June 6, 2014

නව පාෂාණමය ග්‍රහයා, සුවිසල් පෘථිවියක් ද?


අභ්‍යාවකාශ විද්‍යාඥාඥයින් විසින් පෘථිවිය හා සමාන පාෂාණමය නව ග්‍රහලොවක් මෑතක දී සොයා ගෙන ඇති අතර, මෙම ග්‍රහලොව අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පවති. එයට පෘථිවිය මෙන් 17 ගුණයක ස්කන්ධයක් හා 2 ගුණයක විශ්කම්භයක් පවතින බව  සොයා ගෙන ඇත.

Kepler- 10 නැමැති ඉපැරණි තාරුකාව වටා බ්‍රමණය වන මේ "සුවිසල් පෘථිවිය" , අප පෘථිවියෙ සිට ආලෝක වර්ෂ 560ක් දුරින් පිහිටි "ඩ්‍රැකො"  (මකර) තාරකා මණ්ඩලයේ පිහිටා ඇත. ඇමෙරිකානු අභ්‍යවකාශ සංගමයේ හමුවකදි ප්‍රකාශයට පත් කෙරුනු මෙම සොයාගැනීම සැමගේ විමතියට කාරණයක් විය.
Draco constallation
"ඒ මේතරම් විශාල ග්‍රහ වස්තු අප දන්නා ආකාරයට පැවතිය යුත්තේ වායුමය ග්‍රහලෝක වශයෙනි." යැයි හාවඩ් හි ජීවයේ සම්භවය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක Dimitar Sasselove මහතා පවසයි.
 මෙම ග්‍රහලොව නිර්මාණය වූ ආකාරය පිළිබඳ තවමත් නිසි අවබෝධයක් නැති වුවත්, එය Kepler - 10c ලෙස නම් කර ඇති අතර එහි විශ්කම්භය 29,000 Km  වන බව සොයා ගෙන ඇත. එය පෘථිවි අගය මෙන් 2.3 ගුණයකි.
අපගේ දැනුමට අනුව ග්‍රහ ලොවක් නිර්මාණය වීමට හා පවතින පරිසරයක ඝන වස්තු සංකේන්ද්‍රගත විය යුතු බවත් මෙහි දී එම මතය වෙනස් වන බවත් ඒ මහතා පවසයි.
පෘථිවිය හා අඟහරු වැනි කුඩා ග්‍රහලෝක හට ගත් ආකාරය සලකන විට Kepler - 10c වැනි ග්‍රහලෝක හට ගැනීමේ දි ඉතා විශාල වායු ප්‍රමාණයක් ඒ වටා එක් කරගෙන තිබිය යුත් බව තව දුරටත් ඒ මහතා පවසයි.

ජීවය පිළිබඳ නව බලාපොරොත්තුවක්!
මේ "සුවිසල් පෘථිවිය" කෙසේ නිර්මාණය වුවත් අප පෘථිවිය හා සමාන මෙවැනි පාෂාණමය ග්‍රහලෝක හමු වීම ජීවය පිළිබඳ නව බලාපොරොත්තු ඇති වීමක් බව ඒ මහතාගේ අදහසයි.
අප දන්නා විද්‍යාවට අනූව ජීවයේ සම්භවය විස්තර කෙරෙනුයේ භූගර්භ-රසායන විද්‍යාවට අනූව වන බවත් ඒ පිලිබඳව අපගේ දැනුම ඉතාම ප්‍රාථමික මට්ටමේ පවතින බවත් ඒ මහතා පවසයි. තවද NASA ආයතනය ට අනූව තම Kepler අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ඡායාරූප ගත කල ග්‍රහ වස්තු අතරින් 75%  පමණ පෘථිවියට වඩා 4 ගුණයක් වත් විශ්කම්භයෙන් කුඩා වේ.
මෙම ග්‍රහලොව ගැන තව දුරත් අධ්‍යනය කල යුතු බවත් එය වටා වායුගෝලයක් පවතී ද?, එසේ නම් එය පෘථිවියේ මෙන් තුනී පටලයක් ද, නැතිනම් H2 හා He වලින් පෝෂිත වඩා විශාල වායුගෝලයක් ද යන බව දැන ගත යුතු බවත් අභ්‍යවකාශ විද්‍යාඥ Lars Buchhave මහතා පවසයි.

-          CBC news ඇසුරෙනි -

0 comments:

Post a Comment