Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 28, 2015

මොලයේ ප්‍රතික්‍රියා හා සම්බන්ධ ආත්මාර්ථකාමීත්වයේ වැඩි වීම

අප සියලු දෙනාම පාහේ යම් ප්‍රමාණයකට ආත්මාර්ථකාමීය. එහෙත් සමහරු මෙම සාමාන්‍ය තත්ත්වය අභිබවා යයි. අපගේ ජීවිත කාලය තුල අපට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා හිතවත් අයට සැලකීමට සහ විරුද්ධවාදීන්ට දඬුවම් කිරීමට පෙළඹීම සාමාන්‍ය තත්වයයි. එහෙත් මිනිසුන්ගෙන් සුළු ප්‍රතිශතයක් මෙම සමාජ සම්මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වයි. ඔවුන් “Machiavellians” (කූට පුද්ගලයන්) ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. සාමාන්‍ය පුද්ගලයන් මෙම කූට පුද්ගලයන්ට හිතවත්කම් පෑ අවස්ථාවලදී ඔවුනට ප්‍රතිඋපකාර දක්වනු වෙනුවට කූට පුද්ගලයින් තම උපරිම ශක්තියෙන් තමාට උපකාර කළ සාමාන්‍ය පුද්ගලයා අභිබවා යෑමට කටයුතු කරන බව ලේඛකයා පවසයි.

16 වන සියවසේ විසූ ඉතාලි ජාතික ලේඛකයෙකු, දේශපාලඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ Niccolo Machiavelli ගෙන් පසු කූට පුද්ගල ගතිගුණ ඇති අයට Machiavelli නම යොදා ගැනීම මනෝ විද්‍යාඥයින් ඇතුළු ව්‍යවහාර භාෂාවේ සිදු වේ. ඇත්ත වශයෙන්ම Niccolo Machiavelli එවැනි කූට පුද්ගලයෙකු නොවූ නමුත් ඔහු විසින් රචිත “The Prince” (කුමාරයා) නම් කෘතියේ ඇතුලත් කූට රාජ්‍ය උපායන් නිසා Machiavelli යන්න ඉහළ හැසුරුවම්, වංචනික සහ සහකම්පනය අඩු පුද්ගලයන් සඳහා භාවිත කෙරේ.

සමාජ තලයේදී සමහර අය තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා අන් අය ගසාකමින් කටයුතු කරන දැඩි යාන්ත්‍රණයක් පවත්වාගෙන යයි. එවැනි ඉහළ Machiavellian ක් සහිත පුද්ගලයින් සහ ඊට වෙනස් සාමාන්‍ය තත්වයේ පහළ Machiavellian සහිත පුද්ගලයින් වෙන් කර හඳුනා ගැනීමට හැකි ප්‍රශ්ණාත්මක ක්‍රමයක් සකස් කිරීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබී තිබේ. හංගේරියාවේ Pecs විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් මෙම ක්‍රමය මගින් සිසුන් කණ්ඩායම් දෙකක් යොදා ගෙන නිරීක්ෂණයන් ලබා ගන්නා ලදී. පහළ  Machiavellian ක් සහිත සහ ඉහළ Machiavellian ක් සහිත කණ්ඩායම ලෙස මෙම සිසූහූ කණ්ඩායම් දෙකට වෙන් කරන ලද්දේ ඔවුන්ගේ Machiavellian ලක්ෂණ සඳහා දක්වන ප්‍රවණතාවය අනුවය.

පර්යේෂණයට සහභාගි වූ සෑම අයෙකුට තම සහයකයෙකු ලැබෙන සේ යුගල (දෙදෙනාගේ සමාගම්) සකස් කරන ලදී. ඉන්පසු සෑම පුද්ගලයකුටම ඩොලර් 5 බැගින් ලබා දී එයින් කොතරම් මුදලක් තම සගයාට ණයට දීමට කැමති දැයි විමසන ලදී. පර්යේෂණයට සහභාගි වූ සියලු දෙනාම තම සගයා ලෙස වෙනත් සිසුවකු සිටින්නේ යයි සිතුව ද ඇත්ත වශයෙන්ම සෑම පුද්ගලයාගේම සගයා පරිගණකයක් පමණක් විය. එම පරිගණක තමාට ලැබෙන  මුදල සාධාරණ ලෙස (10% ක් අඩුව හෝ වැඩිව) නැවත එම  පුද්ගලයාට ලබාදීමට හෝ අසාධාරණ ලෙස තමාට(පරිගණකයට) ලද මුදලෙන් 30% ක් පමණක් ආපසු ලබා දීමට කටයුතු කරන ආකාරයට අහඹු ලෙස පරිගණක ප්‍රතිලේඛණය කර තිබුණි. තමා දුන් මුදල තම සගයා ආපසු දුන් පසු මෙම ගණුදෙණුව ආපස්සට ක්‍රියාත්මක කිරීමට ද සිදු විය. එහිදී සහභාගි වූ වෝ (පුද්ගලයන්) තමන්ට ආපසු ලද මුදල අනුව එනම් සාධාරණ ලෙස ලැබූ විට දක්වන ප්‍රතිචාරය සහ අසාධාරණ ලෙස ලැබූ විට දක්වන ප්‍රතිචාරය විමර්ශණය කරන ලදී.

අඩු Machiavellian ක් සහිත පුද්ගලයින් තමාට ආපසු ලැබුණු මුදල සාධාරණ හා අසාධාරණ වීම මත සමාජ සම්මත ආකාරයට ක්‍රියා කළ ද ඉහළ Machiavellian ක් සහිත පුද්ගලයින් තමාට ආපසු සාධාරණ  හෝ අසාධාරණ මුදලක් ලැබුණේද යන්න  විශේෂ කොට නොසලකා සැමවිටම අසාධාරණ මුදලක් නැවත ලබා දෙන ලදී. පුදුමයට පත් නොවිය යුතු ලෙස  ඉහළ කූට (Machiavellian) හැකියාවක් සහිත පුද්ගලයන් සතුව වැඩි මුදලක් සෑම විටම තිබිණි.

මෙම පරීක්ෂණයේදී  ඉහළ Machiavellian සහිත පුද්ගලයන් ප්‍රතිචාර දක්වන විට ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ විට ඔවුන්ගේ මොළවල “තහනම සහ නිර්මාණශීලීත්වයට” අදාල කොටස් ඉතා තීව්‍ර ලෙස උද්දීපනය වීම හඳුනාගෙන තිබේ. තමාට පරිගණකයෙන් සාධාරණ ප්‍රතිචාරයක් ලද විටදී එය වඩාත් තීව්‍ර විය. එමගින් සාධාරණ ප්‍රතිචාරයේදී පවා ප්‍රතිලෝමව කටයුතු කිරීමට ඔවුන්ට (ඉහළ Machiavellian) සහජ මෙහෙයවීමක් තිබෙන අතරම  එම අවස්ථාවේදීම තම සහායකයා ජය ගැනීමට හැකි උපරිමය පිළිබඳ ගණනයක්ද ක්‍රියාත්මක වූ බව මෙයින් පෙනී යයි.

ඒ අනුව වඩාත් ආත්මාර්ථකාමී පුද්ගලයන් අන් අයට හැසුරුවම් හා වංචනික වීමට තීරණය කරනුයේ තමාට සිදු වූ ආසාධාරණයට දඬුවම් කිරීමට නොව සෑම විටම තම සහයකයා ජය ගැනීමටය.

උපුටා ගැනීම -
Why are some people selfish by Josh L Davis

http://www.iflscience.com/brain/manipulative-peoples-brain-activity-differs-those-who-are-fairer

August 27, 2015

සම්පූර්ණ වෙනස් වීදුරු වර්ගයක් සොයා ගැනේ.


වීදුරු ස්වභාවයෙන්ම සසම්භාවී වේ. ඛනිජ ද්‍රව්‍ය කිහිපයක් ඉතා අධික අගාධ උෂ්ණත්වයකදී දියකර වීදුරු නිර්මාණය කර ගනු ලැබේ. කාලයත් සමග ද්‍රව ඝනීභවනය වන සේ වීදුරු වලට ඇත්තේ අහඹු හා අසංවිධානාත්මක ව්‍යූහයකි. කෙසේ නමුත් සතුටුදායක අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් විද්‍යාඥයෝ සාමාන්‍ය අණුක රටාවක් සහිත වීදුරු නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

ඉහළ මට්ටමේ සමහර වර්ණාවලි මිතික අනුව මෙම නවතම වීදුරුවල සුවිශේෂීත්වය ඇති බව  විද්‍යාඥයින් මුලින් හඳුනාගෙන ඇත. ලේසර් කිරණ ආලෝක කදම්බයක් වීදුරු මගින් කොතරම් දුරට ධ්‍රැවීකරණයවේද, මූල තත්ත්වය වෙනස්වේද යන්න පර්යේෂකයෝ විමසා බලන ලදී. සාමාන්‍යෙයන් ආලෝක කදම්බය වීදුරු සමග දක්වන මෙම ප්‍රතික්‍රියා සියල්ල අහඹු වන අතර පැහැදිලි ප්‍රතිරූපයක් නොදක්වයි. එහෙත් නව වීදුරු වර්ගය පැහැදිලි ප්‍රතිරූපයක් දක්වා තිබේ. මෙය සුවිශේෂී තත්ත්වයක්. මෙම පරීක්ෂණ පිළිබඳ තොරතුරු National Academy of Science හී සඳහන් වේ.

මෙම නව වීදුරු වර්ගය නිර්මාණය කිරීමේ රහස නම් එය නිර්මාණය කළ ආකාරයයි. සාමාන්‍යෙයන් දියර වීදුරු සීතල කිරීම මගින් ගණ වීදුරු බවට පත් කරයි. එහෙත් මෙහිදී වාෂ්ප වීදුරු ස්ථර ලෙස ගණ වීදුරු බවට පරිවර්තනය කර තිබේ. චිකාගෝ විශ්ව විද්‍යාලයේ ප්‍රී ඇන් ඩී එබෙලෝ මෙම පරීක්ෂණයේ ප්‍රධානියා වූ අතර ඔවුන්ගේ ඊළඟ අරමුණ මෙම ක්‍රියාවලියෙන් වෙනත් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමයි.

උපුටා ගැනීම -
Scientists Accidentally Produce An Entirely New Type of Glass

https://www.youtube.com/watch?v=uMcJo1uAzOg

August 25, 2015

බොඳ නොවන වර්ණ නිපදවීමට විද්‍යාඥයින්ට ඉගැන්වූ ගිරවා

ඉතා උනන්දුවෙන් තෝරාගත්, පියකරු, මිල අධික ඇඳුම්වල වර්ණ බොඳවේ. ඒවායේ වර්ණවල ඇති රසායනික බන්ධන හිරු රෂ්මිය විසින් බිඳ දමයි. එසේ නැතහොත් මෙම රසායනික බන්ධන සේදීමේදී දිය වී යයි. එහෙත් ගිරවාගේ පිහාටුවල ඇති වර්ණ එසේ බොඳවී නොයයි. පිහාටුවල ඇති දීප්තිමත් කොළ හා නිල් වර්ණ සෑදී ඇත්තේ ව්‍යූහාත්මක වර්ණ වලින් (Structural Colour) එම වර්ණකවල නැනෝමය (ඉතා කුඩා) අංශු එක් සුවිශේෂී තරංග ආයාමයන් යුත් වර්ණ පමණක් පරාවර්තනය කරයි. ඒ සමගම වර්ණාවලියේ අනෙක් වර්ණ පරාවර්තනය නොකිරීම මගින් ඕනෑම ඩයි වර්ග යකට  වඩා ඉතා පිරිසිදු වර්ණකයන් උපද්දවයි. මෙහිදී බිඳිය හැකි කිසිදු රසායනික බන්ධන ඇති නොවන නිසා එම ව්‍යූහාත්මක වර්ණ බොඳ නොවේ.

සායම් සහ ඩයි වර්ග යනු, විද්‍යුත් චුම්භක කිරණවල සුව්ශේෂී තරංග ආයාමයන් තෝරාගත් ආකාරයට අවශෝෂණය හා පරාවර්තනය කරමින් වර්ණ නිපදවන අණු වේ. මෙයට සම්පූර්ණ වෙනස් ලෙස ව්‍යූහාත්මක වර්ණ නිපදවනුයේ භෞතිකයේ  ස්වරූපය මත මිස රසායනික ගුණ මත නොවේ. ඒනිසා සායම් වර්ණක කාලයත් සමග බොඳ වුව ද භෞතිකයේ ඇති සමහර ව්‍යූහාත්මක වර්ණ වසර දහස් හෝ මිලියන ගණනක කාලයක් එම භෞතිකය මියගිය පසු ද පැවතිය හැකිය. (උදා - ගස්වල පොතු, කෘමීන්ගේ ඇටසැකිලි, නියපොත්ත).

ලොව ප්‍රථම වරට පර්යේෂකයෝ මෙවැනි ව්‍යූහාත්මක වර්ණ පර්යේෂණාගාර වලදී නිපදවීමට පසුගිය මැයි මාසයේදී සමත් වී තිබේ. ඉතා දිගු කාලයක් පවතින තීන්ත වර්ග නිෂ්පාදනයට මෙන්ම වෙස් මාරු කරන හෝ මුලා කරන (අවශ්‍ය විට වෙනස්වන) වර්ණක නිෂ්පාදනයට මෙමගින් හැකියාව ලැබෙනු ඇතැයි එම පර්යේෂකයෝ ප්‍රකාශ කරති. එනම් කටුස්සාට පරිසරය අනුව තම සිරුරේ පාට වෙනස් කළ හැකි ආකාරයට මිනිසුන්ට ද අවශ්‍යතාවය අනුව වෙනස් කළ හැකි වර්ණක සහිත ආවර්ණ නිර්මාණය කළ හැකි වේ.

උපුටාගැනීම :
PARROTS TEACH SCIENTISTS TO MAKE FADE-PROOF COLORS
POLLY WANT A PURER PIGMENT?  By Levi Sharpe 

http://www.popsci.com/fade-proof-pigments
https://www.youtube.com/watch?v=KMT1FLzEn9I&list=PL28F93230F4D2DB16

August 21, 2015

කොත්තමල්ලි

උද්භිද විද්‍යාත්මකව Coriandrum sativum  ලෙස හැදින්වෙන කොත්තමල්ලි ශාකය Apiaceae කුලයට අයත් වේ.අඩි දෙකක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. එහි කද කුහර සහිතයි. වටකුරුය. ගසේ කඳ ළා කොළ පාට හෝ දම්පාටය.කද අතුවලට බෙදේ. පත්‍ර ඒකාකාරය. සංයුක්තය. ශාකයේ පත්‍ර දෙවර්ගයක් තිබේ. පහළින් තිබෙන පත්‍ර වර්ගයේ නටු දිගටි වන අතර ඉහළින් තිබෙන පත්‍ර වර්ගයේ නඩු ඉතා කෙටිය. මේ පත්‍ර ඛන්ඩ යුගල දෙකකට හෝ තුනකට බෙදී ඇත. පුෂ්ප මංජරය සංයුක්ත පත්‍රයකි. එය සාමාන්‍යයෙන් කුඩා පත්‍ර පහකින් සමන්විතය. පුෂ්ප සුදුපාට හෝ දම්පාටය. ඒවා ද්විලිංගික  හෝ ඒක ලිංගික විය හැකිය. පුෂ්පයේ මනි පත්‍ර කුඩාය. වටකුරුය. එය මිරිකූ විට කැඩී අර්ධ ගෝලාකාර කෝෂ්ඨ දෙකකට වෙන්වේ. කෝෂ්ඨයක එක බීජයක් ඇත. ඵලවල වාෂ්ප වන සුළු තෙලක් තිබේ. කොත්තමල්ලි ශාකයෙන් සහ ඇටවලින් තද සුවඳවක් පිට වේ.  කදෙහි සහ පුෂ්පවල වර්ණය අනුව කොත්තමලිල් ප්‍රභේද දෙකක් සේ හඳුනාගෙන තිබේ. එක් ප්‍රභේදයක් කඳ ළා කොළ පාටය. පුෂ්ප සුදු පාටය. අනෙක් ප්‍රභේදයේ කඳ දම්පාටය. පුෂ්ප ද තරමක් දම් පාටය.

ගෘහණියන් එදිනෙදා ආහාර පිසීමේදී මුළුතැන්ගෙයි ආහාර රසවත් කරන කුළුබඩුවක් වන කොත්තමල්ලි හුදෙක් කුළුබඩු ගණයටම අයත් නොවන ශාකයකි. එයටම ආවේණික සුවඳකින් සමන්විත කොත්තමල්ලි ශාකයේ සුගන්ධවත් තෛලයක් වේ. කොත්තමල්ලි කොළ ආසවනය කොට ලබා ගන්නා තෛලයෙන් සුවඳ විලවුන් පවා නිෂ්පාදනය කිරීම බොහෝ රටවල සිදුකෙරෙන කාර්යයකි. එපමණක් නොව මද්‍යසාර නිෂ්පාදනයේදී නීරස දුරු කිරීමට භාවිත කරන රසකාරකයක් ලෙසටද කොත්තමල්ලි භාවිත කරනු ලබයි. ආහාර පාන සඳහා සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍යම ශාකයකි.
කොත්තමල්ලි, ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට, විටමින් බී, විටමින් සී,  සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ආදී පෝෂක ගුණවලින් සමන්විතය. කොත්තමල්ලි ඇට සහ කොළ  අප දේශීය ඖෂධයක් ලෙස නිරන්තරයෙන්ම විවිධ රෝග නිවාරණයට  භාවිත වේ. එහි ඇති පෝෂණීය වටිනාකම සංඛ්‍යාත්මකව පහත දැක්වේ.
Nutritional value per 100 g (3.5 oz)
95 kJ (23 kcal)
3.67 g
0.87
2.8 g
0.52 g
2.13 g
92.21 g
Vitamin A equiv.
337 μg (42%)
3930 μg (36%)
- lutein and zeaxanthin
865 μg
0.067 mg (6%)
0.162 mg (14%)
1.114 mg (7%)
0.57 mg (11%)
0.149 mg (11%)
Folate (vit. B9)
62 μg (16%)
27 mg (33%)
2.5 mg (17%)
310 μg (295%)
67 mg (7%)
1.77 mg (14%)
26 mg (7%)
0.426 mg (20%)
48 mg (7%)
521 mg (11%)
46 mg (3%)
0.5 mg (5%)
පී.ඩී.පී.ධනසේන

විද්‍යා හා තාක්ෂණ නිලධාරී-අඹන්ගගකෝරළේ.

August 13, 2015

ජලය


මිහිතලය මත මුල්ම ජීවියා ඇති වුයේ ජලයේය. ජලය, මිහිමත ජිවත් වන සෑම ජිවියකුටම  සහ ශාක සංහතියට ම අවශ්‍ය වේ. විශාල ගසක් දිනකට ජලය ලිටර් 3ක් පමණ උරා ගනී. 

මිනිසාගේ අවශ්‍යතා සදහා පහසුවෙන් ලබා ගත හැකි ජල ප්‍රමාණය ලෝකයේ මුළු ජල ප්‍රමාණෙයන් 0.6% ට වඩා අඩුය. ජලය, හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලින් සංයුක්ත වී ඇත. පිරිසිදු ජලය, රසයකින් තොර, අවර්ණ මෙන්ම ගන්ධයකින්ද තොර වේ. ජීවීන්, සිය පෝෂණය, පැවැත්ම හා අනෙකුත් ජීව ක්‍රියා සදහා ජලය උපයෝගි කර ගනී.

Add caption

ජලය ගැන අපුරු තොරතුරු වලින් බිඳක්
වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණයට ජලය ආශ්‍රිත ලෙඩ රෝග හේතු වේ.

පාචනය, කොලරාව වැනි රෝග නිසා ලෝක ජනග්‍රහනයෙන් දශ ලක්ෂ 1.4 දෙනක් වාර්ෂිකව මිය යති.

සෑම තත්පර 20කට වරක් ජලය හා සම්බන්ධ රෝගයකින් ළමයෙක් මිය යයි.

ලෝකයේ නැවුම් ජලයෙන් 70% ක් යොදා ගන්නේ කෘෂි කර්මාන්තයටයි. 
ලෝකයේ රෝහල් ගත කරන ලෙඩුන්ගෙන් ½ ක්ම රෝහල් ගත කිරිමට හේතුව ජලය හා සම්බන්ධ ලෙඩ රෝගයි.
ලෝක සෟඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනග්‍රහනෙයන් බිලියන 1.1 කට පිරිසිදු පානීය ජලය නොමැත.


  • ලෝකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය වැඩිම ස්ථානය හවායි දුපතෙ වයිඅලේඅලේ (Waialeale) නම් ස්ථානයයි.(11680mm)
  • සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට දිනකට පුරුෂයකුට ජලය ලීටර් 3.7 ක් සහ ස්ත්‍රියකට ලීටර් 2.7 ක ප්‍රමාණයනක් අවශ්‍ය බව ‍ෙවෙද්‍ය මතයයි.
  • ලෝකයේ වැඩිම ජල ධාරිතාවයක් ඇත්තේද ඇමරිකාවේ ඇමසන් නදියෙ වන අතර, වැඩිම වේගයෙන් ජලය පහලට හෙලන්නේද නයගරා දිය ඇල්ලයි.
  • ජලය නොමැතිව වැඩි කාලයක් ජීවත් වන සත්වයා වන්නේද ඹටුවායි.
  • ඒක් පුද්ගලයකුට ස්වාභාවික ජලය වැඩිම ප්‍රමාණයක් ඇති රට ප්‍රංශය වේ.
  • ඒක් පුද්ගලයකුට ජලය අඩු පුමාණයක් ඇති රට ක්වේටයයි.
  • බර්ම්යුඩා, සයිප්‍රස්, ලිබියාව, මොනාකො යනු ගංගාවන් නොමැති රටවල් කිහිපයකි.
  • ශරීරයේ ජල ප්‍රමාණයෙන් 1% ක් අඩු වු විට පිපාසය දැනේ.


                පාලිත නයනකුමාර
  •             විද්‍යා හා තාක්ෂණ නිලධාරී - මතුගම  
                     (‍ෙපාත පත සහ අන්තර්ජාලය ඇසුරිනි) 

August 12, 2015

කළු කුහර


කළු කුහර යනු ?
-Cygnus කළු කුහරය චිත්‍ර ශිල්පියකුගේ ඇසින්-
-එය විශාල තාරකාවක් මධ්‍යයේ පිහිටා ඇත.මේ කළු කුහරය පසෙකින් තිබෙන නිල් තාරකාවේ ද්‍රව්‍ය ඇද ගනු ලබයි.-

“කළු කුහරයක්“ යනු අවකාශයේ පවතින ගුරුත්වාකර්ශණය ඉතා ඉහල අවස්ථාවකි. එම අධික ගුරුත්වය නිසා ආලෝකය පවා ඉන් ඉවතට නොවිහිදේ. ආලෝකය පවා එමගින් උරා ගනු ලබයි. එම අධික ගුරුත්වයට හේතුව වන්නේ කුඩා අවකාශයක තෙරපමින්, ගුලිවෙමින් පැවතීමයි. මෙසේ වන්නේ තාරකාවක් මිය ගිය පසුවයි.

ආලෝකය ඉන් පිටතට නොපැමිණිම නිසා මනුෂ්‍ය වර්ගයාට එය දැකිය නොහැකිය. එනම් අදෘශ්‍යමාන වේ.විශේෂිත උපකරණ වලින් සමන්විත අභ්‍යවකාශ දුරේක්ෂ “කළු කුහර“ සොයා ගැනීම සදහා මහෝපකාරී වී ඇත. මෙම විශේෂිත උපකරණ මගින් කළු කුහර ආසන්නයේ පවතින තාරකාවන්ගේ හැසිරීම,අනෙක් සාමාන්‍ය තාරකාවන්ගේ හැසිරීමෙන් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත.


කළු කුහර විශාල වන්නේ කෙසේද?
කළු කුහර කුඩා හෝ විශාල වශයෙන් පැවතිය හැක.විද්‍යාඥයින්ගේ මතය වන්නේ කුඩාම ප්‍රමාණයේ කළු කුහරයක් පරමාණුවකටත් වඩා කුඩා බවයි.කළු කුහරයක් කුඩා වුව ද විශාල ස්කන්ධයකට හිමිකම් කියයි. 

වෙනත් වර්ගයක “ස්ටෙලා“ නමින් කළු කුහර වර්ගයක් ද පවතී.එහි ස්කන්ධය සූර්යයා මෙන් විසි ගුණයක් පමණ වේ.“ස්ටෙලා“ වර්ගයේ කළු කුහර දහස් ගණනක් අප මන්දාකිණිය තුල පවතී. ක්ෂීර පථය යනු අප අයත් වන මන්දාකිණිය වේ. 

ක්ෂීරපථය චිත්‍ර ශිල්පියකුගේ ඇසින්-
ක්ෂීරපථය මධ්‍යයේ super massive වර්ගයේ කළු කුහරයක් ඇති බව විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙනු ලබනවා.


විශාලතම කළු කුහර “super massive” නමින් හැදින්වේ.මෙම කළු කුහර අති විශාල ස්කන්ධයෙන් යුක්ත වේ. එනම් සූර්යයන් මිලියනයක ස්කන්ධයකටත් වඩා වැඩිය. සෑම විශාල මන්දාකිණියකම මධ්‍යයේ මෙම “super massive” වර්ගයේ කළු කුහර පවතින බව විද්‍යාඥයින් සොයා ගෙන ඇත.අප මන්දාකිණිය මධ්‍යයේ පවතින “super massive” කළු කුහරය “Sagittarius A” නමින් හැදින්වේ. එහි ස්කන්ධය සූර්යයන් මිලියන හතරක ස්කන්ධයට සමාන වේ. එහි මධ්‍යයේ අවකාශය පෘථිවිය මෙන් මිලියනයක් පමණ වන බව පැවසේ.


කළු කුහර ඇති වූයේ කෙසේද?
විද්‍යාඥයින්ගේ මතය වන්නේ කුඩාම ප්‍රමාණයේ කළු කුහර විශ්වය ආරම්භයේ සිටම පැවති බවයි. ස්ටෙලා කළු කුහර මිය යන හෝ විනාශ වන ඉතා විශාල තාරකාවන්ගේ මධ්‍යයේ නිර්මාණය වේ.මෙම සිදු වීම සුපර් නෝවාවකට හේතු වේ. එසේම, “Super massive” කළු කුහර සියල්ලම විශ්වය තුල එකම කාල වකවානුවක දී නිර්මාණය වූ ඒවා බවටද විද්‍යාඥයෝ මත පල කරති.                                              

-ක්ෂීරපථයේ මධ්‍යය පෙන්නුම් කෙරෙන මෙම ඡායාරූපය චන්ද්‍රා නිරීක්ෂක යානය මගින් ගනු ලැබූවකි-
කළු කුහර වල අදෘශ්‍යමාන බව නිසා විද්‍යාඥයින් ඒවා තිබෙන බව හා තිබෙන ස්ථානය පිලිබදව දැන ගන්නේ කෙසේ ද?
කළු කුහර දැකිය නොහැකි වන්නේ ප්‍රබල ගුරුත්වය හේතුවෙන් කළු කුහර මධ්‍යයට ආලෝකය පවා ඇද ගන්නා නිසාය. නමුත් අධික ගුරුත්වය නිසා කුහරය ආසන්නයේ පවතින තාරකාවන්ගේ හා වායූන්ගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කල හැක. එමගින් කළු කුහර වල පිහිටීම පිලිබද අවබෝධයක් ලබා ගත හැක. 

තාරකාවක් හා කළු කුහරයක් එකිනෙකට ආසන්න වූ විට ප්‍රබල ආලෝක ශක්තියක් නිපද වේ. මෙවැනි වර්ගයේ ආලෝකයක් පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැක. විද්‍යාඥයෝ මෙවැනි ආලෝක නිරීක්ෂණයට අභ්‍යවකාශයේ පවතින දුරේක්ෂ හා චන්ද්‍රිකා උපයෝගී කර ගනිති.


කළු කුහරයකට පෘථිවිය විනාශ කල හැකි ද?
කළුකුහර විශ්වය තුල තාරකා,චන්ද්‍රයින් හා ග්‍රහලෝක විනාශ කරමින් ගමන් කරන්නේ නැත. පෘථිවිය කළු කුහරයක් තුලට ඇදී යාමක් සිදු නොවන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රමාණවත් දුරකින් හා ප්‍රමාණවත් ප්‍රබලතාවයකින් යුතු කළු කුහරයක් නොපිහිටන බැවිනි. සූර්යයාගේ ස්කන්ධයට සමානව සූර්යයා තිබෙන තැන කළු කුහරයක් පැවතියත් පෘථිවිය එය තුලට ඇදී යාමක් සිදු නොවේ. සූර්යයා තිබෙන තැන ඊට සමාන ගුරුත්වයකින් යුතු කළු කුහරයක් පැවතුනහොත් පෘථීවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක දැන් සූර්යයා වටා ගමන් කරන ආකාරයටම එය වටාද ගමන් කරනු ඇත.

-ක්ෂීරපථය මධ්‍යයේ පවතින “Sagittarius A”කළු කුහරය-

NASA  ආයතනය කළු කුහර අධ්‍යයනය සදහා දුරේක්ෂ හා චන්ද්‍රිකා වල සවි කල විශේෂිත උපකරණ භාවිතා කරයි. ඒවා විශ්වයේ පවතින රහස් අනාවරණය කර ගැනීම සදහා ඉවහල් වී ඇත.


වැඩිදුර අධ්‍යයනයට:
Space place in a snap: what is a black hole?
Black hole rescue.
Fall into a Black hole.
අන්තර්ජාලය ඇසුරිනි.


සකස් කලේ:-
K.J.A.V පෙරේරා.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
මීගමුව.

August 10, 2015

කිතුල්

කිතුල් කර්මාන්තය ඉතා වැදගත් විශාල ආදායමක් ලබා දෙන කර්මාන්තයක් ලෙස සැලකිය
හැකිවේ.ලෝකයේ කිතුල් කර්මාන්තය කෙරෙන රටවල් අතුරින් පැණි හකුරැ නිෂ්පාදනය කෙරෙන එකම රට ශ්‍රී ලංකාව ලෙස හදුන්වා දිය හැකිය.පොත් ගසට බෙහෙවින් සමානව වර්ධනය වන කිතුල් ශාකයේ කොටස් විවිධ අවශ්‍යතාවයන් සදහා ප්‍රයෝජනයට ගනු ලබයි.
කිතුල් මල් මැදීමෙන් ලබා ගන්නා කිතුල් තෙල්දිය භාවිතා කර කිතුල් පැණි හකුරැ නිෂ්පාදනය කරනු ලැබේ.
මෙම කිතුල් තෙලි යෙහි ඖෂධීය ගුණයක් පවතින බව පර්යේෂණ වලින් අනාවරණය කර ගෙන ඇත.

ආසනික්‌, කැඩ්මියම් වැනි වස විෂ නසයි.
අප වර්තමානයේදී ආහාරයට ගනු ලබන බොහොමයක්‌ම ආහාර පාන වර්ග පළිබෝධනාශක විෂ, ආසනික්‌, කැඩ්මියම්, ඊයම් වැනි බැර ලෝහ වලින් දූෂිතව තිබිය හැකි බව පැවසේ. ඇතැම් ස්‌වභාවික ආහාර වල තිබෙන ඇතැම් ශාක රසායනිකයන් වලට මෙවැනි වස විෂ ශරීරයට හානියක්‌ නොවන ලෙස බැහැර කරන්නට පිළිවන් බව සොයාගෙන තිබේ. (Metal ion chelating activity.)
කිතුල් තෙලදියෙහිද මෙම ගුණය සුලභව තිබෙන බව කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ සිදු කෙරුණු පර්යේෂණයකින් තහවුරු වී ඇත. Sri Lanka Journals Online වෙබ් අඩවියේ පල කෙරී තිබුණු මෙම පර්යේෂණ වාර්තාව පහත දිගුවෙන් කියවිය හැකිය. (^http://www.sljol.info/index.php/TAR/article/view/4643/3748)

දියවැඩියා රෝගය වළක්‌වයි
යම් ආහාරයක්‌ දියවැඩියා රෝගය උත්සන්න කරනවා ද, එම රෝගය වැළඳීමට හේතු වෙනවාද යන්න තීරණය කිරීමෙහිලා වැදගත් සාධකයක්‌ වන්නේ එම ආහාරයේ -ග්ලයිසීමික්‌ දර්ශකය, යි. (Glycaemic Index.) අප භාවිත කරන සීනි වල ඇත්තේ -සුක්‍රොස්‌, නැමති සීනි වර්ගය පමණි. සීනි සහ සුදු පාන් පිටිවල ග්ලයිසීමික්‌ අගයන් පිළිවෙලින් 70 සහ 65 – 70 අතර වෙයි. පලතුරු වල සුලභව හමුවෙන ෆ්‍රක්‌ටෝස්‌, නැමති සරල සීනි වර්ගයේ ග්ලයිසීමික්‌ අගය 12 ත් 25 අතර වෙයි. ග්ලයිසීමික්‌ අගය වැඩි ආහාර අනුභව කිරීමේදී ඒවා ක්‌ෂණිකව ජීර්ණය වී රුධිරයේ ග්ලුකෝස්‌ මට්‌ටම ඉක්‌මනින් ඉහළ යයි. එය දියවැඩියා රෝගයට මෙන්ම හෘදයාබාධ වලට සහ බර වැඩි වීමටද හේතු වන අවදානම් සහගත තත්ත්වයකි. කිතුල් පැණි සහ හකුරුවල ඇත්තේ ෆ්‍රක්‌ටෝස්‌, සුක්‍රෝස්‌ හා ග්ලුකෝස්‌ මිශ්‍රණයකි. මෙහි ග්ලයිසීමික්‌ දර්ශකය 35 ක්‌ පමණ වෙයි. මේ අනුව කිතුල් හකුරු සහ පැණි, අඩු ග්ලයිසීමික්‌ අගයක්‌ සහිත ආහාරයන් ලෙස සැලකෙන අතර, ඒවා ආහාරයට ගැනීම දියවැඩියා රෝගය වැළඳීමට හේතුවක්‌ නොවන බවත්, දියවැඩියා රෝගය පාලනය කරන්නන් මධ්‍යස්‌ථ වශයෙන් මේවා ආහාරයට ගැනීම වරදක්‌ නොවන බවත්ය. ශ්‍රී ලංකාවේ කාර්මික තාක්‌ෂණ ආයතනය, (ITI) කොළඹ සරසවි රසායන විද්‍යා අංශය සහ සත්ත්ව විද්‍යා අංශය ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණයකින් හෙළි වී ඇති කරුණු කාරණා අප මවිත කරවන සුළුය. කිතුල් පැණි සහ හකුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ අහිතකර කොලෙස්‌ටරෝල් (LDL) මට්‌ටම සහ හානිකර කොලෙස්‌ටරෝල් වර්ගයක්‌ වන ට්‍රයිග්ලිසරයිඩ් මට්‌ටම (TG) සීග්‍රයෙන් අඩු වන බවත්, හිතකර කොලෙස්‌aටරෝල් මට්‌ටම (HDL) වැඩි වන බවත්, හෘද රෝග අවදානම පිළිබද දර්ශකයක්‌ වන Atheroscierosis index අඩු වෙන බවත්, මෙම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.
පිළිකා නසන තෙලිජ්ජ ගුණය
කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්‍යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ.
අපගේ ශරීර තුළ, වයසට යාම වේගවත් කරන, අභ්‍යන්තඵෙන්ද්‍රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) දිනපතාම නිපදවෙන අතර, ඒවා විනාශ කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්‍රති ඔක්‌සිකාරක (Antioxidants) නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්‍රතිඔක්‌සිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ.
පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්‍යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක්‌ වුණු ශාක රසායනික වර්ග කිහිපයක්‌ වන -ඇස්‌කොබික්‌ ඇසිඩ්, (විටමින් සී) (Ascorbic Acid) ෆීනෝලික සංයෝග, (phenolic content) සහ -ෆaලෙවනොයිඩ, (Total flavonoid content) වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ.
කිතුල් කද පලා ගන්නා මදය කිතුල් පිටි නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලැබේ. මෙය අධික පිත සහිත රෝග වලට වැදගත්ය.
කිතුල් තෙලිදයෙන් විනාකිරි නිෂ්පාදනය කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ පැණිහකුරැ නිෂ්පාදනය එතරම් ක්‍රමානුකූලව සිදු නොවන නිසා මෙම නිෂ්පාදන වලට වෙළද පොල පුළුල් කර ගැනීමේ අවස්ථාව ඇහිරී  ඇත.
දැනට කරන ලද සංඥා ලේඛන වලින් පෙන්වා දී ඇත්තේ කිතුල් කර්මාන්තය ඇත්තේ ඉතා ප්‍රාථමික අවධියක බවයි.
 ස්වභාවික කිතුල් නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් දේශීය මෙන්ම විදේශිය වෙළදපොළ අවස්ථා  ලබා ගත හැකි වේ.
සීනී ආශ්‍රිත විවිධ නිෂ්පාදන සදහා  ආනයනික සීනි යොදා ගැනීම වෙනුවට මෙම ස්වභාවික සම්පත ප්‍රයෝජනයට
ගතහොත් සීනී ආනයනය සදහා වැය වන මුදල ඉතිරි වනු ඇත.
කිතුල් තෙලිදිය  සහ පැණි වලින්  අගය එකතු කල හැකි අතුරැ නිෂ්පාදන රාශියක් ඇති කල හැකිය.

උදා කිතුල් කේක්
ප්‍රමිතියෙන් යුත් හකුරැ
කිතුල් චොක්ලට්
කිතුල් බීම
කිතුල් චොකලට්
විනාකිරි

මෙම නිෂ්පාදන වලින් වෙළදපොල අවස්ථා ඇති වන අතර නිරෝගී අනාගත පරපුරක් බිහි කිරීමේ හැකියාවද එමගින් උදා වනු ඇත.

උපුටා ගැනිම - kithul research articles