Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 30, 2017

දත් කුහර ස්වභාවිකව ප්‍රකෘතිමත් කිරීම

නරක් වූ දත් ප්‍රකෘතිමත් කළ හැකි නව ක්‍රමයක් පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. සාමාන්‍යයෙන් ඇල්සයිමර් රෝගය සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධයක් භාවිතා කරමින් දත් කුහර වලට පිළියම් කිරීමට මෙම විද්‍යාඥයන් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී දත්වල ඝන අක්ෂි පටල නැවත ස්වභාවිකව සකස් කරන ස්ටෙම් සෛල වර්ධනය උද්දීපනය කරනු ලැබේ.

දන්ත වෛද්‍යවරු දැනටමත් දත් දිරායාම සහ දත් කුහර සදහා ප්‍රතිකාර කලද ඒවායින් සැමවිටම සැහීමකට පත් විය නොහැක. මෙම කුහර පිරවීම සදහා භාවිතා කරන බදාම පසුව පලුදු වීම හෝ කොටස් වලට කැඩීයාම සිදුවන බැවින් බොහෝවිට දන්ත වෛද්‍යවරයාට  නැවත වරක් වඩා විශාල දත් කුහර සදහා ප්‍රතිකාර කිරීමට හෝ අවසානයේදී දත ගලවා දැමීමට සිදුවේ. එහෙත් tideglusib නම් දැනටමත් භාවිතාවන ඖෂධය භාවිතයෙන් දත් කුහර වලට ප්‍රතිකාර කිරීමෙන් පර්යේෂකයෝ සුවිශේෂී කාර්යයක් කර තිබේ.

දත විවිධ ස්ථර වලින් සමන්විතය. දතෙහි ඉහළම ස්ථරය තද එනමලයකින් නිර්මාණය වී ඇති අතර යටින් වූ දන්තනියේ ඝනකම්  ස්ථරය මගින් ඉතා මෘදු පල්ප වන් මදය වට (ආවරණය ) කර තිබේ. දතේ මධ්‍යම ඇත්තේ ස්ටෙම් සෛල වේ. එනිසා දත් කුහරයේ ගැඹුර මත බදාම මගින් ප්‍රකෘතිමත් කිරීම සීමාසහිත වේ.

පර්යේෂක කණ්ඩායම මියන්ගේ දත්කුහර සදහා ජෛව ජීර්ණ විශේෂයක ස්පොන්ජයක් tideglusib වලින් පොගවා ප්‍රතිකාර  ලෙස භාවිතා කරන ලදී. යම් කාලයකට පසු  ස්පොන්ජය අලුතින් ගොඩනැගුනු දන්තනය බවට පරිවර්තනය විය. එනම් දත් තමාගේ ස්ටෙම් සෛල වඩා වේගයෙන් වර්ධනය කර ගැනීම මගින් ස්වභාවිකව තම කුහරය වසා ගැනීම සිදු කර තිබේ. මේ සදහා යොදා ගත් ඖෂධය දැනටමත් වෙනත් රෝග වලට ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කරන බැවින් එය ඉතා ඉක්මනින් සායන මට්ටමෙන් භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.


 අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.

මොනවද මේ පෙතිගෝමර (අලුහම්)

පෙර කව්යන් විසින් ළදුන්ගේ රූපය වර්ණනා කිරීමට ශරීරයේ, ළමැදේ විසිරී තිබුන පෙතිගෝමර විෂයක් කර ගන්නා ලදි. එහෙත්ම් මොනවද මේ පෙතිගෝමර නැතහොත් අලුහම් යනුයෙන් හදුන්වන්නේ සලකා බැලීමේදී අලුහම්  (Pityriasis Versicolor or Tinea Versicolor) යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිළීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙම දිළීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් එක් වර්ගයක් වන අතර, ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි කිසිඳු කුෂ්ඨයක් නොසාදමින් වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිළීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අලුහම් නැමැති කුෂ්ඨය සාදයි. අලුහම් ඇතිවන්නේ සමෙහි ස්වාභාවිකව පවතින දිළීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, අලුහම් බෝවන රෝගයක් ලෙස නොසැලකේ. අලුහම් නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර අලුහම් බහුලව පවතී. 

අලුහම් ඇතිවීමට හේතුවන අවදානම් සාධක ලෙස පරිසරයේ උණුසුම වැඩිවීම,පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම,අධිකව දහඩිය දැමීම,පරම්පරාව තුළ අලුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම, ඌණ පෝෂණය,ගර්භණීභාවය සහ ප්‍රතිශක්තිය දුර්වල වීම යන කරුණු බලපානු ලැබේ.

එය බහුලව මුහුණ, ගෙල, පපුව, පිට, කිහිලි, බාහු, සහ පාද වල හටගනී. සමේ ආසාදනය වූ ස්ථාන පැහැදිලිව පෙනෙන, සමෙහි වර්ණය වෙනස් වූ ලප ලෙස දිස්වේ අතර එහි මතුපිට සියුම් පොතු පවතී. අලුහම් රෝස, තද දුඹුරු, හෝ සුදුමැලි වර්ණයක් ගන්නා අතර. සමෙහි වර්ණය වෙනස්වීම වර්ණය වැඩිවීමක් (Hyper-pigmentation) හෝ වර්ණය අඩුවීමක් (Hypo-pigmentation) ලෙස දිස්වේ. අලුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සිදුවන අතර අධික දහඩිය නිසා කැසීම ඇතිවිය හැක.

අලුහම් වලට අත් බෙහෙත්
අලුහම් පවතින ස්ථානයක සමෙන් සූරාගන්නා ලද කොටස් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වර්ණ ගන්වා අන්වීක්ෂයෙන් පරීක්ෂා කලවිට Malassezia furfur දිළීරය හඳුනාගත හැක. ක්ලොට්‍රිමසෝල් (Clotrimazole), මිකොනසෝල් (Miconazole), ඉකොනසෝල් (Econazole), හෝ කීටොකොනසෝල් (Ketoconazole) වැනි ප්‍රති-දිළීර (Anti-fungal) ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම මගින් ප්‍රතිකාර කළහැකිය. එලෙසම කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium sulfide) ෂැම්පු ආලේප කිරීම මගින්ද. ප්‍රොපිලීන් ග්ලයිකෝල් (Propylene glycol), සෝඩියම් තයෝසල්ෆේට් (Sodium thiosulphate), ටර්බිනෆින් ජෙල් (Terbinafine gel), හෝ සයික්ලොෆිරොක්ස් ක්‍රීම් (Ciclopirox cream) ආලේප කිරීම සහ උග්‍ර ආසාදන ඇතිවිට මුඛයෙන් ගන්නා කීටොකොනසෝල් (Ketoconazole), ෆ්ලුකොනසෝල් (Fluconazole), හෝ ඉට්‍රකොනසෝල් (Itraconazole) වැනි ප්‍රති-දිළීර ඖෂධ නිර්දේශ කෙරේ.

සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සමෙහි වර්ණය යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් වුවද ගතවිය හැක. ඇතැම් විට, සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් පසුව නැවතත් රෝග කාරක වලට නිරාවරණයෙන් අලුහම් නැවත හටගැනීමට වුවද  පුලුවන.
  
Sourcestinea-versicolor-cause-symptoms-treatments

Nayana Wijeratne - STO ,Yatinuwara

සිරුරේ හැඩය පමණක් නොව

ද කාලෙ ගොඩක් කාන්තා, පිරිමි, බාල, මහලු භේදයකින්ව තොරව නැගෙන මැසිවිල්ල තමයි මගේ ශරීරය බර වැඩියි නැත්නම් මහත වැඩියි කියන එක. එලෙසම එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමහර දත්ත මගින්ද තහවුරැ කර තිබෙනවා. මේ නිසා බොහේ දෙනෙක් කෙට්ටු වෙන්න කියල ව්‍යායාම වල නිරත වන අතර තරුණ පරපුරේ පිරිමි ළමුන් කාය වර්ධනය සදහා ද ගැහැණු ළමුන් සිරුරේ හැඩය වැඩි කර ගැනීම සදහා ව්‍යායාම වල නිරත වේ . මොන අරමුණක් ඇතුව කළත් ව්‍යායාම කිරීම කියන්නේ ශරීරෙට ගොඩක් වැදගත් දෙයක්. විශේෂයෙන්ම කාන්තාවකට ව්‍යායාම කිරීමෙන් අත් කර ගන්න පුලුවන් ප්‍රතිලාභ ගොඩක් තියනවා. ඒ ගැන ඉගෙන ගත්තොත් ඔබට එයින් වැඩියෙන් ව්‍යායාම වල නිරත වෙන්නට දිරියක් ලැබේවි.

වයසට යද්දී බොහෝ දෙනෙකුට සුලභව ඇති වන අමතක වීම් වැනි තත්වයන් නිතිපතා ව්‍යායාම කිරීමෙන් අඩු වෙනවා. ශරීරය වෙහෙසලා වැඩ කරපු අය මහලු උනාමත් ඉතාම නිරෝගීව සන්නිවේදනයේ සහ එදිනෙදා ක්‍රියාකාරකම් වල යෙදෙනවා ඔබ දැකල ඇති. විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා ව්‍යායාමය මගින් මොලයේ ශක්තිය සහ ක්‍රියාශීලීත්වය වැඩි වෙන බව. Alzheimer’s disease රෝගය සඳහා අවධානමක් ඇති අයට මතකය සහ මානසික ඒකාග්‍රතාවය වැදගත්වන නර්තනය වැනි ව්‍යායාම කිරීම මගින් එම අවධානම පහත හෙළිය හැකි බව විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.

බර එසවීම , දිවීම, කඳු නැගීම, නර්තනය වැනි ව්‍යායාම ඔස්ටියෝපොරෝසිස් රෝගය වළක්වා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. මෙම ව්‍යායාම මගින් අස්ථි ස්කන්ධය වැඩි කරවන අතර වැටීම් ආදියෙන් ප්‍රවේශම් වීමට උපකාර කරයි.
ව්‍යායාම මගින් ඔබේ ශරීර ශක්තිය වැඩි කරනවා පමණක් නෙවෙයි ඔබේ මනස ප්‍රබෝධමත් කිරීමත් එමගින් සිදුවෙනවා. ව්‍යායාම කිරීම සමග මොලය මගින් සතුට උපදවන හෝර්මෝන ශ්‍රාවය කරවනවා. ඔබ පමණක් නෙවෙයි ඔබේ ස්වාමියාවත් ව්‍යායාම වලට සම්බන්ධ කරගන්න. එමගින් දෙදෙනාට එකට ඉන්න කාලයක් ලැබෙනවා විතරක් නෙවෙයි ඔබ තුල නිරෝගීබව සහ ආදරය වැඩි වෙන්නත් හේතුවක් වේවි.
වයස ගෙවෙද්දී අපි ටිකක් ආහාර ගත්තත් මහත් වෙනවා ඔබ දැකල ඇති. ඒ ශරීරයේ පරිවුර්තීය ක්‍රියා මන්දගාමී වෙන නිසයි. මේකට තිබෙන හොඳම විසඳුම තමයි ව්‍යායාම කිරීම.ජීර්ණ පද්ධතියේ පවතින අභ්‍යන්තර මාංශ පේශී ශක්තිමත්වීම ව්‍යායාම මගින් සිදු කරනවා. ව්‍යායාම කිරීම නීතිපතාම කරන අයට කවදාවත් මළබද්ධය වැනි රෝග තත්වයන් ඇතිවෙන්නේ නැහැ.

ඔබේ මානසික මට්ටම ඉහලට ගෙනෙන සතුට ඇතිකරන හෝර්මෝන ශ්‍රාවය කිරීමට ව්‍යායාම ගොඩක් උදවුවක් වෙනවා. දිනපතා ව්‍යායාම කරන අය අතරේ මානසික රෝග තත්වයන් අවමයි. කාර්යබහුල ජීවිතයක් ගෙවන නිසා ඇතිවෙන මානසික පීඩනය අවම කරගන්න ව්‍යායාම වල යෙදීම අද සිටම පටන් ගන්න.
නිතිපතා ක්‍රියාශීලීව ඉන්න අය බොහෝ පිළිකා වල අවධානමෙන් මිදෙනවා. විශේෂයෙන්ම පියයුරු පිළිකාව වළක්වා ගන්න ශාරීරිකව ක්‍රියාශීලීව ඉඳීම වැදගත් වෙනවා.ව්‍යායාම ඔබේ සම වෙත රුධිරය සංසරණය වීම වේගවත් කරයි.DHEA සහ DHT වැනි කුරුලෑ ඇතිකරන ටෙස්ටෙස්ටෙරෝන් හෝර්මෝන වර්ග ශ්‍රාවය කිරීම අවම කරන්නටත් දිනපතා ව්‍යායාම කිරීම වැදගත්. දහදිය දැමීම මගින් හමේ වැසුන සිදුරු ඇරිලා සම තුල තැම්පත් වුන තෙල් සහ දූවිලි පිරිසිදු කිරීමටත් හේතුවක් වෙනවා.
ඉතින් මේ ප්‍රතිලාභ ලබන අතරේම ඔබ කැමතිම ඇඳුම් නැවත අඳින්න පුලුවන් වෙන්න බර ටිකක් අඩු කරගන්නත් අකමැති නැහැ නේද? අදම ව්‍යායාම කිරීමට පටන් ගන්න.

Source :  Medical readings and Medlab.
Nayana Wijeratne- STO, Yatinuwara

January 26, 2017

ප්‍රෝටීන සඳහා ලේසිම පාර

බිත්තර කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහල ආහාරයක්.  විශේෂයෙන්ම අපේ සිරුරේ පෝෂණ අවශ්‍යතාවය  සපුරාගැනීමේදී බිත්තරයකට වැඩි දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. නමුත් බිත්තරයක ඇති පෝෂණ සංඝටක පිළිබඳ අනවබෝධය නිසා අවසානයේ බිත්තර නිසාම අසනීප වන්නත් පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට රෝගී පුද්ගලයන්ට බිත්තර ආහාරයට දීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.

අපේ සිරුරේ මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂපදාර්ථය වන්නේ ප්‍රෝටීන. බිත්තර ආහාරයට ගන්නවා කියන්නෙ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ඉටුවනවාය කියන එක. ප්‍රෝටීන වැඩිපුරම අඩංගු වන්නේ බිත්තර සුදුමදයේ . ඊට අමතරව බිත්තර සුදු මදයේ ඇමයිනෝ අම්ල නමැති සංඝටකය අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා  බාහිරින් ලබාගන්නම සිදුවනවා. ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහරයට එකතුකර ගැනීම. ප්‍රමාණයෙන් විශාල බිත්තරයක ප්‍රෝටීන 9g ක් සහ කැලරි 70g ක් අඩංගුයි. මේ නිසා ශරීරය වෙහෙසවා වැඩ කරන අයට සේම වැඩෙන දරුවන්ගේ ආහාර වේලටත් බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්. එලෙසම තාය වර්ධන ව්‍යායාමයේ යෙදෙන ක්‍රීඩකයන් දිනකට බිත්තර 4 සිට 22 දක්වා ප්‍රමාණයත් ගැනීමට පුරුදු වී සිටිති.
සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගතයුතුද යන්න බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඔබ කාර්‍යශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටළුවක් නැහැ. නමුත් දිනකට එක්  බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරටයට එක් කළාට ගැටළුවක් නැහැ. ගර්භනී මව් වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. නමුත් එවැනි තත්වයේ පසුවන අය ආසාත්මික තත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ.
බිත්තර කහමදයේ විටමින් ඒ,ඊ කැල්සියම්ල යකඩ තෙල්, පොස්පරස්,ඛනිජ ලවණ, ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. අවශ්‍ය නම් පෝෂණ අවශ්‍යතා මත කහමදය ආහාරයට ගැනීමට හෝ නොගැනීමට පුළුවන්. බීටා කැරොටීන් නමැති සංඝටකය නිසා තමයි මෙම කොටස කහපාටක් උසුලන්නේ.
රූපලාවන්‍යයේදී
බිත්තරවල තිබෙන සංඝටක රූපලාවන්‍යයේදී ඉතාම වැදගත්. එවැනි සත්කාර බොහොමයකට බිත්තර යොදාගන්නෙ ඒ නිසයි. හිසකෙස් ,නිය වර්ධනයට සේම තරුණ පෙනුම රැක ගැනීමටත් බිත්තර සාරය කදිමයි. ඒ වගේම බිත්තරවල තිබෙන කෝලීන් නමැති සංඝටකය මතක ශක්තිය වැඩි කරන බවට පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා.
බිත්තර කියන්නෙ ඉතාම ඉක්මනින් පිළියෙල කරගන්න පුළුවන් ආහාරයක්. තම්බා ආහරයට ගැනීම වගේම බැදීමෙන් පසු ආහරයට ගැනිමත් එක සේ ගුණදායකයි. ඇතමුන් බිත්තර අමුවෙන්ම ආහාරයට ගන්නවා. එහිදී වඩාත් පරිස්සම් වියයුතුයි. කුකුල් අසූචිවල ඇති සැල්මොනෙල්ලා නමැති විශබීජය බිත්තර අමුවෙන් ආහාරයට ගැනීමේදී ශරීරගත වීමේ අවදානම තියෙනවා. මේ නිසා බිත්තර තැම්බීමෙන් හෝ බැදීමෙන් පසු ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුයි.

සමහරුන් ගෙ අදහසක් තියෙනවා ගම් බිත්තර ෆාම් බිත්තරවලට වඩා ගුණයි කියලා. ඒකේ විශාල සත්‍යයක් නැහැ. ගම් බිත්තරවල පැහැය වැඩි වීමට හේතුව වන්නෙ ඒ කිකිළියන් ආහාරයට ගන්නා ද්‍රව්‍යය නිසයි. ෆාම් කිකිළියන්ටත් අදාල පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබාදෙන නිසා බිත්තරේ ගුණය පිළිබඳ ගැටළුවක් ඇතිවන්නෙ නැහැ.
උපුටා ගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratne - STO ,Yatinuwara



විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන

විටමින් ස්වභාවිකව ලබාගත හැකි ආහාර වර්ග
  කාබනික සංයුතියකින් සමන්විත විටමින් යනු අපගේ පෝෂණයට අත්‍යාවශ්‍ය අපගේ ආහාරයේ තිබිය යුතු පෝෂණ පදාර්ථ විශේෂයක්.සුලු පරිමානයන්ගෙන් වුවද විටමින් අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යම ද්‍රව්‍යයක්. ශරීර  වැර්ධනයට,පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමටත්, ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීමටත් , ආහාර ඡීර්ණය එනම් අප ගන්නා ආහාරවල තිබෙන කාබෝහයිඩ්රේට මේදය, ප්‍රෝටීන වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීමට එම ද්‍රව්‍ය කුඩා කොටස් වලට කැඩී වෙන්විය යුතුයි. ඒ සඳහා උපකාරී වන්නේ ශරීරයේ තිබෙන එන්සයිම එම එන්සයිම ක්‍රියාකාරී වීමට විවිධ විටමින් වර්ග විශාල මෙහෙයක් ඉටුකරණු ලැබේ.
කෟතීමව නිෂ්නිපාදිත විටමින් වර්ග 
ප්‍රධාන වශයෙන් ම  ආහාර වලින් අපට විටමින් ස්වභාවිකව ලබාගත හැකි අතර හිරු එළියෙන් විටමින් ඩී ලබාගත හැකිය. මීට අමතරව විවිධ අයුරින් නිෂ්පාදනය කරණු ලබන විටමින් වර්ගද වෙළදපලේ බහුලව ඇත. විටමින් වර්ග කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. A ජලයේ දියවන විටමින් වර්ග සහ මේදයේ දියවන විටමින් වර්ග ලෙස. විටමින් A, විටමින්  D සහ විටමින් E, K යන වර්ග මේදයේ දියවී ඇති විටමින් වර්ග.මේදයේ දියවී ඇති විටමින් වැඩිපුර ශරීරයට ලබාගත් විට පහසුවෙන් ශරීරයෙන් ඉවත්වන්නේ නෑ. එම මේද කොටස් ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පසුකාලීනව විවිධ රෝගාබාධවලට මුහුණ පෑමට ඔබට සිදුවන්නට පුළුවන්.
විටමින් D සහ විටමින් C දියවී ඇත්තේ ජලයේ. ජලයේ දියවී ඇති විටමින් අවශ්‍ය පමණට වඩා ශරීරයට ගත්තත් හානියක් සිදුවන්නේ නෑ. ඒ ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන නිසයි.
විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන
විටමින්
ශරීරයට ලැබෙන විටමින් A ප්‍රමාණය අඩුවීම අස්ථි වර්ධනයට ඍජුවම බලපානවා. අපගේ සම ඉක්මනින් රළු වීමට විටමින් A ඌනතාවය හේතු වෙනවා. විටමින් A ඌනතාවය විශේෂයෙන් ම බලපාන්නේ ඇස්වලට. ටමින් A ශරීරයට වැඩිවීමත් ප්‍රබල ගැටලුවක්. පමණට වඩා ශරීරයේ විටමින් ඒ වැඩිවීම අක්මාව සහ අස්ථි ආශ්‍රිත රෝගවලට හේතුවක්.විටමින් A කිරි, මස්, බිත්තර වැනි සත්ව ආහාරවල බහුල වශයෙන් අඩංගු වෙනවා. ඊට අමතරව කැරට්, බතල, පලා වර්ග ආදියේත් විටමින් බහුලව A තිබෙනවා.
විටමින් B
විටමින් B යනු විටමින සංකීර්ණයක්. විටමින් B1, B2, B4, B5, B6, B12 ලෙස ඒවා නම් කෙරෙනවා.B කාණ්ඩයේ විටමින අප එදිනෙදා ගන්නා සත්ව ආහාරවල මෙන් ම ධාන්‍යවලද ඉතා සුලභව තිබෙනවා. බයොටින් නම් විටමිනය අයත් වන්නේත් විටමින් B යටතට. බයොටින් සත්වමය ආහාරවල මෙන් ම තක්කාලිවලත් බහුලව තිබෙනවා.
විටමින් C
දොඩම්, නෙල්ලි වැනි ආහාරවල විටමින් C බහුලයි. විටමින් C අප ගන්නා ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට බෙහෙවින් උපකාර වෙනවා.ඒ නිසයි අප ගන්නා ප්‍රධාන ආහාර වේලකට පසුව විටමින් C අඩංගු පලතුරක් ආහාරයට ගත යුත්තේ. විදුරු මස් වලින් රුධිර වහනය, කැසීම් නිසා නිතර තුවාල ඇතිවීම සහ එම තුවාල සුවවීමට කලක් ගතවීම වැනි තත්ත්වයක් විටමින් C ශරීරයට අඩුවීම නිසා ඇතිවිය හැකියි.එළවළු සහ පලතුරු වල විටමින් C බහුලව අඩංගු වන අතර ඒවා සිහින්ව කැපූවිට විටමින් C විනාශ වෙනවා. ආහාර අධික උෂ්ණත්වයට රත් කිරීම ද විටමින් C විනාශ වීමට එක් හේතුවක්.
විටමින් D
අපේ සමේ යම් යම් කොටස් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් අපගේ සම මතම විටමින් D නිපදවෙනවා. මුහුදු මසුන්ගේ අක්මා තෙල්වලින්, බිත්තර කහමදයේත් විටමින් D බහුලයි.විටමින් D අඩුවීම එම දරුවා Rickets නම් රෝග තත්ත්වය ඇතිවීමටත් වැඩිහිටියකුගේ ශරීරයේ විටමින් අඩුවීම Osteomalasia නම් රෝග තත්ත්වය ඇතිවීමටත් හේතුවන බව සොයාගෙන තිබෙනවා.

විටමින් E
 රටකඡු ආමන්ඩ් වැනි ඇට වර්ග මෙන්ම නිවිති වැනි ශාකවලද අලිපේර වැනි පළතුරුවල සහ ශාක තෙල් වල අඩංගු විටමින්  යනු මේදයේ දියවනජලයේ දිය නොවන විටමින් වර්ගයක් වේ. එමනිසාශරීරය තුළ විටමින් ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (Red blood cells) නිෂ්පාදනයට මෙන්මරුධිරය කැටිගැසීමේ යාන්ත්‍රණයට වැදගත් වන විටමින් සක්‍රීය කිරීමටද වැදගත් වේ. එයට අමතරවඅපේ ශරීරය තුළ විටමින් ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වන බැවින්මුක්ත ඛණ්ඩක (Free-radicals) සහ මේදය මගින්ශරීරයේ අවයවඅස්ථිසහ පටක වලට හානි සිදුවීම වළක්වයි.

විටමින් K
අක්මාවේ තැන්පත් කර ඇති විටමින් K  අන්ත්‍රයේ  සිටින බැක්ටීරියා මගින් ස්වභාවිකවම ශරීරය තුල නිපදවනු ලැබේ. ඊට අමතරව තද කොළපැහැති පත්‍ර සහින එළවඑවල බහුලව ඇත. අස්ථි වර්ධනය සහ අඑත්වැඩියාවටද රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලිය සදහා විශාල මෙහෙයක් ඉටු කරණු ලබන අතර පරිවෟත්තීය ක්‍රියා නිසි පරිදි පවත්වා ගෙන යාමටත් මොලයේ ක්‍රියාකාරීත්වයටත් පිලිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමටත් වැදගත් වේ.  මෙය අඩුවීම නිසා අස්ථි දුර්වලවීම, ඔස්ටියෝපෙරෝසිස් මෙන්ම රුධිරය කැටිනොගැසීමට හේතු වේ. 

උපුටාගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
                     Nayana Wijeratna -STO,Yatinuwara

නොසලකා හැරිය නොහැකි රක්තහීනතාවය හෙවත් නීරක්තිය

ඇඟපතේ පණ නැතිකම, ඈලි මෑලි දුබල ගතිය වැඩි දෙනෙක් පෙළන අපහසුකාරී තත්ත්වයක්. අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීම, මානසික පීඩනය ආදී බොහෝ කරුණු මේ සඳහා හේතු විය හැකි නමුත් ඒ සඳහා බලපාන ප්‍රබලම හේතුවක් ලෙස රක්තහීනතාවයත් හැඳින්විය හැකියි.
නිරෝගී පුරුෂයෙකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැලකෙන්නේ 12g/dl – 14g/dl අගයයි. එය නිරෝගී කාන්තාවගේ නම් 11.5d/dl – 13.5 d/gl අගයක් ගත යුතුවනවා. මෙම අගයන්ර්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය එසේත් නැතිනම් නීරක්තිය ලෙස හඳුන්වනවා.
නිතර ඇතිවන ක්ලාන්තය මෙන්ම ඇඟ සුදුමැලි ස්වභාවයක් ගැනීම සමඟම විඩාබර ගතියක් දැනෙනවා නම් ඊට හේතුව රක්තහීනතාවය විය හැකියි. අප ගන්නා ආහාරයෙහි යකඩ, විටමින් බී – 12 හෝ ෆෝලික් අම්ලය අඩුවීම  රක්ත හීනතාවයට බලපාන ප්‍රධාන සාධක ලෙස දැක්විය හැකියි. එලෙසම අන්ත්‍රෙයන් රුධිරය වහනය වීම,අක්මාවේ ගැටලුකාරි තත්ව නිසා, ඇටමිදුලුවල ගැටලු මෙන්ම අස්වාභාවික හිමෝග්ලොබින්  සහ තැලිසීමියා වැනි රෝගකාරකද හේතු විය හැකිය.මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමක් සිදුවන නිසා රුධිර මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩුවී යනවා‍ෙ
එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා හිමොග්ලොබින් අඩු රුධිරය සිරුර පුරා වේගයෙන් ගෙන යාම සඳහා හෘදය වස්තුවට වේගයෙන් ගැහෙන්නට සිදු වෙනවා. සුළු වැඩක් පළක් කළ ද මහන්සි ගතියක් ඇතිවන්නේ ඒ නිසයි.
රක්තහීනතාව ඇතිවීමට බලපාන හේතු
  •   රුධිරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය නොවීම. –    මෙම තත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ රතු රුධිරාණු  නිෂ්පාදනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක නොලැබීමයි. ඒ අතර  යකඩ ඌණතාව, විටමින් ඕ 12 ඌණතාව හා ෆෝලික් ඇසිඩ් ඌණතාව ප්‍රධාන වෙනවා.
  •   ඇට මිදුළු ආශ්‍රිත රෝග තත්වයන් මේ නිසා රතු රුධිරාණු නිපදවීම අඩපණ වෙනවා. මෙයට ඇට මිදුළු ආශ්‍රිත පිළිකා තත්වයන් මෙන්ම ඇට මිදුළු ක්‍රියාකාරිත්වය අඩපණ කරවන ඖෂධ වර්ග භාවිතයද හේතු වන්නට පුළුවන්.
  •  රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝර්මෝන ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවීම උදා: එරිත්‍රෝපොයෙටින් හොර්මනයේ ඌණතාවය. මෙය දිගුකාලීන වකුගඩු රෝග තත්වයන් ඇති වීමටද හේතුවක් වනවා.
  •  තයිරොයිඩ් ඌණතාව.
  • ඇන්ඩ්‍රජන් හෝර්මොනයේ ඌණතාවය.
  • අර්ශෂ් හා පණු රෝග.
  • රුධිර වහනයන්. උදා : ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම.
  • සිරුරේ අභ්‍යන්තරව ඇතිවෙන රුධිර වහනයන්. මේවා පිටතින් හඳුනාගන්නට බැහැ,. වෛද්‍ය පරීක්ෂණවලින් පමණයි හඳුනා ගත හැකි වන්නේ.
ඉතින් ඉහත සඳහන් කළ ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් එය කිසිසේත්ම නොසලකා හැරීම කළ නොකළ යුතුයි. වහාම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම මෙන්ම යකඩ හා වෙනත් අවශ්‍ය පෝෂක සංඝටක ලැබෙන ආහාර නොකඩවා ගැනීම  කළ යුතුයි. 


එලෙසම යම් යම් හේතු මත ශරීරයේ ඔක්ෂිඡන් අවශ්‍යතාවය වැඩිවන අවස්ථාවලදී රුධිරයේ හිමෝග්ලෝබින් මට්ටම වැඩිවේ. සමහර පුද්ගලයන්ගේ හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය  පහත සදහන්වැ හේතු මත වැඩිවන අවස්ථාවන්ද දැකිය හැකිය. එනම් ශරීරයේ ඔක්ෂිඡන් අවශ්‍යතාවය වැඩිවන අවස්ථාවලදී මෙය වැඩිවේ. විශේෂයෙන්ම දුම් පානය කරන්නවුන්ගේ සහ උස් ස්ථානවල ඡීවත්වන පුද්ගලයන්ගේ  මට්මම වැඩිය. එ සදහා දුර්වල හෘද ක්‍රියාකාරිත්වය සහ පෙනහලු ක්‍රායාකාරීත්වය මෙන්ම ඇටමිදුලු වල අස්වාභාවික තත්වයන් මෙන්ම ගනු ලබන සමහර ඖෂධ මෙන්ම Erythropoietin (EPO) වැනි හෝමෝන මගින් රතු රුධිරානු සෛල නිපදවීම උත්තේඡනය කරණු ලැබීම නිසා වේ.

Sources : Doctor NDTV  and wikipedia
                Nayana wijeratne - STO,Yatinuwara

January 25, 2017

ජලය පිරිසිදු කිරීමට දොඩම් ලෙලි

අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම යනු පාවිච්චි කර බැහැර කරන ජලයේ (එනම් ගේදොර කටයුතුවලදී හා කර්මාන්ත ශාලා ආදියෙන්) ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියයි.
 ඒ සඳහා භෞතික, රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි උපයෝගි කර ගැනේ.
එමඟින් ජලයේ ඇති භෞතික, රසායනික හා ජෛව අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙහි මුලික අරමුණ නම් ගලායන ජලයේ ඇති ඝනමය අපද්‍රව්‍ය ඉවත් කර එය නැවත පාවිච්චියට ගැනිම හෝ පරිසරයට මුදා හැරීමයි.

January 23, 2017

වැඩිපුර මාළු කන අය ගොඩක් නිරෝගියි

 පේ රටේ කාන්තාවෝ   සහ ළදරුවන් අතරේ පෝෂණ ප්‍රශ්ණ අඩුවක් නැතිව තියනවා. සමහර ලෙඩරෝග හැදෙන්නෙත් පෝෂක කොටස් නිසිලෙස ශරීරයට නොලැබෙන නිසයි. ලස්සන පෙනුමක් ලැබෙන්න, නිරෝගීකම කියන උතුම්ම ලාභය ලබන්නත් අඩු වියදමකින් හොඳ පෝෂණයක් ලැබෙන විදිහ පිළිබදව සැලකිලිමත් වෙන්න ඕනේ. රට වටේම මුහුදක් තියෙන, රට ඇතුලෙත් ජලාශ වලින් පිරිච්ච අපෙ රටේ මත්ස්‍ය නැත්නම් මාළු සම්පත ගැන තිබෙන දැණුම අඩුයි. ඒක නිසා ගොඩක් දෙනෙක් මාළු කෑමට දක්වන්නේ මැලිකමක්. 

හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑම වල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළු වල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් , අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළු වල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියනවා.
මේද සහිත පෝෂක ද්‍රව්‍ය වලින් අනූන ලෙස සලකන්නේ සැමන්, ට්‍රවුට්, ටූනා, මැකරල් වැනි මාළු වර්ගයි. මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා.
මේද අධික මාළු වල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ. ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා විතරක් නෙවෙයි ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම අකල් මරණ වලට හේතු වෙන්නේ හදවත් අබාධ. නමුත් සුභ ආරංචිය තමයි සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා කියන එක.
 මාළු වල බහුලව අඩංගු omega 3 සහ DHA ( docosahexaenoic acid) කියන්නේ දරුවෙක්ගේ මොළය සහ ඇස වර්ධනය කරන්න උවමනා කරන දේවල්. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. නමුත් අමු මාළු යොදල හදන ශුෂි ( sushi) වැනි කෑම ගර්භනී කාලයේදී නොකා සිටීය යුතුයි. මොකද එවුවගේ අඩංගු ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් දරුවට හානි කරන්න පුළුවන්.වයසින් වියපත් වීම සමග මොලයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපන වෙනවා. බොහෝ අධ්‍යනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමග ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි.

මාළු වල ඇති omega 3 මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙන මාළු නිතරම කන්න ඕනේ.මාළු වල ඇති omega 3 මේද අම්ලය වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වලක්වන බව සායනිකව තහවුරු වී ඇත.නින්ද යාමේ ප්‍රශ්න ලෝකය පුරාම පැතිරෙමින් තිබෙනවා. වෛද්‍ය වරුන් විශ්වාස කරනවා විටමින් D ඌණතාවය මෙයට හේතුවක් කියල. මාළු වල බහුලව ඇති විටමින් D මගින් මෙයට හොඳ විස්නදුමක් ලැබෙනවා.
උපුටා ගැනීම - අන්තර්ඡාලය ඇසුරිනි
Nayana Wijeratne - STO, Yatinuwara.