October 31, 2016

විදුලිය නිෂ්පාදනය සදහා අඩු මිල සුර්ය කෝෂ

හිරුගේ නිල් හා රතු ආලෝක වර්ග දෙකම උකහාගතහැකි ද්ව්ත්ව ස්ථර Perovskite (පෙරොව්ස්කයිට් ) සුර්ය කෝෂ අඩු මිලකින් සහ ඉහළ කාර්යක්‍ෂමතාවයකින් සුර්ය බලශක්තිය නිපදවන බව Standford විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි.

සුර්ය බලශක්තිය කොතරම් අඩු පිරිවැයකින් නිපදවා ගත හැකි දැයි මෙතෙක් පැහැදිලිවී නොතිබුණි. එහෙත් Perovskite සුර්ය කෝෂ 20% කාර්යක්‍ෂමතා කඩ ඉම පසු කර ඇති බව වාර්තාවීම නිසා සුර්ය පනේලවල මිල විශ්මයජනක ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙම පර්යේෂණවල ප්‍රමුඛයන් ප්‍රකාශ කරන පරිදි සුර්ය බල ශක්ති නිෂ්පාදනයේ අනාගතය  Perovskite වන අතර සාමාන්‍ය විදුලිබල නිෂ්පාදනයේදීද එය පෙරමුණ ගැනීමේ විභවයක්ද තිබේ.

සුර්යාලෝකයෙන් විදුලි බලය නිපදවන විවිධ ක්‍රම තිබේ. ඒ අතරින් දැනට වෙළදපොල ප්‍රමුඛත්වය හිමිකරගෙන ඇත්තේ සිලිකන් ස්ඵටික කෝෂයි. විකල්ප නිෂ්පාදන සැලකියයුතු තරමේ අඩු කාර්යක්‍ෂමතාවක් දක්වන අතර හාස්‍යජනක ලෙස මිල අධික වේ. පසුගිය වසර කිහිපය තුළ Perovskite මගින් කෝෂ නිපදවීම පිලිබදව වේගවත් ප්‍රචාරණයක් සිදුවිය. ස්වභාවිකව පවතින කැල්සියම් ටයිටේනියම් ඩයොක්සයිඩ් වලට සමාන ව්‍යාජ ව්‍යූහයක් Perovskite ට තිබේ. සිලිකන් කෝෂ නිෂ්පාදනයේදී වැඩි මිලක් වැයවන ඉහළ උෂ්ණත්ව ක්‍රියායනයක් Perovskite සදහා අවශ්‍ය නොවේ.

මෙම වාසි සහගත තත්වය සහිත විකල්ප සුර්ය කෝෂ තිබුණද දශක ගණනක් තිස්සේ ඒවායේ කාර්යක්‍ෂමතා ඉතා පහල මට්ටමක පවතියි. දැනට වසර 7 කට පෙර මුල්වරට Perovskite හා සුර්යාලෝක මගින් විදුලිය නිපදවීමේ කාර්යක්‍ෂමතාව 3.8% ක පහල අගයක පැවතිණි. එහෙත් වසර තුනකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Henry Smith එම තත්වය සම්පුර්ණයෙන් වෙනස් කරමින් කාර්යක්‍ෂමතාව 10% දක්වා ඉහළ නැංවිය.

මෙම වසර මුලදී Snaith තවදුරටත් ක්‍රියාත්මකවෙමින් Perovskite කෝෂ හා සම්ප්‍රදායික සිලිකන් මාදිලි එක්කොට සුර්ය ශක්තියෙන් 25.2% ක් උකහාගැනීමට සමත් විය.

Perovskite ස්ථර දෙකක් එක්කොට නිෂ්පාදනය කළ කෝෂයකින් 20.3% ක කාර්යක්‍ෂමතාවයක් ලබා ගැනීමට සමත්වීම විද්‍යාවේ ජයග්‍රහණයක් යැයි Snaith ප්‍රකාශ කරයි. මෙහිදී සිලිකන් සහ Perovskite වඩා අඩු කාර්යක්‍ෂමතාවයක් ඇතත් Perovskite ස්ථර දෙකක සංයෝගය වැය වන විශාල මිල අඩුවීම නිසා සිලිකන් කෝෂ වෙනුවට ඉදිරියේදී Perovskite මහා පරිමාණයෙන් නිපදවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=MJqh5A3A2Cs

0 comments:

Post a Comment