Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 30, 2013

උඩ පනින ද්‍රව බින්දු

මෙම වීඩියෝව නරඹන ඔබට කුඩා සිලිකන් තෙල් බින්දු කම්පනය වන සිලිකන් තෙල් ද්‍රාවණය මතට වැටී තෙල් බින්දුව ද්‍රාවණය තුල ගිලී ද්‍රාවණයේම කොටසක් නොවී ද්‍රාවණය මත පනිමින් ඇවිදින අයුරු දැකගත හැකිය.ද්‍රාවණයේ කම්පනය නිසා ඇති කරන තරංග මත තෙල් බින්දු ගැටීම නිසා එය ද්‍රාවණය මත චලනය වේ.
 සාමාන්‍ය ඇසට, තෙල් ද්‍රාවණය තුල තෙල් බින්දුව  උඩ පනිමින් දුවන අයුරු දර්ශණය වේ.තෙල් බින්දු ප්‍රදර්ශනය කරන මෙම ස්වභාවය ක්වොන්ටම් තාක්‍ෂණය පිළිබඳ අධ්‍යයනය වැදගත් බව පර්යේෂකයෝ සඳහන් කරති.


  
 Pilot wave dynamics (නියමු තරංග ගතිකය) යනු ඉතා සියුම්  (අන්වීක්‍ෂක) අංශු තරංග සමඟ සම්බන්ධ වී චලනය වීම විස්තර කරන ක්වොන්ටම් ක්‍රමයකි. එම ක්‍රමය අධ්‍යයනය සඳහා මෙය විශාල පිටුවහලක් බව ඔවුන්ගේ මතයයි. ඩෙන්මාර්ක්හි තාක්‍ෂණ විශ්ව විද්‍යාලය හා MIT ආයතනයේ droplets සම්බන්ධ අධ්‍යයනයේදී ලබා ගත් මෙම අපූරු වීඩියෝ දර්ශණය Physics of Fluid සඟරාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

උපුටා ගැනීම  :-  Shaunacy Ferro, Popular Science, October

October 29, 2013

පදික වේදිකාව විදුලිය ලබා දෙයි

සූර්ය බලශක්තිය නිපදවන හා එයින් ක්‍රියාත්මක වන උපකරණ පිළිබඳ බොහෝ තොරතුරු අප අසා තිබේ. ඒ අතරට අළුතින්ම එක් වී ඇති සූර්ය බලශක්තිය නිපදවන නවතම අංගය පදික වේදිකාවයි (පේමන්ට්). සූර්ය බල පදික වේදිකාවක් පදිකයින් සඳහා සෑදූ මුල් අවස්ථාව මෙය බව ව්ශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඉඩම් පරිහරණ සැලසුම්කරු එරික් සේල්බිස්ට් පවසයි.

සම්පූර්ණයෙන්ම සූර්ය කෝෂ ආවරණයෙන් සෑදූ වර්ග අඩි 100 ක ප්‍රමාණයේ මෙම සූර්ය බල පදික වේදිකාව ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලය විසින් ඉදි කර ඇත. සූර්ය බල පදික වේදිකාවෙන් කිලෝවොට් පැය 470 ක විදුලියක් ජනනය කරන අතර එමඟින් LED බල්බ 450 ක් දල්වා මුළු පදික වේදිකාවම රාත්‍රී කාලයේදී ආලෝකමත් කරයි.

ලිස්සන සුළු නොවීම, කාලගුණයට ඔරොත්තු දීම සහ පදිකයින්ගේ තදබදය දරා ගැනීමට හැකි වීම නිසා පදිකයින්ට අනතුරකින් හෝ අපහසුතාවයකින් තොරව සූර්ය බල පදික වේදිකාව මත ඇවිදීමට හැකිය. තවද එහි ඇති සූර්ය කෝෂ trellis (ගරාදි) මඟින් විශ්ව විද්‍යාලයේ නව්‍යකරණ ශාලාවට විදුලි බලයද ලබා දී තිබේ.


උපුටා ගැනීම  :-  Francie Diep, Popular Science, October

කැමරාවෙන් සමේ රෝග

විවිධ හේතු (ව්‍යාධිජනනය) නිසා වනාන්තරයේ ඇති වී තිබෙන ලප කැලැල් භූදර්ශන ජායා රූප වල අවිධිමත් බවින් අනාවරණය කරන තාප සංවේදී අධි තාක්‍ෂණික කැමරා, දැන් චර්ම රෝග හඳුනාගැනීමට භාවිතා කළ හැකිය.

වෛද්‍යවරු සාමාන්‍යයෙන් චර්ම රෝග විනිශ්චය කරනුයේ රෝගයේ සම මත පැතිරීම, රක්ත වර්ණ වීම, ඝන වීම, ශල්කියවීම(කොරපොතු ස්වාභාවය) වැනි කරුණු නිරීක්‍ෂණය කිරීමෙනි. ඒවා නිරීක්‍ෂණය බොහෝසේ විෂයානුබද්ධ වේ. මෙම නව කැමරා තාක්‍ෂණය රෝග විනිශ්චය සඳහා වඩා නිවැරදිව භාවිතා කල හැකිදැයි, නිව්යෝක්හි රොචෙස්ට විශ්ව විද්‍යාලයේ ප්‍රැන්සිස්කෝ ටොස්ක් හා රොචෙස්ට තාක්‍ෂණ ආයතනයේ ඔහුගේ කණ්ඩායම විසින් පරීක්‍ෂා කරනු ලැබේ.

ආබාධිත සම අභ්‍යන්තරයේ රුධිර සංසරණය වේගවත් වීමෙන් සිදුවන උණුසුම් වීම මඟින් රක්ත වර්ණ වීම ප්‍රමාණාත්මකව හඳුනාගැනීමට මෙම තාප කැමරා සමත් බව මූලික පරීක්‍ෂණ වලදී අනාවරණය වී ති‍බේ (රූපය බලන්න).පාරජම්බු ආලෝකකිරණ ඡායාරූප වල ආබාධිත කොටස් දීප්තිමත්ව සටහන් වීම මඟින් සම තුල දීප්තිය ලබා දිය හැකි ඇමයිනෝ අම්ල අඩංගු බව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම අවස්ථා දෙකෙහිදීම මතුපිට සම පියවි ඇසට නිරෝගී සමක් ලෙස දිස්වෙන බැවින් කැමරාවට චර්ම රෝග වර්ධනය විය හැකි ස්ථාන පිළිබඳව වඩා සියුම් ලෙස ඉඟි පළකල හැකිවේ.

චිකිත්සාගාර පර්යේෂණ සඳහා පර්යේෂණ කණ්ඩායම මූල්‍ය ආධාර අපේක්‍ෂා කරයි.


උපුටා ගැනීම : New Scientist – Health Magazine, August
http://www.newscientist.com/article/mg21528785.500-imaging-cameras-detect-severity-of-skin-problems.html#.Ul0R2pJHIbU

October 28, 2013

ස්වයංක්‍රීය ලිප

හේතන් බ්‍රෝඩ්බෙන් නම් අන්තර්ජාල වෙබ් විකාශකයා (web developer) තම එදිනෙදා කටයුතු ස්වයංක්‍රීය කිරීමට ප්‍රිය කරයි. ඔහුගේ මයික්‍රොවේව් උදුන රාත්‍රී ආහාරය ස්වයංක්‍රීයව පිස දෙන්නේ නම් කොතරම් අගනේදැයි වැඩ අධිකව සිටින විට ඔහුට සිතුණි. සියළුම ආහාර ඇසුරුම් වල අඩංගු තීරු සංකේත (barcode ) ජාත්‍යන්තර නිෂ්පාදන තීරු සංකේත අනුව හඳුනාගෙන අන්තර්ජාලයෙන් ඉවුම් පිහුම් (සුපවේදී) උපදෙස් ලබාගෙන සුපවේදියෙකු මෙන් කෑම පිසීමට හැකි වන සේ තම උදුන සංවර්ධනය කිරීම ඔහුගේ අපේක්‍ෂාව විය.

මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණයන් දැනට පවතින නමුත් කිසිවකු උත්සහ නොකරන බව පවසන ඔහු එය සනාථ කිරීමට 1990 දශකයේ මයික්‍රොවේව් උදුනක පරිපථය අධ්‍යයනය කර එයට Raspberry Pi කුඩා පරිගණකයක් (හා සැකසු පරිපථයක්) ඒකාබද්ධ කර මයික්‍රොවේව් උදුනෙහි ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරීත්වය පාලනය කරන ලදි. ඉන්පසු Wi-Fi අඩප්ටරය (අනුවර්තකය), මයික්‍රොෆෝනය, කුඩා ශබ්ද විකාශනය (speaker) සහ barcode scanner (තීරු සංඥා සුපරීක්‍ෂකය) එයට එකතු කර ඇත.
Scanner( (සුපරීක්‍ෂකය) ආහාරය හඳුනාගත් පසු, Pi කුඩා පරිගණකය අදාල පිසීමේ උපදෙස් බ්‍රෝඩ්බෙන්ට් නිර්මාණය කළ අන්තර්ජාල දත්ත ගබඩාවෙන් (database) ලබා ගනී. ඉන්පසුව ලද උපදෙස් අනුව පිසීමේ කාර්යය කළ හැකි ලෙස මයික්‍රොවේව් උදුනේ පරිපථය සැලසුම් කර තිබේ.


 අන්තර්ජාලයට සම්බන්ධ යාන්ත්‍රික උපකරණ මඟින් ලබා දෙන රැහැන් නොමැති උපදෙස් පමණක් නොව කට හඩින් ලබා දෙන නියෝගද අනුගමනය කිරීමට මෙම උපකර්ණයට හැකිය. යමක් උයා නිම කළ විට සාම්ප්‍රදායික මයික්‍රොවේව් උදුන මෙන් සංඥා නාද නිකුත් නොකර උච්චාරණය (“කෑම ලැයිස්තියි”) මගින් ඒ බව දන්වා සිටියි. මීට අමතරව මෙම උදුනෙහි හඬද සකස් කිරීමට හැකිය.



උපුටා ගැනීම:  Erin Brodwin – Popular Science, October 
                       http://www.popsci.com/diy/article/2013-09/smart-microwave

October 24, 2013

චුම්භක නැනෝ මොළයට වෙදකම් කරයි.

අනුපාතයක් ලෙස වීදුරු මාබල් බෝලයක් (නැනෝ මීටර 1) හා පෘථිවිය (මීටර1) ලෙස සන්සන්දනය කළ හැක. නැනෝ (නිනිති) මීටර 1 ක් යනු මීටරයකින් කෝටි  100 කින් පංගුවකි.


ඉතා සූක්‍ෂම අන‍්වීක්‍ෂ භාවිතා කර ඉතාමත් කුඩා වූ මෙම නැනෝ (නිනිති) අංශු නැරඹීම හා ඒවා මෙහෙයවීම කළ යුතු අතර ඒවා ආරක්‍ෂාකාරීව පාලනය වන පරිසරයක් තුල පවත්වාගෙන යෑම කළ යුතුය. අවකාශයේ අංශු හා පරීක්‍ෂකයන්ගේ අංශු මඟින් උපකරණ දුෂ්‍ය වීම වැලැක්වීමට අතිශය පිරිසිදු තත්වයෙන් හා කම්පනයෙන් ආරක්‍ෂා කිරීමට ටොන් 5000 ක කොන්ක්‍රීට් එකකට සවි කල අඩි 40 ක් පොළව යට වූ පරීක්‍ෂණාගාර වල විද්‍යාඥයෝ නැනෝ තාක්‍ෂණය පිළිබඳ විවිධ පරීක්‍ෂණ වල නියැලෙති.

වෛද්‍ය විද්‍යාවේ චුම්භක නිනිති රොබෝවරු (magnetic nano bots) මඟින් ඖෂධ, මොළය, පිළිකා සෛල, ඇස ඇතුළු ශරීරයේ සංකීර්ණ ස්ථාන වල ආබාධිත කොටසටම පමණක් ලැබෙන සේ ප්‍රවාහනය කිරීමට හැකි වීම මගින් අතුරු ආබාධ බොහෝ සේ වළක්වා  වඩාත් සාර්ථක ප්‍රතිකාර කිරීමේ අවස්ථාව සලසා දී තිබේ. එමඟින් වර්තමානයේ සුවපත් කළ නොහැකි රෝගීන් බොහෝ දෙනෙකු සුවපත් වනු ඇත. නිනිති තාක්‍ෂණ යෙදුම් වෛද්‍ය විද්‍යාවට අමතරව ඉලෙක්ට්‍රොනික, බලශක්ති, අභ්‍යවකාශ,පාරසරික, ආහාර, ක්‍රීඩා, ඇඟලුම් වැනි විවිධ විශාල ක්‍ෂේත්‍ර සමූහයක් සඳහා ක්‍රියාත්මක වේ
ස්විස්ටර්ලන්තයේ හා දකුණු කොරියාවේ ආයතන සහයෙන් චීන පර්යේෂකයෝ විසින් රූපයේ දැක්වෙන 100 මයික්‍රෝන දිග හා 40 මයික්‍රෝන පළල මොළයේ අදාල ආබාධිත ස්ථානයට ඖෂධ ගෙන යන වාහනයක් ලෙස වූ ඉතා කුඩා නැනෝ අංශු නිර්මාණය කර තිබේ. විද්‍යුත් චුම්භක ක්‍ෂේත්‍ර මඟින් ධාවනය කරවන මෙම micro bots (නිනිති රොබෝ අංශු) නිකල් ආලේපිතය.

සජීවි සතුන් තුල චුම්භකත්වයෙන් ගමන් කරන robots ද මින් පෙර භාවිතා කර තිබුණද මෙම micro bots ගේ විශේෂත්වය නම් එහි විශාලත්වයයි. ව්‍යාපෘතියේ පර්යේෂකයකු වූ ෂෑං ලී මෙසේ විස්තර කරයි. “micro bots යනු ආබාධය ඇති ස්ථානයට ඖෂධ ප්‍රවාහනය කරන වාහනයකි. ඒ සඳහා මට අවශ්‍ය මෝටර් රථයක් නොව ට්‍රක් රථයකි විශාල ඉඩ සහිත micro bots වැඩි ඖෂධ ප්‍රමාණයක් ප්‍රවාහනය කරයි. හාවා, මීයා වැනි සතුන් සඳහා අත්හදා බැලීම් කර ඇති නමුත් මනුෂ්‍යයින් සඳහා micro bots යොදා ගැනීමට තව කාලයක් ගතවිය හැකි.






සියුමැලි නිනිති මල්

නිනිති (නැනෝ/ඉතාමත් සියුම්) මට්ටමේ මල් වැවීමේදී පවා පෝෂක එකතු කිරීම, උෂ්ණත්ව පාලනය, අවක්ෂේපන නිරීක්‍ෂණය වැනි උද්‍යාන රෝපණයේ මූලධර්ම වෙනස් වී නැත.
විවිධ මිශ්‍රණ වලින් එකතු කර ගත් අණු මඟින් සූක්‍ෂම වැවිලි කරුවෝ නිනිති මල්, ආගන්තුක පළතුරු ආදිය වගා කර තිබේ. එහෙත් වියදම් අධික තාක්‍ෂණික හා කාර්මික ක්‍රම භාවිතා නොකරන්නේ නම් ඔවුන් පැළ සිටවා ඒවා වැඩෙන තෙක් පාලනයකින් තොරව බලා සිටිය යුතුය. හාවඩ් විශ්ව විද්‍යාලයේ විම් නුර්ඩුයින් හා කණ්ඩායම නිනිති මල් වගාව සඳහා වියදම් අධික නොවූ අසරල වැඩ පිළිවෙළක් නිර්මාණය කර ඇත.

වම් පස සාවද්‍ය වර්ණක වලින් සමන්විත වනසේ මල් පොකුරක් ඔවුන් අධියර තුනකින් සකස් කළේය.
                                                   
*  පළමුව සෝඩියම් සිලිකේට් හා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ 40C දක්වා ශිත කලේය. 40C  උෂ්ණත්වයේදී වාතයේ ඇති CO2 (කාබන්ඩයොක්සයිඩ්) වැඩි ප්‍රමාණයක් ද්‍රාවණයේ දියවීම නිසා බේරියම් කාබනේට් හා සිලිකා (රතු) විශාල ලෙස තැන්පත් වන රසායනික ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වේ.

      *  ඉන්පසු කුඩා බඳුන, කාමර උෂ්ණත්වයේ ස්ට්‍රොන්ටියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක තැන්පත් කලේය. මෙම ද්‍රාවණය CO2  දියවීම නිසා කොළපාට අංකුර මතුවිය.


      *   බීකරයේ පියන නිතර ඇරෙන වැහෙන ලෙස සැකසීමෙන් සිදුවන CO2 ස්පන්දනය නිසා අංකුරය වැඩීම වේගවත් වී මයික්‍රෝ මිලිමීටර 25 (ඉතා කුඩා) පළල මල් පිපුණි.

මෙම නිනිති හැඩ ගැන්වීමේ ශිල්පය, රූපයේ ඇති සියුම් නිනිති මල් සඳහා පමණක් සීමා නොවන අතර ප්‍රකාශ විද්‍යාවේ හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පයේ දියුණුවටද භාවිතා විය හැකි බව නුර්ඩුයින් හා කණ්ඩායම පවසති.












උපුටාගැනීම:   Victoria Jaggard,NewScientist
                        http://www.newscientist.com/article
                         http://news.nationalgeographic.com/news/2013/05/pictures

October 23, 2013

මඩ නැති සපත්තු

තෙතමනයෙන් ආරක්‍ෂා වීමට සාදා ඇති ජලයට ඔරොත්තු දෙන සපත්තු (water proof boots) වල මඩ, කුණු තැවරීම වැළැක්වීමට නොහැකිය. බොහෝ ජල විකර්ශක ප්‍රතිකාර තවමත් මතුපිට ඝර්ෂණයට ඉඩ සලසන බැවින් මඩ, දැලි, තෙල්, වයින් අංශු මතුපිට තැන්පත් වේ. බොහෝ තෙත කුණු කසල වැනි අපද්‍රව්‍ය විකර්ෂණය කරන Ultra-EverDry (අති-සදා වියළි) ආලේපනයක් ෆලෝරිඩාහි Ultra Tech(අල්ට්‍රා ටෙක්) සමාගම විසින් ඉදිරි මාස කිහිපය තුලදී නිෂ්පාදනය කරනු ඇත.

ක්‍රියාකාරීත්වය
ස්ථර දෙකකින් සමන්විත Ultra-EverDry සාමාන්‍යයෙන් දෙවරක් ආලේපන කිරීමෙන් සකස් කරයි.  පළමුව මතුපිටට xylene හා butyl acetate (සයිලීන් හා බියුටිල් ඇසිටේට්) ප්‍රධාන වූ ද්‍රාවණයක් ඉසිනු (spray) ලැබේ. එය වියලුනු පසු(විනාඩි 20 කට පසු) සිලිකා හා හිමි කාරක ආකලන සුළු වශයෙන් ඇතුළත් acetone (ඇසිටෝන්) ද්‍රාවණය ආලේප කරයි. එයද වියළි යෑමෙන් පසු මෙම ස්ථර දෙක එකිනෙක ප්‍රතික්‍රියා කර ඉතා සියුම් ගැටිති (ඇසට නොපෙනෙන කඳු හා කාණු) සහිත මතුපිටක් නිර්මාණය වේ. මෙම ව්‍යුහය නිසා මතුපිට ඝර්ෂණය අඩු වන බැවින් අංශු පහළට පෙරලී මතුපිට නොරැඳී ඉවත් වේ. එනම් Ultra-EverDry මඟින් ඉතා සියුම් ගැටිති සහිත මතුපිටක් නිර්මාණය කිරීම නිසා සියළු අපද්‍රව්‍ය මතුපිට හා ඉතා සුළු වශයෙන් ගැටී ඉවත් වේ.

කාර්මික භාවිතය සඳහා Ultra-EverDry භාවිතය ඇමෙරිකාවේ පරිසර ආරක්ෂණ ආයතනය මඟින් අනුමත කර ඇති අතර ලබන වසරේදී සමාගම මෙවැනි මතුපිටක් සහිත භාණ්ඩ (සපත්තු, අත්වැසුම්, ක්‍රීඩා භාණ්ඩ) වෙළඳපලට නිකුත් කරනු ඇත. පාරිභෝගිකයාට මිලට ගෙන නිවසේ ඇති තමන්ට අවශ්‍ය භාණ්ඩයකට/උපකරණයකට ආලේප කළ හැකි Ultra-EverDry ආලේපන වර්ගයක් නිෂ්පාදනයටද සමාගම සැලසුම් කරමින් සිටියි.


මෙමඟින් මිනිසුන් උපයෝගී කර ගන්නා බොහෝ භාණ්ඩ/උපකරණයක් පාහේ කුමන ආකාරයේ භාවිතයෙන් වුවද අපවිත්‍ර නොවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.



                          Logan Kugler – Popular Science , October

October 21, 2013

කෘත්‍රිම අග්න්‍යාසය

දියවැඩියා රෝගය ලොව පුරා සියලු සමාජ ස්ථරවල බහුලව දක්නට ලැබෙන නිට්ටාවට සුව කිරීමට අපහසු රෝගයකි.දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් (insulin) මට්ටම පාලනය කිරීමේ කාර්යයට නිෂ්පාදිත කෘත්‍රිම අග්න්‍යාසයක් සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබේ.
අග්න්‍යාසය මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඉන්සියුලින් හෝමෝන ශරීරය තුල නිපදවයි. එහෙත් පළවැනි ඛාණ්ඩයේ (සමහර අවස්ථාවලදී 2 ඛාණ්ඩය) දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාස ඉන්සියුලින් නිෂ්පාදනය නොකරන බැවින් ලේවල සීනි මට්ටම ක්‍රමවත් කිරීමට ශරීරයට නොහැකිය. මිනොපොලිස් (Minneapolis) ප්‍රාන්තයේ Medtronics නම් වෛද්‍ය තාක්‍ෂණ සමාගම විසින් පැළඳිය හැකි කුඩා යාන්ත්‍රික උපකරණයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ක්‍රමයෙන් ශරීරයේ ග්ලූකෝස් මට්ටම අධික ලෙස අඩු වුවහොත් ඒ බව හඳුනාගෙන ඉන්සියුලින් සැපයීම ස්වයංක්‍රීයව නවතා රෝගියා දියවැඩියාවේ කෝමා (අධිමුර්ජාව) තත්වයට පත්වීමෙන් වළක්වාගනු ලැබේ.

සාම්ප්‍රදායික ක්‍රම මඟින් රුධිරයේ සීනි මට්ටම ප්‍රමාණය ඉක්මවා අනතුරුදායක ලෙස පහල බැස තිබියදීත් ඉන්සියුලින් සැපයීම අඛන්ඩව සිදුවීම නිසා බොහෝ විට රෝගීහු විසඥතාවයට (unconsciousness) පත් වෙති. මෙය නින්දේදී සිදුවූයේ නම් රෝගියාට තමාගේ රුධිරයේ සීනි මට්ටම ආමානය (මැන ගැනීම) කර ගත නොහැකි වීමෙන් භයානක ප්‍රතිපල අත්විය හැකිය. Medtronic’s MiniMed (මෙඩ්ට්‍රොනික් මිනිමෙඩ්) 530G ක්‍රමය රුධිරයේ සීනි අඩු අවස්ථා (hypoglycemia/මන්ද මධුරක්තිය) හඳුනාගෙන (93% ක ප්‍රතිශතයකින්) රෝගියාට ඒ බව දැනුම් දීමට අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරයි. එහෙත් එයට රෝගියා ප්‍රතිචාර නොදැක්වුවහොත් යන්ත්‍රය විසින් සිවයංක්‍රීයව ඉන්සියුලින් සැපයුම පැය 02 කට නවත්වා අනතුරුදායක (මන්ද මධුරක්ති සන්යාසය) තත්වය මඟ හරිනු ලැබේ.


දියවැඩියා රෝගීන් ආරක්‍ෂා කරන, ඔවුන්ට ආරක්‍ෂාකාරී සුව නින්දකට ඉඩ සලසන කෘත්‍රිම අග්න්‍යාසය, පැළඳිය හැකි කුඩා යාන්ත්‍රික උපකරණයක් වූවාසේම එය පහසු මිලකට ලබාගත හැකිනම් බොහෝ රෝගීන්ට සෙත සැලසෙනු ඇත.




උපුටා ගැනීම  :-  Shauncy Ferro – Popular Science, October

රියදුරු නැති කාර්

ආබාධිත පුද්ගලයින් බොහෝදෙනෙකුට රියදුරෙකුගෙ සහය නොමැතිව මෝටර් රථයක් ධාවනය කළ නොහැක. විශාල මෝටර් වාහන ප්‍රමාණය, නීති පිළිනොපදින අවිනීත රියදුරන්, මාර්ග, මාර්ග තදබදය වැනි කරුණු නිසා රිය ධාවනය වෙහෙසකාරී ක්‍රියාවක්වී තිබේ. ඔබගේ මෝටර් රථය සුපුරුදු උදෑසන මාර්ග තදබදය තුල ඉතා සෙමින් ධාවනය වන විට, බොත්තමක් ඔබා මෝටර් රථයේ ධාවන වගකීම මොටර් රථයටම පවරා ඔබට තේ කෝප්පයක් පානය කල හැකිය.
විශේෂ අධිවේග මාර්ග ධාවන තත්‍ව යටතේ ස්වයංක්‍රියව (රියදුරා නොමැතිව) ධාවනය වීමේ හැකියාව ඇති , තම පළමු ස්වයංක්‍රිය මෝටර් රථය ලෙස  Mercedez – Benz සමාගමේ 2014 -S පංතියේ මෝටර් රථය වෙළඳපොලට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි. මෙහි රියදුරු රිය පාලනය කිරීමට කිසිවක් කළ යුතු නැති නමුත් සුක්කානම මත දෑත රඳවාගෙන සිටීම අවශ්‍ය වේ. සුක්කානමෙන් දෑත ඉවත් කළවිට සංවේදක මගින් ස්වයංක්‍රියව එය රියදුරු ධාවනය කිරීමේ ක්‍රමයට පරිවර්තනය වේ. මේ අතර Toyota සමාගමද ස්වයංක්‍රියව ධාවනය කල හැකි මෝටර් රථය ලෙස වැඩිදියුණු කළ Lexus මෝටර් රථය ප්‍රදර්ශනය කළද එය පර්යේෂණාත්මක තත්වයේ බව දන්වන ලදී.

රියදුරු නොමැති වාහන පිළිබඳව සමහර මෝටර් රථ නිෂ්පාදකයන් වෙහෙසට පත්ව තිබුණද  Google සමාගම එය ග්‍රහණය කරගෙන ඇත. මේ සෙවුම් යන්ත්‍ර (Search Engine) යෝධයා පසුගිය දශක දෙකම ස්වයංක්‍රිය ධාවනය සම්බන්ධව ක්‍රියාකාරී විය.මීටඅමතරව ඇමරිකා එක්සත් ජනපදයේ නෙවෙඩා,  ‍ෆ්ලෝරිඩා හා කැලිෆෝනියා යන ප්‍රාන්ත වල රියදුරු රහිත වාහන ධාවනය අනුමත කිරීමේ නීති සම්මත කර ඇත.

Google සමාගමේ රියදුරු නොමැති මෝටර් රථ කැලිෆෝනියාවෙදී පමණක් සැතපුම් 300,000 ක දුර අනතුරකින් තොරව පරීකෂණ ධාවනය සම්පුර්ණ කර තිබේ. සුක්කානම අසල අසුනේ මගියෙකු සිටියද ඔහු රිය පැදවිය යුතු නැත. සංවේදක, ලේසර්, වහලේ සවිකර ඇති 3600  භ්‍රමණයක් සහිත කැමරාව සහ GPS සම්බන්ධතාවය මෝටර් රථය මෙහෙයවයි. එහි ධාවනයේ ආරක්ෂිත බව වර්ධනයට අවධානය යොමු වී ඇතත් මෝටර් රථ නිෂ්පාදනයට අවතීර්ණ වීමට අදහසක් නොමැති බව Google සමාගම ප්‍රකාශ කරයි.

නීති හා රෙගුලාසි, රක්‍ෂණය, රියදුරු අධ්‍යාපනය, වෙළඳපොල‚පසුතල පහසුකම් වැනි බාධක නිසා රියදුරු රහිත වාහන තාක්ෂණය සම්පුර්ණ කිරීමට තව වසර කිහිපයක් ගත විය හැක.නෛතිකව අන්ධ පුද්ගලයෙකු කැලිෆෝනියා නගරයේ Google මෝටර් රථය පදවන හා ගමනේදී ආහාර මිලදී ගෙන රසවිඳින අයුරු වීඩියෝවේ දැක්වේ.

උපුටාගැනීම:

மனித மூளையைப் போன்ற இரத்தமும் நாளமும் கொண்ட கணினிகளைத் தயாரித்து IBM நிறுவனம் சாதனை

திரவ எரிபொருள் zetta அளவிலான கணனி திறவுகோல் இருக்கிறதா?
IBM இன் சோதனை தொகுப்
புடன் டாக்டர் பேட்ரிக் ருச் (Dr Patrick Ruch
)
ஐ பி எம் கணனி நிறுவனம் மனித மூளையைப் போல, மின்னணு இரத்தத்தால் சக்திபெற்று இயக்கும் கணனி மாதிரி ஒன்றை கண்டுபிடித்திருக்கிறது.
இயற்கையில் மனித மூளை எவ்வாறு இயங்குகிறது என்பதில் இருந்து ஆராய்ந்து, இதனை தாம் தயாரித்து வருவதாகக் கூறும் அந்த நிறுவனம், இந்தக் கணினியும் மனித மூளையைப் போல இரத்தம் போன்ற ஒருவகை திரவத்தால், சக்தியைபெறுவதுடன், அதே திரவத்தால், தன்னை வெப்பம் நீக்கி குளுமைப்படுத்தியும் கொள்ளும் என்று கூறுகிறது. மிகப்பெரிய கணனிச் சக்தியை, மனித மூளை, மிகவும் குறுகிய இடத்துக்குள் தேக்கி வைத்துக்கொள்வதுடன், அதற்காக வெறுமனே 20 வாட்டுக்கள் சக்தியை மாத்திரமே பயன்படுத்தவும் செய்கிறது. இந்த அளவுக்கு செயற்திறன் மிக்க ஒரு கணனியை உருவாக்குவதுதான் தமது திட்டம் என்று ஐ பி எம் கூறுகிறது.
இதில் குருதிச் சுற்றோட்டத்தொகுதி போன்ற ஒன்று, ஒருவகை மின்னணு இரத்தத்தை, கணினியின் ஊடாகச் ஓடச் செய்வதன் மூலம் அந்தக் கணனிக்கான சக்தியை அதன் உள்ளே கொண்டு செல்லும். அத்துடன் அதிலிருந்து வெப்பத்தை வெளியேயும் கொண்டுவரும்.

சூரிச்சில் உள்ள இந்த நிறுவனத்தின் சோதனைக் கூடத்தில், இந்த வகையில் செயற்படக் கூடிய ஒரு அடிப்படை கணினி அலகைச் செயற்படுத்தி, செய்முறை விளக்கம் வழங்கிய ஐ பி எம் நிறுவனத்தின் விஞ்ஞானிகளான டாக்டர் பாட்ரிக் ருச் மற்றும் டாக்டர் புருனோ மைக்கல் ஆகியோர், இப்போது உள்ள கணனிகளில் ஒரு வீதம் மாத்திரமே தகவல்களை துலக்குவதற்கு பயன்படுவதாகவும், ஆகவே இந்த புதிய முறை பயன்படுத்தப்பட்டால் மிகவும் சிறப்பான கணினியை தம்மால் உருவாக்க முடியும் என்றும் கூறியுள்ளனர்.
அதாவது 2060ஆம் ஆண்டளவில் முழுமையடையக் கூடிய இந்த முயற்சியின் மூலம், தற்போதைக்கு ஒரு கால்பந்தாட்ட மைதானத்தின் அரைவாசி அளவுக்கு பெரியதாக இருக்ககூடிய கணனியை ஒர் மேசையில் வைக்கும் அளவுக்கு சிறியதாக உருவாக்கிவிட முடியுமாம்.

சக்கரைக் கட்டிக்குள் அடங்கவிருக்கும் சூப்பர் கம்யூட்டர்
அதாவது ஒரு சூப்பர் கம்யூட்டரை ஒரு சக்கைரைக்கட்டி அளவுக்குள் அடக்குவதுதான் தமது நோக்கம் என்கிறார்கள் அவர்கள். அதற்கு தற்போதைய மின்னணுவியலில் ஒரு பெரிய மாற்றம் வரவேண்டுமாம். அதாவது எமது மூளையை நிறையப் பயன்படுத்தி, மூளையைப் போல கணினி செயற்படுவதற்கான ஒரு முறையைக் கண்டுபிடிக்க வேண்டுமாம்.
இன்று இருக்கின்ற எந்த கணனியை எடுத்துக்கொண்டாலும், அவற்றை விட எமது மூளை 10,000 தடவைகள் அதிகமான உணர்திறன்மிக்கவையாம்.மிகவும் அதீத செயற்திறன் மிக்க வழியில், சக்தியையும், வெப்பத்தையும் கடத்தக்கூடிய இரத்த நாளங்களையும், நாடிகளையும் கொண்ட ஒரு நுண்ணிய சுற்றோட்டத்தொகுதி இருந்தால் மாத்திரன்தான் அது சாத்தியமாகும்.

இன்றைய நிலையில் ஐ பி எம் நிறுவனத்தின் அதி தீவிரமான சக்தி மிக்க கணனியாக இருப்பது வட்சன் எனும் கணினியாகும். அமெரிக்காவில் தொலைக்காட்சி பொது அறிவுப் போட்டியில் இரு மனித மூளைசாலிகளை அது தோற்கடித்துவிட்டது. மனித மூளையை கணனி வென்றுவிட்ட ஒரு சரித்திர முக்கியத்துவம் மிக்க வெற்றியாக இது பார்க்கப்படுகின்றது.
ஆனால் இந்தப் போட்டி நியாயமற்றது என்று இந்த விஞ்ஞானிகள் கூறுகிறார்கள். ஏனென்றால் மனித மூளை அந்தக் கேள்விகளுக்கு பதிலளிக்க பயன்படுத்திய சக்தி வெறுமனே 20 வாட்டுகள் மாத்திரமே, ஆனால், அந்த வட்சன் கணனியோ அதற்கு 85,000 வாட்டுகள் சக்தியை பயன்படுத்தியுள்ளது. ஆகவே கணனியின் அளவு மாத்திரமல்ல, சக்திச் செயற்திறனும் கூட அடுத்த தலைமுறைக் கணினிகளில் மிகவும் முக்கிய விடயமாக இருக்கப்போகிறது.இதற்கு இந்த புதிய மூளையை, மின்னணு இரத்தத்த அடிப்படையகாக் கொண்ட கணனிகள் பதில் கூறும் என்கிறார்கள் ஐ பி எம் நிறுவனத்தின் விஞ்ஞானிகள்.

மூலம்: http://www.bbc.co.uk/news/science-environment-24571219

October 17, 2013

ப்ளூம் எரிசக்தி


K.R. ஸ்ரீதர் இணை நிறுவனர் மற்றும் தலைமை நிறைவேற்று
அதிகாரி சிலிக்கான் பள்ளத்தாக்கு தொடக்க ப்ளூம் எரிசக்தி 

கே.ஆர். ஸ்ரீதர் - இன்றைய தேதியில் அமெரிக்கா முழுமைக்கும் வியப்போடு கவனிக்கப்பட்டு வரும் பெயர். இதுவரை யாருமே செய்திராத ஓர் அதிசயத்தை செய்து காட்டியதன் மூலம் அமெரிக்க பிஸினஸ் உலகமே இவரை அண்ணாந்து பார்த்துக் கொண்டிருக்கிறது. இதில் பெருமைக்குரிய விஷயம், இவர் ஒரு தமிழர் என்பதே. அப்படி என்னதான் சாதனை செய்துவிட்டார் இந்தத் தமிழர்?

திருச்சியில் உள்ள ரீஜினல் என்ஜினீயரிங் காலேஜில் (தற்போது என்.ஐ.டி.) மெக்கானிக்கல் என்ஜினீயரிங் படித்து முடித்தவுடன் அமெரிக்காவில் உள்ள இல்லினாய்ஸ் பல்கலைக்கழகத்தில் நியூக்ளியர் என்ஜினீயரிங் படித்து விட்டு,அதே பல்கலைக்கழகத்தில் ஆராய்ச்சி செய்து டாக்டர் பட்டமும் பெற்றார் ஸ்ரீதர். மிகப் பெரிய புத்திசாலியாக இருந்த இவரை நாசா அமைப்பு உடனடியாக வேலைக்கு எடுத்துக் கொண்டது. அரிசோனா பல்கலைக் கழகத்தில் உள்ள ஸ்பேஸ் டெக்னாலஜீஸ் லேபரட்டரியின் இயக்குநராக அவரை நியமித்தது.

செவ்வாய்க் கிரகத்தில் மனிதன் வாழ முடியுமா? அதற்குத் தேவையான சாத்தியக்கூறுகளைக் கண்டுபிடிப்பது எப்படி? என்பது பற்றி ஆராய்ச்சி செய்வதே ஸ்ரீதரின் வேலை. முக்கியமாக செவ்வாய்க் கிரகத்தில் மனிதன் சுவாசிக்கத் தேவையான ஆக்ஸிஜனை தயார் செய்ய முடியுமா என்கிற ஆராய்ச்சியை மேற்கொண்டார். இந்த ஆராய்ச்சியில் மிகப் பெரிய வெற்றியும் பெற்றார். ஆனால் அமெரிக்க அரசாங்கமோ திடீரென அந்த ஆராய்ச்சியை ஓரங்கட்டிவிட்டது. என்றாலும் தான் கஷ்டப்பட்டு கண்டுபிடித்த விஷயத்தை ஸ்ரீதர் அப்படியே விட்டுவிடவில்லை. அந்த ஆராய்ச்சியை அப்படியே ரிவர்ஸில் செய்து பார்த்தார் ஸ்ரீதர். அதாவது, ஏதோ ஒன்றிலிருந்து ஆக்ஸிஜனை உருவாக்கி வெளியே எடுப்பதற்குப் பதிலாக அதை ஒரு இயந்திரத்துக்குள் அனுப்பி, அதனோடு இயற்கையாகக் கிடைக்கும் எரிசக்தியை சேர்த்தால் என்ன நடக்கிறது என்று ஆராய்ந்து பார்த்தார். அட, என்ன ஆச்சரியம்! மின்சாரம் தயாராகி
வெளியே வந்தது.

இனி அவரவர்கள் அவரவருக்குத் தேவையான மின்சாரத்தை இந்த இயந்திரம் மூலம் தயார் செய்து கொள்ளலாம் என்கிற நிலையை ஸ்ரீதர் உருவாக்கி இருக்கிறார். தான் கண்டுபிடித்த இந்தத் தொழில் நுட்பத்தை அமெரிக்காவில் செய்து காட்டிய போது அத்தனை விஞ்ஞானிகளும் அதிசயித்துப் போனார்கள். ஆனால் இந்த புதிய தொழில்நுட்பத்தை பயன்படுத்தி, வர்த்தக ரீதியில் மின்சாரம் தயாரிக்க வேண்டுமெனில் அதற்கான இயந்திரங்களை உருவாக்க வேண்டும். இதற்கு பெரிய அளவில் பணம் வேண்டும். இப்படிப்பட்ட தொழில்நுட்பத்தைப் உருவாக்கும் பிஸினஸ் பிளான்களுக்கு வென்ச்சர் கேப்பிட்டல் நிறுவனங்கள்தான் பணத்தை முதலீடு செய்யும். ஸ்ரீதருக்கும் அப்படி ஒருவர் கிடைத்தார். அவர் பெயர், ஜான் டூயர். சிலிக்கன் பள்ளத்தாக்கில் பிரபலமாக இருக்கும் மிகப் பெரிய வென்ச்சர் கேப்பிட்டல் நிறுவனமான கிளீனர் பெர்க்கின்ஸை சேர்ந்தவர் இந்த ஜான் டூயர். அமெரிக்காவில் மிகப் பெரும் வெற்றி கண்ட நெட்ஸ்கேப், அமேசான், கூகுள் போன்ற நிறுவனங்கள் இன்று பிரம்மாண்டமாக வளர்ந்து நிற்கக் காரணம், ஜான் டூயர் ஆரம்பத்தில் போட்ட முதலீடுதான்.

கூகுள் நிறுவனத்தை ஆரம்பிக்க ஜான் டூயர் தொடக்கத்தில் போட்ட முதலீடு வெறும் 25 மில்லியன் டாலர்தான். ஆனால், ஸ்ரீதரின் தொழில்நுட்பத்தை வர்த்தக ரீதியில் செயல்படுத்த ஜான் டூயர் போட்ட முதலீடு 100 மில்லியன் டாலர். இது மிகப் பெரும் தொகை. என்றாலும் துணிந்து முதலீடு செய்தார் ஜான். காரணம், ஸ்ரீதர் கண்டுபிடித்த தொழில்நுட்பம் சுற்றுச்சூழலுக்கு உகந்தது. பொதுவாக மின் உற்பத்தி செய்யும்போது சுற்றுச்சூழல் பிரச்னைகள் நிறையவே எழும். அது நீர் மின் உற்பத்தியாக இருந்தாலும் சரி, அனல் மின் உற்பத்தியாக இருந்தாலும் சரி. எனவே சுற்றுச்சூழலுக்கு எந்த வகையிலும் பங்கம் வராத மின் உற்பத்தித் தொழில்நுட்பத்துக்கு மிகப் பெரிய வரவேற்பு இருக்கும் என்று நினைத்தார்அவர். தவிர, ஸ்ரீதரின் தொழில்நுட்பத்தைக் கொண்டு குறைவான செலவில் மின்சாரம் தயார் செய்ய முடியும். இந்த பாக்ஸிலிருந்து உருவாகும் மின்சாரம் குறைந்த தூரத்திலேயே பயன்படுவதால் மின் இழப்பு என்கிற பேச்சுக்கே இடமில்லை. இது மாதிரி பல நல்ல விஷயங்கள் ஸ்ரீதரின் கண்டுபிடிப்பில் இருப்பதை உணர்ந்ததால் அவர் அவ்வளவு பெரிய தொகையை முதலீடு செய்தார். நல்லவேளையாக, ஜான் டூயரின் எதிர்பார்ப்பு பொய்க்கவில்லை. கிட்டத்தட்ட எட்டு ஆண்டுகள் கஷ்டப்பட்டு பலரும் உழைத்ததன் விளைவு இன்று 'ப்ளூம் பாக்ஸ்' என்கிற மின்சாரம் தயாரிக்கும் பாக்ஸ் தயார் செய்துள்ளார்.

சுமார் 10 முதல் 12 அடி உயரமுள்ள இரும்புப் பெட்டிதான் ஸ்ரீதர் உருவாக்கியுள்ள இயந்திரம். இதற்கு உள்ளே ஆக்ஸிஜனையும் இயற்கை எரிவாயுவையும் செலுத்தினால் அடுத்த நிமிடம் உங்களுக்குத் தேவையான மின்சாரம் தயார். இயற்கை எரிவாயுவுக்குப் பதிலாக மாட்டுச்சாண வாயுவையும் செலுத்தலாம். அல்லது சூரிய ஒளியைக் கூட பயன்படுத்தலாமாம். இந்த பாக்ஸ்களை கட்டடத்துக்குள்ளும் வைத்துக் கொள்ளலாம். வெட்ட வெளியிலும் வைத்துக் கொள்ளலாம் என்பது சிறப்பான விஷயம்.உலகம் முழுக்க 2.5 பில்லியன் மக்கள் மின் இணைப்புப் பெறாமல் இருக்கிறார்கள்ஆப்பிரிக்காவில் ஏதோ ஒரு காட்டில் இருக்கும் கிராம மக்களுக்கு மின்சாரம் கொடுத்தால், அதனால் அரசாங்கத்துக்கு எந்த லாபமும் இல்லை என்பதால் அவர்கள் மின் இணைப்புக் கொடுப்பதில்லை. கிராமத்தை விட்டு வந்தால் மட்டுமே பொருளாதார ரீதியில் முன்னேற முடியும் என்கிற நிலை அந்த கிராம மக்களுக்கு. ஆனால் இந்த 'ப்ளூம் பாக்ஸ்' மட்டும் இருந்தால் உலகத்தின் எந்த மூலையிலும் மின்சாரம் தயார் செய்யலாம்'' என்கிறார் ஸ்ரீதர்.

ஒரு 'ப்ளூம் பாக்ஸ்' உங்களிடம் இருந்தால் இரண்டு வீடுகளுக்குத் தேவையான மின்சாரம் கிடைத்துவிடும். இதே பாக்ஸ் இந்தியாவில் இருந்தால் நான்கு முதல் ஆறு வீடுகளுக்குத் தேவையான மின்சாரம் கிடைத்துவிடும். அமெரிக்க வீடுகளில் அதிக மின்சாரம் பயன்படுத்தப்படுவதே அங்கு வீடுகளின் எண்ணிக்கை குறையக் காரணம்.
இன்றைய தேதியில் அமெரிக்காவின் 20 பெரிய நிறுவனங்கள் ஸ்ரீதரின் தொழில்நுட்பத்தை பயன்படுத்தி மின்சாரம் தயார் செய்கின்றன. கூகுள் நிறுவனம்தான் முதன் முதலாக இந்தத் தொழில்நுட்பத்தை வாங்குவதற்கான கான்ட்ராக்ட்டில் கையெழுத்திட்டது. 'ப்ளூ பாக்ஸ்' மூலம் கூகுள் உற்பத்தி செய்யும் 400 கிலோ வாட் மின்சாரமும் அதன்
ஒரு பிரிவுக்கே சரியாகப் போகிறது. வால் மார்ட் நிறுவனமும் 400 கிலோ வாட் மின்சாரம் தயாரிக்கும் பாக்ஸை வாங்கி இருக்கிறது. இப்போது Fedex, E bay, கோக்கா கோலா, அடோப் சிஸ்டம், சான் பிரான்சிஸ்கோ ஏர்போர்ட் போன்ற
பல நிறுவனங்களும் இந்த புதிய தொழில்நுட்பத்தைப் பயன்படுத்தி மின்சாரம் தயார் செய்கின்றன.

100 கிலோ வாட் மின்சாரம் தயார் செய்யும் ஒரு பாக்ஸின் விலை 7 முதல் 8 லட்சம் டாலர்! அட, அவ்வளவு பணம் கொடுத்து வாங்க வேண்டுமா? என நீங்கள் நினைக்கலாம். ஆனால் இந்தத் தொழில்நுட்பத்தைப் பயன்படுத்தும் E bay நிறுவனம் கடந்த ஆண்டு ஸ்ரீதரிடமிருந்து ஐந்து பாக்ஸ்களை வாங்கியது. தனக்குத் தேவையான 500 கிலோ வாட் மின்சாரத்தை இந்த பாக்ஸின் மூலமே தயார் செய்துவிடுகிறது. இந்த பாக்ஸ்களை வாங்கிய ஒன்பதே மாதத்துக்குள் 1 லட்சம் டாலர் வரை மின் கட்டணத்தை சேமித்திருக்கிறதாம் E bay.

இன்னும் ஐந்து முதல் பத்து ஆண்டுகளில் அமெரிக்காவின் பல வீடுகளில் இந்த 'ப்ளூம் பாக்ஸ்' இருக்கும். சாதாரண மனிதர்களும் இந்த பாக்ஸை வாங்கி பயன்படுத்துகிற அளவுக்கு அதன் விலை 3,000 டாலருக்குள் இருக்கும்'' என்கிறார் ஸ்ரீதர். அந்த அளவுக்கு விலை குறையுமா என்று கேட்டால், ஒரு காலத்தில் லட்சத்தில் விற்ற கம்ப்யூட்டர் இன்று ஆயிரங்களுக்குள் கிடைக்கிறதே என்கிறார்கள் ஸ்ரீதரின் ஆதரவாளர்கள். ஸ்ரீதரின் இந்த தொழில்நுட்பம் எதிர்காலத்தில் நிஜமாகும் பட்சத்தில் உலகம் முழுக்க மக்கள் அந்தத் தமிழரின் பெயரை உச்சரிப்பார்கள் என்பதில்
சந்தேகமில்லை.



October 14, 2013

ජලය සහිත ග්‍රහලොවක්? (පෘථිවියේ අනාගතයද?)

පෘථිවියේ මෙන් ජලය සහිත ග්‍රහලෝකයක් ගැන කුතුහලයෙන් හා විමසිල්ලලෙන් සිටි අය සනසමින් ජලය සහිත ශිලාමය (ගල් වලින් පිරි) කුඩා ග්‍රහලෝකයක් හෝ ක්‍ෂුද්‍ර ග්‍රහයෙකු පිළිබඳ සාක්‍ෂි තාරකා විද්‍යාඥයින් විසින් මෑතකදී අනාවරණය කර ගෙන තිබේ. පෘථිවියේ ජල ප්‍රමාණය එහි ස්කන්ධයෙන් 0.023% පමණක් වුවත් මෙම කුඩා ග්‍රහලෝකයේ එහි ස්කන්ධයෙන් 26% ක ජල ප්‍රමාණයක් ඇත. සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් දක්නට ලැබුණු ප්‍රථම ජලය සහිත පාෂාණමය අංගය මෙය වේ.

නියත වශයෙන් මෙම exoplanetory මණ්ඩලයේ වාසයට සුදුසු ග්‍රහලෝක පැවතීමේ විභවයක් ඇති බව මෙමඟින් පිළිඹිබු වන්නේ යැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ පරීක්‍ෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන ජේ ෆාරිහි පවසයි.
මේ අවස්ථාවේදී ජලජ ග්‍රහලෝකයේ තත්වය සුභදායක නොවන බවත් එය දැන් හුදෙක්,  සුදු කුරුමිටෙකු (වාමනයා) වන් තම තාරකාවවූ  GD 61 වටා භ්‍රමණය වන සුන්බුන් කැබලි පොකුරකි (debris bunch).GD 61 තාරකාව ආසන්නයේදී වඩා විශාල පාෂාණමය ග්‍රහලෝකයක් හා මෙම කුඩා ජලජ ග්‍රහයා ගැටීමෙන් පසු GD 61 ගුරුත්ව බලයෙන් එය ඉවතට තල්ලු කර ඇතැයි සැලකිය හැකි බව ෆාරිහි හා ඔහුගේ කණ්ඩායමේ අදහසයි.

ජර්මනියේ හා එක්සත් ජනපදයේ තාරකා විද්‍යාඥයෝ ජලජ ග්‍රහයාගේ රසායනික සංයුතිය හඳුනාගැනීමට Hubble Space නම් දුර දක්නය මඟින් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කරති.GD 61 තාරකාවේ වායුගෝලය අනුව පැහැදිලි කළ හැකි ප්‍රමාණයට වඩා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් මෙහි පවතින බවට සාක්‍ෂි ලැබී තිබේ. මෙම අමතර ඔක්සිජන් ජලය හෝ කාබන් හා බැඳී තිබිය යුතු බව ජලජ ග්‍රහයා ගැන අධ්‍යයනය කළ බෝවික් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ බොරිස් ගැන්සිකේ ප්‍රකාශ කරයි. (ඔක්සිජන්, කාබන් හා බැඳෙනුයේ කාබන්ඩයොක්සයිඩ් ලෙසටය)
එහෙත් GD 61 හි ඉතා සුළු කාබන් ප්‍රමාණයක් තිබෙන බව සොයාගෙන ඇති බැවින් මෙම ඔක්සිජන්, ජලජ ග්‍රහයාගේ ජලය හා මිශ්‍රව පැවතිය යුතු බව පාරිහි, ගැන්සිකේ හා තුන්වන සහකරු කීල් විශ්ව විද්‍යාලයේ ඩෙට්ලෙව් කොයෙස්ට සඳහන් කරති.

GD 61 හා එහි සුන්බුන් පෘථිවි අනාගතය පිළිබඳ ක්ෂණික දර්ශණයකි.තව වසර බිලියන 06 කට පසු පෘථිවිය අයත් තාරකාව වන හිරු,සුදු කුරුමිට්ටකු වී එහි ගුරුත්වාකර්ෂණයෙන් වටා ඇති ග්‍රහලෝක හා ක්‍ෂුද්‍ර ග්‍රහලෝක ආකර්ශණය කර ගනු ඇත.



Farihi & team  - Journal science
Francie Diep  -  Popular science, October   
http://www.youtube.com/watch?v=UbgxbM8aDb4    ඇසුරෙනි.

October 10, 2013

ප්‍රදර්ශණ පුවරුවෙන් බොන ජලය


ජලය ජීවයේ උල්පතයි. කාන්තාර ආශ්‍රිත ප්‍රදේශ වල පමණක් නොව ලොව පුරා ජීවත් වන බොහෝ මිනිසුන්ට පානීය ජල ගැටළු තිබේ. සාමාන්‍යයෙන් ජල පවිත්‍රාගාර, ළිං යනාදී ප්‍රභව මඟින් පිරිසිදු පානීය ජලය මිනිසුන්ට ලැබේ. එසේ නමුත් ප්‍රදර්ශන පුවරුවක් බීමට සුදුසු ජලය ලබා දෙන බව ඔබ දන්නවාද? පේරු රාජ්‍යයේ ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය, තුනී වායු  උපයෝගී කරගෙන බීමට සුදුසු ජලය නිපදවන ලොව ප්‍රථම ප්‍රදර්ශන පුවරුව තැනීමට සමත්ව ඇත.
ඉංජිනේරු විද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුරේ උනන්දුව ඇති කිරීමේ අරමුණෙන් නිර්මාණය වූ මෙම සොයා ගැනීම ප්‍රාදේශීය ගැටළු සඳහා විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීමට හොඳ නිදසුනකි. බොහෝ විට ඇසට ප්‍රිය මනාප නොවූ ප්‍රදර්ශණ පුවරු දැන් ජනතාවට ප්‍රයෝජනයක් ගෙන දී තිබේ. අන්තර්ජාලයේ සඳහන් පරිදි ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය Mayo Draft FCB ආයතනය සමඟ එක්ව පේරු රාජ්‍යයේ වූ ඉහල ආර්ද්‍රතාව ජලය බවට පරිවර්තනය කිරීමේ අදහස ක්‍රියාවට නංවන ලදි.

 කාන්තාර භූමියක පිහිටි ලොව දෙවන විශාලම අගනුවර වූ පේරු රටේ ලිමා අගනුවර වෙසෙන මිලියන 07 ක පමණ ජනගහනයක් බීමට ගන්නා ජලය හිඟකමින් පීඩාවට පත්ව සිටිති. ලොව වියලිම ප්‍රදේශයක් වූ අටකමා (Atacama) හි වෙරළබඩ කාන්තාරයේ කොටසක පිහිටි ලිමා නගරය අයිස්කඳු දියවීමෙන් හා ඇන්ඩීස් කඳුවැටියෙන් (Andes) ගලා බසින ජලයෙන් යැපෙති. එහෙත් මෙම ප්‍රභවයන් දෙකද කාලගුණික විපර්යාස  නිසා සිඳෙමින් පවතී. මෙයට අමතරව අතිශය වියළි දේශගුණය, වාර්ෂික අවක්‍ෂේපණය 1” ට අඩු වීම, අපවිත්‍ර ජලය සහිත ලිං යනාදිය නිසා අපිරිසිදු ජලය පානයෙන් ලොව මිලියන 2.2 ක ජනගහනයක් වාර්ෂිකව මිය යති. එනිසා මෙම සංකල්පය ලොවපුරා ඇති වෙනත් නියඟයෙන් පීඩිත නගර වල ජල හිඟයට පිළියමක් විය හැකිය.

ක්‍රියාකාරීත්වය
විදුලි බලය ලබා දී ප්‍රදර්ශණ පුවරුව තුල ඇති ප්‍රතිලෝම ආශ්‍රැති පෙරෙණ (Inverse Osmosis filtration) ක්‍රමයෙන් ක්‍රියාත්මක උපකරණ 5 ක් වාතයේ ආර්ද්‍රතාව ආධාරයෙන් ජලය උරා පිරිසිදු කර එහිම තිබෙන ලිටර 20 ටැංකි ජලයෙන් පුරවනු ලැබේ. මෙම ජලය ප්‍රදර්ශණ පුවරුවේ පාදම ඇති විශාල ටැංකි වෙත නල මඟින් ප්‍රවාහනය කර කරාමයෙන් බීමට සුදුසු ජලය ලබා දෙයි.
එක් ප්‍රදර්ශණ පුවරුවක් මඟින් මාස 03 කට වතුර ලීටර 9450 ක් නිපදවන අතර එය පවුල් 100 ක මාසික ජල පරිභෝජනය බව Mayo ආයතනය පවසයි. මුළු නගරයටම ජලය ලබා දීම සඳහා ප්‍රදර්ශණ පුවරු සිය ගණනක් නගරය තුල උපාය මාර්ගිකව ස්ථානගත කිරීමේ කාර්යයට  මෙම ප්‍රදර්ශණ පුවරුව මූලික වනු ඇතැයි පේරු රාජ්‍යයේ ඉංජිනේරු හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වේ.



උපුටාගැනීම: