September 22, 2016

ලොව ප්‍රථම යාන්ත්‍රික ශරීරාංග ඔලිම්පික් තරගාවලිය (Cybathlon)

ලොව පුරා සිටින යාන්ත්‍රික ශරීරාංග භාවිතා කරන්නන්ගේ ඔලිම්පික් තරගාවලිය ලබන මස ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පැවැත්වීමට නියමිතය. මෙහිදී යාන්ත්‍රික ශරීර සැකිලි, ඉලෙක්ට්‍රොනික අත් පා , බලගැන්වූ රෝද පුටු හා වෙනත් තාක්ෂණික උපකරණ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සදහා භාවිතා කරන පුද්ගලයන් තරගකරුවන් ලෙස සහභාගී වේ. ලොව ප්‍රථම වතාවට පවත්වන මෙම Cybathlon තරගාවලියට කණ්ඩායම් පනහක් සහභාගී වීමට නියමිත අතර එහිදී මොළයේ සංඥා මගින් පමණක් පරිගණක චරිත මෙහෙයවීම, බලගැන්වූ රෝද පුටු මගින් පඩිපෙළ නැගීම බැසීම ,යාන්ත්‍රික අත් පා වල විවිධ ක්‍රියාකාරකම් යනාදි තරග රාශියක් පැවැත්වේ. බාහිර ආබාධ සහිත පුද්ගලයන්ගේ ජිවිත සදහා නවීන තාක්ෂණයේ සේවය සුරිච් හි  ETH විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් රයිනර් (Robert Rainer) ගේ අදහසක් මත ආරම්භ වූ Cybathlon හිදී එළිදැක්වේ .

NASCAR සහ ෆොමියුලා වන්  වැනි මෝටර් රථ තරග මගින් මෝටර් රථවාහන තාක්ෂණය දියුණු වූවාසේම ඔක්තෝබර් 8 වෙනිදා ආරම්භවන Cybathlon තරගාවලිය මගින් පුද්ගල උපකාරක යන්ත්‍ර තාක්ෂණයේ දියණුව සදහා එම පරීක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පුළුල්වීමක් ඇතිවෙතැයි  Cybathlon සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ. තරගකරුවන් කිහිපදෙනකුගේ කෙටි විස්තර මෙසේය.

1.අවුරුදු 29 දි හදිසි මෝටර් රථ අනතුරකදී අත් පා වාරු නොමැතිව ආබාධිත වූ ඩේවිඩ් රෝස් එස්සෙක්ස් විශ්ව විද්‍යාලයේ බුද්ධි ආලෝලන (Brainstormer) කණ්ඩායම නියෝජනය කරයි.ඔහු මොලයෙන් නිකුත් කරන තරංග මගින් පරිගණක පාලනය කිරීමේ තරගයට සහභාගී වේ. අතුරු-මුහුණත ලෙස මොළය යොදා ගැනීමේ තරග සදහා රෝස් වසර දෙකක කාලයක් පුහුණු වී ඇත. හිස් ආවරණයේ ඇති ඉලෙක්ට්‍රොඩ මගින් ඔහුගේ මොළයේ ක්‍රියාකාරකම් හෝ සිතුම් පරිගණකයට යොමු කර එමගින් පරිගණකය කොතරම් දුරට ක්‍රියාකර විය හැකිදැයි මෙම තරගයයි.

2.යාන්ත්‍රික අත්වල ක්‍රියාකාරකම් හෙවත් Prosthetic Arm Race වලට සහභාගිවන්නන්ගේ  අපේක්ෂාව එමගින් අඩු වියදම් යාන්ත්‍රි අත් පා නිෂ්පාදනයට තාක්ෂණය වඩාත් පුලුව යොමු කිරීමයි. එක් තරගකරුවෙකු වූ Evasion ගේ ඉලෙක්ට්‍රොනික අත බොහෝ දුරට පියවි අතක් ලෙස ක්‍රියාකරයි එහෙත් එය මිල අධිකය. එවැනි යාන්ත්‍රික අත් සාමාන්‍ය රෝගීන් සදහා නොලැබේ. තරගයේ ස්වරුපය නම් වඩාත් අඩු කාලයකදී ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් කිරීමයි. ඒ සදහා පාන් කැපීම, බන්දේසියක් අල්ලාගෙන සිටීම, බල්බයක් සවිකිරීම යන ක්‍රියා ඇතුලත්ය.

3. බලගැන්වූ රෝද පුටු මගින් පඩි පෙළක් නැගීම සහ බැසීම තවත් එක් තරග ඉසව්වකි.ඒ සදහා ඉම්පීරියල් විද්‍යාලයේ කණ්ඩායමක්ද ඉදිරිපත් වී තිබේ. මාංශ පේෂීන් මගින් උත්පාදනය කරන  ස්වභාවික ඉලෙක්ට්‍රොනික සංඥා හදුනාගැනීමට හා එයට ප්‍රතිචාර දැක්වීමට හැකි ස්වයංක්‍රීය ක්‍රමයක් පිලිබදව මෙම කණ්ඩායම උනන්දු වේ.






අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=At3PHNkTWqg


0 comments:

Post a Comment