Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Showing posts with label යාන්ත්‍රික ශරීරයஇயந்திர அவையவம். Show all posts
Showing posts with label යාන්ත්‍රික ශරීරයஇயந்திர அவையவம். Show all posts

December 22, 2017

මිනිස් මතකය වර්ධනයට මොළයට බද්ධ කළ උපකරණයක්

මොළය හා පරිගණකය සම්බන්ධ කිරීමට බොහෝ කාලයක සිට විද්‍යාඥයෝ උත්සහ කරති. මෙම සම්බන්ධතාවයේ සමහර කොටස් නිසා මිනිස්  මතකය වර්ධනය කිරීමට විද්‍යාඥයින් සමත් වී තිබේ.

Southern California විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් New Scientist හි පල කරන වාර්තාවකට අනුව ඔවුන් මිනිස් මොලයට බද්ධ කල උපකරණය නිසා පර්යේෂණයට භාජනය වූ මිනිසුන්ගේ මතකය 30% කින් පමණ වර්ධනය වී තිබේ. මිනිසුන් සඳහා කළ පර්යේෂණයක පළමු ප්‍රතිඵල ලෙස මෙම සජීවී තත්වය පසුගිය සති අන්තයේ වොෂින්ටන් නගරයේ පැවති (ස්නායු විද්‍යා සමාජය) Neuroscience Society හිදී ප්‍රදර්ශනය කරන ලදී.

ස්වෙච්ජාවෙන් සහභාගී වු පුද්ගලයන් 20 කට “Memory prosthesis” (මතක ප්‍රකෘතිමත් කිරීමේ ) උපකරණ පර්යේෂණ කණ්ඩායම බද්ධ කළේය. පර්යේෂණයට භාජනය වුවෝ අපස්මාර රෝගීන් වු අතර ඔවුන්ගේ මොළ තුල ඉලෙක්ට්‍රෝඩ තැම්පත් කර තිබේ. එනිසා අමතර පද්ධති ඔවුන්ට ඇතුළු කිරීම අවශ්‍ය වී නැත. දෙයාකාරයකින් ක්‍රියාත්මක කළ පරීක්ෂණ වල පළමු කොටසේදී රෝගීන් ඉගෙනීමේ යෙදෙන විට ඔවුන්ගේ මොළවල සිදු වු ක්‍රියාකාරකම් හි දත්ත පර්යේෂකයින් විසින් එක් රැස් කරගෙන ඇත. මෙහිදී වඩා ක්‍රියාශීලි වු මොළයේ ප්‍රදේශ හඳුනාගෙන මොළයේ එම ප්‍රෙද්ශයෙහි නව උපකරණය බද්ධ කර ඒවා උද්දීපනය කර තිබේ. මෙය කෙටි කාලීන මතකය වර්ධනය කරන සරල පරීක්ෂණයක් විය.

“අපි මතක ක්‍රියාවලිය වැඩිකිරීමට අධි ස්නායු කේත සකස් කළෙමු .මෙයට පෙර මෙවැන්නක් කිසිදා සිදු කර නැත.” යැයි පර්යේෂණයේ තොරතුරු වාර්තා කළ එම විශ්ව විද්‍යාලයේ Dong Song පවසයි. මතකය නිර්මාණය කිරීමට මොළය භාවිතා කර සාමාන්‍ය මාර්ග ශක්තිමත් කිරීම සඳහා නව උපකරණය බද්ධ කර තිබේ. බාහිර ලෝකයෙන් යම් කිසි උත්තේජනයක් ලැබුණූ විට සංකීර්ණ විදුලි සංඥා මාලාවක් මොළයේ මතක මධ්‍යස්ථානය වන Hippocampus හි සමහර ප්‍රදේශ හරහා ගමන් කරයි. සංඥා මෙම ප්‍රදේශ හරහා ගමන් කරන විට ඒවා වෙනසකට ලක්වන අතර මොළයේ දීර්ඝ කාලීන මතක සුරක්ෂිතාගාරය දක්වා යෑමට සමත් වේ.

බද්ධ කළ මෙම උපකරණය Hippocampus ගේ ස්වාභාවික ක්‍රියාවලිය අනුකරණය කරයි. එමඟින් පුද්ගලයාගේ මතක හැකියාව වර්ධනය කෙරේ. ඇත්ත වශයෙන් ඔවුන් ලබා දුන්      කෙතැන්, විකේතනය වීම හඳුනාගෙන නොමැත. කිසිදු භාෂාවක් කථා නොකර ස්පාඤ්ඤ භාෂාව , ප්‍රංශ භාෂාවට පරිවර්ථනය කිරීමට පර්යේෂකයන් පළමු අදියරයේදී සමත් වූහ. එහි සාර්ථකත්වය මත ඔවුන් මෙම උපකරණය මිනිසුන් සඳහා අත්හදා බැලීමට යොමු වී  තිබේ.

ඇල්ෂයිමර් වැනි දීර්ඝ කාලීනව මතකය අහිමිවන රෝගින් සඳහා මෙම උපකරණයේ නිර්මාණයන් යොදාගත හැකි බවත් වාර්තා වේ.

පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/6ueiTTLK6hU

September 4, 2017

ඇවීදීමේ අපහසුතා ජය ගැනීමට රෝබෝ ඇඳුම්.

කෘත්‍යයාත්මක සහ ව්‍යවාහරික ජීව යන්ත්‍ර අංශය, පුනරුත්ථාපන වෛද්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන සඳහා වු ජාතික ආයතනය වැනි එක්සත් ජනපදයේ පිහිටි විවිධ වෛද්‍ය ආයතන විසින් බාහිර සැකිලි පාද මඟින් රෝගී දරුවන් නිවැරදිව ඇවිදීමට යොමු කරන බව වාර්තා වේ.

ළමා කාලයේදී දැකිය හැකි භෞතික ආබාධයක් ලෙස  Cerebral  Palsy නම් ( මොළයේ අඩුපාඩුවක් නිසා ඇවිදීමට අපහසු වීම) රෝගය සැලකිය හැකිය. මෙවැනි Cerebral  Palsy  (මස්තිෂ්ක පක්ෂගාත) රෝගී දරුවන් වැඩිවිය පැමිණි විටද ඇවිදීමට හැකිවීමේ ප්‍රවණතාවය 50% ක පමණ ප්‍රතිශතයකි. මෙම තත්වය වෙනස් කරමින් රෝගී දරුවන් නිවැරදිව ඇවිදීමට යොමු කිරීමට නව රොබෝ පාද සැකිලි සමත් වෙනු ඇතැයිද එහි සදහන් වේ.

රෝගී දරුවන්ට නිවැරදිව ඇවිදීමට පහසුකම් සලසන වත්මන් සමහර සායන වල ඇති රොබෝ උපකරණ බොහෝ විශාලය. ඒවා බොහෝ විට සිවිලිමට සවි කළ කප්පි පද්ධතියක ආධාරයෙන් ක්‍රියාත්මක වන නිසා නිවසේදී භාවිතා කිරීම අපහසුය.

එහෙත් Maryland හි ජාතික සෞඛ්‍ය ආයතනය සංවර්ධනය කර ඇති නවතම උපකරණය සම්පූර්ණයෙන්ම එහා මෙහා ගෙන යා හැකි එකකි. රොබෝ බාහිර සැකිලිපාද හි ඇති සංවේදක දරුවාගේ සෑම පියවරක්ම අධ්‍යයනය කර පිටුපස ඇති පරිගණකය මගින් ඒවා නිවැරිදිව මෙහෙයවමින් ක්‍රියාත්මක වීමට කටයුතු කරයි. එමඟින් අවශ්‍ය නිවැරදි අවස්ථාවෙිදී ක්‍රියාත්මක වී  නිවැරදි ඉරියව්වක් සහ අඩු පීඩනයක් සහිත ඇවිදීමකට අවශ්‍ය පේශීමය අභිවෘද්ධියක් ලබා දේ.

 

චලන දුෂ්කරතා වලට මූලික වන Cerebral  Palsy රෝගය හේතුවෙන් වර්ධනය වෙමින් පවතින මොළයේ අඩු පාඩු හෝ එයට සිදුවන හානි නිසා ක්‍රමවත් ඇවිදීමට බාධා ඇතිවේ. එවැනි රෝගි දරුවන් බොහෝ විට ඇවිදීමට සමත් වුවද මෙම රෝගය මගින් වකුටු වූ ස්වරෑපයේ ඇවිදීමක් හෝ දණහිස් ප්‍රමාණය ඉක්මවා නැවීමක් සහිත ඇවිදීමක් ඇති කරයි. එනිසා නිවැරදි ඇවිදීමකට වැඩි කායබලයක් සහ ශක්තියක් අවශ්‍ය වේ. දරුවන් වැඩීම නිසා සිදුවන බර වැඩි වීම දරා ගැනීමට ඔවුන්ගේ මාංශ පේශී වලට නොහැකි වීමෙන් වැඩිහිටි වියේදී ඇවිදීම සම්පූර්ණයෙන් අපහසු විය හැකිය. නව බාහිර රොබෝ සැකිලි පාද මෙම දුරුවලතාවය මග හැරීමට උපකාරී වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර


https://youtu.be/LDGHDOy0drs?t=3  

September 22, 2016

ලොව ප්‍රථම යාන්ත්‍රික ශරීරාංග ඔලිම්පික් තරගාවලිය (Cybathlon)

ලොව පුරා සිටින යාන්ත්‍රික ශරීරාංග භාවිතා කරන්නන්ගේ ඔලිම්පික් තරගාවලිය ලබන මස ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පැවැත්වීමට නියමිතය. මෙහිදී යාන්ත්‍රික ශරීර සැකිලි, ඉලෙක්ට්‍රොනික අත් පා , බලගැන්වූ රෝද පුටු හා වෙනත් තාක්ෂණික උපකරණ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සදහා භාවිතා කරන පුද්ගලයන් තරගකරුවන් ලෙස සහභාගී වේ. ලොව ප්‍රථම වතාවට පවත්වන මෙම Cybathlon තරගාවලියට කණ්ඩායම් පනහක් සහභාගී වීමට නියමිත අතර එහිදී මොළයේ සංඥා මගින් පමණක් පරිගණක චරිත මෙහෙයවීම, බලගැන්වූ රෝද පුටු මගින් පඩිපෙළ නැගීම බැසීම ,යාන්ත්‍රික අත් පා වල විවිධ ක්‍රියාකාරකම් යනාදි තරග රාශියක් පැවැත්වේ. බාහිර ආබාධ සහිත පුද්ගලයන්ගේ ජිවිත සදහා නවීන තාක්ෂණයේ සේවය සුරිච් හි  ETH විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් රයිනර් (Robert Rainer) ගේ අදහසක් මත ආරම්භ වූ Cybathlon හිදී එළිදැක්වේ .

NASCAR සහ ෆොමියුලා වන්  වැනි මෝටර් රථ තරග මගින් මෝටර් රථවාහන තාක්ෂණය දියුණු වූවාසේම ඔක්තෝබර් 8 වෙනිදා ආරම්භවන Cybathlon තරගාවලිය මගින් පුද්ගල උපකාරක යන්ත්‍ර තාක්ෂණයේ දියණුව සදහා එම පරීක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පුළුල්වීමක් ඇතිවෙතැයි  Cybathlon සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ. තරගකරුවන් කිහිපදෙනකුගේ කෙටි විස්තර මෙසේය.

1.අවුරුදු 29 දි හදිසි මෝටර් රථ අනතුරකදී අත් පා වාරු නොමැතිව ආබාධිත වූ ඩේවිඩ් රෝස් එස්සෙක්ස් විශ්ව විද්‍යාලයේ බුද්ධි ආලෝලන (Brainstormer) කණ්ඩායම නියෝජනය කරයි.ඔහු මොලයෙන් නිකුත් කරන තරංග මගින් පරිගණක පාලනය කිරීමේ තරගයට සහභාගී වේ. අතුරු-මුහුණත ලෙස මොළය යොදා ගැනීමේ තරග සදහා රෝස් වසර දෙකක කාලයක් පුහුණු වී ඇත. හිස් ආවරණයේ ඇති ඉලෙක්ට්‍රොඩ මගින් ඔහුගේ මොළයේ ක්‍රියාකාරකම් හෝ සිතුම් පරිගණකයට යොමු කර එමගින් පරිගණකය කොතරම් දුරට ක්‍රියාකර විය හැකිදැයි මෙම තරගයයි.

2.යාන්ත්‍රික අත්වල ක්‍රියාකාරකම් හෙවත් Prosthetic Arm Race වලට සහභාගිවන්නන්ගේ  අපේක්ෂාව එමගින් අඩු වියදම් යාන්ත්‍රි අත් පා නිෂ්පාදනයට තාක්ෂණය වඩාත් පුලුව යොමු කිරීමයි. එක් තරගකරුවෙකු වූ Evasion ගේ ඉලෙක්ට්‍රොනික අත බොහෝ දුරට පියවි අතක් ලෙස ක්‍රියාකරයි එහෙත් එය මිල අධිකය. එවැනි යාන්ත්‍රික අත් සාමාන්‍ය රෝගීන් සදහා නොලැබේ. තරගයේ ස්වරුපය නම් වඩාත් අඩු කාලයකදී ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් කිරීමයි. ඒ සදහා පාන් කැපීම, බන්දේසියක් අල්ලාගෙන සිටීම, බල්බයක් සවිකිරීම යන ක්‍රියා ඇතුලත්ය.

3. බලගැන්වූ රෝද පුටු මගින් පඩි පෙළක් නැගීම සහ බැසීම තවත් එක් තරග ඉසව්වකි.ඒ සදහා ඉම්පීරියල් විද්‍යාලයේ කණ්ඩායමක්ද ඉදිරිපත් වී තිබේ. මාංශ පේෂීන් මගින් උත්පාදනය කරන  ස්වභාවික ඉලෙක්ට්‍රොනික සංඥා හදුනාගැනීමට හා එයට ප්‍රතිචාර දැක්වීමට හැකි ස්වයංක්‍රීය ක්‍රමයක් පිලිබදව මෙම කණ්ඩායම උනන්දු වේ.






අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=At3PHNkTWqg


July 11, 2016

මුදුිත මුහුණක් සවීකළ ලෝකයේ ප්‍රථම මිනිසා














එංගලන්තයේ මොරිස්ටන් රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙම විශ්මිත නිර්මාණය කර ඇත.මෙය සිදුකර ඇත්තේ  එංගලන්තයේ කාඩීෆ්හි ස්ටීවන් නැමති පුද්ගලයාටයි. ඔහුගේ මුහුණ මෝටර් සයිකල් අනතුරකින් සමිපුර්ණයෙන් පොඩි විය.

පසුව ඔහුගේ විනාශ වු මුහුණ වෙනුවට ත්‍රිමාණ මුදුණ යන්ත්‍රයකින් මුද්‍රණය කර තැනු කෘතීම මුහුණේ කොටස් සවිකිරිමෙන් අනතුරුව ඔහුගේ එම සැත්කම සාර්ථක වු බව ස්ටිවන් කියා සිටියේය.මෙම සැත්කම සදහා පැය අටක් පමණ ගත වී ඇති අතර එසේ බද්ධ කළ කොටස් තිුමාණ ක්‍රමයට මුදුණය කරවා ගෙන එනු ලැබුවෙි ඛෙල්ජියමෙි ආයතනයක් විසිනි.මෙය වෛද්‍ය විද්‍යාව ලැබු විශාල ජයගුහණයක් බව එම වෛද්‍ය කණ්ඩායම තව දුරටත් පවසා සිටියි. 


-විදාතා සම්පත් මධ්‍යස්ථානය,

නොච්චියාගම

February 11, 2016

තාක්ෂණයේ බල මහිමයෙන් අන්ධ පුද්ගලයින්ට පෙනීම

දශකයක දෙකක කාලයක සිට අන්ධභාවයට පත්ව සිටින පුද්ගලයෙක්ට කෘතිම ඇසට ස්තූති වන්නට තම බිරිඳ දැකීමට හැකි වු දුර්ලභ අවස්ථාවක් උදාවිය.ඔහු වයස 68ක් වන ඇලන් සිරාඩ්(Allen Zderad) වන අතර retinitis pigmentosa නැතහොත් (ආර්.පී.) ලෙස හඳුන්වන දුර්ලභ, පරිහානීය අක්ෂි රෝග දුක් විඳියි.
මෙම රෝගය දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදී පටක වලට හානි කරයි. එහි ප්‍රතිඵලක් ලෙස සමහර පුද්ගලයින්ගේ රාත්‍රී කාලයේ පෙනීම දුර්වල වන අතර තවත් සමහරෙක් සදාකාලික අන්ධභාවයට පත් වෙයි. ඇලන්ගේ පෙනීම දුර්වලවීම මීට වසර 20කට පෙර ආරම්භ වු අතර අවසානයේදී ඉතා බරපතල තත්වයකට පත්විය. වස්තූන්, මිනිසුන් හෝ ස්වරූප කිසිවක් ඔහුට නොපෙණුනු අතර දීප්තිමත් ආලෝකයක් පමණක් දිස් විය.
රෝගී තත්වය ඇලන්ගේ ජීවිතය උඩු යටිකුරු කිරීමට සමත් විය. ඔහු තවදුරටත් වෘත්තීයෙන් රසායනඥයකු නොවීය. තම  ස්පර්ශ හා අවකාශීය සබඳතා උපයෝගී කරගනිමින් දැව නිර්මාණකරනයට යොමු විය. සුවකල නොහැකි රෝගයක් නිසාත් ප්‍රතිකර්ම වලින් කිසිදු සුවයක් නොමැති නිසාත් සියලු බලපොරොත්තු අත්හැර සිටි ඇලන්ට මායෝ සායනයනික අක්ෂි වෛද්‍යවරයෙකු වන ආචාර්ය රේමන්ඩ් ලෙසී (Dr. Raymond Iezzi) නිසා පෙනීම පිළිබඳ නව බලාපොරොත්තු ඇති විය.
ලෙසී විසින් මෙම කෘතිම ඇස පිළිබඳව පර්යේෂණාත්මක අත්හදා බැලීමකට සුදානම්ව සිටි බැවින් ඇලන්ගේ රෝගී තත්වය ගැන උනන්දු විය. ලෙසීගේ කෘතිම ඇස නිර්මාණය අන්ධ පුද්ගලයන් තුල දෘශ්‍ය සංජායනනයන් ඇති කිරීමට සමත්ය. මෙලෙස ඇලන්ට දෙවනි වරත් පෙනීම ලැබුණු අතර ඔහු ලෙසීගේ උපකරණයට ප්‍රතිචාර දැක්වු ප්‍රථම රෝගියා බවට පත් විය. පහත වීඩියෝවෙන් ලෙසී පැහැඳිලි කරන අන්දමට ආර්.පී රෝගය දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදී පටකවලට හානි කිරීමට හේතු වුවත් මෙම පටලයේ ඉතිරිය සාපේක්ෂව නීරෝගී වන අතර දෘෂ්ටි සෛල වැඩීමේ හැකියාවෙන් යුක්ත වේ.
මෙම උපකරණය ආලෝක සංවේදී පටකවල කාර්යය සිදු කරයි. එහිදී දෘෂ්ටි සංඥා හානි වු දෘෂ්ටි විතානය පසු කර කෙලින්ම දෘෂ්ටි ස්නායු වෙතට සම්ප්‍රේෂණයට උදව් කරයි. මේ කාර්යය සඳහා පළමුව සබඳතා 60 කින් යුතු බහු- ඉලෙක්ට්රෝඩ චිපයක් සැත්කමක් මඟින් රෝගියාගේ ඇස තුල තැන්පත් කරයි. පසුව රෝගියා කැමරාවක් සහිත උපැස් යුවලක් පලඳින අතර එයින් ලැබෙන රූප පටය Patient- Worn  පරිඝනකයක් වෙත යවයි. එමඟින් රූප විශ්ලේෂණය කර  ආලෝක සංඥා බවට පත්කර පුද්ගලයා වෙතට යවයි. අවසානයේ ඉලෙක්ට්රෝඩ මඟින් සංඥා දෘශ්‍ය ස්නායුව වෙත යවන අතර මොලය මඟින් එම සංඥා රූපයක් බවට හඳුනා ගැනීමට උදව් කරයි.
මෙහි උපකාරයෙන් ඔහුට රූපයන් සම්පුර්ණ වශයෙන් දැකිය නොහැකි වුවත් සුදු සැරයටියක් නොමැතිව ගමන් කිරීමට අවකාශය ලැබෙයි.


උපුටාගැනීම-http://www.nbcnews.com/news/us-news/allen-zderad-sees-wife-first-time-decade-after-bionic-eye-n311216

February 9, 2016

මෝටර් රථයක් එසවීමට හැකි යාන්ත්‍රික ශරීර කූඩුව(skeleton).

 
මිනිසෙකුට එසවිය හැකි බර ප්‍රමාණය, ශරීර කූඩුව එනම් ඇට සැකිල්ලේ ශක්තිය මත රඳා පවතී. විශාල බර ප්‍රමාණයක් එසවීම අතීතයේ සිටම පැවත එන වීර ක්‍රියාවකි. ඉතිහාසයේ නීල මහා යෝධයාගේ සිට fantastic four වැනි මෑත චිත්‍රපටිවලද එවැනි වීරයෝ උත්කර්ෂයෙන් සළකති. ඒ සඳහා විශාල ශරීරයක් තිබීම හෙවත් යෝධයකු වීම අවශ්‍ය යැයි සැලකේ. 

මිනිසාගේ ස්වකීය බර අනුව බර එසවීමේ දස්කම් ඔලිම්පික් ක්‍රීඩාවේදී මැන බලයි. 56 kg බර පංතියේ ක්‍රීඩකයකු 137 kg එසවු බවටද 105 kg බර පංතියේ ක්‍රීඩකයකු 212 kg එසවු බවටද වාර්ථාගත වී තිබේ. එහෙත් මිනි කුපර් වර්ගයේ මෝටර් රථයක් එසේත් නැතිනම් කි.ග්‍රෑම් 1434  ක් පමණ (රාත්තල් 2524) වන බරක් මිනිසෙකුට එසවිය හැකිවේද ? චිත්‍රපටවල සුපිරි වීරයෝ එම දස්කම් පාති. ඒඅනුව සුපිරි වීරත්වය වඩාත් යථාර්තවාදීව ඉදිරිපත් කිරීමට ශරීරය වසා ගන්නා කෘතිම යාන්ත්‍රික ශරීර කූඩුවකින් (skeleton) විශාල බර ඔසවන Iron Man නිර්මාණය විය.

සත්‍යවශයෙන්ම Iron Man ඇඳුම් කට්ටලයක් හෙවත් වඩා ශක්තිමත් කෘතිම ශරීර කූඩුවක් හෙවත් ඇටසැකිල්ලක් කැනඩාවේ, ඔන්ටෝරියාවේ  පිහිටි තම ගරාජයේදී නිර්මාණය කිරීමට James Hobson තරුණයා සමත්වී ඇත. Iron Man චිත්‍රපටිය නැරඹීමෙන් උද්යෝගයට පත් ඔහු තම  ඉංජිනේරු උපාධි දැණුම භාවිතාකර බැටරියකින් ක්‍රියාත්මක කළ හැකි කෘතිම ශරීර කූඩුවක් සකස් කළේය. දැනට වසර 02 ට පෙර එම කෘතිම ශරීර කූඩුව ඇඳ පැළඳ ගත් Hobson, සජීවී රුපවාහිනි වැඩසටහනකදී  124 kg බරක් ඔසවන ලදී. එමගින් සුපිරි ශරිර කූඩුව තවදුරටත් මිථ්‍යාවක් නොවන බව පැහැදිලි විය. ඔහුගේ නවතම සැලැස්මට අනුව නිෂ්පාදිත කෘතිම ශරීර කූඩුව පැළඳගත් ඔහු 1144 kg බරැති මිනි කුපර් මෝටර් රථයක් පිටුපස රෝද දෙකෙන් ඔසවා මෑතකදී තම දස්කම් වඩා ඉහල මට්ටමකින් ප්‍රදර්ශනය කරන ලදී. වීඩ්යෝව නරඹන්න. අනාගතයේදී කෘතිම ශරීර කූඩු සහිත Iron Man ලා අලි ඇතුන් මෙන් කටයුතු කරනු ඇත්දැයි අපි බලා සිටිමු.

උපුටාගැනීම :-
Home maid Iron Man suit can lift a mini Cooper  by Tom Hale
https://www.youtube.com/watch?v=tMc1hGU1LN

November 18, 2015

රෝගීන්ට අවශ්‍ය හදවත්, රුධිර නාල අච්චු ගැසීම.(3D Printing)

අනාගතයේදී මිනිස් සිරුර අළුත්වැඩියා කිරීමට ආධාරක ලෙස ජීවී අවයව නිර්මාණයට ත්‍රිමාණ මුද්‍රණයට හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති.

හදවත, මොලය, රුධිර නාල හා අස්ථි වැනි විවිධ මානව අවයව වල ත්‍රිමාණ ආකෘති මුද්‍රණය කළ හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයින් විසින් සංවර්ධන කර ඇත. අනාගතයේදී මෙම ක්‍රියාවලිය භාවිතයෙන් ජීව පටක වර්ධනය කර අවයව නිර්මාණය කළ හැකි මෘදු රෝපිතයන් ත්‍රිමාණ මුද්‍රණයෙන් සංවර්ධනය කිරීමට හැකි වේ. තවද මෙම සොයාගැනීම ආහාර මුද්‍රණ තාක්ෂණය මෙන්ම විද්‍යා ප්‍රබන්ධ වල  ඇති අතීත ප්‍රතිනිර්මාණ හෙවත් අතීතාවර්ථ මුද්‍රණ තාක්ෂණය සඳහාද යොදා ගනු ඇතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එක් තලයක් (උදා:පත්තර තීරුවක්) මත නව තලයක් මුද්‍රණයෙන් ත්‍රිමාණ වස්තු නිර්මාණය කරන ත්‍රිමාණ මුද්‍රණය සඳහා ප්ලාස්ටික්, පිගන් මැටි, වීදුරු, වානේ වැනි අමුද්‍රව්‍ය පමණක් නොව ජීව සෛල වැනි අසාමාන්‍ය අමුද්‍රව්‍යයද දැනටමත් යොදා ගනු ලැබේ.

සම්ප්‍රදායක ත්‍රිමාණ මුද්‍රිත වස්තු නිෂ්පාදනය වී ඇත්තේ දෘඩ අමුද්‍රව්‍ය මගින්ය. ඊට හේතුව  එක් තලයක් (පත්තර පිටුවක්/ තීරුවක්) මුද්‍රණය කළ විට එය මත මුද්‍රණය වන දෙවන තලය/ තීරුව දරා ගැනීමට මුල් තීරුව ශක්තිමත් වීමේ අවශ්‍යතාවය වේ. මේනිසා මෘදු අමුද්‍රව්‍ය මගින් ත්‍රිමාණ මුද්‍රණය කිරීම අපහසුය (ජෙලි වලට සමාන වස්තු නිර්මාණය). එනම් මෘදු අමුද්‍රව්‍යය එහි බර  නිසාම එහි ස්වරූපය වෙනස් කර ගැනීම නිසා මුද්‍රණයේදී අවශ්‍ය දරා ගැනීමේ ශක්තිය ලබා දීම අභියෝගයක් බව ඇඩම් ෆයින්බර්ග්(Adam Feinberg) පවසයි. ඇඩම්, කාර්නිජ් මෙලන් විශ්ව විද්‍යාලයේ ජීවවෛද්‍ය ඉංජිනේරුවරයෙකු වන අතර මෙම අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකුද වේ.

                                                                                   එක් එක් රෝගියා සඳහා අවශ්‍ය අනන්‍ය හා දෘඩ වෛද්‍ය උපායන් වූ ශ්‍රවණාධාර, කෘතීම  අත් සහ දන්ත අංගෝපාංග ත්‍රිමාණ මුද්‍රණය කිරීමට පර්යේෂකයෝ සමත්ය. කෙසේ වෙතත් නව අධ්‍යයනය යොමු වුයේ මෘදු වෛද්‍ය  උපායන් ත්‍රිමාණව මුද්‍රණය කිරීමටය. ජීව මුද්‍රණය (Bio printing) නම් නව ක්‍රියාවලිය මගින් හානියට පත් වු ඉන්ද්‍රියන් අළුත්වැඩියාවට හා ප්‍රතිස්ථාපනයට යොදාගත් සාම්ප්‍රදායික ඉන්ද්‍රීයපටක බද්ධ(Transplant) ක්‍රියාවලියට නව විකල්පයක් ලබා දී ඇති බව ඇඩම් පවසයි. පටක හා ඉන්ද්‍රීය වැවීමට හැකියාව ඇති අස්ථි හා සෛල ත්‍රිමාණ මුද්‍රණය කිරීම සඳහා විභවයක් සහිත ක්‍රමවේදයන් සැකසීමට මෙමගින් හැකි වී තිබේ. එය පටක ඉංජිනේරු විද්‍යාවේ (Tissue Engineering) එක් අංශයක් වේ. ඒ සඳහා ජෙලටීන් පිටි ඇතුලත් (සුපිරි වෙලද සැල් වල ඇති ඒවාට සමාන) ආධාරක ද්‍රවයක් තුල මෘදු අමුද්‍රව්‍ය භාවිතයෙන් ත්‍රිමාණ මුද්‍රණයන් කිරීමට හැකි ක්‍රම ඔවුන් විසින් සංවර්ධන කළ බව ඇඩම් Live Science මගින් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
  
උපුටාගැනීම ;
Organs on Demand? 3D Printers could build Hearts, Arteries by Charles Q Choi
http://www.livescience.com/52571-3d-printers-could-build-organs.html

https://www.youtube.com/watch?v=5SWw_qM6_8I

May 8, 2015

ඉලෙක්ට්‍රෝනික කණ්ණාඩිය නිසා අන්ධ මව තම දරුවා මුල්වරට දකී.

කැතී බිලිට්ස් වයස අවු. 11 සිට නෛතිකව අන්ධ කාන්තාවකි. ඇයට තිබූ පෙනීම ඉතාමත් කුඩා විය. මධ්‍යම දැක්ම ඉතා අඩු එහෙත් පර්යන්ත දැකීම සාමාන්‍ය තත්ත්වයේ පවතින Stargardt රෝගයෙන් ඇය පෙළුණාය. වයස අවුරුදු 10-20 කාලයේදී මෙම රෝගය පටන් ගන්නා අතර එය ප්‍රවේණිගතව පිරිහෙන රෝගයකි. මැකයුලා ලෙස හදුන්වන දෘෂ්ඨි විතානයේ මධ්‍යම කොටසේ ආලෝක සංවේදී ප්‍රභාග්‍රාහක සෛල මිය යාම නිසා මෙම රෝගී තත්ත්වය ඇතිවේ.

බිලිට්ස් සම්පූර්ණයෙන්ම අන්ධ නොවුනද ඇයගේ දර්ශන මධ්‍යය අන්ධ වීම නිසා වස්තු සහ මුහුණවල් නොපැහැදිලි හා හදුනාගත නොහැකි ලෙස ඇයට දර්ශනය විය. මෙවැනි රෝගීන්ට සම්පූර්ණ පෙනීම ලබා දීමට අවශ්‍ය ප්‍රතිකාර දැනට නොමැත. කෙසේ වෙතත් සොයා ගෙන ඇති නව තාක්ෂණයේ ආධාරයෙන් එවැනි රෝගීන්ට ලොව එළිය බැලීමේ අවස්ථාව උදාවී  තිබේ.

මෙම ඉලෙක්ට්‍රෝනික කණ්ණාඩිය "eSight "නමින් හදුන්වන අතර භාවිතා කරන්නන්ට නිවැරදි පැහැදිලි දසුනක් ලැබෙන තෙක් සීරුමාරු කළ හැකි විවිධාකාර උපාංග, බහුවිධි ආකාරයෙන් එක් කළ හැකි කණ්ණාඩියක් වේ. කණ්ණාඩි රාමුවේ සවිකර ඇති headset හි ඇති  අධි සංවේදී කැමරා මගින් වීඩියෝ රූප ලබා ගනී. භාවිතාකරන්නන්ගේ ඇස් ඉදිරියේ පිහිටි ඓන්ද්‍රීය ආලෝක විමෝචන ඩයෝඩ වෙත මෙම වීඩියෝ රූප ලබාදේ. බාහිරව  පාලනය කළ හැකි උපකරණයක් මගින් ඡායාව වඩාත්ම නිවැරදි රූපයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය විශාලනය වැනි ක්‍රියා සඳහා පහසුකම් ලැබේ. එමගින් අවට ලෝකයේ වඩාත් නිවැරදි රූපය දැකීමට රෝගීන්ට හැකියාව ලැබේ.
සිත්ගන්නා සුළු ලෙස eSight ,14 වරක් විශාලනය කිරිම, ඡායාවේ ආලෝක වැඩි කිරීම, වර්ණාවලි දර්ශනය ප්‍රතිරාවය කිරීම වැනි ගුණාංග වලින් සමන්විතය. ඒ නිසා සාමාන්‍ය පෙනීමක් ඇති පුද්ගලයන් නොදකින බොහෝදේ මෙවැනි රෝගීන්ට දැකීමට අවස්ථාව සැලසේ යැයි මෙම සොයාගැනීමේ නියුතු සාමාජිකයෝ තම වෙබ් පිටුවල සඳහන් කර තිබේ.
 
eSight ආරම්භයේදී මිල අධික වුවද රෝගීන් ශල්‍යකර්ම සඳහා වියදම් කළ යුතු මුදල සහ eSight හි කාලයත් සමග සිදුවන සංවර්ධනය නිසා ඉක්මනින් මිල අඩුවීම සැළකිය යුතුය. එලෙසම  රක්ෂණ සමාගම් හා කටයුතු කිරීමෙන් මෙම කණ්ණාඩිය සාමාන්‍ය ජනතාවට ලබා දීමේ හැකියාවක් නිර්මාණකරුවන්ට ලැබේ.

උපුටා ගැනිම -
Electronic Glasses Allow Legally Blind Woman to See Her Baby for The First Time by Justine Alford
https://www.youtube.com/watch?v=e9crPvfcEy4

April 20, 2015

අංශභාගය සුවයට මනසින් පාලනය වන කෘතීම ඇටසැකිලි

අංශභාග රෝගයට භාජනය වූ රෝගී්න් 08 කගේ අක්‍රීය වූ මාංශපේෂී පුදුමාකාර ලෙස ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට හැකි කෘතීම ඇටසැකිල්ලක් නිෂ්පාදනය කර තිබේ. මනසින් චලනය කළ හැකි වූ මෙම ඇටසැකිල්ලේ ප්‍රයෝගකාරී චලනයන් මේ සඳහා භාවිතා කර ඇත.

පසුගිය වසරේ බ්‍රසීලයේ පැවති ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් පන්දුවට ප්‍රථම පා පහර එල්ල කළ දෙපා පණ නැති අංශභාග රෝගියෙකු වූ ජූලියානා පින්ටෝ මෙම කෘතීම ඇටසැකිල්ලක් භාවිතා කළ අයෙකි. රිය අනතුරකින් ඉනෙන් පහළ කොටස අකර්මන්‍ය වූ ඔහු එදින “මට පන්දුව දැනුනා” යැයි ඉතා ප්‍රීතියෙන් කෑගැසුවේය. සිතුවිලි මගින් පාලනය කළ හැකි කෘතීම ඇටසැකිලි  ආශ්‍රයෙන් ක්‍රියාත්මක කළ “නැවත ඇවිදිමු ව්‍යාපෘතියේ” ප්‍රධානියා  වූ උතුරු කැරොලිනාවේ ඩියුක්‌ විශ්ව විද්‍යාලයේ මිගෙල් නිකෝලිස් ප්‍රකාශ කළේ “එය ඉතා ආවේගශීලී මොහොතක්” බවයි.

පින්ටෝ සහ තවත් එවැනි අංශභාග රෝගීන් 08 දෙනෙක් හට කෘතීම ඇටසැකිලි  භාවිතය පිළිබඳව පුහුණුවක් 2013 නොවැම්බර් සිට නිකෝලිස් විසින් ලබා දෙන ලදී.බාහුව ආවරණය කරන රොබෝ උපාංගයක් වූ මෙය මොලයේ සංඥා, චලනයන්  බවට පත් කරයි. තවද මෙම උපාංගය එය පළදින්නාගේ  තොරතුරු මතකය වර්ධනය කිරීම නිසා ඔහුගේ ස්නායු පද්ධතියේ සමහර කොටස් නැවත ක්‍රියාකාරී බවට පත්වන අාකාරයක් දිස්වූ  බව සඳහන් වේ. නිකොලිස් ප්‍රතිකාර කළ රෝගීන් 08 දෙනාම වසරකට පසුව නැවත පරීක්ෂාවේදී ඔවුන් සියලු දෙනාටම වරක් සම්පූර්ණයෙන් අක්‍රීයව තිබූ බාහුවල මාංශපේෂී චලනය කිරීමේ හැකියාව ලැබී තිබුණි.
 
ස්විස්ටර්ලන්තයේ ලෝයෙන් හී පැවති “Brain Forum” (මොලයේ විනිශ්චයශාලාව) වැඩසටහන  හීදී මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් “කිසිවෙක් කිසිසේත් මෙය අපේක්ෂා නොකළා” යැයි නිකොලිස් ප්‍රකාශ කළේය. පුද්ගලයකුගේ සුෂුම්නාව තුවාල (හානි) වූ විට ශරීරය සහ මොලය අතර සම්බන්ධතාවයට හැනි ඇතිවේ. එමඟින් ශරීරයේ බොහෝ කොටස් පිළිබඳ දැනීම නැතිවීම සහ ඒවා චලනය කළ නොහැකි වීම සිදුවේ. කෙසේ වෙතත් සුෂුම්නාවේ ස්නායු කිහිපයක් හෝ ආරක්ෂා වී ඇත්නම්  වසර ගණනාවක දැඩි  පුනරුත්ථාපනයකින් පසුව අවයව පාලනය කර ගැනීමට සමහරවිට හැකිවේ. සුෂුුම්නාවේ සම්පූර්ණ ආබාධයක් සිදු වූ විට එනම් ඒවායේ  ස්නායු සියල්ල අක්‍රීය වූ විට නිරෝගී බව ලබා ගැනීමට හැකියාව ලබාදීම එතෙක්  සාර්ථක වී නොතිබුණි. නිකොලිස් ප්‍රතිකාර කළ රෝගීන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම සම්පූර්ණයෙන් සුෂුම්නාව බිඳීයාමකට භාජනය වූවෝය . ඔවුන්ට ඉනෙන් පහළ තම ශරීරයේ කොටස් පිළිබද කිසිඳු දැනීමක් හෝ  පාලනයක් නොතිබුණු අතර ඒවා තිබෙන බව දැනීම වුවද සිහිනයක් බව පුනරුත්ථාපනය ආරම්භයේදී කියා සිටින ලදී. පැය 1100 ක කාලයක් කෘතීම ඇටසැකිල්ල සමග පුහුණු වීමෙන් පසු තම ශරීර වල පහළ කොටසක් ඇති බව ඔවුන් සියලු දෙනාම ප්‍රකාශ කළෝය.

උපුටා ගැනීම -
 Mind control exoskeleton gives unprecedented paralysis recovery by Jessica Hamazelou
http://www.newscientist.com/article/mg22630174.100-mindcontrol-exoskeleton-gives-unprecedented-paralysis-recovery.html#.VTTIwfmUeDs

https://www.youtube.com/watch?v=qomGq6ysd9E