපෑම් ඇති කිරීම, ලෙඩ රෝග ඇති කරන පරපෝෂිතයකු සේ  ක්‍රියා කිරීම,   පරිසරයට විෂ එකතු කිරීම,     අධික ලෙස ගහණය වර්ධනයවීම මගින් අනෙකුත් ජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම, ජල සැපයුම් මාර්ග හා කාණු පද්ධති අවහිර කිරීම හා ජල ජීවී වගාවන්ට හානි පැමිණවීම.
එසේම, සංක්‍රමණය වූ  ජීවීන්ගෙන් දූෂිත වූ ජලය පරිභෝජනය කිරීම නිසාත්, සංක්‍රමණික ජීවීන් මගින් විෂ වූ මත්සයන් ආහාරයට ගැනීම නිසාත් විවිධ රෝගාබාධ වැළඳීමටත්,  මරණය වැනි භයානක සෞඛ්‍ය තත්ත්වයන්ට  මුහුණදීමටත් සිදුවිය හැකිය.
මේ තර්ජනයෙන් මිදීමට නම් බැලාස්ට් ජලය මාරු කිරීම ආරක්ෂිතව හා නිසි කළමණාකාරීත්වයකින් යුතුව සිදු කළ යුතුය. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ බැලාස්ට් ජලය පිරිපහදු කර මුදා හැරීමයි. බැලාස්ට් ජල තර්ජනය ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වී ඇති බැවින් ජාත්‍යන්තර සමුද්‍රිය සංවිධානය (IMO) මගින් බැලාස්ට් ජල සම්මුතියක් සකස් කර ඇති අතර ලෝකයේ බොහෝ දියුණු රටවල් බැලාස්ට් ජල කළමණාකරණය සහා ජාතික වශයෙන්ද නීතී සකස් කරගෙන ඇත.
කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයන් නිසි  අයුරින් සිදු නොවන්නේ නම් සාගර පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිවැටීම කිසිවකුට හෝ වළක්වාලිය නොහැක.

මූලාශ්‍ර:

            සැකසුම:

                         K.Y.P. දර්ශිකා- විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

June 27, 2014

ත්‍රිමාණ රූප නිර්මාණය කරන Creo-pop

පසුගිය වසර  තුලදීම Creo-pop  ආයතනයේ නිර්මාණකරුවෝ උණුසුම් (අධික උෂ්ණත්වයක්) නැති ත්‍රිමාණ රූප නිර්මාණය කළ හැකි උපකරණයක් සෑදීමට උත්සහ කළෝය. Wobble works නිපදවු 3 Doodles උපකරණයේ ABS  හෝ PLA  ප්ලාස්ටික් සුත්‍රිකාව මඟින් උණුසුම් කිරීම වෙනුවට නව තාක්ෂණයේ Creo-pop  පෑන සැහැල්ලු සංවේදී තීන්ත භාවිතා කරයි. මෙම තීන්ත පාරජම්බුල කිරණ සඳහා නිරාවරණය වු විට ඝනීභවනය වේ. මේ නිසා වැඩිහිටි හෝ ළාබාල රූපකරණ නිර්මාණ ශිල්පීන්ට උපකරණයේ ඇති අධික උෂ්ණත්වය සහිත කොටසක් පිළිබඳව ආරක්ෂාකාරී වීම අවශ්‍ය නොවේ.

විදුලි ඉස්ත්‍රික්කයට අනපේක්ෂිත ලෙස පිළිස්සුණු කෙනෙකු එහි භයානක බව හොඳින් දනී. ප්ලාස්ටික් දිය කිරීම සඳහා 270ºc ක උෂ්ණත්වයක් භාවිතා කරන ත්‍රිමාණ රූප අඳින පැනක් භාවිතය ආරක්ෂාකාරී නොවේ. කුඩා දරුවන්ද චිත්‍ර ඇඳීම කරන බැවින් එය වඩාත් භයානකය. සාමාන්‍ය හිරු එළියේ රස්නය සහිත බව ප්‍රකාශිත පාරජම්බුල කිරණ ඩයෝඩ භාවිතා කරන Creo-pop  ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකිය .මෙම පාරජම්බුල කිරණ ඩයෝඩය, පෑන් තුඩින් නිකුත් වන ද්‍රව්‍ය එනම් තීන්ත වර්ගය ඝනීභවනය කරයි. එපමණක් නොව මෙහිදී ප්ලාස්ටික් උණුවිමේදී ඇතිවන සැර ගන්ධයද ඇති නොවේ.
සෑම විෂ සහිත නොවන තීන්ත කැප්සියුලය (Capsule) ක් මඟින් මීටර 14 (අඩි 46) ක් දිගක සහ මිලිමී 3ක ඝනකම සමාන ප්‍රමාණයකට නිර්මාණ කළ හැකිය.තීන්ත කාටි්‍රජරය නැවත පිරවීමට තත්පර කිහිපයක් පමණක් ගතවේ.Photo polymer විවිධ වර්ණ වලින් නිර්මාණය කර ඇති අතර සමාගමට තීන්ත වල ගුණාංග වෙනස් කළ හැකිය. දැනට සාදා ඇති තීන්ත අඳුරේදී එළිය විහිදුවයි. විවිධ උෂ්ණත්ව වලදී විවිධ වර්ණ ගැනේ. චුම්භක, ඇඳෙන සුළු (elastic), සන්නායක, සුවඳැති, ශරීරයේ ආලේප කළ හැකි සහ දිලිසෙන යන ගුණාංග සහිත තීන්ත වර්ගද නිෂ්පාදනයේ පවති.

උපුටා ගැනීම:-
Cordless Creo- Pop pen makes 3D sketching cool

ආහාර පාලනය කළත් ශරීර බර අඩු නොවේද?

ස්ථුලතාවය (Obesity) අද ලොව පුරා විශාල සෞඛ්‍ය ගැටළුවක්ව පවතී. ස්ථුලතාවය ලෙස හදුන්වන්නේ ශරීරයේ සාමාන්‍යෙයන් පවතින මේදය ප්‍රමාණයට වඩා වැඩි මේදය ප්‍රමාණයක් තැම්පත් වීමයි. පිරිමියෙකුගේ ශරීර බරින් 25%කට වැඩි ප්‍රමාණයක්ද, කාන්තාවකගේ ශරීර බරින් 35%ට වැඩි ප්‍රමාණයක්ද මේදය තැම්පත් වී තිබේ නම් ඔහු හෝ ඇය ස්ථුලතාවයෙන් පෙලෙන්නෙකු සේ සැළකේ.
ස්ථුලතාවය මැන බැලීමට මිනුම් දඩු කිහිපයක් තිබුනද ඉන් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ BMI අගයයි.

BMI     =                      පුද්ගලයෙකුගේ බර (Kg)
               ------------------------------
                                                 උස (m2)
මෙම අගය       23-25  -           අධික බර (Over weight)
                        25ට වැඩි නම්- ස්ථුල
ස්ථුලතාවයට බලපාන හේතු
·        අධික කැලරි පුමාණයක් දෛනිකව ශරීරයට ලැබෙන තෙල් බහුල/ක්ෂණික ආහාර වර්ග/සීනි අධික ආහාර වර්ග ආහාරයට ගැනීම.
·        ව්‍යායාමවලින් තොර අක්‍රීය දිවි පෙවෙතක් ගත කිරීම.
·        ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම.
·        ආහාරවල තන්තු ප්‍රමාණය අඩු වීම/එලවළු සහ පලතුරු අඩුවෙන් ආහාරයට එක් කර ගැනීම.
·        ඇතැම් ඖෂධ වර්ග දීර්ග කාලීනව ලබා ගැනීම.
·        පරම්පරාවෙන්/ජානමය හේතු
ශරීර බර වැඩි වීම ලෙඩ රෝග ගණනාවකටම හේතුවක්
Ø  කොලෙස්ටරෝල් මේදය වැඩි වීමටත්, හෘද රෝග ඉහල යාමටත් ස්ථුලතානය ඍජුවම බලපායි.
Ø  නින්දේදී අධික ලෙස ගෙරවීම සමහරුන්ට ඇතිව තිබෙන ගැටළුවකි .එය රෝගයකි. එම රෝගය නිසා නිදා සිටින විට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වේ. එහි ප්‍රතිඵලය වන්නේ මොළයට ලැබෙන ඹක්සිජන් ප්‍රමාණය අඩු වීමය. නින්දෙන් අවධි වූ විට හිස රදය ඇති වී උදය කාලයම එය පැවතීම ,අමතකවීමේ ස්වභාවය වැඩි වීම
Ø  ස්ථුලතාවයේ තවත් අතහිතකර බලපෑමක් වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝග තත්වයට ගොදුරු වීමය. ශරීරයේ අධික බර පාදයේ හන්දි වලට දරා ගත නොහැකි වෙයි.මෙහිදී පාද වල හන්දි ඉදිමී ඇවිදීමේ අපහසුතාවය ඇති වේ.
Ø  ස්ථුලතාවය මානසික සෞඛ්‍යයට ද බලපායි. මානසික ආතථිය ,විෂාදය යන රෝග වලට ගොදුරු වීමේ ප්‍රවනතාවය ස්ථුල පුද්ගලයන් තුල වැඩිය. තවද විෂාදයෙන් පෙලෙන රෝගීන් අධික ලෙද ආහාර ගැනීම,නිතර නිදා ගැනීම වැනි පුරුදු නිසාද ස්ථුලතාවය වර්ධනය වේ.  

ශරීර බර අඩු කර ගැනීමට කළ හැකි දේ..
J  දෛනිකව ශරීරයටබ ලැබෙන තෙල් බහුල ආහාර වර්ග ගැනීමෙන් වැලකී සිටීම.(කුඩා කල සිට ක්ෂණික ආහාර වර්ග ගැනීමේ පුරුද්ද ජීවිත කාලයේම පැවතිය හැකිය).
J  අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් වැලකී සිටීම.
J  දිනකට පැය ½ක් වත් ව්‍යායාමයේ යේදීම.
J  දහවල් නිදා ගැනීමෙන් වැලකී සිටීම
J  රාත්‍රී ආහාරය නින්දට පැයකට පමණ පෙර ලබා ගැනීම.
J  කෙදි බහුල ආහාර වර්ග ආහාරයට එක් කර ගැනීම.

සුදු ලූණු ගඳ ප්‍රශ්නයක්ද?

අමිහිරි සුදු ලූණු ගඳ ඔබට අරුමයක් නොමැති බව නිසැකය. ගෙන්දගම් ( සල්ෆර්)  අඩංගු ප්‍රධාන සංයෝග  හතරක් එම දුර්ගන්ධයට හේතු කාරක වේ. සුදු ලූණු අනුභවයෙන් පසු එම සංයෝග රුධිරයට එකතු වී පෙනහළු හා දහඩිය ග්‍රහන්ථි හරහා සිරුරෙන් පිට වේ. නමුත් දුර්ගන්ධයේ තීවුරතාවය ඉන් මද කිදු අඩු නොවේ. පසු ගිය අ‍ප්‍රේල් මස ඔහියෝ(Ohio) රජයේ විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාඥයන් පිරිසක් විසින් පල කළ ලිපියකින් සුදු ලුණු ග‍‍‍‍ෙඳ් අප්‍රසන්නත්වය හීන කරන හොඳම ආහාර හා පාන වර්ග පිලිබඳ අනාවරණයක් කෙරිණ. ඔබට ප්‍රයෝජනවත් ප්‍රායෝගික විසදුම් කීපයක් මෙසේය.



§  ඇපල් ගෙඩියක් කන්න
වාතයට නිරාවරනය වූ පසු කහට පිපෙන පළතුරු වල ඔක්සිකාරක එන්සයිමයක් අඩංගුය. එමගින් ආරම්භ වන රසායනික ක්‍රියාදාමයක් මගින් සුදු ලුණු වල අඩංගු දුර්ගන්ධ කාරක සල්ෆයිඩ අක්‍රීය කරයි.
§  ග්‍රීන් ටී එකක් බොන්න‍
ග්‍රීන් ටී වල බහුලව අඩංගු පොලිෆීනෝල්(polyphenols)  නැමැති ශාක රසායනික මගින් ඉහත කී ක්‍රියාදාමයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වී සුදු ලුණු වල අඩංගු දුර්ගන්ධ කාරක සල්ෆයිඩ සංයෝග  හතරම අක්‍රීය කරයි.
§  දොඩම් යුෂ ටිකක් බොන්න
PH අගය 3.6 ට අඩු ආම්ලික බීම වර්ග මගින් ඇලිනෝස්(Alliinase) එන්සයිමය විනාශ වේ. ඇලිනෝස් යනු සුදු ලුණු පොඩිවීමේදී එහි ඇති දුර්ගන්ධ කාරක සල්ෆයිඩ වල ක්‍රියාකාරිත්වය වැඩි කරන එන්සයිමයකි.
උපුටා ගැනිම :-  How To Cure Garlic Breath By Lindsey Kratochwill (Popular Science)