Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 25, 2019

මොළයේ සිතුවිලි රටා කථනයට "පරිවර්තනය"

වාග් සංස්ලේෂණය හා කෘතිම බුද්ධියේ විවිධාකාර සංයෝජන භාවිතා කර සිතුවිලි, කථනය බවට පරිවර්තනය කරන චතුර ක්‍රමයක් නිර්මාණය කිරීමට කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වි ඇතැයි වාර්තා වේ. 

මොලයට කාර්යක්ෂමව සම්බන්ධවීම සහ ඇහුම්කන්දීම මගින් මොළයේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඉන්පසුව ඒවා වචන බවට පරිවර්තනය කිරීමට නව තාක්ෂණයට හැකිය. දැනට මෙම හැකියාව සීමිත නමුත් එයට විශාල ශඛ්‍යතාවයක් ඇති බව පර්යේෂකයන්ගේ විද්‍යාත්මක වාර්තා වල සදහන් වේ. 

එමගින් පරිගණක හා සන්න්වේදනය කිරීමේ ක්‍රමයක් පමණක් නොව එය යම්දිනක කථා කිරීමේ හැකියාව නැති ආබාධිතයන්ගේ හා රෝගීන්ගේ ජිවිතයේ විශාල පෙරලියක් සිදු කිරීමට සමත් වනු ඇතැයි වාර්තාවේ සදහන් වේ. නිදසුනක් ලෙස අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ට විද්‍යාඥ Stephen Hawking (ස්ටෙෆාන් හෝකින්ස්) වැනි ආඝාත ඇතුළු විවිධ රෝග නිසා amyotrophic පාර්ශවිය ඉන්ද්‍රිය අකර්මන්‍ය වූ රෝගීන්ට නව ජීවයක් ලැබෙනු ඇත.

අප කථා කරන විට හෝ කතාකිරීමට සිතන විට පවා මොළයේ සක්‍රිය වන තතු හඟවන ක්‍රියාකාරී රටා මත මෙම ක්‍රියාවලිය බැදී තිබේ. වෙනත් කෙනෙකු කතාවට අප සවන්දෙන විට හෝ එවැන්නක් සිතනවිටදී  මේ ආකාරයෙන්ම විවිධ වෙනත් රටා (චිත්තාවේග) මොළයේ  ඇතිවේ.

වර්ණාවලි විස්ලේෂණය කරන පරිගණක මාදිලි උපයෝගයෙන් මොළයේ ක්‍රියාකාරකම් කියවීමට මින්පෙර උත්සාහයන් යොමු වුවද ඒවා සාර්ථක වි නැත. කෘතීම බුද්ධි vocoder වූ  Apple for Siri සහ Amazon for Alexa මත හදා ගත් තාක්ෂණයක් මෙම නව ශිල්පිය ක්‍රමය සදහා භාවිතා කර තිබේ.

Vocoders යනු කථන සංස්ලේෂණයට සමත් පරිගණක ඇල්ගොරිතම වර්ගයකි. නමුත් එය පළමුව පටිගත කරන ලද මිනිසුන්ගේ කතාවලට පුහුණු කළ යුතුය. මෙම විශේෂ අධ්‍යනයේදී මොළයේ ශල්‍යකර්මවලට භාජනය වූ අපස්මාර රෝගීන් පස්දෙනෙකුගේ අධාරයෙන්  Vocoder පුහුණු කිරීමට  අධ්‍යනයේ ප්‍රධානියා වූ  කොලම්බියා විශ්ව විද්‍යාලයේ Mortimer B. Zuckerman නම් මොළයේ හැසිරීම සම්බන්ධ ආයතනයේ Nima Mesgarani (නිමා මෙස්ගරනි) කටයුතු කළේය. එලෙසම අපස්මාර රෝගීන්ට විවිධ පුද්ගලයන්ගේ කතාවලට සවන්දීමට සලස්වා එම අවස්ථාවලදී අපස්මාර රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර තිබේ.

අත්හදා බැලීම ඇත්තෙන්ම ආරම්භ වුයේ ඉන්පසුවය. ඇල්ගොරිතමය සහභාගී වූවන්ගේ චිත්තවේගයන් "කියවීමට" සමත් වූවාදැයි සොයා බැලීමට පර්යේෂකයින් වරකට එකම කථිකයා බැගින් ගෙන ඔහු හෝ ඇය ගේ පටිගත කරන ලද 0 සහ 9 අතර සංඛ්‍යා අනුපිළිවෙලවලින් කියවීම, නැවත වාදනය කළෝය. එම වාදනයන් සදහා  අපස්මාර රෝගීන්ගේ මොළ දැක්වූ  සංඥා වාර්තා කර තබා ගෙන vocoder තුලින් නිරීක්ෂණය කර තිබේ. කෘතීම බුද්ධි ස්නායුක ජාලයන් මගින් vocoder ප්‍රතිඵල පරීක්ෂා කිරීම මෙන්ම  "පිරිසිදු" කිරීම සිදු කරන ලදී. අවසානයේදී, රොබෝටික් (කෘත්‍රිම) ශබ්දයන් විසින්  0 සහ 9 අනුපිළිවෙලින් නිවැරිදිව  නැවත නැවත කියවීම සිදු විය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/XtKHynSc4a0?t=10

February 22, 2019

මදුරුවෝ, ආහාර පත්‍ය ඖෂධ භාවිතා කරන මිනිසුන්ට අකමැතිද?


පර්යේෂකයන් තරබාරුකම සඳහා මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කළ ඖෂධවලින් මදුරුවන් පෝෂණය කළේය. ඉන්පසු මදුරුවන්, උන්ගේ ඊළඟ ආහාරවේල සදහා  මිනිසුන් දඩයම් කිරීමට ඇති උනන්දු අඩුවූ බව වාර්තාවේ.

Aedes aegypti විශේෂයේ ගැහැණු මදුරුවන්ට ඔවුන්ගේ බිත්තර නිසි ලෙස වර්ධනය කිරීම සඳහා අපගේ ප්ලාස්මා හි අඩංගු පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. ඔවුන්ගේ පිපාසය නොසන්සිදෙන බවක් පෙනෙන්නට තිබුණත්, මෙම ගැහැණු මදුරුවන් රුධිරය ප්‍රමාණවත් තරම් උරා බීමෙන් පසුවද අපගේ රුධිරය රස කිරීමට කාලය ගත කරයි. ලේ  උරාබිමෙන් පසුව උන්ගේ ශරීරයේ බර දෙගුණයක් වන අතර දින කිහිපයක් යනතුරු නැවත මිනිසුන්ගේ ලේ උරාබීමට උනන්දු නොවේ.

මදුරුවාගේ රාත්‍රී ආහාරයෙන් පසුව වූ ප්‍රතිප්‍රාප්ති අධියරේදී, මදුරුවන් තමන් ආහාර ගෙන ඇතැයි යන සිතුවිල්ලෙන් රැවටීමට නිව්යෝක් හි   Rockefeller (රොක්ෆෙලර්) විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය පර්යේෂක Laura Duvall (ලෝරා ඩුවොල්) සහ ඇගේ කණ්ඩායම උත්සහ කළෝය. ජාන විද්‍යාව, ස්නායු විද්‍යාව සහ හැසිරීම් අධ්‍යනය කරන Leslie Vosshall  (ලෙස්ලි වොස්සාල්) ගේ පර්යේෂණාගාරයේ ඩුවොල් වැඩ කළ බැවින් වොස්සාල් “අපේ අදහස වූයේ මිනිසාගේ ආහාර ගැනීමෙන් ඉවත් කළ හැකි ඖෂධ සමහරවිට මදුරුවන් ආහාර ගැනීමෙන් වළක්වනු ඇතැයි." යැයි ප්‍රකාශ කළේය.

තරබාරුකම සඳහා මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ලද ඖෂධ මදුරුවන් පානය කළ විට, උන් ඊළඟ මිනිස් ආහාර දඩයම් කිරීමට උනන්දු නොවුණු බව රොක්ෆෙලර් පර්යේෂකයින් හඳුනාගෙන තිබේ. එහෙත් ආහාර පත්‍ය ඖෂධවලට ඇත්ත වශයෙන්ම මදුරුවා ක්‍රියාකරන ආකාරය තේරුම් ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.

එමනිසා මෙම ආහාර බෙහෙත් එකිනෙකට සම්බන්ධ වී ඇති receptor (ග්‍රාහක) ප්‍රෝටීන වෙන් කරන ලදි. NPYLR7 නමින් හඳුන්වන ග්‍රාහකයා, මිනිසුන් තුළ කුසගින්න පාලනය කරන ග්‍රාහකයාට බොහෝසේ සමානය. මෙම NPYLR7 ග්‍රාහකය මදුරුවන්ට ලබා දුන් විට, ඖෂධය කෘමීන්ගේ ආහාර රුචිය තවදුරටත් නැති කළ බැවින් නිවැරදි ප්‍රතිග්‍රාහකයක් ඇති බව පර්යේෂකයෝ දැන ගත්හ. මෙම සොයාගැනීම පර්යේෂකයෝ Cell සඟරාවේ විස්තර කර ඇත. ඇත්ත වශයෙන්ම,වෙනස් වූ මදුරුවන් සියල්ලම අතෘප්තිමත් විය. එබැවින් npylr7 විකෘතිය සැබවින්ම පුදුම එලවන සුළුය. මදුරුවන් විශාල ලෙස රුධිර ආහාර ගැනීමෙන් පසුව පවා මිනිස් රුධිරය පිපාසයෙන් පසු වුහ.

පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මක විය යුතුය. එහෙත් ඩෙංගු හා කහ උණ වැනි මදුරුවන් විසින් බෝකරන  රෝග පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රවේශයක්  නව ක්‍රමයෙන් සැපයිය හැකි වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර  

විද්‍යා අධ්‍යාපනය සදහා විද්‍යාවේ ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය


විද්‍යාව සොයා ගන්නේ කුමක්ද පමණක් නොව විද්‍යාව ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වැඩි වශයෙන් විද්‍යා අධ්‍යාපනයට ඇතුලත් විය යුතු බව  විද්‍යාඥයෙකු හා ප්‍රතිපත්ති උපදේශිකාවක් වූ ලුසී ජෝන්ස් පවසා තිබේ.

"අපි විද්‍යාව භාවිතා කරන ආකාරය ගැන අපේ සමාජයේ අර්බුදයක් පවතිනවා යැයි පිළිගැනීමට අප බොහෝදෙනා එකඟ බව මා සිතනවා. සමහර පාර්ශ්වයන්  දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම ගැන අප සියලු දෙනා දන්නවා. එන්නත්කරණයට විරුද්ධ වීමට විවිධ හේතු දක්වනවා."

භූකම්පන පිළිබද විශේෂඥතාවයක් ඇති භූවිද්‍යාඥ සහ භූමිකම්පා අවදානම පිළිබඳ ප්‍රතිපත්ති උපදේශක ලුසි ජෝන්ස් මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගිය පෙබරවාරි 17 වන දින “වොෂිංටන්හි විද්‍යාවේ දියුණුව” සදහා වූ ඇමෙරිකානු  සංගමයේ වාර්ෂික සමුළුව අමතමිණි.

"අප මෙහිදී දකින විද්‍යාත්මක ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි වටහා නොගත් සැලකිය යුතු කොටසක් සමාජයේ සිටිනවා. විද්‍යාත්මක තොරතුරු යනු සත්‍ය යැයි විද්‍යාඥයන් පවසන නිසා තමන්ටද සත්‍යයැයි විශ්වාෂ කිරීමට සිදුවූ තොරතරු විශේෂයක් යන සිතුවිල්ලෙන් ඔවුන් විද්‍යාත්මක තොරතුරු දෙස බලයි. එම අධිකාරිය ඔබ විශ්වාස කරන්නේ නම් පමණක්, එය විශ්වාශ කිරීම සදහා ඔබ තවත් අය යොමු කරයි. "

මේ අනුව 2016දි ආරම්භ කළ “විද්‍යාව හා සමාජය (Science and Society)” සදහා වූ ආචාර්ය ලුසී ජෝන්ස් ආයතනය විසින් මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයින්, ඔවුන්ගේ ප්‍රජාවගේ ප්‍රබලතාව වැඩි දියුණු කිරීමට හෝ බලගැන්විම සඳහා විද්‍යාත්මක තොරතුරු භාවිතා කිරීමට පොළඹවනු ලැබේ. තවද විද්‍යාඥයින් හා සමාජය අතර ඇති පරතරය පිළිබඳ ගැටලුවට විසඳුම් සදහාද ඇයගේ යෝජනා ඉදිරිපත් කර තිබේ.

"මහජනතාවට හෝ සම්පුර්ණ ප්‍රජාවට විද්‍යාත්මක අධ්‍යාපනය ලබාදීමේදී ප්‍රතිඵල වලට වඩා ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එය අන්තර්ජාලය විසින් සැබැවින්ම වෙනස් කර ඇති තත්වයකි. අපේ  පාසැලේ වියේදී, කරුණු ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, පර්යේෂණ කිරීම පටන් ගැනීම සඳහා ගුරුවරුන්ගෙන් එය ලබාගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් තරම් පාඩම් ඉගෙන ගත යුතුය. නමුත් දැන් තත්වය ඊට වෙනස්ය ඔබට ප්‍රතිඵලය/දැනුම  අවශ්‍ය නම් ඔබේ පරිගණකයෙන් එය ලබාගත හැකිය. අප කළ යුතු දෙය වන්නේ දරුවන්ට ඉගැන්වීම නොවේ. නිදසුනක් ලෙස, ඩයිනෝසෝරෝ කුකුළන් බවට පරිණාමය වී ඇත.”යන්න සළකමු එයින් දැක්වූ සම්බන්ධතාවය වඩා නිවැරදිව හඳුනාගැනීමට නම් ‘'ඩයිනෝසෝරස්-සහ-කුරුළු විශේෂයන් අතර සම්බන්ධතාවය’ පිළිබද වෙබ් අඩවිය, ‘අපි අඟහරු සිට පැමිණි අමුත්තන්ගෙන් පැවත එන්නෙමු.’ යන වෙබ් අඩවියට වඩා  විශ්වාසවන්ත වේ. මෙම වෙබ් අඩවි දෙකම අන්තර්ජාලයේ ඇත.එනිසා මෙම වෙනස හඳුනාගැනීමට දරුවන් යොමු කළ යුතුයි.” ඇය තවදුරටත් පවසා තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

February 20, 2019

චිම්පන්සියන්ගේ Mini-Brains (කුඩා මොළ) රසායනාගාරයේදී විශාල ප්‍රමාණයෙන් නිපදවීම.


රසායානාගාරයේදී සංවර්ධනය කළ චිම්පන්සියන්ගේ  "කුඩා මොළ (mini brains)" දුසිම් ගණනක ආධාරයෙන්  අපගේ පැවැත්ම පිළිබඳව එනම් “මිනිස් මොළය මෙලෙස වර්ධනය වූයේ කෙසේද?” වැනි  වඩාත් ගැඹුරු ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට විද්‍යාඥයන් සමීපව සිටියි.

මිනිස් වර්ගයාගේ ජනගහන ඝනත්වය ඔවුන්ගේ ප්‍රමාණයේ බොහෝ සත්වයන්ට වඩා වැඩිය. අසාමාන්‍ය භූගෝලීය පරාසයක අප ජීවත් වන අතර බලශක්ති හා පදාර්ථ වල අපුර්ව ගලා යාම බොහෝසේ පාලනය කිරීමට අපට හැකිවී තිබේ. අපගේ ගෝලීය බලපෑම ඉතා විශාලය. කලාත්මක නිර්මාණ, සංගීතය, ගෘහනිර්මාණ ශිල්පය වැනි මිනිසාගේ සුවිශේෂී නිර්මාණ මගින් අපගේ බුද්ධිය, සන්නිවේදන බලය, දැනුම ලබාගැනීම හා බෙදාගැනීමේ හැකියාව සහතික වන අතර එනිසා මිනිසුන් සැබැවින්ම වෙනස් සත්ව වර්ගයන්ට වඩා කැපී පෙනේ.

අපේ පරිණාමන අවධියේ දී, මිනිස් මොළයේ නොසිතූ විරූ වේගවත් වර්ධනයක් ඇති විය. මෙම වර්ධනයන්ගෙන් බොහොමයක් සිදු වුයේ අපගේ මොළයේ වඩාත් ඈත්ව පිහිටි රැළි සහිත ස්වරූපයක් සහිත neocortex කොටසේය. එය භාෂාවන් සඳහා භාවිතා කිරීමට සූදානම්ව සිටින, අමුර්ත සිතුවිලි සහිත සහ සතුටට පත්විය හැකි සලකුණු වන සුපිරි හැඳිනීමේ ඥානය යන බුද්ධි බලවේගයන්ගෙන් සමන්විත වේ.

මේ අවසාන "ඉහළ මට්ටම" සැබවින්ම ලැබීම හෝ වර්ධනයවීම සිදු වූයේ කෙසේද? පිළිබදව තම අධ්‍යනයේ විස්තර කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ විශ්ව විද්‍යායාලය විසින් මෙහෙයවන ලද පර්යේෂකයින් විසින් journal Cell සඟරාවේ වාර්තා කර තිබේ. මුල් මිනිස් සංහතියට සාපේක්ෂව මිනිස් මොළය වර්ධනය හෝ පරිණාමනය  වූ ආකාරය ගැන නව සොයා ගැනීම් කිහිපයක් සැන් ෆ්රැන්සිස්කෝ විශ්ව විද්‍යායාලය මෙහෙය වූ පර්යේෂණ කණ්ඩායම විසින්  macaque (මාකේක්) යන දකුණු ආසියාවට සම්බන්ධ වඳුරු වර්ගයක් සහ රසායනාගාරයේ petri (පෙට්‍රි /කුඩා රසායනික) තැටි වල සංවර්ධිත චිම්පන්සින්ගේ කුඩා මොලවල් සමග සංසන්ධනය කිරීමෙන් අධ්‍යයනය කර ඇත. '' Cellular anthropology (වචනාර්ථයෙන් සෛලීය මානව විද්‍යාව) '' ලෙස හැඳින්වෙන මෙමගින් මිනිසුන්ට සුවිශේෂී ජාන වෙනස්කම් සිය ගණනක් හඳුනාගෙන තිබේ.

"උපතින්ම මිනිස් මොළයේ cortex චිම්පන්සින්ගේ මෙන් දෙගුණයක් තරම් විශාලය. එබැවින් මෙම අතිවිශාල වර්ධනයට මඟ පාදන සිදුවීම් තේරුම් ගැනීම සඳහා අප කලලරූපී සංවර්ධනයේ මුලික හෝ එවැනි පසුබිමකට  ආපසු යා යුතුයි." stem (ප්‍රාථමික) සෛල හා පඨක ජීව විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්ය Arnold Kriegstein (ආනොල්ඩ් ක්රිග්ස්ටයින්) ප්‍රකාශයක් කර තිබේ.

මෙම "කුඩා මොළය" යනු ආචාර්ය ෆ්රැන්කෙන්ටින්ගේ අඩු ප්‍රසිද්ධ අත්හදා බැලීම් මෙන් ජාර් එකක ඇති ඇත්තවශයෙන්ම කුඩා මොළ නොවන බව සැලකීම වැදගත්ය වන අතර ඒවා සැබෑ අදහස් හෝ යම් මට්ටමක දැනීමක් ඇති කර ගැනීමට හැකියාවක් නැති සත්වයන්ගේ මොළ අනුකරණය කිරීමෙන් වර්ධනය කළ මොළයේ සෛල පොකුරු බව වාර්තා වේ.

මිනිස් (වම්) සහ චිම්පන්සි (දකුණ) මොළයේ ඓයන්දරියන්, බහුවිධි stem ස්නායු සෛල (රතු සහ කොළ) සහ පරිණත මොළයේ සෛල ((magenta and cyan /මැජෙන්ටා සහ සයන්) වලින් සමන්විත වේ.මෙම කණ්ඩායම මිනිස් හා චිම්පන්සිගේ මොළයේ ඓයන්දරියන් පිලිබදව සමීපව කටයුතු කළ අතර නිශ්චිත සෛල වර්ග සහ ජාන ක්‍රියාකාරිත්වය මොළයේ වර්ධනයට හේතු නිරීක්ෂණය කරන ලදී. සමස්තයක් වශයෙන්, මිනිස් මොළය සමග සම්බන්ධ වන සුවිශේෂී සෛල වර්ග සිය ගණනක් සහ ජානමය වෙනස්වීම් ඔවුන් සොයා ගෙන තිබේ. පිටත radial glia (රේඩියල් ග්ලියා) නම්  සංකීර්ණ වූ පුර්වග ස්නායු සෛල හා  mTOR මාර්ගය ලෙස හැඳින්වෙන ප්‍රධාන වර්ධන සංඥා ජාලයක් මත එවායේ බලපෑම කෙරහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය. මෙම කණ්ඩායම විස්තර කළේ "පරිණාමය අවධියේ විශේෂයෙන් ඉලක්ක කෙරුණු මෙම සෛලවල අණුක ගමන් මාර්ගය සොයාගැනීම විශේෂයෙන් සිත් ගන්නා සුළු බවත්  සහ ඒවා උසස් මිනිස් බාහිකයක් (cortex) උත්පාදනය කිරීමේදී ඔවුන්ගේ විශේෂ කාර්යභාරය විස්තර කිරීමට උපකාර විය හැකි බවත්ය.

චිම්පන්සි මොළයේ කුඩා අවයව, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ  හැකියාව අධ්‍යනය මගින් සාර්ථක කළ පළමු කටයුත්ත විය. ශරීරයේ ඇති ඕනෑම පටක බවට යලි සකස් කළ හැකි සමේ stem සෛල වර්ගයක් වන pluripotent stem (IPSCs) සෛල ආරම්භයේදී මෙම කණ්ඩායම විසින් එකතු කරන ලදී. IPSCs භාවිතා කරමින්, ඔවුන් පසුව චිම්පන්සි 8 ක් සහ මිනිසුන් 10 කගේ සමෙන් ලබාගත් stem සෛල වලින් ඓයන්දරියන් 56 ක්ම වර්ධනය කිරීමට සමත් විය.

"වැඩිහිටි චිම්පන්සියන්ගෙන් සමේ සෛල ලබා ගැනීම, ඒවා iPSCs බවට පරිවර්තනය කර පසුව, රසායනාගාරයේ දී ඒවායේ සංවර්ධන පිළිබද කළ අධ්‍යනයන් ඉතා මවිතකරයි. එය වසර 10 කට පෙර සිදුවිය නොහැකි විද්‍යා ප්‍රබන්ධ අත්හදා බැලීමකි. " Kriegstein (ක්රිග්ස්ටින්) පැවසීය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

February 18, 2019

සොබා දහම සහ නැනොා්


  ලම්ප්රොස්ෆස්   අග්ගස්ටස් මෙහි බ්රසීලියානු කුරුමිණියා  ඉතා අගනා විශේෂයකි.  මෙම විස්මයජනකයන්   අධ්යයනය කළේ යූටා විශ්ව විද්යාලයේ පර්යේෂකයින් විසිනි. විද්යාඥයන් විසින් වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කරන ලද ස්ඵටික ව්යුහයක් ලෙස හඳුන්වනු ලබන කුරුමිණීන්ගේ තරාතිරමේ සමබරතාවයක් ඇති බව සොයාගෙන ඇත. 

February 15, 2019

එන්නත්කරණ අනුපාතය 500% ක් දක්වා වැඩිවීම


වොෂිංටන්හි ක්ලාක් ප්‍රාන්තය සරම්ප රෝගය පැතිරීයාමේ තර්ජනයට මුහුණ දී ඇති අතර එන්නත් සඳහා ඉල්ලුම පස් ගුණයකින් පමණ වැඩි වී තිබේ. මෙයට වෛරසයෙන් ආරක්ෂාවීමට ඇති ප්‍රතිශක්තිකරණය සදහා වූ එන්නත්කරණයෙන් වැලකි සිටි දෙමව්පියන් මුලිකවී ඇති බව කයිසර් සෞඛ්‍ය පුවත් වාර්තා කරයි.

උදාහරණයක් ලෙස, 2018 ජනවාරි මාසයේ දී Vancouver (වැන්කුවර්) සායන මධ්‍යස්ථානය  ප්‍රතිශක්තිකරණය සදහා එන්නත් 263 ක් පමණක් ලබාදී ඇති නමුත් 2019 ජනවාරි මාසයේ දී එන්නත් 1,444 ක් ලබාදී ඇති බව වාර්තා වේ. මේ අතර, ප්‍රාන්තයේ 2018 ජනවාරියේදී සිදු කළ 530 ක් පමණක් වූ එන්නත්කරණයන් 500% ක පමණ ප්‍රමාණයකින් ඉහළ යමින්  2019 ජනවාරිය සදහා එන්නත්කරණ  5,130 ක් ඇණවුම් කර ඇත.

මෙම ඉල්ලුම වැඩි වශයෙන් පැහැදිලිව පැමිණ ඇත්තේ, ආචාරධර්ම හේතුන් හෝ  එන්නත්කරණය හා ස්වේච්චතා අතර සොයා නොගත් සම්බන්ධතාවය පිළිබද කටකතා නිසා  තම දරුවන් එන්නත් ලබා නීමෙන් වළක්වාලු දෙමාපියන්ගෙන්ය. මේ අතර ජීවිතයට තර්ජනාත්මක ආසාත්මිකතාවයක් හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගාබාධවලින් දුර්වල වීම හෝ රසායනික චිකිත්සනය යනාදී   හේතු නිසා රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථාන (CDC) මගින් ඉදිරිපත් කරන ලද එන්නත් වලින් වැළකී සිටීම සඳහා නීත්‍යානුකූල වෛද්‍ය උපදෙස් සහිත අවස්ථාද මේ අතර ඇති නමුත් ඒවා බොහෝ දුරට සුළු වශයෙන් බවත් වාර්තාවේ සදහන් වේ.

CDC මඟින් සරම්ප රෝගයෙන් වැළකීමට, එන්නත ( MMR) මාත්‍රා දෙකකින් ලබා දෙයි. පළමු මාත්‍රාව මාස 12 සිට 15 දක්වා කාලයේදීද දෙවන මාත්‍රාව අවුරුදු 4 සිට 6 දක්වා කාලය තුලදී ලබා දෙයි.

"සරම්ප එන්නත පරිපූර්ණ නොවේ, නමුත් එක් මාත්‍රාවකින් රෝගයෙන් වැළැකීමේ ප්‍රතිශතය සියයට 93 ක් මාත්‍රා දෙකකින් එම ප්‍රතිශතය සියයට 97 දක්වා වැඩි වේ " ක්ලාක් ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරියෙකු සහ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ Dr Alan Melnick (වෛද්‍ය ඇලන් මෙල්නික්) ප්‍රකාශ කරයි.

නිලධාරීන්ගේ ඇස්තමේන්තුවට අනුව 2017-18 පාසල් වර්ෂයෙදී ක්ලාර්ක් ප්‍රාන්තයේ බාලාංශ ළමයින්ගෙන්  76.5% ක් පමණක් ප්‍රතිශක්තිකරණයන් සදහා අවශ්‍ය සියලු එන්නත් ලබාගෙන තිබුණු නමුත් එය සමුහ ප්‍රජා ප්‍රතිෂක්තිකරණයක් සදහා ප්‍රමාණවත් නොවිය. සමුහ ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් සදහා බාලාංශ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය  සියයට 90 ත් 95 ත් අතර විය යුතුය. තව ද, වළක්වාගත හැකි රෝග සඳහා එන්නත් නොලැබූ එක්සත් ජනපදයේ ළමුන්ගේ සංඛ්‍යාව 2001 සිට මේ දක්වා සිව් ගුණයකින් වැඩි වී තිබේ.

"රෝගය පැතිරීයාමේ තර්ජනය නිසා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බොහෝදෙනා දැන් පැමිණෙනවා ඒ  සදහා අප සුදානම්.අවශ්‍ය තරම් එන්නත් තිබීම නිසා අප සතුටු වෙනවා” යැයි  Sea Mar ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ආසාදන පාලන හෙදියක් වන Virginia Ramos (වර්ජිනියා රාමොස්) කයිසර් සෞඛ්‍ය පුවත් වෙත පැවසීය.



ක්ලාක් ප්‍රාන්තයේ පමණක් තහවුරු කර ඇති සරම්ප රෝහි තත්ව 53 ක් බව රාජ්‍ය වාර්තා පෙන්වා දෙයි. නමුත් තවත් බොහෝ දෙනෙකුට මේවනවිට  රෝගය පැතිරී ගොස් ඇතැයි සැක කෙරේ. මෙම රෝගීන්ගෙන් අවම වශයෙන් 47 ක්වත් රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය සදහා එන්නත් ලබාගෙන නොතිබුණි. තවත් අවස්ථාවකදී, රෝගියාට MMR එන්නතෙහි නිර්දේශිත මාත්‍රා වලින් මුල් දෙක පමණක් ලබාගෙන ඇති අතර ඉතිරි  ප්‍රතිශක්තිකරණ මාත්‍රා පහ ලබාගැනීම පිළිබද සත්‍ය තවමත් තහවුරු කර නොමැත.

මෑත වසරවල දී සරම්ප රෝගීන්ගේ වර්ධනය සිදුවී ඇත්තේ වොෂිංටන් ප්‍රාන්තයේ පමණක් නොවේ. නිව් යෝර්ක් නගරයේ සහ නිව්යෝර්ක් ප්‍රාන්තයද වසංගතවලට මුහුණ දෙමින් සිටින අතර, පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම  වාර්තාවකට අනුව, යුරෝපයේ දැන් සරම්ප රෝගීන් සංඛ්‍යාව  2016 දී මෙන් 15 ගුණයකින් වැඩි වී ඇති බව සොයාගෙන තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/i1AiyjMRsKc?t=57

දියවැඩියාවට ප්‍රතිකාර සදහා ස්ටෙම් සෛල භාවිතය


දියවැඩියාව යනු අග්න්‍යාශයේ ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීමට නොහැකි හෝ ශරීරය නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වීමේ කල්පවතින රෝගී තත්වයකි. ඉන්සියුලින් යනු රුධිර සීනි පාලනය කරන හෝමෝනයකි. Hyperglycaemia (අධිමධුරක්තිය/හයිපගලයිසීමියා) හෝ අධික රුධිර සීනි යනු දියවැඩියාව පාලනය නොවීමෙන් ඇති වන පොදු බලපෑම වන අතර කාලයත් සමඟම බොහෝ ශරීර පද්ධතීන්ට, විශේෂයෙන්ම ස්නායු හා රුධිර වාහිනීවලට බරපතල හානි සිදු වේ.

දියවැඩියාව වර්ග 1 රෝගී තත්වයේදී ඉන්සියුලින් නිපදවීම අඩු බැවින් දිනපතා ඉන්සියුලින් කළමණාකරණය කිරීම අවශ්‍ය වේ. වර්තමාන දැනුම මගින් දියවැඩියාව වර්ග 1  වළක්වා ගැනීම අපහසු ලෙස සැළකේ. දියවැඩියාව වර්ග 1 හි දී, රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන හෝමෝනයක් වූ අග්න්‍යාශයේ  බීටා සෛල විනාශ වීම නිසා ශරීරයට ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිපදවීම අපහසු වේ. රුධිරයේ සීනිවල පැතිරීම වකුගඩු ඇතුළු විවිධ රෝගී තත්ව වර්ධනය හා මරණය වැනි බරපතල තත්වයන් ඇති විය හැක. ඒ නිසා රෝගීන් දිනපතා ඉන්සියුලින් ලබා ගත යුතුය.

"ඉන්සියුලින් එන්නත් වැනි වත්මන් චිකිත්සාවන් රෝගයේ රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීමක්" යැයි පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන කැලිෆෝර්නියා සැන් ෆ්රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ (UCSF) Dr. Gopika Nair (ආචාර්ය ගෝපිකා නයර්) ප්‍රකාශ කළේය. " අවසානයේ රෝගය නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් සදහා වූ සාර්ථක මාර්ග කිහිපයක් ඉලක්කර ගැනීම අපේ කාර්යයි."

පර්යේෂකයන් දිගු කාලයක් තිස්සේ අක්‍රිය බීටා සෛල අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබේ. රෝගීන්ට බද්ධ කළ හැකි ස්ටෙම් සෛල භාවිතා කිරීම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා හොඳ යොදා ගැනීමක් වුවත්, විද්‍යාගාරය තුලදී බීටා සෛල සම්පුර්ණයෙන්ම පරිණත කර ගැනීමට මෙතෙක් සමත් වි නැති බැවින් විද්‍යාගාරයේදී ඒවා නිර්මාණය කිරීම දුෂ්කර වී ඇත.

ජීවි අග්න්‍යාශය තුල සෛල සංවිධානය කෙරුණු ආකාරය හා වෙන් කරන ආකාරය පිටපත් කිරීමෙන් මෙම බාධාව ජයගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් විය. බීටා සෛල පොකුරු (islets) වශයෙන් දක්නට ලැබේ. විද්‍යාඥයින් මෙම පොකුරු ලෙස ගොඩ නැගීම, වැදගත් මෙන්ම සලකා බැලිය යුතු ක්‍රියාවලියක් ලෙස හදුනාගෙන එය අනුගමනය කරමින්  අර්ධ වශයෙන් වෙන් වූ අග්න්‍යාශයික සෛල වෙන් කොට විද්‍යාගාර දිසි තුල කුඩා පොසිල පොකුරු (islets) සකස් කර තිබේ. මෙමගින් බීටා සෛලවල පරිණත වීම ආරම්භ වීමක් සිදුවිය. එම පරිණත බීටා සෛල ඉන්සියුලින් නිපදවීමට පමණක් නොව මීට පෙර හොදින් හඳුනාගෙන නොතිබුණු ඇල්ෆා සහ ඩෙල්ටා සෛලද මේ ආකාරයෙන් පරිණත වීම ආශ්චර්යක් වූ බව වාර්තාවේ.

"අපගේ ශරීරවල ඉන්සියුලින් නිපදවන බීටා සෛල වලට පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වයෙන් සමාන ඉන්සියුලින් නිපදවිය හැකි සෛල උත්පාදනය කිරීමට දැන් අපට හැකියාව තිබේ. මෙය දියවැඩියාව රෝගීන් සඳහා බද්ධ කළ හැකි සෛල සෑදීමේ අපගේ ඉලක්කයේ තීරණාත්මක පියවරක් "යැයි  පර්යේෂණයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙක් වූ  UCSF හි මහාචාර්ය Matthias Hebrok (මතියස් හෙබ්රොක්) පැවසීය.

ඉන්පසු පර්යේෂණ කණ්ඩායම විද්‍යාගාරයේ නිපදවූ බීටා සෛල පොකුරු (islets) මියන්ට බද්ධ කරන ලද අතර ඉන් දින කිහිපයක් ඇතුළත ඒවා මියන්ගේ රුධිරයේ සිනි පාලනයට අදාල වනසේ ඉන්සියුලින් නිපදවන බව සාර්ථකව නිරීක්ෂණය කර තිබේ.

“නිසැකවම, මෙය නිවැරදි දිශාවටම මුල් පියවරක් වන අතර, ඇත්ත වශයෙන්ම ප්‍රයෝගික භාවිතය සදහා මානව පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය වේ. විද්‍යාගාරයේ සොයාගැනීම් රෝහල වෙත ගෙන ඒම සඳහා අපි ක්‍රම සොයමින් සිටිමු. CRISPR ජාන සංස්කරණ තාක්ෂණය සමඟ සෛල වෙනස් කිරීමේ හැකියාව පිළිබදවද අපේ ක්‍රියාකාරකම් යොමුවී තිබේ. අවසානයේ අපිට වැසි තිබුණු විවිධ ප්‍රතිකාර සදහා ක්‍රියාවලි ගණනාවකින් ඉදිරියට යාමට හැකියාව ලැබුණා. එම හැකියාවන් නිමක් නැති බව පෙනේ " යයි හෙබ්රොක් තවදුරටත් සදහන්  කලේය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

February 13, 2019

ලෝකය දැන් සෑම දිනකම පැය 6 යි විනාඩි 42 ක් මාර්ගගතව (online) සිටියි.


සමාජ මාධ්‍ය කළමණාකරන වේදිකාවක් වූ  Hootsuite සහ We Are Social නම් ඩිජිටල් අලෙවිකරණ ආයතනය එක්ව ඔවුන්ගේ වාර්ෂික ඩිජිටල් වාර්තාව නිර්මාණය කරමින් පසුගිය වසර පුරා ලෝකයේ අන්තර්ජාලය ඔස්සේ යොමුවිම්, ලුහුබැඳීම් සහ සෙවීම් පිළිබද තොරතුරු ඉදිරිපත් කර තිබේ. වාර්තාවට අනුව, 2018 වසරේ ලෝක ප්‍රජාව සාමාන්‍යයෙන් දිනකට පැය 6 කුත් විනාඩි 42 ක් අන්තර්ජාලය භාවිතා කරයි.

ඉහළම අන්තර්ජාල භාවිතා කරන්නා ලෙස ෆිලිපීන වැසියන් දිනපතාම පැය 10 ක් සහ විනාඩි 2ක්  අන්තර්ජාලයේ ගත කරමින් ලෝක ප්‍රජාවගේ සාමාන්‍ය භාවිතය වූ පැය 6 යි විනාඩි 42  ඉක්මවා ලොව වැඩිම අන්තර්ජාලය භාවිතා කරන්නා ලෙස "Top Internet User of 2018" සම්මානයට පාත්‍ර විය යුතු බව වාර්තාවේ සදහන් වේ.

දෙවන හා තෙවන ස්ථානයන්හිදී බ්‍රසීලය දිනකට පැය9 ක් සහ මිනිත්තු 29ක්ද තායිලන්තය දිනකට පැය 9 ක් සහ මිනිත්තු 11 ක්ද මාර්ගගත වේ. කෙසේවෙතත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පිළිවෙලින් දිනකට සාමාන්‍යයෙන් පැය 6 ක් සහ තත්පර 31 ක් සහ පැය 5 ක් හා විනාඩි 46 ක් අන්තර්ජාලායා භාවිතා කරමින් මෙම ලේඛනයේ මැද ස්ථානයකට පත්ව තිබේ.

මෙම අන්තර්ජාල භාවිතයේදී අපේක්ෂා කළ පරිදි වැඩි කාලයක් සමාජ මාධ්‍ය සදහා  ගත කර ඇත. තවද ලෝක ප්‍රජාවගෙන් සියයට 45 කට දැන් අවම වශයෙන් එක් සමාජ මාධ්‍ය ගිණුමක් ඇති බව වාර්තාවෙන් හෙළි වී තිබේ. එය පසුගිය වසරට වඩා සියයට 9 ක වර්ධනයකි.

සමාජ මාධ්‍ය සඳහා වැය කරන කාලය අනුව, ලෝක ප්‍රජාව ඒ සදහා සාමාන්‍යයෙන් දිනකට පැය 2 ක් සහ විනාඩි 16 ක් ගත කරන අතර  කොතැනද යන්න මත වෙනස්කම් රැසක් පවතී. නිදසුනක් වශයෙන් ෆිලිපීනය, සමාජ මාධ්‍යවල සාමාන්‍යයෙන් පැය 4 ක් සහ විනාඩි 12 ක් ගත කරයි. ජපානය ඒ සදහා වැය කරනුයේ සාමාන්‍යයෙන් මිනිත්තු 36 ක් පමණි. එසේවුවද වඩාත්ම පිවිසූම් සහිත වෙබ් අඩවි 5 (“Top 5) අතර Facebook (ෆේස්බුක්) සමාජ මාධ්‍ය තිබෙන අතර Top 5 වෙබ්අඩවි අවරෝහන පිළිවෙලින් ගූගල් (Google), යූටියුබ් (Youtube), ෆේස්බුක් (Facebook), බයිඩු (Baidu ) සහ විකිපීඩියා (Wikipedia) වේ.

වැඩි පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාකරන විට ලෝකය තව තවත් සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ වාර්තාව තව දුරටත් අවධාරණය කරයි. පසුගිය වසරේදී විශාලතම වර්ධන වේගයක් අත්පත් කරගත් ඉන්දියාව, අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 21% ක වර්ධනයක් දක්වා තිබේ. මේ අතර, වඩාත්ම දුරස්ථ රට ලෙස උතුරු කොරියාවේ අන්තර්ජාල ප්‍රවේශය අතිශය සීමිත වන අතර ඒ සදහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බවත් 2018 දී උතුරු කොරියාවෙහි අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාව 20,000 ක් පමණ වූ බවත් වාර්තාවේ සදහන්ය. එමෙන්ම අප අවංකව වැඩිවීම ගැන සැලකිලිමත් විම අත්‍යාවශ්‍ය නොවන බව ලන්ඩන් ආර්ථික විද්‍යා පීඨයේ (LSE) මාධ්‍ය හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියෙකු වන සෝනියා ලිවිස්ටෝන් (Sonia Livingstone) සීඑන්එන් (CNN) වෙත පවසා තිබේ.

වැඩ කිරීමේ පහසුව සදහා මෙම අන්තර්ජාල කාලය විශාල කොටසක් භාවිතා කර ඇති බවද පැහැදිලි කර තිබේ. (උදාහරණයක් ලෙස Uber යෙදුම,  රියදුරන් විසින් අඛන්ඩව  භාවිතා කිරීම අවශ්‍ය වේ) ඊට පසුව, රාජ්‍ය හා පරිපාලන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම නිසා පුද්ගලයෙකුට වඩා වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතය සිදු කරනු ලැබීම, තවත් දායක සාධකයක් විය හැකිය.

විවිධ රටවල දේශීය රාජ්‍ය ආයතන ඇතුළු  සී.අයි.ඒ. Factbook, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව සහ එක්සත් ජනපද සංඛ්‍යාලේඛන ආයාතන විසින්ද මෙවැනි සමීක්ෂණය සිදුකර ඇත.

අන්තර්ජාලය ඇසුරින් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර