August 12, 2015

කළු කුහර


කළු කුහර යනු ?
-Cygnus කළු කුහරය චිත්‍ර ශිල්පියකුගේ ඇසින්-
-එය විශාල තාරකාවක් මධ්‍යයේ පිහිටා ඇත.මේ කළු කුහරය පසෙකින් තිබෙන නිල් තාරකාවේ ද්‍රව්‍ය ඇද ගනු ලබයි.-

“කළු කුහරයක්“ යනු අවකාශයේ පවතින ගුරුත්වාකර්ශණය ඉතා ඉහල අවස්ථාවකි. එම අධික ගුරුත්වය නිසා ආලෝකය පවා ඉන් ඉවතට නොවිහිදේ. ආලෝකය පවා එමගින් උරා ගනු ලබයි. එම අධික ගුරුත්වයට හේතුව වන්නේ කුඩා අවකාශයක තෙරපමින්, ගුලිවෙමින් පැවතීමයි. මෙසේ වන්නේ තාරකාවක් මිය ගිය පසුවයි.

ආලෝකය ඉන් පිටතට නොපැමිණිම නිසා මනුෂ්‍ය වර්ගයාට එය දැකිය නොහැකිය. එනම් අදෘශ්‍යමාන වේ.විශේෂිත උපකරණ වලින් සමන්විත අභ්‍යවකාශ දුරේක්ෂ “කළු කුහර“ සොයා ගැනීම සදහා මහෝපකාරී වී ඇත. මෙම විශේෂිත උපකරණ මගින් කළු කුහර ආසන්නයේ පවතින තාරකාවන්ගේ හැසිරීම,අනෙක් සාමාන්‍ය තාරකාවන්ගේ හැසිරීමෙන් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත.


කළු කුහර විශාල වන්නේ කෙසේද?
කළු කුහර කුඩා හෝ විශාල වශයෙන් පැවතිය හැක.විද්‍යාඥයින්ගේ මතය වන්නේ කුඩාම ප්‍රමාණයේ කළු කුහරයක් පරමාණුවකටත් වඩා කුඩා බවයි.කළු කුහරයක් කුඩා වුව ද විශාල ස්කන්ධයකට හිමිකම් කියයි. 

වෙනත් වර්ගයක “ස්ටෙලා“ නමින් කළු කුහර වර්ගයක් ද පවතී.එහි ස්කන්ධය සූර්යයා මෙන් විසි ගුණයක් පමණ වේ.“ස්ටෙලා“ වර්ගයේ කළු කුහර දහස් ගණනක් අප මන්දාකිණිය තුල පවතී. ක්ෂීර පථය යනු අප අයත් වන මන්දාකිණිය වේ. 

ක්ෂීරපථය චිත්‍ර ශිල්පියකුගේ ඇසින්-
ක්ෂීරපථය මධ්‍යයේ super massive වර්ගයේ කළු කුහරයක් ඇති බව විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙනු ලබනවා.


විශාලතම කළු කුහර “super massive” නමින් හැදින්වේ.මෙම කළු කුහර අති විශාල ස්කන්ධයෙන් යුක්ත වේ. එනම් සූර්යයන් මිලියනයක ස්කන්ධයකටත් වඩා වැඩිය. සෑම විශාල මන්දාකිණියකම මධ්‍යයේ මෙම “super massive” වර්ගයේ කළු කුහර පවතින බව විද්‍යාඥයින් සොයා ගෙන ඇත.අප මන්දාකිණිය මධ්‍යයේ පවතින “super massive” කළු කුහරය “Sagittarius A” නමින් හැදින්වේ. එහි ස්කන්ධය සූර්යයන් මිලියන හතරක ස්කන්ධයට සමාන වේ. එහි මධ්‍යයේ අවකාශය පෘථිවිය මෙන් මිලියනයක් පමණ වන බව පැවසේ.


කළු කුහර ඇති වූයේ කෙසේද?
විද්‍යාඥයින්ගේ මතය වන්නේ කුඩාම ප්‍රමාණයේ කළු කුහර විශ්වය ආරම්භයේ සිටම පැවති බවයි. ස්ටෙලා කළු කුහර මිය යන හෝ විනාශ වන ඉතා විශාල තාරකාවන්ගේ මධ්‍යයේ නිර්මාණය වේ.මෙම සිදු වීම සුපර් නෝවාවකට හේතු වේ. එසේම, “Super massive” කළු කුහර සියල්ලම විශ්වය තුල එකම කාල වකවානුවක දී නිර්මාණය වූ ඒවා බවටද විද්‍යාඥයෝ මත පල කරති.                                              

-ක්ෂීරපථයේ මධ්‍යය පෙන්නුම් කෙරෙන මෙම ඡායාරූපය චන්ද්‍රා නිරීක්ෂක යානය මගින් ගනු ලැබූවකි-
කළු කුහර වල අදෘශ්‍යමාන බව නිසා විද්‍යාඥයින් ඒවා තිබෙන බව හා තිබෙන ස්ථානය පිලිබදව දැන ගන්නේ කෙසේ ද?
කළු කුහර දැකිය නොහැකි වන්නේ ප්‍රබල ගුරුත්වය හේතුවෙන් කළු කුහර මධ්‍යයට ආලෝකය පවා ඇද ගන්නා නිසාය. නමුත් අධික ගුරුත්වය නිසා කුහරය ආසන්නයේ පවතින තාරකාවන්ගේ හා වායූන්ගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කල හැක. එමගින් කළු කුහර වල පිහිටීම පිලිබද අවබෝධයක් ලබා ගත හැක. 

තාරකාවක් හා කළු කුහරයක් එකිනෙකට ආසන්න වූ විට ප්‍රබල ආලෝක ශක්තියක් නිපද වේ. මෙවැනි වර්ගයේ ආලෝකයක් පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැක. විද්‍යාඥයෝ මෙවැනි ආලෝක නිරීක්ෂණයට අභ්‍යවකාශයේ පවතින දුරේක්ෂ හා චන්ද්‍රිකා උපයෝගී කර ගනිති.


කළු කුහරයකට පෘථිවිය විනාශ කල හැකි ද?
කළුකුහර විශ්වය තුල තාරකා,චන්ද්‍රයින් හා ග්‍රහලෝක විනාශ කරමින් ගමන් කරන්නේ නැත. පෘථිවිය කළු කුහරයක් තුලට ඇදී යාමක් සිදු නොවන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රමාණවත් දුරකින් හා ප්‍රමාණවත් ප්‍රබලතාවයකින් යුතු කළු කුහරයක් නොපිහිටන බැවිනි. සූර්යයාගේ ස්කන්ධයට සමානව සූර්යයා තිබෙන තැන කළු කුහරයක් පැවතියත් පෘථිවිය එය තුලට ඇදී යාමක් සිදු නොවේ. සූර්යයා තිබෙන තැන ඊට සමාන ගුරුත්වයකින් යුතු කළු කුහරයක් පැවතුනහොත් පෘථීවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක දැන් සූර්යයා වටා ගමන් කරන ආකාරයටම එය වටාද ගමන් කරනු ඇත.

-ක්ෂීරපථය මධ්‍යයේ පවතින “Sagittarius A”කළු කුහරය-

NASA  ආයතනය කළු කුහර අධ්‍යයනය සදහා දුරේක්ෂ හා චන්ද්‍රිකා වල සවි කල විශේෂිත උපකරණ භාවිතා කරයි. ඒවා විශ්වයේ පවතින රහස් අනාවරණය කර ගැනීම සදහා ඉවහල් වී ඇත.


වැඩිදුර අධ්‍යයනයට:
Space place in a snap: what is a black hole?
Black hole rescue.
Fall into a Black hole.
අන්තර්ජාලය ඇසුරිනි.


සකස් කලේ:-
K.J.A.V පෙරේරා.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
මීගමුව.

0 comments:

Post a Comment