රසායන විද්‍යාව
නව මානයකට යොමු කරමින් රසායන විද්‍යාව සදහා 2016
නොබෙල් සම්මානය ලබා ගැනීමට “අණුකමය යන්ත්‍රය (molecular machine)” නම් මෙම ක්ෂුද්‍ර
යන්ත්‍රය සමත් වූ බව රාජකීය ස්වීඩන විද්‍යාපීඨය වාර්තා කළේය. ධාවනය කළ හැකි රෝද
හතරකින් සමන්විත නිනිති මොටර් රථය (nano four wheel driver car) මෙන්වූ වූ අණුකමය යන්ත්‍රය
මාංසපේශිමය අණු මගින් ගොඩ නැගු ඉතාමත්
කුඩා උත්තෝලකයකි. එය නිර්මාණයට දායක වී ඇමෙරිකානු ඩොලර් 933,000(ආසන්න ලෙස රු.මිලියන
130 ක් පමණ) ක ත්‍යාග මුදල ලබා ගත් විද්‍යාඥයන් තිදෙනා එකිනෙකාගෙන් ස්වාධීනව එහි
කොටස් නිර්මාණය කර අවසානයේදී ඒවා සංකලනයෙන් අණුකමය යන්ත්‍රය ගොඩ නැගීමට
සමත් විය.

ප්‍රංශයේ Strosburg විශ්ව විද්‍යාලයේ Jean-Pierre Sauvage යාන්ත්‍රික
බැදීමක් උපයෝගී කර ගනිමින් තඹ අයණ යොදා ගනිමින් අණු අන්තර්බද්ධ කිරීමට සමත් විය.


මෙම නිර්මාණ සංකලනයෙන්
අවසානයේදී සම්මනයාට පාත්‍ර වූ අණුකමය යන්ත්‍රය
නිෂ්පාදනය කළ අතර ඒ පිලිබදව “අපි හුදෙක් විද්‍යාඥ පවුලක් පමණක් නොවේ අපි ජෛව විද්‍යාත්මක
පවුලක්ද වෙමු.”යයි Stoddart ප්‍රකාශ කළේය.
පියවි ඇසට හෝ සාමාන්‍ය
අන්වික්ෂයකට හෝ නොපෙනන තරම් කුඩා අණුකමය යන්ත්‍රය, හිසේ කෙස් ගහකට වඩා 10000 ස්
ගුණයකින් කුඩාය. මෙවැනි කුඩා යන්ත්‍රයකට මෙතරම් විශාල විභවයක් ඇතැයි සිතා ගැනිමටද
අපහසුය. එහෙත් මෙම සොයාගැනීම 1830 දි පළමු වරට විදුලි මෝටරය සොයාගැනීම බදුය.
විදුලි මෝටරය ලෙස රෝද සමග කැරකෙන වක් දණ්ඩක් හදුනාගත් විට එය පසු කලෙක විදුලි
දුම්රිය, සෝදන යන්ත්‍ර, විදුලිපංකා, ආහාර සකසන වැනි අනේක විධි භාණ්ඩ සැදීම සදහා
යොදා ගනු ඇතැයි 1830 දි කිසිවෙකු සිතුවේද නැත. අණුකමය යන්ත්‍රයද ඉදිරියේදී ශරීරය
තුළ පිළිකා දඩයමේ යන රොබෝවරු, පරිගණක සදහා කුඩා බලශක්ති ඒකක යනාදී ආදේශක ලෙස
දියුණු වනු ඇත. අණුකමය යන්ත්‍ර ආදේශකයක් ශරීරයේ ශිරා නාලයකට එන්නත් කර පිළිකා සෛල
වලට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයාට නුදුරු අනාගතයේදීම හැක වනු ඇත.
අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=I5JgJsjq3Q4
0 comments:
Post a Comment