October 4, 2013

හැරී ‍ පොටර්ගේ කළුවර අඳුන සොයා යන විද්‍යාඥයෝ

හැරී පොටර් කතාවක තිබුණු 9 ¾ වන සැවුනු වේදිකාව (invisible platform) වැනි සැවුනු දොරටු (invisible portals) සැබෑවටම දැකගැනීමට ලඟදීම හැකිවේවි.

මෙලෙස සඳහන් කරන්නේ හොංකොං හා ෂැංහයි හි ෆඩන් (Fudan) විශ්වවිද්‍යාල වල පර්යේෂකවරු විසිනි. මෙහිදි පරිවර්තන ප්‍රකාශ විද්‍යාව (transformation optics) යන තාක්ෂණය භාවිතයෙන් ආලෝක තරංග වල දිශාව වෙනස් කිරීම තුළින් මිනිස් ඇසට නොපෙනෙන සැවුනු දොරටු ඇතිකල හැකිබව පැවසේ.

තවදුරටත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම අදහස විද්‍යුත් චුම්භක තරංග අවහිර කර අනෙක් තරංග වලට ඇතුළු වීමට සලස්වන දොරටුවක් වැනි බවය.මෙලෙස මෙම දොරටු සඟවන්නේ ප්‍රකාශ විද්‍යුත් මායාවක ප්‍රතිඵලයක්, එනම් පරිවර්තන ප්‍රකාශ විද්‍යාව හා පෝටෝන ස්ඵටික (Photonic crystals) භාවිතයෙන් වැඩිදියුණු කළ සුපර්ස්කැටර (superscatterer) වල උදව්වෙනි.

අදෘශ්‍යමාන ලෝකයට තවත් පියවරක්!
හැරී පොටර් තමාව අනෙක් අයට නොපෙනෙන සේ අදෘශ්‍යමාන කබායක් දමා ගෙන  පුස්තකාලය වෙත යන දසුන මතකද?
ඊට සමාන වු අදෘශ්‍යමාන කබායක් (invisible cloak) ලඟදීම දැකගත හැකි බව පැවසුවොත් ??? ඔව් එය ඇත්තක් වන කාලය වැඩි ඈතක නොවේ.
විද්‍යාඥයින් නිනිති තාක්ෂණය (nanotechnology) භාවිතයෙන් ප්‍රකාශ විද්‍යුත් ආවරණ පිළිබඳ සාර්ථක ලෙස පර්යේෂණ කරමින් සිටිති.පර්ඩියු (Purdue)විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරු ගණිතමය සංකල්ප මඟින් න්‍යායාත්මක ආකෘතියක් බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයින්ට ලබා දෙන ලදී. එම ආකෘතිය හිස පීරන රවුම් පනාවක් වැනිය. එය ඕනෑම වස්තුවක් වටා ආවරණය වන පරිදි නැවිය හැකිය. එවිට එම වස්තුව නොමැති විට පෙනෙන පසු තලය පෙනේ. Vladimir Shalaev සහ ඉලෙක්ට්‍රිකල් හා පරිගණක ඉංජිනේරු අංශයේ මහාචාර්ය ඈන් බර්නෙත් විසින් පවසන පරිදි මෙම ආවරණය සාදන්නේ සිලින්ඩරාකාර හැඩයෙන් යුත් නැනෝ ඉදි කටු වැලක් (Cylindrical array of nano - needles) මඟිනි.

කෙසේ නමුත් Vladimir Shalaev ගේ නිගමන හා ගණනය කිරීම් අනුව මෙමඟින් අදෘශ්‍යමාන කල හැක්කේ තරංග ආයාමය 632.8 nm පමණ වන වස්තූන් පමණක් බවය.

උපුටාගැනීම:        www.infoniac.com

1 comments:

Post a Comment