January 6, 2017

සිතීමේ ශක්තිය මගින් අනාගත සෙල්ලම් බඩු ක්‍රියාත්මකවන ලකුණු...


වෝර්වික් විශ්ව විද්‍යාලයේ ක්‍රිස්ටෝපර් ජේම්ස් මහාචාර්යතුමා විසින් ක්‍රියාත්මක මොළයේ තරංග මගින් ක්‍රියා කිරීමට හැකියාව ඇති විද්‍යුත් උපකරණ නිපදවීමේ තාක්ෂණයන් සොයා පර්යේෂණ ආරම්භ කර ඇත. මෙහිදී සිත තුළ පහළවන අදහස් මගින් පරිගණක පද්ධතියක් ඔස්සේ සෙල්ලම් බඩු වෙත සම්බන්ධ වීමට හැකි බව සොයා ගෙන ඇත.

නත්තල් සමයේදී ළමුන් විශ්වාසය තබන නත්තල් සීයාගෙන් ඉල්ලන සෙල්ලම් බඩු අතර ප්‍රමුඛතාවය ගන්නේ ස්වයංක්‍රීය කාර, හෙලිකොප්ටර්, රොබෝ යන්ත්‍ර වැනි දෑය. මේ සියල්ල හිසට පළ‍ඳින ආම්පන්නයක් මගින් මොළයේ ක්‍රියාත්මක අදහස් වල බලයෙන් පණ ගැන්වීමට සහ ක්‍රියා කරවීමට හැකියාව ඇති බව ඔවුන් සොයා ගෙන ඇත.
මූලික වශයෙන් අපගේ සිත ස්ථානගත කිරීමේ මට්ටම අනුව මේවා ක්‍රියාත්මක කිරීමට හැකි බව සඳහන් වේ. උදාහරණයක් වශයෙන් කැමතිම පාට ගැන සිතීමේදී අපට එක් පාටකට අනිවාර්‍යෙන් සිත ස්ථාන ගත කිරීමට හැකි බව දැක්විය හැකිය.
ස්වයංක්‍රීය සෙල්ලම් බඩුවල සාමාන්‍යයෙන් අතේ තබා ගන්නා උපකරණ වෙනුවට මෙහිදී හිසට පළඳින උපකරණය මගින් මොළය සහ උපකරණය අතර පරිගණක සම්බන්ධතාවය ඇති කරයි. හිසේ රඳවනයේ ඇති සංවේදක උපකරණ (sensors)  මගින් මොළය මගින් ඇති කරන තරංග විවිධ සංඛ්‍යාත වලින් හදුනා ගැනේ. මේ තරංග වැඩිදියුණු කිරීමක් සිදු කර අදාල සෙල්ලම් උපකරණයේ විද්‍යුත් පරිපථය යැවේ.    
  මහාචාර්ය වෝර්වික් ප්‍රකාශ කර සිටින්නේ, දැනටමත් මෙම තාක්ෂණය වෙළඳ පොළට නිකුත් කර තිබුනට ඒවායේ ක්‍රියාකාරිත්වයට යම් යම් සීමාවන් ඇති බවය. නව පරීක්ෂණ මගින් හිස පළඳනාවේ ක්‍රියාකාරීත්වය තවත් ක්‍රමවත්ව සිදු කිරීමට, එනම් පැහැදිලි සංඥා ලබා ගැනීම කෙරේ තව දුරටත් යොමු වී ඇත.
දැනට භාවිතයේ පවතින සුළු දේ පවා අනාගතයට මහත් දෙයක් වනු ඇති අතර ඉදිරියේදී අපගේ නිවසේ දොරවල් සිත මගින් විවෘත කිරීමට හා අපගේ දුරථනයට පිළිතුරු දීමට මෙම නව පද්ධතියට හැකි වනු ඇති බව ඔහු හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ බලාපොරොත්තුවයි.

අන්තර්ජාලය ඇසුරෙනි.
සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි (උඩපළාත)

0 comments:

Post a Comment