Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2014

ගොරකා කළු පාටද?

ගොරකා කළු පාටයි යන්න මිනිසුන් අතර මුල් බැස ඇත. ඒ මෙතෙක් අපගේ ඇසට හුරු පුරුදු අප දැක ඇති ගොරකා කළු පැහැ නිසාය. අතීතයේ පටන් අපි විවිධ ආහාර රස ගැන්වීමට ඒවා පිළියෙල කිරීමේදී විශේෂයෙන් මාළු වර්ග සෑදීමේදී ගොරකා එක්කරන ලදි. පැරැන්නන් වියලි කොරකා මිරිස් ගලේ අඹරා ආහාරයට එක් කලේය. නමුත් අද ආහාර තාක්ෂණයේ දියුණුවත් සමග සහ මිනිසාගේ කාරයබහුල ජීවන රටාව නිසා අගය එකතු කොට සැකසූ ගොරකා පේස්ට් හෝ ගොරකා කුඩු වශයෙන් වෙළඳපොලින් මිලදී ගැනීමට පුරුදුවී ඇත. ‍මේ සියළු ගොරකා වර්ග තද කළු පැහැයෙන් යුතුයි. නමුත් ගොරකා කළු පැහැ වියයුතුමද? යන්න ගැන ඔබ මදකට කල්පනා කලාද? ඔබ අප කව්රුත් දන්නා ගොරකා සාදාගනුයේ ඉදුණු ගොරකා ගෙඩියේ ලෙලි වලිනි. ඉදුණු ගොරකා ගෙඩි රතු පැහැ හෝ කහ පැහැයෙන් යුත්තයි. නමුත් වෙළඳපොලේ ඇති වියළි ගොරකා තද කළු පැහැයක් ගනිති.

ගොරකා යනු උද්භීද විද්‍යාත්මකව  Garcinia cambogia නමින් හඳුන්වනු ලබන ශාකයේ හටගන්නා ඵලයේ ලෙල්ල වශයෙන් හඳුන්වනු ලබන ඵලාවරණයයි. ගොරකා ඇඹුල් රසයෙන් යුක්තයි. එයට හේතුව ගොරකා වල ඇති හයිඩ්‍රොක්සි සිට්‍රික් අම්ලය (hydroxycitric acid) නිසාය. බෝ නොවන රෝග බොහෝමයක් ඇතිවීම වලක්වාලීමේ ගුණ මෙම ගොරකා වලට ඇත.  විශේෂයෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත හෙලීමටත්, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමට හා සිරුරේ අධි බර අඩු කිරීමට එයට හැකියාවක් ඇති බව අද ප්‍රකට පිළිගැනීමයි. අද වෙනත් රටවලවලත් ශරීර බර අඩු කරගැනීමට ගොරකා වලින් සාදාගත් නිස්සාරණයන් කැප්සූල් ආකාරයෙන් ශාකමය ඖෂධයක් වශයෙන් ලබාගැනීමට වෛද්‍ය වරුන් අනුමතකරයි. 

අපගේ පැරැන්නන් වියලි ගොරකා සෑදීමේදී ඉදුණු ගොරකා ගෙඩිවල ලෙල්ල පළා දුම්මැස්සේ තබා වියලා ගන්නා ලදි. මේ ආකාරයෙන් වියලා ගන්නා ගොරකා දුම් වැදී කළු පැහැයෙන් යුතු වෙයි. තවද මෙම දුම්වල ඇති නොයෙකුත් විෂ රසායනයන් ද ගොරකා වලට එකතු වෙයි. භාවිතයට පෙර හොඳින් සෝදා ගැනීමෙන් පිටත ඇලී ඇති බාහිර අපද්‍රව්‍ය තරමක් දුරට ඉවත් වීම සිදු වුවත් ගොරකා තුලට ඇතුලු වූ අපද්‍රව්‍ය ඉවත් නොවෙයි. අලෙවි කිරීමට විශාල ප්‍රමාණයෙන් ගොරකා වියලීමේදී දුම් ගැසීමට පැරණි ටයර පිළිස්සීම සිදුකරන බව සමාජයේ කතාවට ලක්වෙයි. එය එසේ වුවත් නැතත් අප පරිභෝජනයට ගන්නා ගොරකා ගැන අප සැලකිලිමත් විය යුතුය. එම නිසා පාරිභෝගිකයන් වශයෙන් අප ඒ පිළිබඳව දැනුවත් වීම ඉතාමත් වැදගත්ය.

ගොරකා දුම් ගසා වියලීමෙන් එහි ඇති රතු හෝ කහ පැහැය සම්පූර්ණයෙන් නොපෙනී යයි. නමුත් නිවැරදිව වියලා ගත් ගොරකා වල රතු හෝ කහ පැහැය යම්තම් ඉතිරිව පවතියි. වර්තමාණයෙත් මේ ආකාරයෙන් වියලි ගොරකා සාම්ප්‍රදායිකව සැකසූ ගොරකා වලට වඩා කළු පැහැයෙන් අඩු රතු පැහැ ගන්නා නිසාම පාරිභෝගකයින් එවා ප්‍රතික්ෂේප කරයි. මෙය පාරිභෝගිකයින්ගේ නොදැනුවත් කම නිසා සිදුවන්නකි. එම නිසාම ගොරකා නිෂ්පාදකයින් සාම්ප්‍රදායික කළු පැහැය ලබා ගැනීමට කෘතීමව දුම් ගැසීම සිදු කරනු ලබයි. 

ගොරකා වැරදියට ආහාරයට එක් කිරිමෙන් එහි ඇති ගුණ නැතිවනවා පමණක් නොව වෙනත් රෝග ඇතිවීමට හේතුවිය හැක. එමනිසා ඔබත් මේ පිළිබඳව කියවන්න දැනුවත් වන්න.

සැකසුම: විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ 

ඇසුරුම්කරණයේ භාවිතා වන ප්ලාස්ටික් පටල

පටල භාවිතා කර ඇසුරුම්කරණයේදී අවශ්‍ය ගුණාංග වැඩි කරගැනීම සඳහා පහත ක්‍රම භාවිතා කරයි.
Laminate
පටල වර්ග දෙකකට වැඩි ප්‍රමාණයක් එකිනෙක ඇලවීමෙන් සාදාගන්නා පටල වේ. මෙසේ කිරීම මගින් භාහිර පෙනුමෙහි වැඩි වීමක් භාදක ගුණයෙහි වැඩි වීමක් හා ඇසුරුමට ශක්තිමත් බවක් ලැබේ.

Coat
පටල වෙනස් පොලිමර් වර්ගයකින් හෝ ඇලුමීනියම් පටලයකින් ආලේප කර එහි බාධක ගුණය හා තාපය මගින් සීල් කිරීමේ හැකියාව වැඩි කරගත හැක.

Co-extrusion


විවිධ පොලිමර් වර්ග එක වර කිරීම මගින් සාදාගනු ලැබේ. ලැමිනේට් කිරීම හා සසඳන කල අඩු මුදලක් වැයවේ. ලැමිනේට් කිරීමෙන් ලබා ගන්නා පටලයට වඩා තුනී පටලයක් ලබාගත හැක.

ගුණය
පොලිතීන් පටල
පොලිප්‍රොපිලීන් පටල
1.       ජලය සහ ජල වාෂ්ප සඳහා පාරගම්‍යතාවය
2.       තාපය මගින් රත්කර සීල් තැබීම

3.       ශක්තිමත්භාවය

4.       වායූන් සඳහා පාරගම්‍යතාවය
අඩුය

සීල් තැබිය හැකිය

අඩුය

වැඩි පාරගම්‍යතාවයක් ඇත.
හොඳ ප්‍රතිරෝධකයකි

සාපේක්ෂව අපහසුය

වැඩිය

වායූන්ට හොඳ ප්‍රතිරෝධකයක් වේ

සැකසුම: විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ

පලතුරු නෙලීමට උචිත කාලය හදුනා ගනිමු

ශ්‍රී ලංකාවේ වැවෙන බොහෝ පලතුරුවලට ආවේණික උසස් රසයක්,සුවදක් සහ වර්ණයක් පවතී. නමුත් නිසි අවස්ථාවේදී පලතුරුවල අස්වනු නෙලා නොගැනීමත් අස්වනු නෙලීමෙන් පසු දක්වන නොසැලකිල්ලත් නිසා මෙම  ආවේණික උසස් රස,සුවද සහ වර්ණය පාරිභෝගිකයාට දැන ගැනීමට නොලැබේ.
පලතුරු ප්‍රධාන වශයෙන් ක්ලයිමැක්ටෙරික් (climacteric) ඛාණ්ඩය සහ ක්ලයිමැක්ටෙරික් නොවන (non-climacteric) ඛාණ්ඩය ලෙස වර්ග දෙකකට බෙදා වෙන්  කළ හැකිය. එම ඛාණ්ඩ දෙක අතර වෙනස්කම් පහත සදහන් පරිදි වේ.

ක්ලයිමැක්ටෙරික්  ඛාණ්ඩය
ක්ලයිමැක්ටෙරික් නොවන  ඛාණ්ඩය
කැඩූ පලතුරුවල ස්වසන වේගය ඉහළ යයි.
ස්වසන වේගය දිගටම අඩු වේ.
එතිලින් වායුව වැඩි වශයෙන් නිපදවයි.
එතිලින් වායුව අල්ප වශයෙන් නිපදවයි.
එතිලින් වායුව කෘතිමව සැපයීමෙන් එතිලින් නිෂ්පාදනය වැඩි වී ඉදීම උත්තේඡනය වේ. 
එතිලින් වායුව කෘතිමව සැපයීමෙන් එතිලින් නිෂ්පාදනය වැඩි කල නොහැක.
නෙලීමෙන් පසුවද ඉදීම සිදු වේ.
නෙලීමෙන් පසුවද ඉදීම සිදු නෙවේ.

ඒ අනුව ක්ලයිමැක්ටෙරික් නොවන  ඛාණ්ඩයේ පලතුරු අස්වැන්න නෙලීම කළ යුත්තේ ගසේදීම උපරිම තත්ත්වයට මේරු පසුවයි. නමුත් සෑම පලතුරක්ම උචිත අවස්ථාවට මේරු පසු අස්වනු නෙලීම  වැදගත් වේ.



ක්ලයිමැක්ටෙරික්  ඛාණ්ඩ‍යේ පලතුරු
ක්ලයිමැක්ටෙරික් නොවන  ඛාණ්ඩයේ පලතුරු
කෙසෙල්, අඹ,අලිපේර, දූරියන්,අනෝදා,කොස්,පැපොල්
අන්නාසි,රඹුටන්,මැංගුස්ටීන්,දොඩම්,නාරං,දෙහි,ලෙමන්,පේර,උගුරැස්ස,මිදි

මේ අනුව ක්ලයිමැක්ටෙරික් නොවන  ඛාණ්ඩ‍යේ පලතුරුවල නොමේරු අවස්ථාවේදී අස්වනු නෙලීම නිසා ගුණාත්මය දුර්වල මට්ටමක පවතී. කෙසේ වෙතත් පලතුරුවල නියම රසය, සුවද, පැහැය ලබා ගැනීම සදහා සුදුසු තත්ත්වයට ගසේදිම මේරීම සිදු විය යුතුයි.

පලතුරු අස්වනු නෙලූ පසුද ඡීවී තත්වයේ පවතින බැවින්ස්වසනය සදහා අවශ්‍ය ඔක්සිඡන් වායුව නොඅඩුව සැපයීමත් කාබන්ඩයොක්සයිඩ් වායුව ඉහළ යාමට නොදී ඉවත් කිරීමත් සිදු විය යුතුය.එසේ නොවුනහොත් නිර්වායු ස්වසනය සිදුවීමෙන් පලතුරෙහි රසයට අහිතකර බලපෑමක් සිදුවිය හැකි අතර ස්වසන වේගය ඉහල යෑමෙන් පලතුරෙහි ගබඩාකර තිබු ආහාර ප්‍රමණය අඩු විමක්ද සිදු වේ.

එමෙන්ම පලතුරු නෙලූ පසු ජලය අධික ලෙස ඉවත්වුවහොත් පලතුරේ මතුපිට පෘෂ්ඨයෙහි රැලි වැටිමක් සිදුවේ. රසයද අඩුවේ. ක්ලයිමැක්ටෙරික් ඛාණ්ඩ‍යේ පලතුරු නෙලූ පසු ඉදීම සිදුවී පසුව පරිහාණිය කරා පත් වේ. ක්ලයිමැක්ටෙරික් නොවන  ඛාණ්ඩ‍යේ පලතුරු කැඩූ අවස්ථාවේ සිට පරිහාණියට පත්වීම සිදුවේ.

සැකසුම: විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ

අපට යකඩ අත්‍යාවශ්‍යද?


යකඩ සෑම ජීවි සෛලයකම අඩංගු වන අතර අපගේ සිරුර තුල බොහෝ ජීව ක්‍රියාවලීන් සදහා දායක වේ.යකඩ රතු රුධිරානු වල වර්ණය ලබාදෙන හිමොග්ලොබින් හා බැදී පවති.ආශ්වාස වාතය හරහා පෙනහඵ මගින් අවශෝෂණය කර ගන්නා ඹක්සිජන් වායුව සිරුර පුරා ගෙනයනු ලබන්නේ හිමොග්ලොබින් මගිනි.තවද සිරුර තුල සිදුවන ජීව ක්‍රියාවලීන්ගේ අතුරුඵලයක් ලෙස නිපදවන කාබන්ඩයොක්සයිඩි ,නැවත පෙනහඵ කරා ගෙන යාමද හිමොග්ලොබින් හරහා සිදුවේ.එබැව්න් හිමොග්ලොබින් අඩංගු රතුරැධිරානු නිෂ්පාදනය හා ඒවායේ පරිවෘත්තියේදි යකඩ අත්‍යාවශ්‍ය වේ.


             යකඩ බොහෝ එන්සයිමයන්හි කොටසක් වන අතර එබැවින් බොහෝ ජීව ක්‍රියාවලින් සදහා ප්‍රයෝජනවත් වේ.ආහාර ජීරණ ක්‍රියාවලියේදි එන්සයිම හරහා සිදුවන කාර්යභාරය අතිමහත්ය.දෛනිකව අපගේ ආහාරයෙහි අඩංගු වියයුතු යකඩ ප්‍රමාණයන් ස්ත්‍රි/පුරුෂ භාවය හා වයස අනුව රදා පවති.

වයස් කාණ්ඩය

වයස
යකඩ(mg/day)
ළදරුවන්
මාස 0-6
0.27

මාස 7-12
11
ළමයින්
අවුරුදු 1-3
7

අවුරුදු 4-8
10
පිරිමින්
අවුරුදු 9-13
8

අවුරුදු 14-18
11

අවුරුදු 19-30
8

අවුරුදු 31-50
8

අවුරුදු 51-70
8

අවුරුදු 70 ට වැඩි
8
කාන්තාවන්
අවුරුදු 9-13
8

අවුරුදු 14-18
15

අවුරුදු 19-30
18

අවුරුදු 31-50
18

අවුරුදු 51-70
8

අවුරුදු 70 ට වැඩි
8
ගැබිනි කාන්තාවන්
අවුරුදු 14-18
27

අවුරුදු 19-30
27

අවුරුදු 31-50
27
කිරිදෙන මවිවරුන්
අවුරුදු 14-18
10

අවුරුදු 19-30
9

අවුරුදු 31-50
9
           නව රුධිර සෛල නිෂ්පාදනය සදහා සෑම දිනකම 20mg යකඩ ප්‍රමාණයක් වැය කරයි.
සාමාන්‍යයෙන් සිරුර තුල යකඩ ආරක්ෂාවන අතර දිනකට මිලිග්‍රෑමි 1කක ප්‍රමාණයක් පමණක් ශරීරයෙන් පිටකෙරේ.කැපීමි තුවාලවීමි ආදිය නිසාද,කාන්තාවන්ගේ මාසික ඔසප්වීම නිසාද සෑහෙන රුධිර ප්‍රමාණයක් ශරීරයෙන්ඉවත්වන බැවින් ඒ සම යකඩද ඉවත්වේ.ආහාරවල අඩංගු යකඩ ශරීරයට අවශෝෂණය විම එතරමි ඉහළ මටිටමක නොපවතින බැවින් යකඩ ඌනතාවයට ලක්වීමේ අවදානම වැඩිය. සිරුර තුල අක්මාව ,ප්ලිහාව හා ඇටමිදුඵ වල යකඩ ගබඩාවී ඇත.
            යකඩ වැඩිපුර දැකියහැකි ආහාර වර්ග ගණයට ගොටුකොළ ආදි කොළ එළවඵ , තල, පීකුදු,මාඵ , රතුපැහැ මස් වර්ග, මුං ඇට, රනිලබීජ යනාදියයි.
යකඩ වැඩි වශයෙන් අඩංගු ආහාර වර්ගවල පෝෂක ප්‍රතිශත (100ග්‍රැමි)

ආහාරය

යකඩ මිලි ග්‍රැමි
වියලි රට ඉදි
7.3
කැකුඵ හාල්
3.1
තිරිගු පිටි
11.5
කෙලවල්ලා
6.8
තෝරා
5.4
කිරිගොඩයා
9.3
මුරුංගා
5.3
ගොටුකොළ
68.8
මුකුණුවැන්න
16.7
මිංච්
15.6
අබකොළ
16.3
වෙල්අලකොළ
38.7
උදු
9.1
බිත්තර කහ මදය
6.3
තල
10.5
අබ
17.9
කොත්තමල්ලි
17.9
ගමිමිරිස්
16.8
වියලි කහ
14.8
             
                     සිරුරට අවශ්‍ය තරමට වඩා වැඩි යකඩ ප්‍රමානයක් ගන්නා පිරිමින්ට පිළිකා සෑදිමට වැඩි අවදානමක් ඇතිබව" නිවි ඉංග්ලන්ඩි ජර්නල් ඔෆ් මෙඩිසින්"රාවට සපයන ලද ලිපියකින් අනාවරණය වි ඇත.  වැඩිපුර යකඩ ශරීරගතවුවද කාන්තාවන්ට පිලිකා සෑදීමට ඇති අවදානම වැඩි නොවන බවද එමගින් පෙන්වාදී ඇත.

           එමෙන්ම යකඩ අඩුවෙන් පැවතීමද සිරුරට හානිකරය.එමගින් රක්තහිනතාවය ඇතිකරයි.වෙළදපොලේ පවතින බොහොමයක් සකස්කල ආහාර සදහා සහ විවිධ ධාන්‍ය සැකසුමි සදහා යකඩ එකතුකර ඇත.සමහර මල්ටි විටමින් වර්ගවල අඩංගු යකඩ ප්‍රමාණය අපට දිනකට අවශ්‍ය වන යකඩ ප්‍රමානයට වඩා වැඩිය.එබැවින් යකඩ එකතුකරනලද ආහාරයක් මිලදිගන්නාවිට එය ඇත්තටම අපට අවශ්‍ය දැයි දෙවරක් සිතාබැලීම නුවණට හුරුවනු ඇත.


 උපුටාගැනීම - www.medicinenet.com/iron-and-iron.deficiency
                         www.webmd.com/diet/iron-rich-foods

කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි