Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 31, 2016

විදුලිය නිෂ්පාදනය සදහා අඩු මිල සුර්ය කෝෂ

හිරුගේ නිල් හා රතු ආලෝක වර්ග දෙකම උකහාගතහැකි ද්ව්ත්ව ස්ථර Perovskite (පෙරොව්ස්කයිට් ) සුර්ය කෝෂ අඩු මිලකින් සහ ඉහළ කාර්යක්‍ෂමතාවයකින් සුර්ය බලශක්තිය නිපදවන බව Standford විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි.

සුර්ය බලශක්තිය කොතරම් අඩු පිරිවැයකින් නිපදවා ගත හැකි දැයි මෙතෙක් පැහැදිලිවී නොතිබුණි. එහෙත් Perovskite සුර්ය කෝෂ 20% කාර්යක්‍ෂමතා කඩ ඉම පසු කර ඇති බව වාර්තාවීම නිසා සුර්ය පනේලවල මිල විශ්මයජනක ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙම පර්යේෂණවල ප්‍රමුඛයන් ප්‍රකාශ කරන පරිදි සුර්ය බල ශක්ති නිෂ්පාදනයේ අනාගතය  Perovskite වන අතර සාමාන්‍ය විදුලිබල නිෂ්පාදනයේදීද එය පෙරමුණ ගැනීමේ විභවයක්ද තිබේ.

සුර්යාලෝකයෙන් විදුලි බලය නිපදවන විවිධ ක්‍රම තිබේ. ඒ අතරින් දැනට වෙළදපොල ප්‍රමුඛත්වය හිමිකරගෙන ඇත්තේ සිලිකන් ස්ඵටික කෝෂයි. විකල්ප නිෂ්පාදන සැලකියයුතු තරමේ අඩු කාර්යක්‍ෂමතාවක් දක්වන අතර හාස්‍යජනක ලෙස මිල අධික වේ. පසුගිය වසර කිහිපය තුළ Perovskite මගින් කෝෂ නිපදවීම පිලිබදව වේගවත් ප්‍රචාරණයක් සිදුවිය. ස්වභාවිකව පවතින කැල්සියම් ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට සමාන ව්‍යාජ ව්‍යූහයක් Perovskite ට තිබේ. සිලිකන් කෝෂ නිෂ්පාදනයේදී වැඩි මිලක් වැයවන ඉහළ උෂ්ණත්ව ක්‍රියායනයක් Perovskite සදහා අවශ්‍ය නොවේ.

මෙම වාසි සහගත තත්වය සහිත විකල්ප සුර්ය කෝෂ තිබුණද දශක ගණනක් තිස්සේ ඒවායේ කාර්යක්‍ෂමතා ඉතා පහල මට්ටමක පවතියි. දැනට වසර 7 කට පෙර මුල්වරට Perovskite හා සුර්යාලෝක මගින් විදුලිය නිපදවීමේ කාර්යක්‍ෂමතාව 3.8% ක පහල අගයක පැවතිණි. එහෙත් වසර තුනකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Henry Smith එම තත්වය සම්පුර්ණයෙන් වෙනස් කරමින් කාර්යක්‍ෂමතාව 10% දක්වා ඉහළ නැංවිය.

මෙම වසර මුලදී Snaith තවදුරටත් ක්‍රියාත්මකවෙමින් Perovskite කෝෂ හා සම්ප්‍රදායික සිලිකන් මාදිලි එක්කොට සුර්ය ශක්තියෙන් 25.2% ක් උකහාගැනීමට සමත් විය.

Perovskite ස්ථර දෙකක් එක්කොට නිෂ්පාදනය කළ කෝෂයකින් 20.3% ක කාර්යක්‍ෂමතාවයක් ලබා ගැනීමට සමත්වීම විද්‍යාවේ ජයග්‍රහණයක් යැයි Snaith ප්‍රකාශ කරයි. මෙහිදී සිලිකන් සහ Perovskite වඩා අඩු කාර්යක්‍ෂමතාවයක් ඇතත් Perovskite ස්ථර දෙකක සංයෝගය වැය වන විශාල මිල අඩුවීම නිසා සිලිකන් කෝෂ වෙනුවට ඉදිරියේදී Perovskite මහා පරිමාණයෙන් නිපදවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=MJqh5A3A2Cs

මහා ගල්පර බාධකය රැකේද?


වාර්තා ගත දරුණුම විරංජනයවීම නිසා ඕස්ට්‍රේලියාවේ කුවිස්ලන්ඩ්හි නැගෙනහිර මුහුදු තිරයේ පිහිටි ලොව විශාලතම හිරිගල් ගල්පර පරිසර පද්ධතිය වන මහා ගල්පර බාධකය මිය යයි. Lizard island (කටුසු දිවයින) ට ඉහලින් පිහිටි ගල්පරවල උතුරු කොටස මෙසේ මියයාමට බොහෝසේ භාජනය වී තිබේ.

විරංජනය සිදුවීම ආරම්භවී මාස ගණනකට පසු පර්යේෂකයෝ මෙම හානිය පිලිබදව ගණනයක යෙදෙති. හිරිගල්වලට විරංජනයෙන් ආරක්ෂාවීමේ හැකියාව ඇත. එහෙත් ඒ සදහා වෙනස් වන ලෝකය තුළ පවතින කාලය සීමිතය. ඒක සෛලීය ඇල්ගී (හරිතප්‍රද සහිත සරල ශාක) විශේෂයක් සමග සහවනව ජිවත්වන සත්ව විශේෂයක් ලෙස හිරිගල් සැලකේ. මෙම හිරිගල්වලට ගල්පර ගොඩනැගීමට හැකිය. කථාවහරෙන් zooxanthellae ලෙස හදුන්වන ඇල්ගී විශේෂය Symbiodinium නම් වේ.

ඇල්ගී සමග වෙසෙමින් හිරිගල් ඒවාට ආරක්ෂාව සපයන අතර පෝෂකද ලබාදේ. මේ අතර ඇල්ගී තම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවෙන් ලද නිෂ්පාදන මගින් හිරිගල් පෝෂණය කරයි. මෙම සම්බන්ධතාව ඉහල කාර්යක්ෂමතාවයකින් යුක්තය. තම සැකිල්ල නිර්මාණය සදහා ගල් සහිත කොරල් හෙවත් හිරිගල් වලට බොහෝ සේ අවශ්‍යවන ශක්තිය එමගින් ලැබේ. විශේෂයෙන් පෝෂක වලින් හීන නිවර්තන (උෂ්ණ කලාපයට අයත් ) ජලයේදී එය වඩා ඵලදායී වේ. එහෙත් ඒසමගම එය බිදෙනසුළු සමබරතාවයකි.

ජලයේ උෂ්ණත්වය වැඩිවීම සහ උත්සන්න වූ ආලෝක තත්ව හේතුවෙන් ඇතිවූ පරිසර පිඩාව නිසා  zooxanthella නම් ඇල්ගී ඔක්සිජන්වලට ප්‍රතික්‍රියා දක්වන සත්ව විශේෂයන් වැඩි වශයෙන් නිපදවයි. එම සත්ව විශේෂ හිරිගල් වලට විෂ සහිත වේ. එනිසා හිරිගල් විසින් ඇල්ගී නෙරපීම සිදු කරයි . එවිට ඇල්ගී සහ හිරිගල් සම්බන්ධතාවය බිද වැටේ. විරංජනය සිදුවන්නේ මෙම ක්‍රියාදාමය  නිසාය. ඇල්ගී 90% ක් පමණ නෙරපා දැමු විට හිරිගල් සැකිල්ල එහි පටක තුළින් මතුවී පෙනේ. ඒවායේ වර්ණවත් බව නොපෙනී යයි.

විරංජනය වූ හිරිගල් වලට ජීවත්විය හැකි නමුත් ඒවා තම ප්‍රධාන ආහාර ගබඩාව (ඇල්ගී) අහිමි කර ගැනීම නිසා මන්දපෝෂණයට පත්වේ. එහි පරිවෘත්තිය ක්‍රියාවලිය පිඩාවට පත්වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හින වීම නිසා රෝගවලට ගොදුරු වේ. එපමණක් නොව Drupella   නම් ගොලුබෙලි විශ්ෂයෙන් ආරක්ෂාවීමටද නොහැකි වේ.

පාරිසරික පිඩාවේ ධාරිතාව සහ සිදුවන කාල පරාසය අනුව අධික උෂ්ණත්වය තදින් බලපෑම, සාගින්න, රෝග හෝ ගොලුබෙල්ලන්ට ගොදුරුවීම නිසා හිරිගල් මිය යයි. එහෙත් වාතාවරණය වඩාත් සුවදායක වුවහොත් හිරිගල් නැවත ඇල්ගී සමග සහවනය ඇතිකර ගනු ඇත. එහි වර්ණවත් බව නැවත ලබා ගනු ඇත. හිරිගල් සැකිලි තුළ ශේෂ වූ ඇල්ගී හෝ අවට ජලය මගින්  සමහර හිරිගල් ජනපද ප්‍රකෘතිමත් වේ යයි “විරංජනය වූ හිරිගල් වලට තවම ජිවය තිබේ.” ග්‍රන්ථයේ කතෘ Greg Torda පවසයි.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=mVxp1_gdHe4

October 28, 2016

කාබන්ඩයොක්සයිඩ් වලින් එතනෝල් (ඉන්ධන)

කාබන්ඩයොක්සයිඩ් (CO2)  වලින් එතනෝල් ලබාගත හැකි නවතම ක්‍රමයක් සොයා ගැනීමට  Tennessee හි විද්‍යාඥන් කණ්ඩායමක් සමත් වී තිබේ. අහඹු ලෙස ලැබුණු ප්‍රතිපලයක් යයි සදහන් වන මෙම සොයා ගැනීම මගින් ලොව ප්‍රධානතම ගැටළුවක් වූ කාලගුණික විපර්යාස වලක්වාගැනීම සදහා කටයුතු කළ හැකි වනු ඇත.

තිරුගු, උක් ගස්, හෝ තෘණ විශේෂ වැනි ශාඛ මගින් නිපදවන පිළසකර කළ හැකි ගෘහස්ත නිෂ්පාදනයක් වූ මද්‍යසාර ඉන්ධනයක් ලෙස එතනෝල් භාවිතා කෙරේ.  E10, E15 ලෙස එතනෝල් සාමාන්‍ය ගැසොලින් (පෙට්‍රල්) සමග මිශ්‍ර කර භාවිතයට ගනු ලැබේ. E අක්ෂරයට පසුව ඇති අංකයෙන් ඉන්ධන මිශ්‍රණයේ එතනෝල් ප්‍රමානාත්මක් ප්‍රතිශතය දැක්වේ. කාබන්, තඹ  හා නයිට්‍රජන් වලින් උත්ප්‍රේරකයක් නිපදවීමට සමත්වූ ORNL (Energy’s Oak Ridge National Laboratory ) දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් පිරිසක් CO2  එතනෝල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රම වේදය සොයා ගෙන තිබේ. උත්ප්‍රේරකය සහ විභව අන්තරය CO2 ට ලබාදීම මගින් එතනොල් නිපදවීමට හැකි වූ බව පර්යේෂකයෝ පවසති. මෙහිදී සාමාන්‍ය අමුද්‍රව්‍ය නිනිති තාක්ෂණය මගින් පිළියෙළ කිරීමක් සිදු කර තිබේ.

කාලගුණ විපර්යාස සදහා මිනිසා නිපදවූ ප්‍රධාන හරිතාගාර වායුව CO2 වේ. හරිතාගාර වායු නිපදවීම සම්බන්ධ බොහෝ නීති හා නියමයන් පැනවි තිබුනද පෘථිවිය උණුසුම් විය හැකි උපරිම සිමාවෙන් ආරක්ෂාවීම  සදහා දෑනටමත්  වායු ගෝලයට නිදහස් වී ඇති CO2 ද වායුගෝලයෙන් ඉවත්කරගත යුතු බවට විද්‍යාඥන් දැනුම් දි ඇත. ඒ සදහා කාබන්ඩයොක්සයිඩ් (CO2) පෘථිවිය යට ගබඩා කිරීමේ ක්‍රමද ඉදිරිපත්වී තිබේ. එනමුත් එය ඉතා මිල අධික කටයුත්තකි.  

පරික්ෂණාගාරවල ක්‍රියාත්මක කළ මෙම පරිවර්තන ක්‍රමය ඉතා පහසුවෙන් කර්මාන්තශාලා මට්ටමින්ද ක්‍රියාත්මක කළ හැකි බවත් දහන ක්‍රියාවලිය ආපස්සට ක්‍රියා කරවිය හැකි බවත්  පර්යේෂක කණ්ඩායමේ  Adam Rodinone මාධ්‍යට ප්‍රකාශ කර තිබේ .සුර්ය හෝ සුළං බල විදුලිබලාගාර වලින් උත්පාදනය කළ විදුලිය ගබඩා කරගැනීමට සුදුසු බැටරි/කෝෂ CO2 වලින් ලබාගත් එතනෝල් යොදා නිෂ්පාදනය කළ හැකිය.

මෙසේ වායුගෝලයට නිදහස් වූ සහ නිදහස් වන  CO2 එතනෝල් බවට පත් කිරීමෙන් පෘථිවිය උණුසුම් වීම පාලනය කිරීමට මෙන්ම ලාභදායි බලශක්ති ජනනයට හැකියාව ලැබේ.

අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=VKaEA9cLuk8

October 27, 2016

නැනෝ තාක්ෂණයේ නව පිම්මක්

ශී‍්‍ර ලාංකික   නිනිති තාක්ෂණ විශේෂඥයකු වූ චානක රූපසිංහ ප්‍රධාන ඔස්ට්‍රේලියානු විශේෂඥ කණ්ඩායමකට  කාබන් පමණක් යෙදු ලෝකයේ  ප්‍රථම නැනෝ තාක්ෂණික ලේසරය සොයා  ගැනීමට හැකි වී ඇත.  ග‍්‍රැෆේන්  (graphene) හා කාබන්  (carbon) යොදා තැනෙන මේ ‘ස්පැසරය’  කෙතරම් කුඩා  එකක් ද යත් ඒ මගින්   ඉතා කුඩා  මයික්‍රෝචිප්  මුද්‍රණය කළ හැකිය. අනාගතයේ   මෙය  ප‍්‍රකාශ පරිගණකවලට  හා   විවිධ තාක්ෂණ  අංශවලට  භාවිත කළ  හැකියි. එසේම මෙය නිනිති ප‍්‍රකාශතානික (nanophotonic) පරිපථ හා වර්තමානයෙහි භාවිත වන ඕනෑම කුඩා පරිපථයකටත් වඩා සියුම් ඉතා කුඩා පරිපථ තැනීමටත් යොදා ගන්න පුළුවන්.

මෙම ස්පැසරය ටී ෂර්ට්වලට, වෙනත් ඇඳුම්වලටද  ඇලවිය හැකි විම නිසා ජංගම දුරකථනය ලෙස ටී ෂර්ට් තුල ප්‍රින්ට් කිරීමට හැකිවේ. එමගින්  ජංගම දුරකථන ක්ෂේත්‍රය තුළ නව ඉදිරි පියවරක් තැබීමට මෙය විශාල පිටුවහලක් වේව්.  
  
එසේම මෙමගින් අනාගතයේදී, තාක්ෂණික අංශයෙන් වැඩි දියුණු කළ මෙවලම් හා උපාංග බිහි කිරීමට මග හෙළි විය හැක. නිදසුනක් වශයෙන් අද අප භාවිත කරන අධි විශාලනය කළ හැකි අන්වීක්ෂවලට වඩා දස ගුණයකටත් වඩා බලගතු අන්වික්ෂ සඳහා අධිකාච (hyperlenses) නිපදවීමට මෙය උපයෝගී කර ගත හැකියි.

දැනට ස්පැසර යොදා ගන්නේ ඉතා කුඩා මයික්‍රොප්‍රොසෙසර, මතක චිප් හා අතේ ගෙන යා හැකි කුඩා දර්ශන තිර තනන්නටයි.” 

මේ නව ස්පැසරය වානේ වලට වඩා ශක්තිමත්, තඹවලට වඩා හොඳ සන්නායකයක්.  ඉතාමත්   අධික උෂ්ණත්වයේදී පවා හොඳින් කි‍්‍රයා කිරීමේ හැකියාව තියෙනවා. ”පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා මේ නව ස්පැසරය පිළිකා මර්දනයටත් සාර්ථකව යොදා ගන්න පුළුවන් වෙයි කියා. මේ ස්පැසරය මගින් ජනනය  කරන විද්යුත් ක්ෂේත‍්‍රය මගින් නිරෝගී  සෛලවලට හානි නොකර පිළිකා සෛල  පමණක් විනාශ කළ හැකි” යැයි පවසන චානක වැඩිදුරටත් කියන්නේ, මේ වන විට විද්‍යාඥයන් නිනිති අංශූන් පිළිකා සෛල පමණක් තෝරාගෙන ඒවා පමණක් විනාශ කරන ආකාරය ගැන ක්‍රමවේදයන් සොයා ගෙන ඇති බවයි.


සකස් කලේ
ආනන්ද අබේරත්න
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
නොච්චියාගම 

October 26, 2016

ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්‍රමයක්

ඔබ ඇස් කන්නාඩි පලඳින අයෙකු නම් ඒවා නොමැතිව පෙනීම පවත්වා ගෙන යාමට කැමතිද? දැන් ඇස් කන්නාඩි, සිවිකාච ආදී කිසිවක් නැතිව නිවැරදි පෙනීම ලබා ගන්නට දැන් නවීන තාක්ෂණය මඟ පාදා තියෙනවා. ලේසර තාක්ෂණය යොදා ගෙන කරන මේ සැත්කම් දැන් නවීන ලෝකයේ බහුලව සිදු වෙනවා. එවැනි එක් ක‍්‍රමයක් ‘ලැසික්’ යනුවෙන් හැඳින්වෙනවා.

ලැසික් (Lasik) යන වදන තනා ගෙන ඇත්තේ ‘ලේසර් ඇසිස්ටඞ් ඉන් සිටු කෙරටෝමිලියුසිස්’ (Laser-Assisted in situ Keratomileusis) යන ඉංගී‍්‍රසි වදනේ මුල් අකුරු යොදා ගෙනයි. එයට සිංහලෙන් නම් ලේසර් උපයෝගී ස්වාස්ථිත කෙරටෝමිලියුසිස් සැත්කම කියා කිව හැකිය. එය ලේසර් අක්ෂි ශල්‍ය කර්මය හෙවත් ලේසර් දෘෂ්ටි නිර්දෝෂණය (laser vision correction) කියාද හැඳින්විය හැකිය. අවිදුර දෘෂ්ටිකත්වය (myopia) දුරදෘෂ්ටිකත්වය (hypermetropia) හා විෂමදෘෂටිකතාව (astigmatism) යන පෙනීමේ ආබාධ තත්වයන් මේ ක‍්‍රමයෙන් නිවැරදි කළ හැකියි.

ලැසික් යනු වඩාත් බහුලව භාවිත කෙරෙන අක්ෂි ශෛල්‍ය කර්මයකි. එය විශාල පරාසයක විහිදුණු මයෝපියා හෙවත් අවිදුර දෘෂ්ටිකත්වයට (myopia) අදාළ වර්තන සැත්කම් කි‍්‍රයාවලියකි. දුරදෘෂ්ටිකත්වය (hypermetropia) නො එසේ නම් ඇසෙහි ආලෝකය හරි තැනට නාභිගත නොවීම ලැසික් සැත්කම මගින් ඉතා ඉක්මනින් නිවැරදි කළ හැකිය. අනිකුත් සැත්කම්වලට වඩා පහසු මෙය ඉතා සියුම් සැත්කමක් වන අතර එමගින් ඒ ආබාධ තත්වය අති සාර්ථකව මග හරවා ගත හැකිය. වේදනා රහිත මේ සැත්කමෙන් පසු ඉතා ඉක්මනින් එනම් පසුවදාම සාර්ථක පෙනීම ලබා ගත හැකිය. 

ලැසික් ලොව පුරා ඇස් කන්නාඩි හෝ සිවිකාච හෝ පලඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඉන් මිදීමට අවස්ථාව සලසා දී තිබේ. වෛද්‍යවරුන් විසින්  සොයාගත් මෙම සැත්කම් ක්‍රමය වෛද්‍ය විද්‍යාව ලැබු විෂිෂ්ට ජයග්‍රහණයකි.

සකස් කලේ
ආනන්ද අබේරත්න
විද්‍යා හා තාක්ෂණ නිලධාරි, නොච්චියාගම

උපුටා ගැනීම

http://www.malkakulu.com/2013/10/blog-post_25.html

October 22, 2016

බීට් රෑට්

බීට් යනු වෙළදපොළ් බහුලව හදුනාගත හැකි එළවළුවකි.මෙහි ඇන්ටිඔක්සිජන් බහුල වශයෙන් අඩංගු බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.මෙහිපැහැයගෙන දෙනු ලබන්නේ බීටේන් අඩංගු වීම නිසාය.
රතු කහ සහ රන්වන් පැහැති ආකාර හදුනා ගක හැකිය.

October 21, 2016

රොබෝවරුන්ගේ ඉගෙනීම

ඩිජිටල් විප්ලවයේ උත්පත්තිය අන්තර්ජාලය නම් වර්තමානයේ නිර්මාණය වන කෘතීම බුද්ධිය (Artificial Intellegent/A.I) ඩිජිටල් විප්ලවය වැඩිවියට පත්වීමේ පළමු පියවර වේ. රෝබෝවරුන්ට රීති ක්‍රමයකින් (Algorithm) දත්ත ලබාදීම මගින් ඉගැන්වීමට පර්යේෂකයෝ වෙහෙසකර උත්සහයක් දරති. එහෙත් ඉහළ මට්ටමේ කෘතීම බුද්ධිය නිර්මාණය කරන ක්‍රමවේද අලුතින් සැලැසුම් කලයුතුය. මේ පිලිබදව සංවාදයක යෙදුනු කෘතීම බුද්ධිය පිළිබද පර්යේෂණවලට ප්‍රසිද්ධ විද්‍යාඥයන් දෙදෙනෙකු වන මයික්‍රොසොෆ්ට් පර්යේෂණායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Eric Horvitz සහ Baidu ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ Andrew Ng ගේ අදහස් කිහිපයක්ද  මේ සම්බන්ධව වාර්තා වී ඇත.
ඉහළ මට්ටමේ කෘතීම බුද්ධිය නිර්මාණයකට උදාහරණයක් ලෙස සියලු මිනිස් භාෂා හැසිරවිය හැකි කෘතීම බුද්ධියක් නිර්මාණය සැලකිය හැකිය. එම මෘදුකාංගයට ස්වයංක්‍රීයව තමන් විසින්ම ඉගෙන ගැනීමේ හැකියාව තිබිය යුතුය.

එනමුත් එවැනි මෘදුකාංග නිර්මාණය කිරීම පිලිබදව පර්යේෂකයන් අතර විවිධ මත පවතියි. රොබෝ වැරදි තීරණයක් ගත්විට පර්යේෂකයන් පවතින රීති ක්‍රමය සංශෝධනය කිරීම මගින් රොබෝ වැරදි තීරණ ගැනීමෙන් වැළකි නිවැරිදි තීරණ පමණක් තෝරාගනු ඇතැයි එක් පර්යේෂක කණ්ඩායමක් පවසයි. එනම් කෘතීම් බුද්ධිය තම දෙපයින් නැගිටීමට හැකිවනතාක් අපි කෘතීම බුද්ධිය මෙහෙය විය යුතු බව එමගින් ගම්‍ය වේ.

Horvitz ප්‍රකාශ කරනුයේ කුඩා දරුවන්ට ලෝකය තුල ගිලි කිසිවෙකුගේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීමෙන් තොරව ලොව පිලිබදව බොහෝදේ ඉගෙනීමට ඇති හැකියාව විශ්මයජනකය. තාක්ෂණිකව එය අධීක්ෂණයෙන් තොරව ඉගෙන ගැනීමකි. එනම් B ගෙන් කිසිම දත්ත ලබාගැනීමෙන් තොරව A ගෙන් ඉගෙනීම වැනි මුලික සංකල්පයකි. මිනිස්සු එසේ කරති. කුඩා දරුවන් කථා කිරීමට ඉගෙන ගන්නේ අන් අයගේ කථාවලට සවන්දීමෙනි.

Andrew අදහස් දක්වමින් “අද අපි අපගේ කථා හදුනාගැනීමේ ක්‍රමය නිර්මාණය සදහා පැය 45,000 ක ශ්‍රව්‍ය දත්ත භාවිතා කරමු. එය අවුරුදු 05 ක අඛණ්ඩ කථා පටිගත කිරීමක් වැනිය. අවුරුදු 05 ක ශ්‍රව්‍ය දත්ත සති කිහිපයකින් ක්‍රියායනය (Process) කළ හැකි සුපිරි පරිගණක සැදීමට අපට ඇත්තවශයෙන්ම හැකියාව ඇත්දැයි මම පුදුම වෙමි. අපේ රීති ක්‍රමය අනුව එවැනි දත්ත අවශ්‍ය නමුත් කිසිදු මිනිස් මොළයකට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සදහා අවුරුදු 05 අඛණ්ඩ ශ්‍රව්‍ය දත්ත අවශ්‍ය නොවේ.
මිනිසුන් තීරණ ගැනීම සදහා පදනම නම් ඔවුන්ගේ දත්ත සීමාවයි. එනම් ස්වයං දැනුමෙන් ලත් දැනුවත්භාවයද ඉගෙනීම සදහා ප්‍රයෝජනවත් කර ගෙන ඇත. එලෙසම කෘතීම බුද්ධියට (A.I.) ද තම තීරණ වලින් ඉගෙන ගැනීමට ඉඩ සැලැස්විය යුතුය. රීති ක්‍රම මගින් හැකිතාක් දුරට වැරදි තීරණ ගැනීමට නොහැකි වනසේ කෘතීම බුද්ධියේ හැකියාවන් වර්ධනය කළ යුතු බව පර්යේෂකයන් ඉදිරිපත් කර ඇති තවත් අදහසකි.

කෘතීම බුද්ධිය නිර්මාණයේදී ඒ මගින් සමහර පුහුණු වෘත්තිකයන්ගේ රැකියා අහිමිවීමට ඇති හැකියාවද සලකා බැලිය යුතු අතර ඒ සදහා මෙම තාක්ෂණයෙන් උත්පාදනය කරන නව සම්පත් යොදා ගැනීමේ හැකියාව පිළිබදවද  A.I. පර්යේෂකයෝ සලකා බලති.



අන්තර්ජාලය ඇසුරෙණි. 
 https://www.youtube.com/watch?v=ue8P_bLnujI

October 19, 2016

අසාමාන්‍ය ලෝහ වර්ග නිෂ්පාදනය

ලෝහ නුතන ලෝකයේ කොදුනාරටිය ලෙසද සැලකේ. පෙරදී සකස් කළ නොහැකි වූ නවතම සංයෝග කිරීමේ ක්‍රම නිසා කිසිවිටක බලාපොරොත්තු නොවූ හුරුකම් සහිත අසාමාන්‍ය ලෝහ වර්ග නිර්මාණය වේ.

දියබත්වූ නැව් අතර දැනට සොයා ගෙන ඇති පැරණිතම නැවක් තුර්කියේ දකුණු මුහුදු තිරයේ ඇත. එය පළමු වරට තරුණ කිමිදුම්කරුවෙකුගේ ඇස ගැටුනේ 1982 වර්ෂයේදීය. දුර්ලභ නැව් භාණ්ඩ තොගයක් මෙම නැවෙන් ප්‍රවාහනය කර තිබ්. ලෝකඩ නිෂ්පාදනය කරන සංයෝගය නොදන්නේ නම් තඹ ටොන් 9 ක හා බෙලෙක් ටොන් 1 ක මෙම නැව් භාණ්ඩ තොගයේ අවශ්‍යතාවය දැනගැනීමට නොහැක. මුහුදුබත්  වී ඇති වෙරළ ආසන්නයේ පිහිටි නගරයක නමක් ඇසුරින් නම් කර ඇති Ulburun විනාශය නම් වූ මෙම නැව දියබත් වීම ලෝකඩ යුගයේ මැද භාගයේ සිදුවී තිබේ.

අද අප ජීවත්වනුයේ වානේ යුගයේය යන්න විවාදාත්මකය. අමුද්‍රව්‍ය අර්ථදැක්වීමට යොදා ගන්නා මුලධර්ම තවමත් වෙනස් වී නොමැත. අමිශ්‍ර ලෝහ වලට වෙනත් මුලද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් මිශ්‍ර කිරීමෙන් අමිශ්‍ර ලෝහයේ ගුණාත්මක බව වැඩි කළ හැකිය. බෙලෙක් කොටස් 1 කට තඹ කොටස් 9 ක් මිශ්‍ර කළ විට ලෝකඩ ලැබේ. යකඩ වලට  කාබන් එක් කිරීමෙන් වානේ ලැබේ. ලෝහ නිෂ්පාදනය කිරීමේ සංයෝග ලෙස මේවා සැලකිය හැකිය. අමුද්‍රව්‍ය වල ශක්තිය, කල්පැවැත්ම සහ පදම නුතන ලොව පදනම වේ. හැදී-ගෑරුප්පු සිට මහා පාලම සදහා ඉදිකළ ප්‍රදීපා ස්ථම්බ දක්වා ඒවායේ භාවිතය ව්‍යාප්ත වී තිබේ.

එහෙත් සම්ප්‍රදායිකව අප නිර්මාණය කළ ලෝහ ලබා ගැනීමේ දැනුම තවදුරටත් දියුණු කළ හැකි යයි ලෝහ විද්‍යාඥයෝ විශ්වාස කරති. සහශ්‍ර වසරක් පැරණි නීති පොත් වෙනස් කරමින් ඔව්හු අරුම ලෝහ මිශ්‍රණ නිෂ්පාදන්යට සමත් වුහ. කිසිදු එක් ලෝහයක් ප්‍රධාන නොවන ලෙස මෙම සංයෝග සකස් කර තිබේ. න්‍යෂ්ටික දහන ප්‍රතිකාරයේ සිට ජෙට් එන්ජිම, මුලික රසායන විද්‍යාව සහ තවත් ආදේශන සදහා භාවිතා කරන පෙර නොදුටු ලෝහ මිශ්‍රණ නිපද වේ. එහෙත් මේවාද හුදෙක් ලෝහ මිශ්‍රණ කලාවේ මතුපිට සිරීමට පටන් ගැනීමක් පමණක් බවද සදහන් වේ.


අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=uweIW

වියපත්වීමේ රහස

අපගේ ශරීරය ඇතුලතින් විය පත් වීම කුමන හේතුවක් නිසා කෙසේ සිදුවේදැයි බොහෝදෙනා නොදනිති. එහෙත් කාලය ගතවීම කැඩපත තුළින් දැක ගත හැකිය. වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී වියපත් වීමට සෛල තුළ වූ හෝරා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය හදුනා ගත හැකිවේ.

සෑම DNA පටයක කෙලවර ඇති සියුම් ආවරණය (tiny cap) හෙවත් telomere පිළිබද කරන ලද පර්යේෂණ වල වර්ධනයත් සමග වියපත් වීමට telomere හි ඇති බලපෑම නිරීක්ෂණය කර තිබේ.  තවද ශරීරය වියපත්වීම සහ වියපත්වීම මන්දගාමී කිරීම හෝ ආපසු හැරවීම සදහා සෛලීය වියපත්වීමේ ක්‍රියාදාමය වටහා ගැනීමට telomere සහ ඒ හා බැදුණු පරීක්ෂණ උපකාරී විය.

සෛල නිසි ලෙස ක්‍රියාකාරී වීමට හා ප්‍රතිජනනය වීමට සහ chromosomes සැදීම සදහා වූ DNA පට ආරක්ෂා කිරීම telomeres කාර්ය වේ. Telomeres, සපත්තු ලේස් එකක අග කෙළවරේ ඇති ප්ලාස්ටික් ආවරණය මෙන්ය. මෙම කුඩා ප්ලාස්ටික් ආවරණයද ලේස් පටියේ ගෙවීයාම වලක්වා ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරයි.

Telomeres දෙමව්පිය උරුමයෙන් ලැබෙන අතර උත්පත්තියේදී එහි දිග කුමන ප්‍රමාණයේ වුවත් වයස (කාලය) ගත වීමේදී කෙටි වේ.  Telomeres කෙටි වීම ශරීර ශක්තිය හින කරයි. වියපත් වීමට අදාළව සෛලවල සිදුවන හානි සදහා කෙටි වූ telomeres හේතු වේ. Telomeres උපරිම ලෙස කෙටි වු විට සෛලවලට තවදුරටත් ප්‍රතිජනනය කළ නොහැකි වීම හේතුවෙන් පටක පරිහානියට පත්වී මියයයි.

සමේ, හිස කෙස්වල සහ ප්‍රතිජනන පද්ධතියේ සෛලවල telomeres කෙටිවීම වඩාත් වේගයෙන් සහ පුළුල් ලෙස සිදුවනුයේ එම සෛලවල ප්‍රතිජනනය නිතර සිදුවීම නිසාය. තවදුරටත් අධ්‍යනයේදී telemorase නම් එන්සයිමය telomeres කෙටි වීම අඩුකිරීමට, නැවත්වීමට හෝ සමහරවිට දිගු කිරීමට හැකි බව හදුනාගෙන තිබේ. ශරීරය telemorse එන්සයිම ප්‍රමාණයද වියපත් වීම සමග අඩු වේ.
Telomere කෙටිවීම පාලනය කිරීම සදහා telemorse එන්සයිම වැඩි කිරීම මෙන්ම ආතතිය අඩු කිරීම, දුම්පානයෙන් බැහැර වීම, මනා සෞඛ්‍යමත් ශරීර බරක් පවත්වා ගැනීම, සෞඛ්‍යමත් ආහාර අනුභවය සහ ව්‍යායාම වැඩි කිරීම යනාදී ජිවන රටා වැදගත් බවද පර්යේෂණ තහවුරු කර තිබේ.


අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=3jt_0WC4-As

October 17, 2016

සිරි සැප දේ ගුණ සැප දේ කෑවොත් මුරුංගා


මුරුංගා යනු ලොව ඉහලම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස හදුන්වා දිය හැක.  ආයුර්වේදීය නිර්වචනයන්ට අනුව මුරුංගා කොළ ආහාරයක් ලෙස නිතර පරිභෝජනය කිරීමෙන් රෝගාබාධ බොහෝමයක් වලක්වා ගැනීමේ ඉහල හැකියාවක් පවති.  මෙහි ප්‍රධාන වශයෙන් විටමීන A,C,B1,B2,B3 සහ කැල්සියම් බහුලව අන්තර්ගත වේ.  තවද පොටෑසියම්, අයන් සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය ස්වාභාවිකව ශරීරයට ලබාදීමේ හැකියාවක් ද මුරුංගා ශාකයට තිබේ.  මුරුංගා ශාකයේ විශේෂ ගුණ සමහරක්  පහතින් දැක්වේ.

     ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

     ප්‍රබල ප්‍රතිඹක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.

     මොළයේ ක්‍රියාකාරිත්වයටත්, ඇස්වල නීරෝගිභාවය පවත්වා ගැනීමටත් වැදගත් වේ.

    අක්මාවේ සහ වකුගඩුවල යහපත් ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමට ඉවහල් වේ.

    රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්වයකින් පවත්වාගෙන යාමට ඉවහල් වේ.


    සම මතුපිට හටගන්නා බැක්ටීරියා ආසාදන වලින් මුදවා ගැනීමටත් රුව අලංකරණයටත් වැදගත් ආහාරයක්   ලෙස හැදින්විය හැක 
                               

October 14, 2016

මාරක මාංසපේශි රෝග නිසා අඩපන වූ දරුවන්ට සුවය

සදාකාලිකව එක්තැන්ව සිටින දරුවන් අප කිසිදා දැකීමට අපේක්ෂා නොකරන දසුනකි. කොදු ඇට පේලියේ මාංසපේශි දිරායාමේ රෝගය සදහා ප්‍රතිකාර ලෙස විවිධ පර්යේෂණාත්මක ඖෂධ රෝගී දරුවන්ට ලබාදෙන වීඩියෝ දර්ශන පිලිබදව  London College විශ්ව විද්‍යාලයේ Francesco Mutoni එලෙස ප්‍රකාශ කළේය. මොළය, කශේරුකාව සමග ශරීරයේ මාංසපේශි සම්බන්ධ කරන ස්නායු දිරාපත් වීමට ජානමය ආබාධ හේතු වේ. මේ රෝගයේ දරුණුම ස්වරුපයට ගොදුරු වූ දරුවන්ට පහසුවෙන් වාඩිවිමට නොහැකි අතර බොහෝවිට වසර 2 කට වැඩි කාලයක් ජිවත්වනුයේද ඔවුන්ගෙන් සුළු පිරිසක් පමණි. එහෙත් nusinersen ඖෂධය ලබා දුන් දරුවන් හොදින් වාඩිවීමට හෝ යම් සහයක් සමග ඇවිදීමට තරම් සුවය ලබන බව සමහර දෙමව්පියන් ප්‍රසිද්ධ කළ විඩියෝවල සටහන් වේ.

මෙම රෝගයට සුදුසු ප්‍රතිකාරයක් ලෙස පිළිගෙන නොමැති nusinersen දරුවන්ට ප්‍රතිකා කිරීම සදහා යොදා ගැනීම සදාචාර නොවන බව පවසමින් මේ අත්හදාබැලීම් පසුගිය අගෝස්තු මාසයේදී නවතා දමන විට එම ප්‍රතිකාරයේ ඵලදායී බවට ලකුණු පහල වෙමින් තිබු බව වාර්තා වේ. සම්පුර්ණ ප්‍රතිඵල මෙතෙක් වාර්තා වී නැති නමුත් මේතාක් අනාවරණය වූ කරුණු අනුව “antisens (දැනීම රහිත )” චිකිත්සාව එහි ප්‍රධාන බාධකයක් ජය ගෙන ඇත. අවම වශයෙන් ස්නායු පද්ධතියට බලපාන ආබාධ සදහා ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද ? තවද මෙම සොයා ගැනීම මගින් Hunington, චාලක සන්‍යාව පමණක් නොව අල්සෛමර් වැනි ස්නායු ගත රෝග සදහා සමාන ප්‍රතිකාර ක්‍රම හදුනාගැනීමට දොර විවර වේ. විශේෂිත RNA හා බැදුණු DNA කොටස් ලෙස antisen ඖෂධ වැදගත් වේ.ප්‍රෝටීන නිෂ්පාදනය සදහා සෛල භාවිතා කරන සංයෝගය RNA සමග බැදීමෙන් ප්‍රෝටීන නිෂ්පාදනය වැලැක්වීමට හෝ ස්වරුපය වෙනස් කිරීමට හැකි වේ.

බොහෝ රෝග සුව කිරීමට මෙම ඖෂධයට හැකියාව ඇතත් ඒ සමගම විශාල බාධාවක්ද පැන නැගී තිබේ. මිනිසුන්ට ඖෂධ එන්නත් කළ විට එය වැඩි කාලයක් නොපවතී, අදාළ සෛලවලට පමණක් සම්බන්ධ නොවේ.මේ නිසා ශරීරය තුලදී ඖෂධය ආරක්ෂාවන පරිදි විවිධ කෘතීම ස්වරූපයන් නිර්මාණය කිරීමට බොහෝ ජීව විද්‍යාඥයන් වෙහෙස වේ. එහිදී DNA වල කශේරුකාව ශක්තිමත් කිරීමට ඔව්හු සමත්වුහ.උදාහරණයක් ලෙස මෙම ඖෂධය කොටස් වලට බිදීයාම වැලැක්වීම සහ RNA වඩා දැඩි බිදීමක් සදහා හැකියාව ඇති කිරීම දැක්විය හැකිය. තවද ඔව්හු ඖෂධය ස්නායු සෛල වලට රිංගා ඇතුළු කිරීමටද සමත් වුහ.

කෙසේවෙතත් අවසාන ප්‍රතිඵලය nusinersen  අපේක්ෂිත තරමට සාර්ථකව ක්‍රියානොකරන බව පැහැදිලි නමුත් තවමත් ශුභවාදී දැක්මක්ද තිබේ. අඛණ්ඩව nusinersen ලබා දුන්නද ඉහත රෝගය නිසා මියගිය දරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලදී සහ සතුන් යොදා කළ පරීක්ෂණ වලදී මොලවල සහ කොදුඇට නාරටිය තුළ antisen අණු පුළුල් ලෙස හදුනාගත් බව nusinersen වැනි ප්‍රතිකාර ක්‍රම පරීක්ෂා කළ Mutoni පවසයි.

මෙවැනි සොයා ගැනීම් මගින් antisen අණු ස්නායු සෛල වලට ඇතුළු කිරීමේ හැකියාව ඇති බව හදුනාගැනීම නිසා වඩාත් දියුණු ඖෂධයක් ඉක්මනින් නිපදවේ යයි බලාපොරොත්තු විය හැකිය.


අන්තර්ජාලය ඇසුරෙණි.

October 13, 2016

පුද්ගල ව්‍යග්‍රතාවය

පුද්ගලයින්ට ඇතිවන සාමාන්‍ය කරදර, කණස්සල්ල, අවුල්සගත බව යනාදියේ ඇති අසාමාන්‍යතා ව්‍යග්‍රතාවය හෙවත් ව්‍යාග්‍රතාවයේ සංකුලතා ලෙස පොදුවේ සලකනු ලබයි. ව්‍යග්‍රතා මට්ටම පරික්ෂා කිරීම, ව්‍යග්‍රතාවය පාලනයෙන් තොරව ව්‍යාකුලත්වයට පත්වීමට හේතුව සහ ව්‍යග්‍රතාවය පාලනය කිරීමේ ක්‍රමවේද වැදගත් වේ.

ව්‍යග්‍රතාවය දැනීමේ මුලික ලක්ෂණ ලෙස වියලුනු මුඛය, වේගවත් හර්දස්පන්ධනය සහ ගැටගැසුණු ආමාශය යනාදිය සැලකිය හැකිය.මේවා සමහර පුද්ගලයන් අනතුරුදායක බව හා අවිනිශ්චිතතාවය වෙනුවෙන් දක්වන ක්ෂණික ප්‍රතික්‍රියා වේ.එහෙත් සමහර පුද්ගලයන්ගේ මේ සදහා වන ඉහල විමසිලිමත්භාවය පහව නොයයි.ඔවුන්ගේ ව්‍යග්‍රතා උග්‍ර වීම නිසා නිවසෙන් පිටතට යෑම හෝ සාමාන්‍ය දෛනික කටයුතු වල දීම පවා අපහසු වේ.

කණස්සල්ල, අවුල්සහගත බව ඔබට කරන බලපෑම පරික්ෂා කර ගන්න. එම තොරතුරු මගින් පුද්ගලයින් ව්‍යග්‍රතාව නම් රෝගී තත්වයට ගොදුරු වී ඇත්දැයි වෛද්‍යවරුන්ට නිරීක්ෂණය කළ හැකිය.

සෑම උදෑසනකම අවදිවනවිට තමාට කැළඹීම සහ ඔල්මාදය ඇතිවන බව එක් කාන්තාවකගේ රෝග ලක්ෂණය වේ.රැකියාවට යෑම සදහා යීන ගමනාගමනයේදී තමන් හදිසි අනතුරකට භාජනය වෙතැයි ඇය භිය වුවාය. එපමණක් නොව ඒ සමගම එදින ඇයට සැලැසුම් කළ කිසියම් කාර්යයක් නොමැති නම් කුමක් සිදුවේදැයිද ඇය භිය භිය වුවාය.මෙලෙස සමහර පුද්ගලයන් රාජකාරි මගහැරීම,මිතුරන් මගහැරීම පමණක් නොව තම සුරතල් බලු පැටවා සමග ඇවිදීම පවා මගහරිනුයේ අනපේක්ෂිත ප්‍රහාරයකට හසුවේයයි යන අස්ථාන භිය නිසාවෙනි. දුරකතනයට පිළිතුරු දීමෙන් තම පිළිබද වැරදි වැටහීමක් ඇතිවෙතැයි භියෙන් එක් රෝගියෙක් දුරකථනය එසවීමට පවා භිය පල කළේය.

ව්‍යග්‍රතාවය වෙනුවෙන් ප්‍රතිකාර අපේක්ෂා කරන රෝගීන්ගේ සත්‍ය අත්දැකීම් ඔවුන් මෙසේ විස්තර කර තිබේ. ඔවුන්ගේ අත්දැකීම් අසාමාන්‍ය නොවේ. සාමාන්‍යකරණය වූ ව්‍යග්‍රතාවය ඇතුළු සන්කුලතාවය, ප්‍රහාර සදහා භිය වීම, සමාජයීය අපහසුතා සහ භීතිකාව වඩාත් බහුලව ලොවපුරා පැතිරී පවතින ව්‍යග්‍රතාවයන් වේ. මේ සදහා ප්‍රතිකාර වෙනුවන් බටහිර රටවල්වල සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියේ වියදමින් ඩොලර් බිලියන 40 ක් වැය කරයි. ජිවිත කාලය තුළ කවර අවස්ථාවක වුව ව්‍යග්‍රතාවයට සාමාන්‍යයෙන් සෑම පුද්ගලයන් 6 කට 1ක් අයෙකු ගොදුරු වේ.

අන්තර්ජාලය ඇසුරෙණි  

https://www.youtube.com/watch?v=6gZPKO_t7EE