පරිසර හිතකාමී
හා බලශක්තිය නිපදවන ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඇති නැඹුරුව සලකන විට උෂ්ණත්වය පාලනය
කරමින් විදුලිය නිපදවිය හැකි ජනේලය පුදුමයක් නොවේ.
පොලිකාබනේට් (Polycarbonate) ස්ථර දෙකක් අතර
වැන්ඩියම් ඔක්සයිඩ් (VO2) සිහින් තීරැවක්
අතුරන ලදි. කාමර උෂ්ණත්වයේදී (37o C උෂ්ණත්වය
දක්වා) පොලිකාබනේට් ජනේල විනිවිද පෙනෙන අතර තාපය ඇතුළු
වීමට ඉඩ සලසයි. එහෙත් 37o C සීමාව ඉක්මවූ විට VO2 ලෝහයක් ලෙස තාපය ඇති කරන අධෝරක්ත කිරණ
තරංග ආයාම පරාවර්තනය කරයි. විශේෂත්වය එවිටද සාමාන්‍ය ඇසට ජනේලයෙන් විනිවිද දැකිය
හැකි වීමයි. ආලෝක කිරණ වලින් කොටසක් වැන්ඩියම් විසින් කවුළුවේ කෙළවරයන්ට විසුරුවා
හරින ආකාරයට සකස්කර ඇත.අඟල් කිහිපයක් පමණ පළල එම
කෙළවරයන්හි ගාවෝ විසින් ප්‍රකාශ වෝල්ටී කෝෂ (Photo voltaic cell) සවි කර එමඟින් විදුලිය උත්පාදනය කරයි.
ෂැංහැයි විශ්ව
විද්‍යාලයේ යැන්ෂෙං ගාඕ ගේ මූලිකත්වයෙන් නිපදවුන බහු කාර්ය ජනේලය, විනිවිද පෙනෙන,
උෂ්ණත්වයේ උච්චාවචන පාලනය කරන, ක්‍රියාකාරී වීමට බාහිර විදුලිය භාවිතා නොකරන
වීදුරු කවුළුවකි.
පර්යේෂක
කණ්ඩායමේ මූලික අරමුණ වූයේ විනිවිද නොපෙනුනද සූර්ය කෝෂ සහිත විදුලිය ජනනය කළ හැකි
කවුළුවක් නිර්මාණය කිරීමයි. අවසානයේදී බාහිර බලශක්ති භාවිතයෙන් තොරව උෂ්ණත්වයට ප්‍රතිචාර
දැක්වීමට හැකි ලෙස ප්‍රකාශ ගුණ වෙනස් කරන කවුළුවක් සෑදීමට ඔවුන්ට අවශ්‍ය විය.

මෙම නව
බහුකාර්ය කවුළු මිල අධික වුවත් කාමර උෂ්ණත්ව පාලනයට වැය වන විදුලිය හා
සන්සන්දනයේදී ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වේ.