December 26, 2014

අලෝක බැන්ඩිට් (Light Bandit) ඔබගේ නිවස පුරා හිරිඑලිය පොම්ප කරයි.

හිරු එළිය නිවස තුලට ලබාගැනීමට නම් ජනෙල් තිර විවෘත කල යුතුය. නමුත් එයින් නිවසේ ජනේලයට දුරින් පිහිටි ස්ථාන සඳහා හිරු එළිය නොලැබේ. මෙයට විසඳුම “බෑන්ඩිට්“ (Bandit) මගින් ලබාදේ. මෙය කවුලුවකින් හිරු එළිය හසුකරගෙන කුටියේ වෙනත් ස්ථාන වල ආලෝකය භාවිතයට ඔබට අවස්ථාව සලසා දෙයි.

 
මූලිකව මෙහි පවතින පෙට්ටියක් වැනි ව්‍යුහය ජනෙල් එළිපත්තේ හෝ ඒ අසල එල්ලා තබන අතර එමගින් සූර්ය්‍යාලෝකය ග්‍රහණය කරගනී. එහි සිට ප්‍රකාශ තන්තු ඔස්සේ විශේෂයෙන් සැලසුම්කරනලද ව්‍යුහයන් වෙත ආලෝකය ගමන්කරවනු ලැබේ.
 

ආලෝක බැන්ඩිට් හා නිර්මාතෘ ටෙක් සිතන ආකාරයට මෙම උපකරණය මගින් ග්‍රහණය කරනු ලබන ආලෝකයෙන් සියයට 1 ක ප්‍රමාණයක්  සෑම අඩියක දුරක් ගමන් කිරීමේදී හානිවේ. එබැවින් එය අඩි 30 (මීටර් 9) දුරක් සඳහා සුදුසු බව නිර්දේශ කරයි. තවද අඩු ආලෝකයක් ඇති අවස්ථාවක ද මෙය එතරම් ප්‍රයෝජනවත් නොවනු ඇත.

මේ වනවිට ඔහු ඇතුළු කණ්ඩායම විසින් නාභිගත ආලෝකය (Spot light), මත්ස්‍ය ජලටැංකි හා වගාවන් ආලෝක කරණය සඳහා සුදුසු මෙවලම් වෙළඳපලට නිකුත් කිරීම පිළිබඳ පර්යේෂණ සිදුකරනු ලබන අතර  එමගින් පරිශීලකයින්ට තමාට රිසි ලෙස මෙම බෑන්ඩිට් ආලෝකකරණ පද්ධතිය යොදාගැනීමට අවස්ථාව උදාවනු ඇත. 
 
සැබවින්ම මෙය ක්‍රියාකරනුයේ කෙසේද? ආරම්භයක් ලෙස, ඇටවුම ඉදිරියෙන් ෆෙස්නල් කැඩපතක් ඇති අතර ඒ මතට ලැබෙන ආලෝකය ප්‍රකාශ තන්තු වෙත නාභිගත කරයි. කැඩපතට යටින් ඇති ආලෝක සංවේදක මගින් ආලෝකය පතිත වන කෝණය හඳුනාගෙන ඒ අනුව කැඩපතෙහි කෝණය වෙනස් කරයි. මේ සඳහා බැටරි දෙකකින් ක්‍රියාත්මක වන මෝටරයක් යොදා ගනී. මෙමගින් සූර්‍යායාගේ ගමන් මග අනුව නිවැරදිව ආලෝකය ප්‍රකාශ තන්තු වෙත යොමුකරවීමේ හැකියාව ලැබේ. ප්‍රකාශ තන්තු ඔස්සේ ආලෝකය භාවිත නිමැවුම වෙත ගමන් කරවයි.
 
විශේෂයෙන් මෙම උපකරණය මගින් සිදුකරනුයේ සූර්‍යාලෝකයේ ගම්න්මග වෙනස් කිරීමක් වන අතර මෙය රාත්‍රීකාලයේදී ක්‍රියාකරවිය නොහැක. මෙමගින් පසුව භාවිතයට ගැනීම පිණිස සූර්‍යාලෝකය ගබඩාකර ගැනීමක් සිදු නොකරයි. එබැවින් මෙමගින් ඔබගේ දැනට පවතින විදුලි පහන් ප්‍රතිස්ථාපනය කිරීමක් සිදු නොවන නමුත් දිවාකල ආලෝකය සඳහා බලශක්තිය භාවිතය අඩුකිරීමට සහය වනු ඇත. 


ටෙක් විසින් මේ වන විට අඩි 20 (මීටර් 6) ක දිගකින් යුත් ආලෝක බෑන්ඩිට් (Light Bandit) කට්ටල කිහිපයක් නිර්මාණය කර ඇති අතර ඒවා එ.ජ. ඩොලර් 299 ක පමණ මිල කර ඇත. 2015 නොවැම්බර් වන විට ඉහත උපකරණ වෙළඳපොල වෙත නිකුත් කිරීමට ඔහු බලාපොරොත්තු වේ. 
වීඩියෝ දර්ශන 

උපුටා ගැනීම :

Light Bandit, Kickstarter

0 comments:

Post a Comment