Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Showing posts with label ආහාරஉணவு. Show all posts
Showing posts with label ආහාරஉணவு. Show all posts

January 14, 2024

උයන, පිරිසිදු කරන සහ ආරක්‍ෂාව සලසන රොබෝවරයා

රොබෝ තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස, 1X නෝර්වීජියානු සමාගම විසින් වැඩි දියුණු කරන ලද EVE ඇන්ඩ්‍රොයිඩ්, ගෘහ සහ කාර්මික කටයුතුවල වත්මන් ක්‍රම වෙනස් කරයි. විද්‍යාත්මක ප්‍රබන්ධ නිසා මෙම ප්‍රවෘත්තියේ නැවුම් බව මද වුවද තවදුරටත් එය විද්‍යා ප්‍රබන්ධයක් නොවීමම සත්‍ය නැවුම් බවක් මතු කරයි. GPT-4 හි නවීකරණයක් භාවිතා කරන මෙම උසස් රොබෝවරයා වට්ටෝරු යෝජනා කිරීමේ සිට ඉතා සූක්ෂම ලෙස පිඟන් සේදීම දක්වා වූ විවිධ කාර්යයන් ඉටු කරයි. EVE Android රොබෝවරුන් විසින් අපගේ නිවෙස් සහ ගබඩා තුළ දෛනික කටයුතුවල වැඩි කොටසක් සිදු කරනු ලබන අනාගතයකට මග පාදයි.

ගෙදර දොරේ වැඩ විප්ලවය.

මුළුතැන්ගෙයි රාක්ක තුල ඇති අමුද්‍රව්‍ය මොනවාදැයි බලා, තිබෙන අමුද්‍රව්‍ය අනුව ප්‍රණීත ආහාර වට්ටෝරු ඉදිරිපත් කළ හැකි රොබෝවක් ගැන සිතන්න. EVE Android එම දර්ශනය යථාර්ථයක් බවට පත් කරයි, GPT-4V මෘදුකාංගය භාවිතා කරන මෙම අති නවීන ඇන්ඩ්‍රොයිඩ්, ලණු/කඹ වැනි මාංශ පේශි මගින් බල ගැන්වෙන වේගවත් 'අත්' වලින් සමන්විත වේ. අධික වේගය සහ බලය බොහෝ විට වටපිටාවේ සහ මානව අන්තර්ක්‍රියා යන දෙකටම අවදානම් ඇති කරයි. එහෙත් පරිසරය සමඟ ආරක්ෂිත අන්තර්ක්‍රියා සහතික කරමින් ශක්තිමත් නමුත් බලශක්ති කාර්යක්ෂම මෝටරවලින් සමන්විත EVE රොබෝවරුන් එවන් ආරක්ෂක අභියෝග බිඳ දමා ඇත. එම රොබෝ අත්වලට විවිධ කාර්යයන් මනාව හා නිශ්චිතව ඉටු කිරීමට හැකි වීම පුදුමයකි.

 1X සහ OpenAI කළ ඩොලර් මිලියන ගණනක ආයෝජනය EVE Android හි විභවය අවධාරණය කරයි. පිඟන් සේදීමේ සිට රසවත් කුකීස් පිළිස්සීම (බේක් කිරීම) දක්වා කටයුතු කිරීමෙන්, එහි බහුකාර්යතාව සහ අනුවර්තනය වීමේ හැකියාව ප්‍රදර්ශනය කරයි. එය නෝර්වීජියානු කුස්සියක සිය දක්ෂතාවය ඔප්පු කර ඇත.

කර්මාන්ත යෙදුම් සඳහා භාවිතය.

 EVE Android ගෙදර දොරේ වැඩවලට පමණක් සීමා නොවේ. එය දැනටමත් කාර්මික සැකසුම් තුළ රැල්ලක් ඇති කර තිබේ. එක්සත් ජනපදයේ, මෙම කැපී පෙනෙන ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක මුරකරුවෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් ගබඩාවල ස්වයංක්‍රීයව මුර සංචාරයේ යෙදෙන අතර වැරදි හඳුනාගත් විට මිනිස් ක්‍රියාකරුවන්ට අනතුරු අඟවයි. අතථ්‍ය යථාර්ථය ඒකාබද්ධ කිරීම මඟින් මිනිස් සුපරීක්ෂකවරුන්ට අවශ්‍ය විටෙක පාලනය කිරීමට ඉඩ සලසයි. එනම් රැකියා ස්ථානයේ රොබෝ තාක්ෂණයේ සහයෝගීතා හැකියාව අවධාරණය කරයි.

 ඇසුරුම් කිරීම, වර්ග කිරීම, මුද්‍රණය කිරීම, පිරිසිදු කිරීම සහ අධීක්‍ෂණය වැනි විවිධ ඒකාකාරී, කම්මැලි සහ පුනරාවර්තන කාර්යයන් ඉටු කිරීම මගින් EVE හි හැකියාවන් ආරක්ෂක රාජකාරිවලින් ඔබ්බට විහිදේ. ඇන්ඩ්රොයිඩ් නිරීක්ෂණ, සැපයුම්, සිල්ලර වෙළඳාම සහ ගබඩා සඳහා භාවිතා කළ හැක. ගබඩාවල සිට කර්මාන්තශාලා දක්වා EVE Android හි අනුවර්තනය වීමේ හැකියාව විශේෂිත වේ. බහු කර්මාන්ත සඳහා සකසා ඇති EVE විවිධ හැකියාවන් මගින් ශ්‍රම හිඟය අවම කරන අතර අනතුරුදායක මෙන්ම අපහසු පරිසරයන්හි ශ්‍රමිකයන්ට ආරක්ෂාව ලබාදී දරුපවුල් රකියි.

Brenda Kanana ගේ cryptopolitan හි ලිපිය ඇසුරෙන්

December 26, 2023

රොබෝ ස්පයිඩර් ඩ්‍රෝන් යානය. The Robot Spider Drone

රොබෝ ස්පයිඩර් ඩ්‍රෝන් යානය, ස්පයිඩර්බෝට් හෝ ඇරක්නිඩ් ඩ්‍රෝන් ලෙස හැඳින්වේ. එය මකුළුවෙකුගේ ස්වරූපය අනුකරණය කරන රොබෝ උපාංගයකි. රොබෝ විද්‍යාව සහ ඩ්‍රෝන් තාක්‍ෂණය ඒකාබද්ධ වීම නිසා රොබෝ ස්පයිඩර් ඩ්‍රෝන් නිපදවීමට හැකිවී තිබේ. එය ජෛව යාන්ත්‍ර විද්‍යාවෙන් ආනුභාව ලත් නව්‍ය ඩ්‍රෝන වර්ගයකි. අද්විතීය සංචලනය සහ අනුවර්තනය වීමේ හැකියාව ඇති රොබෝ ස්පයිඩර් ඩ්‍රෝන නිරීක්ෂණය කිරීම්, සෙවීම් සහ ගලවාගැනීම් සහ නඩත්තුව වැනි විවිධ ක්ෂේත්‍රවල වැඩි වැඩියෙන් භාවිතා වේ.  

මෙම බහුවිධ ඩ්‍රෝන යානා ආපදා විපතට පත් ප්‍රදේශවලදී රොබෝ, මකුළුරොබෝ ස්පයිඩර්ඩ්‍ ඩ්‍රෝන යානාවලට අනුවර්තනය වීමේ හැකියාව තීරණාත්මක ඔවුන්ට සුන්බුන් හරහා සැරිසැරීමට, කඩා වැටුණු ව්‍යුහයන්ට නැඟීමට සහ ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත සජීවී ප්‍රතිපෝෂණ සැපයීමට හැකි අතර, මිනිස් කණ්ඩායම්වලට වඩා වේගයෙන් දිවි ගලවා ගත් අය සොයා ගත හැකිය.

බලශක්ති සහ නිෂ්පාදන වැනි කර්මාන්ත ප්‍රවේශවල අභියෝග ඇති කරන උපකරණ සහ ව්‍යුහයන් පරීක්ෂා කිරීමට රොබෝ ස්පයිඩර් ඩ්‍රෝන යොදා ගනී. එසේ කිරීමෙන්, ඒවා උත්සන්න වීමට පෙර විය හැකි ගැටළු හඳුනා ගත හැකි අතර, එමගින් අනතුරු වළක්වා ගැනීම සහ අක්‍රිය කිරීමේ කාලය අඩු කරගැනීමට හැකිවේ.

අන්තර්ජාලය ඇසුරෙන්.


සාමාන්‍ය පැල සුපිරි පැල බවට පරිවර්තනය කරන අහඹු සොයාගැනීමක්. Transforms Seedlings Into Super Plants

වෙනත් ඕනෑම ජීවියෙකු මෙන්, ශාක ආතතියට පත්විය හැකිය. සාමාන්‍යයෙන්, මෙම ආතතියට තුඩු දෙන උණුසුම සහ නියඟය වැනි තත්ත්වයන් වේ. ආතතියට පත් වූ විට, ශාක විශාල ලෙස වර්ධනය වීම හෝ එතරම් නිෂ්පාදනයක් සිදු නොකරනු ඇත. මෙය ගොවීන්ට ගැටලුවක් විය හැක. එබැවින් ඔරොත්තු දීමේ හැකියාව වැඩි ශාක ජානමය වශයෙන් වෙනස් කිරීමට විද්‍යාඥයින් උත්සාහ කර ඇත.


බීජ, එතිලීන් වායුව සමඟ ප්‍රතිකාර කිරීමෙන් ඒවායේ වර්ධනය සහ ආතතිය ඉවසීම යන දෙකම වැඩි වන බව පර්යේෂකයන් සොයාගෙන ඇත. වැඩි දියුණු කළ ප්‍රභාසංස්ලේෂණය සහ ශාකවල කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය සම්බන්ධ මෙම සොයා ගැනීම, පාරිසරික ආතතීන්ට එරෙහිව බෝග අස්වැන්න සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ හැකියාවේ ඉදිරි ගමනක් වේ.

අන්තර්ජාලය ඇසුරෙන්


October 11, 2023

ඉන්දියාවේ පමණක් දකින අසාමාන්‍ය සහ මිල අධික අමුතු දේ 2 - (Unusuals Seen in India)

 7. ආන්තික විදුලි රැහැන් - රටපුරා - ඇස්. පිරිවැය: අදාල නොවේ.

නගරයකට වැඩි පිරිසක් පැමිණෙන හා ජීවත්වන විට වැඩිවන අවශ්‍යතා නිසා අමතර විදුලි රැහැන් අවශ්‍ය වේ. ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වන සිතාගත නොහැකි තරම් මිනිසුන් නිසා, විදුලි රැහැන් ඇදීම ඔබට සිතාගත හැකි පරිදි සෑම විටම අවුල් සහගතය. කුරුල්ලෙකුට වත් පියාඹිය නොහැකි පරිසරයකි.

කේබල් මත කේබල් ඇති අතර, ඒ සෑම එකක්ම අනෙක් කේබල් දුසිම් භාගයක් (හෝ ඊට වැඩි) සමඟ බැඳී ඇත. මෙය දැකීමෙන් පසු, හෙඩ්ෆෝන් වයර් එතරම් ලොකු ගැටලුවක් නොවිය හැක. මෙවැනි පරිසරයක විදුලි කාර් මිකයන්ට සිදුවන විශාල අනතුරදායක මෙන්ම නිරන්තර තර්ජනය සැලකිල්ලට ගත්විට ඔවුන් ඉන්දියාවේ වඩාත්ම ගෞරවනීය වෘත්තිකයන් නොවන්නේ කෙසේද යන්නද පුදුමයකි.

8. රන් ආභරණ මෝටර් රථය - මුම්බායි - ඇස්.පිරිවැය: $4.57 මිලියන*(ආ.ව. රු. මිලියන 1478)

ඉන්දියාවේ නිෂ්පාදිත ටාටා නැනෝ යනු ලෝකයේ ලාභම මෝටර් රථය වන අතර, එහි නමින්  පැහැදිලිවම ගම්‍ය වන පරිදි, එය කුඩාම මෝටර් රථවලින් එකකි. ඉන්දියානු ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහස්‍ර පහක් සැමරීම සඳහා ගෝල්ඩ්ප්ලස් මගින් එම නැනෝ මෝටර් රථය ස්වර්ණාභරණ වලින් නැවත සකසා වඩාත්ම මිල අධික වාහනයක් බවට එය පරිවර්තනය කළේය.

නැනෝ රාමුව ආලේප කිරීම සඳහා කැරට් 22 රන් ආලේපන රාත්තල් 175 ක් සහ රිදී රාත්තල් 33 ක් භාවිතා කර ඇත. වඩාත් ජනප්‍රිය වීඇත්තේ වාහනයේ පිටත සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඇතුළත් කර ඇති මැණික් 10,000 යි.

9. අමුතු ප්‍රවාහන ශිල්පීය ක්‍රම - ඉන්දියාව - ඇස්. පිරිවැය: අදාල නොවේ

ඉන්දියානු ප්‍රවාහන වාහනයක් යන්තම් එහි බඩු අල්ලාගෙන සිටින බව පෙන්වන මෙම පින්තූරය නිසැකවම අනතුරක් අපේක්ෂා කරන්නකි. මෙවැනි ඡායාරූප දෙස බලන විට, මාර්ග අනතුරුවලින් තුවාල සහ, කණගාටුදායක ලෙස, මරණ සිදුවන ලෝකයේ ඉහළම රට ඉන්දියාව ලෙස සැළකීම ගැන පුදුම විය යුතු නැත. ඉන්දියාවේ වසරකට රිය අනතුරු 450,000 ක් පමණ සිදු වේ.

ඉන් 150,000ක් මාරාන්තිකයි. රට තුළ පැයකට රිය අනතුරු 53 ක් සිදු වන අතර එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සෑම විනාඩි හතරකටම මරණයක් සිදු වන බවයි. Anadolu නියෝජිතායතනයට අනුව, දුර්වල මාර්ග නීති ක්‍රියාත්මක කිරීම, මාර්ග භාවිතා කරන්නන්ගේ නරක හැසිරීම සහ වේගවත් කම්පන සත්කාර නොමැතිකම ඉන්දියාවේ රථවාහන තත්ත්වය මෙතරම් නරක වීමට හේතු වේ. මෙම ඡායාරූපය "නරක මාර්ග භාවිත කරන්නාගේ හැසිරීම" ගණයට වැටෙන බව IFL ලිපියේ මතය ලෙස සදහන් වේ.

10. බස් රථය ඇතුළේ  Hammocks  -  ඉන්දියාව - ඇස්. පිරිවැය: එක් ඇඳ ඇතිරිල්ලක් / දේශීය බස් ගාස්තුව

ඉන්දියාවේ මිනිසුන්ගේ අධික සංඛ්‍යාව සහ පොදු ප්‍රවාහනයේ ආසන ප්‍රමාණවත් නොමැතිකම හේතුවෙන්. දුම්රියවල, මිනිසුන් ගමන් කිරීමට කුඩා ඉඩක් හෝ නොමැතිව එකට ගැවසී සිටිනු දැකීම සාමාන්‍ය තත්වයකි. ශ්‍රි ලංකාවේද එම තත්වය පවතින නමුත් ඉන්දීය බස්රථවල, දේවල් ටිකක් වෙනස් ය. සමහරුට කියන්න පුළුවන්, "අන්න ක්‍රම."

මෙවැනි බස් රථවල ගමන් කරන විට, ආසනය සොයා ගැනීමේදී, තම හිස ආරක්ෂා කරගැනීමට වග බලා ගැනීම මගියාගේ වගකීමකි. මිනිසුන් හිසට උඩින් ඔන්චිල්ලාවල පහසුවෙන් පැද්දෙනු දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ. සමහර බස් රථවල අනෙක් මගීන් දමා ගිය පැරණි ඔන්චිල්ලා තිබේ. නැතිනම් නිවසෙන් ගෙන ආ ඇඳ ඇතිරිල්ලක් ඒ් සදහා යොදා ගත හැකිය. (අන්රටවල් පිටපත් කරයිද?) මෙවැනි ප්‍රවාහන සහ මාර්ග ක්‍රම අතර ලෝකයේ උසම දුම්රිය පාලමද ඉන්දියාව ගොඩනගයි.

11. ලෝකයේ උසම දුම්රිය පාලම - ජම්මු සහ කාශ්මීර.  

ඉන්දියාවේ මිලියන ගණනක ඓතිහාසික ව්‍යුහයන් වසර සිය ගණනක් (දහස් ගණනක් නොවේ නම්) පැවතී ඇත. කෙසේ වෙතත්, මේ සියලු ඉතිහාසය තුළ අහිමි වී ඇත්තේ මේ මහා ජාතියේ නූතන ජයග්‍රහණ විය හැකිය. නිදසුනක් වශයෙන්, රටේ ඈත උතුරේ ලෝකයේ උසම දුම්රිය පාලම වේ.

පාලමේ ඉදිකිරීම් 2004 දී ආරම්භ වූ අතර, සියල්ල හොඳින් සිදුවුවහොත්, මගීන්ට අඩි 1,178 ක් ඉහළින් බක්කල් සහ කෞරි අතර පිහිටි චෙනාබ් ගඟ හරහා දුම්රිය මගින් ගමන් කිරීමට හැකි වනු ඇත. චෙනාබ් පාලමේ සිට භූ දර්ශන පරාසයේ දසුන් ඕනෑම කෙනෙකුගේ හුස්ම ගැනීම වුව වෙනස් කරනු නිසැක ය.

12. Nature’s Toilet Café  (නේචර්ස් ටොයිලට් කැෆේ ) - අහමදාබාද් - ඇස්.පිරිවැය: ආහාර වේලකට $3-$10*(රු.1000- 3300)

අහමදාබාද් හි මෙම කැෆේ එක සාමාන්‍ය කැෆේ වලට වඩා  විශාල වෙනස් වේ. Nature's Toilet Café යනු ප්‍රතිලෝම ආහාර ආපන ශාලාවකි (ශරිරයෙන් ඉවත් කිරීම). එහි ආහාර, තේ සහ කෝපි පිරිනමයි. නමුත් ආසන සැලසුම් කර ඇත්තේ වැසිකිළි ලෙසය. වීදුරු භාජනද වැසිකිළි හැඩැති වේ. අතුරුපස පවා වැසිකිළි හැඩැති වීදුරුවලින් පැමිණේ. Nature's Toilet Café හි වැසිකිලි හෝ වොෂ් රූම් භාවිතා කරන සෑම විටම ඒ් පුද්ගලයාට ඉන්දියානු රුපියල් දෙකක් ලැබේ.

වැසිකිළියේ ඇති සැබෑ වැසිකිළි ජීව වායුව සමඟ සම්බන්ධ වී ඇති අතර, මෙම අපද්‍රව්‍ය මගින් නේචර්ස් ටොයිලට් කැෆේ ක්‍රියාත්මක කිරීමට විදුලිය නිපදවයි. නව දිල්ලි වැසිකිලි කෞතුකාගාරය මෙන්, නේචර්ස් හොඳ සනීපාරක්ෂාව සහ හොඳ සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැපවී සිටී.

13. රන් ආලේපිත දෝසා  - බැංගලෝර් - ඇස්තමේන්තු. පිරිවැය: $19*(රු.6200)

දෝසා, සියවස් ගණනාවක් පුරා දකුණු ඉන්දියානු ආහාරවල කොටසක් වී ඇත. සකස් කිරීමට කෙටි කාලයක් ගත වන අතර අමුද්‍රව්‍ය කිහිපයක් පමණක් අවශ්‍ය වේ. මිල අඩුම ආහාර වලින් ඒකක් නිසා ඒවා සියලුම සමාජ කොටස්වල බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ඉන්දියාවේ දකුණේ නගරයක් වන බැංගලෝරයේ රාජ් භෝග් අවන්හල විසින් සම්භාව්‍ය දෝසා ගෙන එයට ග්ලැම් එන්නත් නැත්නම් ග්ලැම් ආලේපනයක් ලබා දී ඇත.

අර්තාපල් මසාලා පිරවූ බත් සහ පරිප්පු පෑන්කේක් එකක මිල ඩොලර් 0.50 ක් පමණ විය යුතුය. කෙසේ වෙතත්, රාජ් භෝග් අනුග්‍රාහකයින්ට කැරට් 24 රන් පත්‍ර වලින් උඩින් ඔතා ඇති විවිධ දෝසා ඇත. මෙම  තෝරා ගැනීමේ විකල්පයන්ගේ මිල  සාමාන්‍ය කඩදාසි එතුම් සහිත දෝසා මෙන් හතළිස් ගුණයකි.

මෙවැනි දේවල් ඉන්දියාවේ අහඹු සිදුවීම් ලෙසද සැලකිය හැකිය.  

IFL science වෙබ් පිටුව ඇසුරෙන් හර් ෂ

April 19, 2020

සුදු පොල් තෙල් (virgin coconut oil) කොරෝනා වෛරසයට

protocols for Virgin Coconut Oil Study to Supplement Treatment for Coronavirus (COVID-19) & For Prevention


 සුදු පොල් තෙල් (virgin coconut oil) කොරෝනා වෛරසයට ඒරෙහිව  යොදා ගැනීම  පිලිබදව ප්‍රොටෝකෝලයක් පිලිපීනයේ පර්යේෂකින් විසින් ඉදිර්පත් කර ඇත. VCO(virgin coconut oil)  යනු සාමාන්‍යයෙන් ආරක්ෂිත (GRAS) ලෙස හඳුනාගෙන ඇති අතර එය ක්‍රියාකාරී ආහාරයක් ලෙස සැලකේ (මරීනා 2009; ඩුමන්කාස් 2016). ක්‍රියාකාරී ආහාරයක් ලෙස VCO එහි ප්‍රතිවෛරස් ගුණාංග වැනි කැලරි වලින් ඔබ්බට ප්‍රතිලාභ ලබා දෙයි. 

June 19, 2019

ආහාරමය පෝෂණ අතිරේක නොදැන ගත්තොත් අනතුරේ…..

ආහාර හා ඔෂධ පාලනය පිළිබද ආයතනය (FDA) විසින් මෙම සොයා ගැනිම සිදු කර ඇති අතර එයින් පැවසෙන්නේ Vinpocetine නැමති සංඝටකය අඩංගු ආහාරමය අතිරේකයන් මගින් කලලයන්ගේ වැඩිමට බාධා පමුණුවන බවයි.
(Chemical Name-Ethyl apovincaminate)      /        Web: en.Wikipedia.org /wiki/vinpocetine
FDA මගින් ලබා දුන් අවවාදයට පසුව National Toxicology Programme (NTP) විසින් මීයන් හා හාවුන් යොදා සිදුකරන ලද පර්යේෂණයන්ගේ හෙලි වි ඇත්තේ vinpocetine කලලයන්ගේ අසාමාන්‍යතා ඇති කිරිමට හෝ ගබ්සාවන් ඇති කිරිමට හේතු වන බවයි. එසේම සිය ගණනින් වන ආහාරමය අතිරේකයන්ගේ ඉහත සංඝටකය සුළුවෙන් හෝ අන්තර්ගත ඇති බවයි.

එක්සත් ඡනපදය තුල ක්‍රිඩකයින් සදහා ආහාරමය අතිරේක,බුද්ධි වර්ධක සහ ස්ථුලතාවය අවම කරන නිෂ්පාදනයන් සදහා vinpocetine අන්තර්ගත කර ඇත.

පර්යේෂකයින්ට පෙනි ගිය කාරණාවක් වුයේ, මෙම සංඝටකය අඩංගු නිෂ්පාදන 23ක නියැදියක් ඇසුරින්  6ක් පමණක් නිවැරදි මාත්‍රාව සටහන් කර තිබූ අතර  ඉතිරි නිෂ්පාදන 17 වැරදි මාත්‍රාවන් දක්වා තිබු බවයි.එම නිෂ්පාදන 17තුලින් නිෂ්පාදන 9ක vinpocetine අන්තර්ගතව නැති බව දක්වා තිබුණද විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් සනාථ වුයේ ඒවායේද vinpocetine අන්තර්ගත බවයි.ඒනිසා NTP මගින් දැඩිව ප්‍රකාශ කර ඇත්තේ ආහාරමය අතිරේක සදහා නියාමනයක් අවශ්‍ය බවයි.

 Vinpocetine කෘතිමව නිපදවන අතර ඇත්ත වශයෙන් මෙය ආහාරමය අතිරේකයට එහා ගිය ඖෂධ ගණයට ගැනෙන සංඝටකයකි.බොහෝ රටවල ඖෂධයක් ලෙස නම් කර ඇති අතර මෙමගින් මොළයේ රුධිර සැපයුම දියුණු කරයි.1990 ගණන් වලදි පමණ සිට ආහාර අතිරේක නිෂ්පාදකයන් විසින් මෙම සංඝටකය තම නිෂ්පාදන වලට එක් කිරිමට කටයුතු කර ඇත.
ඖෂධ සදහා දීර්ඝ කාලිනව සායනිකව තහවුරු කිරිමක් සිදු වුවත් ආහාරමය අතිරේක සදහා එසේ සිදු නොකරන බව NTP හි චෝදනාවයි.
අතුරු විපාක

*කිවිසුම් යෑම.
*ඔක්කාරය.
*කැරකැවිල්ල.
*මුඛය වියලීම.
*ආතතිය.
*හිසරදය.

වෛද්‍ය නිර්දේෂයක් මත ඖෂධයක් ලෙස ලබා ගත්තද එය දිනකට 0.3mg සිට 32mg පරාසයේ පැවතිය යුතු බව පැවසේ.

අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා
වි.තා.නි - මීගමුව.

May 3, 2019

"BIOSOLAR LEAF" තාක්ෂණය පරිසර දුෂණය වැළැක්වීමට හේතු වේද?


"BioSolar Leaf" තාක්ෂණය පරීක්ෂා කිරීම සඳහා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි නියමු ව්‍යාපෘතියක් ලෙස Arborea- Bionic leaves (බයෝනික පත්‍ර) ක්‍රමය බ්‍රිතාන්‍ය ආරම්භ කර ඇත. මෙය වාතය පිරිසිදු කිරීම සඳහා වූ පර්යේෂණාත්මක තාක්ෂණයක් ලෙස ලන්ඩන්හි ක්‍රියාත්මක වේ.

පරිසර දූෂණය වළක්වන "ලොව නවතම" ක්‍රියාමාර්ගය ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඔවුන්ගේ පුරෝගාමී "biosolar leaf" තාක්ෂණයෙන් ගස් 100 කින් කළ හැකි පරිසර පිරිසිදු කිරීම එක ගසක ඉඩ ප්‍රමාණයක් පමණක් භාවිතා කිරීමෙන් සිදු කළ හැකි බවයි. භුමි ප්‍රමාණය සිමාවන හා වටිනා මෙන්ම දැනටමත් වැඩි පරිසර දුෂණයක් සහිත විශාල නගරවලට හා නාගරීකරණයට මෙම නව තාක්ෂණය වඩා වැදගත් වේ.

ක්ෂුද්‍ර ශාකවල ප්‍රභාසංස්ලේෂණය මගින් වාතය පවිත්‍ර කරන අතර, ඔක්සිජන් නිපදවමින් පරිසරයෙන් හරිතාගාර වායු ඉවත් කිරීම මෙම තාක්ෂණය මගින් සිදුවේ. ලොව තික්‍රියාත්මක මෙම වර්ගයේ පළමු තාක්ෂණය ලෙසද එය සැළකේ. මෙම පද්ධතිය මගින් ක්ෂුද්‍ර පැළෑටිවලින් වායු දූෂණය ඉවත් කිරීම සමග එකවර ආහාර සංඝටක සෑදීමද සිදු වේ. එනම් මෙම තාක්ෂණය කාබන් විමෝචනය සමඟ සටන් කිරීමට පමණක් නොව, සාගින්න නිවීම සදහාද උපකාර වේ.

Arborea විසින් නවෝත්පාදන වගා පද්ධතියක් නිර්මාණය කර ඇත. ක්ෂුද්‍ර ඇළ්ගී, diatoms (ද්විපරමාණු: ඩයටම), සහ phytoplankton (ශාක ප්ලවාංග) යන කුඩා ක්ෂුද්‍ර ජීවින් වර්ධනය කිරීමට විශාල සූර්ය (කෝෂ) පුවරු වැනි ව්‍යුහයන් භාවිතා කිරීමට මෙම වගා පද්ධතිය සමත් වේ. එමගින් වායුගෝලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ඉඩම්, ගොඩනැගිලි සහ අනෙකුත් සංවර්ධන කටයුතු වල "BioSolar Leaf" තාක්ෂණය ස්ථාපිත කළ හැකිය.

ප්‍රභාසංස්ලේෂණය සමඟ මෙම ශාක ඔක්සිජන් නිපදවීමෙන් වායුවේ ඇති කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරයි. අක්කර 100 ක ගස් සහිත වනාන්තරයක පිරිසිදු කිරීම, Arborea පද්ධතියක අක්කර එකක ප්‍රමාණයකින් සිදු කරයි.

වාතය පිරිසිදු කිරීම BioSolar Leaf තාක්ෂණයෙන් එක් ක්‍රියාවකි. නමුත් ක්ෂුද්‍ර ශාක මගින් කාබනික ප්‍රෝටීන නිෂ්පාදනයද සිදු කරයි. කාබනික ප්‍රෝටීන, Arborea නිස්සාරණයට සහ ශාක පදනම් වූ ආහාර නිෂ්පාදනය සදහා  යොදා ගැනේ.

  

"මෙම නියමු ව්‍යාපෘතිය කල්පවත්නා සෞඛ්‍ය සම්පන්න ආහාර ආකලන නිෂ්පාදනය කරන අතර අවට පරිසරයෙහි ඔක්සිජන් නිපදවීමෙන් සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමෙන් පරිසරය පිරිසිදු කරයි” යයි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් Arborea (අබෝරියා) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Julian Melchiorri (ජූලියන් මෙල්කෝරි) මහතා පැවසීය.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර
https://youtu.be/BDVDa5Xuffs?t=2


December 28, 2018

M.S.G.


Image result for monosodium glutamateMonosodium Glutamate නැමැති රසායනිකය වඩාත් ප්‍රචලිතව ඇත්තේ MSG නැමැති කෙටි නාමයෙනි. මෙය මුලින්ම කෘතිමව නිෂ්පාදනය කරන ලද්දේ ජපානයේය.
මෙම රසායනිකය නිසා බරපතල සෞඛ්‍ය ගැටලු උද්ගත වන බව තහවරු කෙරෙන පර්යේෂණ ගණනාවක් සිදු කර ඇත. මෙය පරිභෝජනය නිසා මොළයේ , ස්නායු පද්ධතියේ හා හෘදය වස්තුවේ අබාධ , ස්ථුලභාවය  , අක්ෂි හා ශ්‍රවණ දුර්වලතා , හිසරදසය, ආතතිය, හිරිගතිය , දැවිල්ල, ඔක්කාරය, හෘදගැස්ම ඉහළ යෑම, නිදිමත , ශාරිරික අඩපණකම ආදිය ඇති වෙයි.
ප්‍රෝටීන් වලින් තොර කෘතිම ග්ලුටමේට් ශරීරගතවූ විට සිරුරේ ඇති ඇමයිනෝ අම්ල සමග සම්බන්ධයක්  ඇති නොවේ. මේ නිසා ජීරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදු නොවන අතර රුධිරයේ කෘතිම ග්ලුටමික් අම්ල  ප්‍රතිශතය ඉහළ ගොස් විෂ සහිත තත්වයක් හට ගනී.
හෘදය වස්තුවේ මාංශ පේශිවල හා ඊට සම්බන්ධ විද්‍යුත් ජාලයේ පිහිටා ඇති ග්ලුටමේට් ග්‍රාහකවලට M.S.G. වලින් සිදුවන බලපෑම නිසා ඉතා බරපතල විපාක අත්විදින්නට සිදුවේ.
M.S.G. පමණක් නොව සෝයා ප්‍රෝටීන් , සුවදකාරක හා   සෝඩියම්හි       රසායනික විෂ නිසා ග්ලුටමේට් ග්‍රාහක අධි උත්තේජනය වී හෘදයාබාධ ඇති විය හැකියි.
1. එමෙන්ම M.S.G. දරුපල නොලැබීමටද ප්‍රබල හේතුවකි. M.S.G. නිසා ශ්‍රකාණු ප්‍රමාණය අඩුවෙනවා මෙන්ම එයට ඩිම්බයට ළගා වීමට ඇති හැකියාවද අඩුවේ. ඩිම්බයේ පිටත බිත්තියේ ඇති ග්ලුටමේට් ග්‍රාහක උත්තේජනය විම නිසා ඩිම්බවලට හානි සිදුවේ.
02. M.S.G. වල බපලෑම අවම කිරීමට ඇති එකම විකල්පය හැකිතාක් තද කොළ පැහැති එලවළු ආහාරයට ගැනිමයි. ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක M.S.G. වලින් සිදුවන හානිය නිෂ්ක්‍රීය කරන අතර අධිකව ඇති මැග්නීසියම් විසින් ග්ලුටමේට් ග්‍රාහක උත්තේජනයෙන් සිදුවිය හැකි හානි වළක්වයි.
3. මෙම රසකාරක හා සුවදකාරක මාරයන්ගෙන් බෙීරීමට ඉතා අසීරුය. මන්දයත් අනුමත ලේබල්වල එන බොහෝ රසකාරක හා සුවදකාරක ඉතා විෂකුරුය. බොහෝවිට ඒවායේ නිෂ්පාදකයෝද
 ඇත්ත නොදනිති.
4. මෙයින් බේරීමට ඇති එකම විකල්පය මේ පිළිබදව දැනුවත්වී මේවා අඩංගු ආහාර පරිභෝජනයෙන් වැළකීමයි. අනාගත පරම්පරාවේ නාමයෙන් මේ ද්‍රව්‍ය නොමැතිව ආහාර නිෂ්පාදනය කිරීම ආහාර නිෂ්පාදකයන්ගේ වගකීමයි.
අමිලා ආර්.ගලප්පත්ති- විද්‍යා හා තාක්ෂණ නිළධාරි- හික්කඩුව

ආහාරයේ රස ගුණ වැඩි කරන රස කාරක


Image result for රස කාරකඅපගේ වෑංජන රස කරන්නන් ලෙස කොත්තමල්ලි, සූුදරු, මාදුරු, කහ, එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, ඉඟුරු, ඉඟුරුපියලි, සුදුළූනු, ගොරකා, සියඹලා, අබ, උ‍්‍රළුහාල්, මිරිස්, සේර, රම්පා, කරපිංචා, ලුනු, රතුළූනු, දෙහි ආදී දේ දැක්විය හැක. මේ නම් වට්ටෝරුව දෙස බැලීමේ දී මේ සියල්ලම දේශීය වෙදකමේ දී ඖෂධ ලෙස භාවිතා කරන ද්‍රව්‍ය බව පැහැදිලියි. කෂාය, ගුලි, කල්ක, තෙල් වර්ග, ආසව, අරිෂ්ඨ ආදී සෑම නිෂ්පාදනයේ ඉතාමත් උපකාරී වන ඖෂධ ලෙසින් මේවා හැඳින්විය හැක. එයින් වැටහෙන්නේ මේ දේවල් ආහාරවලට යෙදීමෙන් එහි රසය ඉස්මතු කරනවාත් සමගම ආහාරයේ ඇති ඖෂධීය ගුණය ඉස්මතු කිරීමත්, ආහාරයට ඖෂධීය ගුණයක් එකතු කිරීමත්, ආහාරයේ ඇති විෂ කාරක හෝ අහිතකර තත්ත්ව දුරු කිරීමටත් උපකාරී වෙයි. එහෙයින් අපි මේ ලිපි පෙළින් මේවායේ ඇති ඖෂධීය ගුණය විමසා බලමු.ඉහත නම් කළ රසකාරක වලින් වැඩි ප‍්‍රමාණයක් එක්කර සාදන ඖෂධීය පාලනයක් මෙන්ම ආහාරයකි තැම්බුම් හොද්ද. මෙය ආහාරයට නොගත් කෙනෙකු නැති තරම්ය. රෝග අවස්ථාවක දී, රෝගයෙන් මිදුණු පසුව, උණ, අතීසාර ආදී අවස්ථාවල දී බෙහෙවින් භාවිතා වන ආහාරයකි. එසේ ම එයින් ලද ගුණය ද ප‍්‍රායෝගිකව අප සියලු දෙනාම අත්විඳ ඇත.
කොත්තමල්ලි කොතඹුරු, කොත්තමල්ලි යන සිංහල නම් වලින් හඳුන්වන මෙය ආර්ද්‍රිකා, ධාන්‍ය, ධාන්‍යකා යන සංස්කෘත නම් වලින් හඳුන්වන අතර,Corianderලෙසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් හඳුන්වයි. මේවා ඖෂධයක් ලෙසින් මෙන්ම ආහාරයක් ලෙසින් ද ඉතා වැදගත් වුවත් ලංකාවේ එතරම් වගා කරන වර්ගයක් නොවන අතර ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ආනයනය කරන වර්ගයකි. ආයුර්වේද මතානුකූලව කිසියම් දෙයක ඖෂධීය ගුණය විග‍්‍රහ කිරීමේ දී එම ද්‍රව්‍යයේ රසය, ගුණය, වීර්ය, විපාකය සැලකිල්ලට ගනු ලැබේ. ඒ අනුව කොත්තමල්ලි වල,රස - මධුර, කටුක, තික්ත, කසටගුණ - ලඝු, ස්නිග්ධවීර්්‍ය - උෂ්ණයි.විපාක - මධුරමෙහි තික්ත, කසට, කටුක රස මෙන්ම ස්නිග්ධ ගුණ හා උෂ්ණ විර්ය නිසා වාතය සමනය කරයි. කසට, තික්ත, මධුර හේතුවෙන් පිත සමනය කරයි. කටුක, තික්ත, කසටය රස හා උෂ්ණ විර්ය හේතුවෙන් සෙම සමනය කරයි. ඒ අනුව කොත්තමල්ලි තුන් දොස ම සමනය කරන ඖෂධයකි. කොත්තමල්ලි අමුවෙන් (කබලේ නොබැද) ගත් විට එහි ශීත ගුණයක් ඇති වෙයි. එහෙයින් පිපාසය සංසිඳුවන අතර හොඳ මුත‍්‍ර කාරක ඖෂධයක් ලෙස ද දැක්විය හැක. උෂ්ණ විර්ය ගුණය නිසා මේ මගින් ශරීරයේ විෂ පිටකිරීමේ ශක්තිය ද ඇත.කොත්තමල්ලි ඇටවල අඩංගු තෙල් නිසා දහඩිය වගුරවන ගතිය ඇති වෙයි. මෙය සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීමට ඉතා හොඳ ගුණයකි. (දහඩිය මගින් සිරුරේ විෂ, අපද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් බැහැර වෙයි.) මෙහි උෂ්ණ විර්ය හා ලඝු ගුණය හේතුවෙන් ආහාර මාර්ග පද්ධතියේ කි‍්‍රයාවක් ක‍්‍රමවත් කරවයි. ආහාර රුචිය උපදවා, බඩගිනි වඩවා ආහාර පැසවීම යහපත් කරවයි. එහෙයින්් මේවා අග්නාමාන්ද රෝගීන්ට ඉතා යහපත්ය. කොත්තමල්ලි වලින් බඩ පිපීම දුරු කරන අතර, කට ගඳගසන අයට මේවා ඇට සැපීමෙන් ගුණයක් ලැබේ. පිත් බහුල රෝග අවස්ථාවල දී බෙහෙවින් යෙදෙන වටිනා ඖෂධයකි කොත්තමල්ලි.භ‍්‍රම, මුර්ඡා, අරුචි, වමන, අතීසාර, උදරශුල, අර්ශස්, පණු රෝග, රත්පිත, කැස්ස, මුත‍්‍රා බද්ධය ආදී රෝග අවස්ථාවල දී ඉතා ගුණදායක ඖෂධයකි. උණ රෝගයේ දී ඉතා ගුණදායක වේ. ඉදිමුම්, වේදනා, විසර්ප, ඇස් රෝග, නාසා රෝග, හිසරදය ආදී අවස්ථාවල ද අඹරා අලේපයට ඉතා හොඳයි. බඩදැවිලි අවස්ථාවේ දී කොත්තමල්ලි තැම්බූූ වතුර සීනි දමා බීම ඉතාමත් ගුණදායකයි.
සූදුරු සූදුරු, සුදුදුරු යන සිංහල නම් වලින් ද, ජිරක යන සංස්කෘතික නමින් ද  Cumin යන ඉංග‍්‍රීසි නමින් ද මේවා හඳුන්වයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ බහුලව වැවෙන පැලෑටියක් වන මේවා ගුලි, කල්ක, තෙල්වල සරක්කු සඳහා, අරිෂ්ට, ආසව, චූර්ණ, ක්වාථ ආදියට බොහෝ සෙයින් යෙදෙයි.සූදුරුවල රස - කටුක, ගුණ - ලඝු, රූක්ෂවිර්ය - උෂ්ණ , විපාක - කටුකසූදුරු උෂ්ණ වීර්ය හෙයින් වාතය හා සෙම සමනය කරන අතර පිත වර්ධනය කරන ගුණයක් පවතී. රක්ත ශෝධක ගුණයක් පවතී. මුත‍්‍ර කාරකයි. ආහාර පැසවීම කරයි. කුසගින්න ඇති කරවයි. කි‍්‍රමි නසයි. කිරි ජනනය කරවයි. හෘදයට හිතයි. ඉදිමුම් නසන, වේදනා නසන සූදුරු සමේ රොග, නේත‍්‍ර රෝග හා විෂ රෝගවල දී ආලේපයක් ලෙසින් වැදගත් වෙයි. කටහඬ පැහැදිලි කරවයි. මේ අනුව සූදුරු අරුචි, වමන, අජීර්ණ, බඩපිපුම, අර්ශස්, පණු රෝග, බඩගිනි අඩුම ආදී රෝගවලට ඉතා යහපත්ය. විශේෂයෙන් ළදරුවන්ගේ ආහාර නොපැසවීම හේතුවෙන් හටගන්නා උදර රෝගවල දී ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. සුදුරු කබලේ බැද කුඩුකර කෝපි තේ වත්කර පානය කිරීනේ ද එම කුඩු මීපැණි සමග වැළඳීමෙන් ද මෙම උදර රෝග දුරු කර ත හැක. සුදුරු තැම්බූ වතුරෙන් මුහුණ සේදීමෙන් මුහුණ ශෝභාමත් වෙයි.
මාදුරු සූදුරු වලම ප‍්‍රභේදයක් වන මාදුරු වලින් ලැබෙන ගුණය තරමක් වෙනස් වෙයි.රස - මධුර, කටුක, තික්තගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණවිපාක - මධුරස්නිග්ධ ගුණ, උෂ්ණ විර්ය, මධුර විපාක හෙයින් වාතය සමනය කරයි. කටුක තික්ත රස හා උෂ්ණ විර්ය හෙයින් සෙම සමනය කරයි. මධුර රස හා මධුර විපාක හේතුවෙන් පිත සමනය කරයි. මේ අනුව තිදෝෂයම සමනය කරයි. උණ (ජ්වර) නසයි. මුත‍්‍ර කාරකයි. ඇදුම, කැස්ස සමනය කරවයි. ගර්භාෂ ගත රෝග නසයි. ස්තන්‍ය ජනනය කරවයි. සෙම පහ කරවයි. ආර්ථවය ඇති නරවයි. වකුගඩු, මුත‍්‍ර මාර්ග, ගැබ් මග, අක්මා ආදියේ අවරෝධතා දුරු කරවයි.
කහ හරිද්‍රා, නිශා යන සංස්කෘතික නම් වලින් හඳුන්වන Tumeric යන ඉංග‍්‍රීසි නාමයෙන් හඳුන්වන කහ හෙවත් අත්කහ ඉන්දියාව ජන්ම භූමිය කර ගත් ලංකාවේ ද සෑම ප‍්‍රදේශයකම හොඳීන් වැවෙන ඉතා ප‍්‍රයෝජනවත් ඖෂධයකි.තික්ත රස හා උෂ්ණ වීර්ය හේතුවෙන් සෙම සමනය කරයි. ප‍්‍රතිශ්‍යා, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා දුරු කරවයි. පිනස් රෝග හා ඇදුම අවස්ථාවල ලේවල ඉයොසනපිලියා (Eosinophilia) වැඩි වූ විට කහ භාවිතා කිරීමෙන් එය අඩුකර ගත හැක.රක්ත වර්ධක ගුණයක් ඇති අතර රක්ත කෝපයෙන් හට ගත් රෝගවල දී කහ යොදා සුව අත්කර ගත හැක. රක්ත ශ‍්‍රාවයන්හි දී ද කහ භාවිතා කරයි. අමු කහ යුෂ අලුත් තුවාල හා සීරීම් වලදී ද කුඩැල්ලන් විදීමෙන් හටගත් තුවාලවලට ද ඉතා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාරයකි. කුෂ්ට රෝගවල දී සමේ ව‍්‍රණ ඇතිවිට දී, සමේ බිබිලි ඇති විට දී ඉතා ගුණ ඖෂධයකි. පැපොල, සරම්ප රෝග අවස්ථාවලදී ද කහ වලින් සමට හොඳ ප‍්‍රතිකාර කළ හැක.කහ ආහාර රුචිය වඩවයි. බඩ පුරවා දැමීම දුරු කරයි. ආමාශයික දෝෂ සමනය කරවයි. පණුවන් නසයි. ඇස් රතුවීම, කැසීම, වේදනාව වැනි අක්ෂි රෝග අස්ථාවල දී ද කහ ඉතා හොඳ ප‍්‍රතිකාරයකි. ඇස් රුදාව හා ඇසේ දැවිල්ල දුරු කරවයි. කණ පැසවීමෙන් හටගන්නා වේදනාවට ද ඉතා හොඳ ඖෂධයකි කහ. කහවල ශෝධන ගුණයක් ඇත.කහ ආලේපයෙන් ඉදිමුම දුරු කරවයි. ලේ වල කොලෙස්ටරෝල් පාලනය පිණිස ද ඉතා ගුණය. මේ ආකාරයට ශරීරය තුළ ඉතා විශාල මෙහෙයක් කහ වලින් ඉටු කරවයි.
එනසාල්මහ එනසාල්, හීං එනසාල් ලෙසින් ප‍්‍රභේද දෙකක් ඇති මේවාට සංස්කෘත භාෂාවෙන් ඒලා ලෙසින් ද,ඉංග‍්‍රීසි භාෂාවෙන් Cardamon ලෙසින් ද හඳුන්වයි. මේ ප‍්‍රභේද දෙකම ඖෂධ පිණිස භාවිතා කරයි. සුළු අපනයන භෝගයක් ලෙස රටට ආදායමක් ලබා දෙන එනසාල් ආහාර හා බුලත් විට රස කිරීමට ද භාවිතා කරයි. ඉතා හොඳ සුවඳ කාරකයකි.හීං එනසාල්,රස - මධුර, ගුණ - රූක්ෂ, ලඝු, විර්ය - ශීතවිපාක - මධුර, මහ එනසාල්, රස - කටුක, තික්තගුණ- ලඝු, රූක්ෂ, විර්ය - උෂ්ණ විපාක - කටුකමෙම දෙකේ රස, විර්ය, විපාක එකිනෙකට වෙනස් වුණත් වෙන වෙන ම දෝෂ තත්ත්වයන් සැලකීමේ දී දෙකම ති‍්‍රදෝෂයම සමනය කරයි. හෘදය උත්තේජනය කරන ඖෂධයක් වන අතර ආහාර පැසවීම කරවයි. බඩගින්න ඇති කරවයි. මුත‍්‍ර කාරක ඖෂධයකි. දාහය සමනය කරවයි. වමනයත් පිපාසයත් වළකයි. මුඛ දුගඳ දුරු කරයි. මුව පිරිසුදු කරවයි. වේදනා සමනය කරවයි. චර්ම රෝග සඳහාත් බඩ පිපුම සඳහාත් ගුණදායක වෙයි.එනසාල් බොහෝ ඖෂධ නිෂාපාදනයේ දී වැදගත් වේ. නාරායන තෙල, බලා තෙල, චන්ද්‍රප‍්‍රභාවටී, ති‍්‍රඵලාමෝදකය, දශමුලාරිෂ්ටය, ද්‍රාක්ෂාරිෂ්ටය, පිප්පල්‍යාසවය, තාලිසාදි චූර්ණය, භාෂ්කර ලවණ චූර්ණය, සීතොඵලාදි චූර්ණණය, ලවංගාදි චූර්ණය ආදිය එනසාල් යොදන ඖෂධ වර්ග වලින් කිහිපයකි.සිරුරේ හටගන්නා විවිධ රෝගාබාධ සඳහා අත් බෙහෙත් ලෙසින් ද එනසාල් භාවිතා වෙයි. මේ අනුව ඉතා විශාල නිෂ්පාදන ඖෂධ සංඛ්‍යාවකට භාවිතා කරන මේ එනසාල් ඖෂධයක් ලෙසින් ඉතා ප‍්‍රයෝජනවත් වෙයි.
කරාබු ලවංග යන සංස්කෘත වචනයෙන් හඳුන්වන කරාබු ඉංග‍්‍රීීසියෙන් Clove ලෙස හඳුන්වයි. හොඳ සුගන්ධ කාරකයක්, ආහාර රස කරන්නෙක්, ඖෂධයක් මෙන්ම සුළු අපනයන බෝගයක් ලෙසට ද ඉතා වැදගත් වෙයි. මලක්කා දේශය ජන්ම භූමිය කර ගත් කරාබු ලංකාවේ ද උස අඩි 2000 දක්වා බිම්වල හොඳීන් වැඩේ.රස - කටුක, තික්තගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - ශීීතවිපාක - කටුකකටුක, තික්ත රස හෙයින් සෙම සමනය කරන අතර, ශීීත විර්ය හෙයින් පිත සමනය කරයි. බඩගිනි බඩවයි. ආහාර පැසවීම යහපත් කරවයි. පිපාසාව, වමනය, බඩ පිපුම, වේදනා, කාසය, ඇදුම දුරු කරවයි. ආහාර රුචිය ඇති කරවයි. මුුඛ දුගඳ දුරු කරවයි. සෙම පිට කිරීමට උපකාරි වෙයි. මුත‍්‍ර කාරකයි. වකුගඩු උත්තේජනය කරවයි. හික්කාව සමනය කරවයි. දත් රෝගවල දී හොඳ ඖෂධයකි. විදුරුමස් ශක්තිමත් කරවයි. කරාබු වලින් ලබා ගන්නා තෙල ද මේ සඳහා භාවිතා වෙයි. ඖෂධීය සබන් හා දන්තාලේප නිපදවීමේ දී ද මෙම තෙල භාවිතා කරයි. වෙනත් ඖෂධ වර්ග නිෂ්පාදනයේ දී ද කරාබු බෙහෙවින් උපකාරී වෙයි. කුරුඳුසංස්කෘත භාෂාවෙන් ත්වක් ලෙසින් ද ඉංග‍්‍රීසියෙන් Cinnamon ලෙසින් ද හඳුන්වන මෙම කුරුඳු ලංකාවේ ඉතා හොඳින් වැවේ. නමුත් ඉන්දියාවේ කුරුඳු පැතිරීම එතරම් හොඳින් සිදු වී නැත.රස - කටුක, තික්ත, මධුරගුණ - ලඝු, රූක්ෂ, තීක්ෂණවිර්ය - උෂ්ණවිපාක - කටුකමෙහි උෂ්ණ විර්ය හෙයින් කඵ (සෙම) හා වාතය සමනය කරයි. උෂ්ණ විර්ය හා කටුක හෙයින් පිත්ත වර්ධක ගුණයක් පවතී. කුරුඳු මුඛ ශෝධනයට ඉතා ගුණයි. විදුරුමස් ශක්තිමත් කරයි. මුඛ දුර්ගන්ධය නසයි. චර්මාබාධවල දී ආලේප ලෙසින් භාවිතා කරයි. ඉදිමුම් හා වේදනාවල දී අලේප ලෙසින් භාවිතා වෙයි.ආහාර රුචිය වඩවයි. ආහාර පැසවීම කරයි. අක්මාව උත්තේජනය කරයි. පණුවන් නසයි. අරුචිය, ආම දෝෂ, උදර වේදනා, අර්ශස්,, බඩ පිපුම, වමනය ආදී රෝගවල දී ඖෂධයක් ලෙසින්් යෙදේ. කැස්ස, ඇදුම අවස්ථාවල දී සෙම සමනය කරයි. මුත‍්‍ර කාරකයි. පිළිකා හා වෙනත් රක්තය මුල්කර ගත්් රෝගවල දී ද යෙදේ.කුරුඳු ශාකයේ ඇට වලින්, පොතුªවලින්, කොළ වලින් හා මුල් වලින් තෙල් ලබා ගනී. මෙම තෙල් ශරීරයේ බාහිරව ආලේප කිරීමෙන් වාත වේදනා, හිසරදය, ආමවාත වේදනා ආදිය සුව කර ගත හැක.කුරුඳු අපනයන භෝගයක් ලෙස ද, ඖෂධයක් ලෙස ද සුගන්ධ කාරකයක් ලෙස ද ඉතා වැදගත් වන ශාකයකි.
රම්පා ව්‍යංජන රසවත් කරන, සුවඳවත් කරන මෙම රම්පා කොළ ඖෂධයක් ලෙසින් චූර්ණයක් ලෙසින් භාවිතා වෙයි. බඩ පිපුම, බඩ රිදුම, බඩ කොරය, අජීර්ණය හා වමන අවස්ථාවල දී භාවිතා කළ හැක. චූර්ණයක් නිපදවීම සඳහා මේවා භාවිතා කරයි. මෙය ද ඉතා ගුණදායකයි.
ගොරකා Rrd Mango ලෙසින් ඉංග‍්‍රීසියෙන් හඳුන්වන අම්ල වේතස ලෙසින් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන ගොරකාවල ඉන්දියාවේ හා ලංකාවේ වැවෙන වර්ග ගැන සැලකීමේ දී ප‍්‍රභේද 3 ක් දක්වා ඇත. මෙයින් රත් ගොරකා හා එල ගොරකා ඖෂධ පිණිස භාවිතා වෙයි. රත් ගොරකා ගෙඩි ඉදුණු පසු රතු පාටින් ද, එල ගොරකා ගෙඩි ඉදුණු පසු කහ පැහැය ද වෙයි.රස - අම්ලගුණ - රූක්ෂ, තීක්ෂණ, ලඝුවිර්ය - උෂ්ණවිපාක - අම්ලවාතය හා සෙම සමනය කරන අතර පිත්ත වර්ධකයි. කුසගින්න වඩවයි. හෘදයට හිතයිි. අස්ථි සන්ධානය කරයි.උදර රෝග, බඩ පිපුම, පාණ්ඩු රෝග, ඉදිමුම්, පණු රෝග, විෂ රෝග සමනය කරයි. ආමාශයේ කි‍්‍රයා කරන අතර, විරේචන ගුණයෙන් යුක්තය.01. මස්, මාලු වර්ග කල් තබා ගැනීම සඳහා ජාඩි දැමීමේ දී ගොරක හොඳ ආහාරයක් වෙයි.02. ගොරකා මුට්ටියේ සුදුළූණු දමා තිබීමෙන් සුදුළූණු නරක් නොවේ. මෙහි විද්‍යාත්මක සත්‍ය කෙසේ වුවත් අපගේ පැරැන්නන් කවදත් ගොරකා හා සුදුළූණු තැබුවේ එකම මුට්ටියකය.03. (විෂ ගෙඩි) ව‍්‍රණ ශෝථ විසිරවීමට මුල් අවස්ථාවේ දී ගොරකා කබලේ බැද ලුණු වතුරෙන් අඹරා ගෑම ඉතා හො¼දයි.04. බාලයන්ගේ අතීසාරයට පාණ්ඩුවට ඉතා ගුණ ඖෂධයකි.05. මල මුත‍්‍ර බද්ධයට ඉතා ගුණයි.06. යටි පතුල් පැලීම, ඇඟිලි කරු පැසවීම හා කැසීම වැළැක්වීමට ගොරකා තැම්බූූ වතුර ලුනු දමා සේදීම ඉතා හො¼දයි.මේ ආකාරයට ඉතා හොඳ ඖෂධයක් ලෙසින් ගොරකා හැඳින්විය හැක.
කරපිංචා කළුනිඹ, කරඹෙඹිය යන සිංහල නම් වලින් ද, ඉංග‍්‍රීීසියෙන් Curry Leaf  ලෙසින් ද, සංස්කෘත භාෂාවෙන් සුරනිම්බ, කෘෂ්ණනිම්බා, කලාෂනා යන නම් වලින් ද හඳුන්වන ජම්බීර කුලයට අයත් ශාකයකි. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල හොඳීන් වැවෙන අතර වියළි කලාපයේ සරුවට වැවේ. ආහාර රස කිරීමේ දී පත‍්‍ර භාවිතා කළ ද ඖෂධයක් ලෙස කොළ, පොතු, මුල් ආදී පංචාංගයම භාවිතා කෙරේ.රස - කටුක, තික්ත, කසටගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණ, විපාක - කටුකමෙහි කටුක, තික්ත, කසට හා උෂ්ණ, තීක්ෂණ නිසා කඵ සමනය කරන අතර උෂ්ණ නිසා වත සමනය ද වේ. මෙහි පත‍්‍ර අග්නි දීප්තිය හෙවත් කුසගින්න වඩවන, ආහාර පැසවීම සිදු කරන ගුණයෙන් යුක්තය. වමනය සමනය කරයි. පණුවන් නසන ගුණ ඇති අතර අජීර්ණ, අරුචිය, උදර වේදනා, බඩ පුරවා දැමීම ආදීී අවස්ථාවන්වල දී පත‍්‍ර චූර්ණය ඉතා ගුණදායක වෙයි. ආමය සහිත අතීසාර අවස්ථාවේ දී ද ළදරුවන්ගේ උදර වේදනාවලදී ද පත‍්‍ර යුෂ ප‍්‍රයෝජනවත් වෙයි. අධි රුධිර පීඩනයේ දී කරපිංචා කැඳ ඉතාමත් ගුණදායකයි. චර්ම රෝග අවස්ථාවල දී පත‍්‍ර අඹරා භාවිතා කරන අතර සර්ප විෂ වූ විට ද පත‍්‍ර අඹරා ප‍්‍රතිකාර කරනු ලැබේ.මේ ආකාරයට ඉතා විශාල ගුණයක් සපයන කරපිංචා කොළ ආහාරයට දැමූූ විට අප ඒවා පිඟාන වටා එකතු කර විසි කිරීමට පුරුදු වී සිටින්නෙමු. නමුත් ඒ කරපිංචා කොළ ආහාරයට ගැනීම අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනවා ඇත.
රතුළූණු ඉංග‍්‍රීීසි බසින් Onionලෙසින් ද සංස්කෘත නමින් පළාණ්ඩු ලෙසින් ද හඳුන්වයි. ආහාරයට ඉතා ප‍්‍රයෝජනවත් වන අතර තෙල් නිෂ්පාදනයේ දී ඖෂධයක් ලෙසින් මේවා ඉතා ප‍්‍රයෝජනවත් වෙයි. ස - මධුරගුණ - ගුරු, ස්නිග්ධතීක්ෂණවීර්ය - උෂ්ණවිපාක - මධුරමධුර, ගුරු, ස්නිග්ධ හෙයින් සෙම වඩන අතර, සෙම බුරුල් කර බැහැර කරයි. උෂ්ණ, තීක්ෂණ හෙයින් පිත තරමක් කෝප කරන අතර දූෂිත පිත බැහැර කරයි. ස්නිග්ධ, උෂ්ණ හෙයින් වාතය සමනය කරයි. එහෙයින් වාත රෝගවල දී බෙහෙවින් යෙදේ. වේදනාව සමනය කරයි. රුචිය වඩවයි. කුසගින්න වඩවයි. පීනස, ඇදුම, කැස්ස අවස්ථාවල දී රතුළූණු කෑමෙන් සහනයක් ඇති වෙයි. පීනස් හා ප‍්‍රතිශ්‍යා රෝගීන්ට රතුළූණු අමුවෙන් කෑම ගුණදායක වුවත්, සෙම වැගිරෙන පීනස් ඇති විට අහිතකර වෙයි. හේතුව එහි දී වැඩිපුර සෙම වැගිරීම නිසා රෝගියාට අපහසුවක් ඇති වීමයි. ක්ෂය රෝගීීන්ට ද ඉතා ගුණදායකයි. රතුළූණු බඩගින්න වඩවයි. මල බද්ධය නසයි. අර්ශස් නසයි. රුචිය වඩවයි. ආන්ති‍්‍රක විෂබීජ නසයි. ආහාර දිරවීම පහසු කරවයි. මේවා මගින් වේදනා සමනය කරවයි. සමේ රෝගවල දී ආලේප ලෙසින් භාවිතා කරයි. අමුවෙන් කෑමෙන් සම පැහැපත් වෙයි. රතුළූණු මුත‍්‍ර කාරකයි. ලේ වැගිරෙන රෝගවල දී රතුළූණු සහිත කෂාය යෙදීමෙන් ලේ නවතී. ගෝනුසු, පත්තෑ, කෘමීන් දෂ්ඨයේ දී රතුළූණු ආලේපයක් ලෙසින් භාවිතා වෙයි. රතුළූණුවල විෂබීජ උරා ගැනීමේ හැකියාවක් ඇත. එහෙයින් වාතය පිරිසුදු කරයි. සරම්ප, පැපොල, කම්මුල්ගාය අවස්ථාවල දී කාමරයේ රතුළූණු පෙති කපා තැබීමෙන් විෂ බීජ පැතිරීම වළකා ගත හැක. මෙලෙසින් ඉතා වැදගත් ඖෂධයක් හා ආහාරයක් ලෙස රතුළූණු ඉතා ගුණදායක වෙයි.
ඉඟුරු ආර්ද්‍රික, මහෞෂධ, ශුණ්ඨි, භෙෂජ, නාගර, විශ්ව යනාදී සංස්කෘත නම් වලින් ද, Ginger යන ඉංග‍්‍රීසි නමින් ද හඳුන්වන ඉඟුරු ඖෂධ පිණිස ගැනීමේ දී අමු ඉඟුරු හා වියළි ඉඟුරු දෙවගයම භාවිතා කරයි.-වියළි ඉඟුරු අමු ඉඟුරුරස -  කටුක කටුකගුණ -  ලඝු, ස්නිග්ධ ගුරු, රූක්ෂ, තීක්ෂණවිර්ය -  උෂ්ණ උෂ්ණවිපාක -  මධුර මධුර
කටුක, උෂ්ණ හෙයින් පිත්ත වර්ධකයි. උෂ්ණ හෙයින් සෙම හා වාතය සමනය කරයි. ආහාර රුචිය ඇති කරයි. කුසගින්න වඩවයි. ආහාර පැසවීම පහසු කරවයි. වේදනා නසයි. ඉදිමුම නසයි. බලය ඇති කරයි. ඇදුම, කැස්ස, පීනස සමනය කරයි. උණ නසයි. හික්කා, උගුර ආබාධ, උදර ආබාධ දුරු කරයි. ඇඟ සීතල කිරීීම්, වෙව්ලිම් දුරු කරයි. ආමවාත රෝගයට හිතකරයි.වියළි ඉඟුරු ම සිද්ධි ඉඟුරු ලෙස ද හඳුන්වයි. හුමාලයෙන් තම්බා වියළා ගත් විට සිද්ධි ඉඟුරු ලෙසින් හඳුන්වයි. ගුලි කල්ක ආදිය ඇඹරීමේ දී ද ඒවායේ අනුපාන ලෙසින් ද ඉඟුරු යුෂ බෙහෙවින් භාවිතා කරයි.කුෂ්ඨ, මුත‍්‍රාබාධ, රත්පිත් රෝග ඇති විට ඉඟුරු යෙදීම සුදුසු නොවේ. ඉඟුරු අල වතුරේ පෙඟෙන්න තබා පිට සිවිය ඉවත් කර පැය 06 ක් පමණ පවනේ වියළා පසුව තද අව්වේ වියළා ගැනීමෙන් ද සිද්ධි ඉඟුරු සකස් කරයි. ඉඟුරු මත හුනු තවරා වියළා සෝදා නැවත වියළා ගැනීමෙන් ද සිද්ධිඟුරු සාදයි. ඉඟුරු සීනි සමග සාදා ගන්නා දෝසි ප‍්‍රණීත මෙන්ම ගුණදායක ආහාරයකි. ඉඟුරු යුෂ, දෙහි යුෂ, මීපැණි එකට මිශ‍්‍රකර ගැනීමෙන් අජීර්ණ, වමන, උදර රෝග සමනය වෙයි.
උළුහාල්උ ලාරිසි ලෙසන් ද හඳුන්වන අතර ඉංග‍්‍රීසි බසින්  Fenugreek ලෙසින් ද, සංස්කෘත භාෂාවෙන් බහුපර්ණි, මෙති, දීපනී ශීත විර්ය ලෙසින් ද හඳුන්වයි.රස - කටුක, තික්ත, ගුණ - ලඝු, ස්නිග්ධ, තීක්ෂණවිර්ය - උෂ්ණ, විපාක - කටුකසෙම හා වාතය සමය කරන පිත වඩන ද්‍රව්‍යයකි. මෘදු විරේක ගුණයක් ද කුසගිනි වඩන ගුණය ද ඇත. අරුචි, අජීර්ණ, වමන, පණුරෝග, අර්ශස්වලට හිතකරයි. ඉදිමුම් නසයි. රක්ත ශෝධකයි. කුෂ්ඨ නසයි. උණ සමනය කරයි. හිස කෙස් ආශ‍්‍රිත රෝගවල දී උළුහාල් තම්බා සේදීම ඉතා ගුණය
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි- අම්බලන්ගොඩ