Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

December 31, 2017

බහු අවයවක හා එහි භාවිත

සරල අණු නැතහොත් ඒකාවයවක(Monomers) රාශියක් නිශ්චිත රටාවකට සම්බන්ධ වීමෙන් සෑදෙන විශාල රසායනික ඒකක බහු අවයවක (Polymers) ලෙස හැදින්වේ.  පොලිඑතීන්(පොලිතීන්) පොලිප්‍රොපීන් පොලිස්ටයරීන් පොලිවයිනයිල් ක්ලෝරයිඩ් පොලිටෙට්රා ්ලෝරො එතීන් නයිලෝන් කෙත්‍රිම රබර්(නියෝ‍රීන්)ස්පෙක්ස් බේක්ලයිට්  සිලිකන් රබර් ටෙරිලීන් පොලියුරතේන් නොමැක්ස් කත්‍රිම බහුඅවයවක සහා උදාහරණ කිහිපයකි. පිෂ්ඨය සෙලියුලෝස් ප්‍රෝටීන් ස්වභාවික බහුඅවයවක සහා උදාහරණ කිහිපයකි.

 පොලිඑතීන්(පොලිතීන් ) බහුඅවයවකය සෑදී ඇති ඒකාවයවකය එතිලීන් වේ. මෙය සතු විශේෂ ගුණ ලෙස ජල රෝධක  වායු රෝධක හා විද්‍යුත් පරිවාරක වීම සැහැල්ලු බව හා ආතතිවලට ඔරොත්තු දීම කල්පැවැත්ම දිරාපත් නොවීම දැක්විය හැක. මෙය ප්ලාස්ටික් බෝතල් සෙල්ලම්  බඩු ගමන් මලු‚ පොලිතීන් ප‍ටල සෑදීමට යොදා ගනී.
ප්‍රොලිප්‍රොපීන් සෑදී ඇති ඒකඅවයවකය ප්‍රොපිලීන්ය. මෙහි ඇති විශේෂ ගුණ ලෙස විද්‍යුත් හා තාප පරිවාරක ගුණ ආතතිවලට ඔරොත්තු දීම   කල්පැවැත්ම දිරාපත් නොවීම දැක්විය හැක.මෙය ප්ලාස්ටික් තහඩු තැනීම පොහොර උර සෑදීමට යොදා ගනී.
පොලිස්ටයරීන් බහු අවයවකයේ   ඒකඅවයවකය ස්ටයරීන් වේ. විද්‍යුත් හා තාප පරිවාරක ගුණය ජල රෝධක බව හා සැහැල්ලු බව කම්පන වලට ඔරොත්තු දීම මෙහි විශේෂ ගුණ ලෙස දැකිය හැකිය.ආහාර ද්‍රව්‍ය ඇසුරුම් වල තාප හානිය අවම කිරීම සහා මෙය යොදා ගනී.
පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) බහුඅවයවකය සතු විශේෂ ගුණ ලෙස තාප ස්ථායි බව තාප පරිවාරක බව විද්‍යුත් පරිවාරක බව ජල රෝධක හා සැහැල්ලු බව දැකිය හැක. මෙය ජල නළ වැහිපීලිකොන්ඩියුට් පයිප්ප වාහන ආවරණ කොටස් සෑදීමට යොදා ගනී.
පොලිටෙට්රා ්ලෝරො එතීන් (ටෙෆ්ලෝන්  -PTFE)  බහුඅවයවකය තාප ස්ථායි‚ විද්‍යුත් පරිවාරක‚ ජල රෝධක හා කල්පැවැත්ම යන ගුණ වලින් යුක්ත අතර ආහාර පිසින  නොඇලෙන බදුන් වල (Non Stick) ආලේප කිරීමට යොදා ගනී.
 බහු අවයවකයක් වන නයිලෝන් කෙි කත්‍රිම රෙදි පිළි  සහා කෙි සෑදීමට නූල් හා ක්‍රීඩා උපකරණ සෑදීමට බුරුසු සහා කෙඳි සෑදීමට යොදා ගනී.
බහු අවයවකයක් වන කත්‍රිම රබර් මැලියම් වර්ග නිපදවීමට ගොල්්  බෝල ආවරණ සෑදීමට යොදා ගනී. බහු අවයවකයක්  වන බේක් ලයිට්   දුරකථන සෑදීමට ලැමිනේට් කඩදාසි කැන්වස් රෙදි බොත්තමි සෑදීම සහා යොදා ගනී.
 බහුඅවයවකයකන් වන සිලිකන් රබර් හෝස් පයිප්ප  ජල ප්‍රතිරෝධී  උපකරණ සෑදීමටද  ටෙරිලීන් බහු අවයවකය  චුම්බක පටි ඡායා රූප පටල‚ රෙදි පිළි සඳහා කෙඳි තැනීමට යොදා ගනී. පොලියුරතේන් බහුඅවයවකය ‍රබර් මෙට්ට කෘත්‍රිම හම්( රෙක්සීන් )සෑදීමට යොදා ගනී. නොමැක්ස් බහු අවයවකය පැරෂුට් කවර‚ අභ්‍යාවකාශ තරණයේදී යොදා ගන්නා තාප පරිවාරක ඇදුම් සෑදීමට යොදා ගනී. එමෙන්ම ස්වාභාවික බහු අවයවකයක් වන ස්වාභාවික රබර් රබර් ආශ්‍රිත නිෂ්පාද න සඳහා(ටයර්‚ පාපිසි‚ සපත්තු අඩි‚ බැලූන‚ මෙට්ට) යොදා ගනී.
මෙවැනි     බහු අවයවකයකන් භාවිතයේ වාසි මෙන්ම භාවිතයේදී  විවිධ ගැටද මතුවේ. දිරාපත් වීමේ වේගය අඩු වීම දිරාපත් නොවීම පිලිස්සීමෙන් පිටවන විෂ දුම් හා දූෂක වර්ග වායු ගෝලයට එකතු වීම අම්ල වර්ෂා ඇතිවීම ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීම වන සතුන් මේවා ආහාරයට ගැනීමෙන් ඔවුන්ට හානි සිදු වීම ඉන් කිහිපයකි.මෙම ගැටඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයට හා නැවත  නැවත භාවිතයට ගත හැකි  ආකාරයට  බහු අවයවක සෑදීමත් දිරාපත් වන  බහුඅවයවක සෑදීමත් විසදුම් ලෙස ඉදිරිපත් කළ හැකිය.

 සැකසුම-(පොත පත ඇසුරිනි)

කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන-විද්‍යා හා තාක්ෂණ තිලධාරී-බලපිටිය

පරිභෝජනයට නුසුදුසු මාළු

ආහාරයක් වශයෙන් මාළු සකස් කිරිමේදි  නරක් නොවු අළුත් මාළු  භාවිතා කිරිම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි.එය ආහාරයක් ලෙස මාළුවල පෝෂක ගුණය , රෝග නොවැලදීමට හා නියම රසයක් ලබා ගැනිමට ද උපකාරී වේ.ඇතැම් විට නරක් වූ මාළු ආහාරයට ගැනීම විෂ වීමට ද හැක.
 ශීත රටවලට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලදි  මසුන් මිය ගිය මොහොතේ සිට ඉතා වේගයෙන් නරක් වීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.
මිට අමතරව ප්‍රධානතම  වන්නේ අපරික්ෂාකාරි පරිහරණයේදි සිදුවන තුවාල වලට ක්ෂුද්‍ර ජීවින්  ඇතුල් වි එන්සයිම පිට කිරිම නිසා නරක් විමේ වේගය වේගවත් වීමයි.මසුන් ඇල්ලිමේ ක්‍රම,  මැරිමේ ක්‍රම හා ඉන්පසු අසුරන ක්‍රමද මෙම  භෞතික හානි වලට හේතු වේ.

පරිභෝජනයට නුසුදුසු මාළු  හදුනා ගන්නේ කෙසේද

මාළුවාගේ ඇස් ඉතා දීප්තිමත්, විනිවිද දැකිය හැකි එළියට නිරාවරණය වි හා කළු පැහැති විය යුතුය. නරක් වීමත් සමග  ඇස ක්‍රම ක්‍රමයෙන්  ගිලා බසි. ඇස තුල පැහැය වෙනස් වි සුදු පැහැයක් සහිත වී වැඩිපුර නරක් විමත් සමග ඇස ඇතුළට ගිලා බසි. වියළි ස්වභාවයක් ගනි.

අලුත් මසුන්ගේ කරමල තද රතු පැහැතිය. ශ්ලේෂ්මය නොපවති. අලෙන සුළු නොවේ. කරමලෙහි කුඩා කොටස් පහසුවෙන් වෙන් කර දැකගත හැක. ඒවා පහසුවෙන් නොකැඩේ.
මාළු නරක්  වීමත් සමග කොරළ පහසුවෙන් ගැලවිමට පුළුවන.මාළු නරක් වන විට මුලින්ම සිදුවනුයේ කොරළ ඉවත් වීමයි.
නරක් වු මාළුන්ගේ හම දීප්තිමත් බව අඩු වි ශ්ලේශ්මලය පවති.එසේම දුර් ගන්ධය දැනිමද සිදු වේ.
එසේම අළුත් මාළුවකුගේ  ඇග  ඇගිල්ලෙන් එබු විට එම ඇගිලි සලකුණ ඉක්මනින්  නැතිවෙන නමුත්  නරක් වු මාළුවකුගේ  එම ඇගිලි සලකුණ ඉක්මනින් ඉවත් නොවි බොහෝ වේලාවක් පවති.

ණිර්මාණික ළමුන් ( ඩිසයිග්නර් බේබීස් )

වෛද්‍ය වරයකු  යුවලක් සදහා  ඔවුන්ගේ කුඩා බිළිදාගේ  පූර්ව කලලයේ රුවක් තිරයක් මත පෙන්වමින් , එම කලලය පරම්පරාගත රෝග වලින් තොර නීරෝගි බව පැහැදිලි කරමින් සිටී.  එවිට එම යුවල පවසන්නේ  ඔව්නට දුඹුරු පැහැති ඇස් ඇති, කලු කොන්ඩය සහ පැහැපත් සමක් ඇති දරුවකු අවශ්‍ය බවට තීරණය කරයි.  එහිදී වෛද්‍යවරයා තවදුරටත්, බිළිදාගේ ජාන වලින් ඇති වීමට හැකි  දිගු දුර අන්ධ භාවය,  මත් ද්‍රව්‍ය ඇබ්බැහි භාවය, තරබාරු කම, ගෘහ හිංසාව  ඉවත්කිරීමට කටයුතු කර බවත් ප්‍රකාශ කරයි.
අපිට නම් ඒ ගැන නැවත දෙපාරක් සිතන්න අවශ්‍ය නෑ, මා කියන්නේ  ලෙඩරෝග ගැනසඵල මව පවසයි. එවිට ස්වාමි පුරුෂයා  එක් වරම පවසන්නේ  ඇතැම් දේ වාසනාවට ඉඩ හැරිම සුදුසු බව තමා සිතන බවය.

වෛද්‍ය වරයා බලාපොරෝත්තු පිරිපුන් දෙපලට  ඔව්න් තමා වෙත පැමිණියේ මන්දයා මතක් කර දෙයි. එය තම දරුවාට ඉතා හොදම ආරම්භය ලබා දීමටය.

මෙය මීට වසර 20 කට පෙර ඔක්ටෝබරයේ වෙදීකා ගතවූ ගටකා චිත්‍රපටයේ ජවනිකාවක සංවදයක කොටසකි.  නමුත් මෑත කලීන ජාන සංකරණ  විද්‍යාවේ අදාරයෙන්  ( ක්‍රිස්පආර්, කෑස් 9 = CRISPR/Cas9 ) මිනිස් කලලයක් ජාන සංස්කරණය කිරීම හා පාලනය කිරීම සැබෑවක් වෙමින් පවතී.
චිත්‍ර පටයේ පන්වන ආකාරයට  නිර්මාණික ලමුන් ( designer babies ) ලගදීම මානව අවශ්‍යතාවක් වනු ඇති බව  මානව වාදී දාර්ශණිකයින් පෙන්වා දෙයි.
ගටකා චිත්‍රපටයේ කතෘ පවසන්නේ  මෙලෙස කෘතීම කලල වැඩීමේ  පරිසරයක ජාන සංස්කරණය කරන ලද ආකාරය ආනාගතයේ සාමාන්‍ය ළමුන් බිහිවීමේ ක්‍රමය වන බවයි.  එලෙසම එහිදී  තම දරුවනට එම පර්යේෂණ සදහා මුදල් යෙදවිය නොහැකි  යටත් පංතියක් නිර්මාණය කෙරෙන බවද ඔහු පෙන්වා දෙයි.
මෑතක් වන තුරුම මෙලෙස මිනිස්  ඩීඑන්ඒ (DNA) සංස්කරණය කිරීම, සැකසීම  විද්‍යාත්මක පෙන්වා දීමක් හා ආදර්ශ කතාවක්ද,  ජීව විද්‍යාව හා ජාන තාක්‍ෂණය මගින් එල්ලවිය හැකි ජීව විෂම තාවයට අනතුරු ඇගවීමක් විය. මෙය පසුගිය හැස්ටින්ග් මධ්‍යස්ථානය මූලිකත්වයෙන් සාකච්ඡාවකදී  මාධ්‍යවේදීන්, විද්‍යාවේදීන්, දාර්ශණිකයන් හා වෛද්‍යවරු මගින් විවිචනයට හා අභියෝගයට ලක්ව ඇත.
මෑතදී ( ක්‍රිස්පආර්, කෑස් 9 = CRISPR/Cas9 ) ක්‍රමයෙන් බිහිරි භාවය, හෘද හා රුධිර අක්‍රමිකතා සදහා පිළියම් සොයාගත් බව වාර්තා කර ඇත.  ජාන සංස්කරණය සදහා මෙම විද්‍යාව හා උපකරණ භාවිතය වසර 5ක් පමණ කාලයක් දියුණු හා වර්ධනය කල බවත් එමගින්  නිර්මාණිකව මීයන්, ඌරන්, මාලුවන්, ශාක හා අනෙකුත් සතුන් සාදා අත්හදා බැලූ බවත් වාර්තා වේ. මෙය මිනිසුන් සදහා යොදාගන්නේද නැද්ද යන්න අතිශයින්ම විවාදයට ලක්වේ. 

එස් කූල් - S’cool


ඔබ හිතවතකු , යහළුවෙකු හෝ ඔබ කැමති වෙනත් අයෙකුට  නත්තල හෝ වෙනත් ප්‍රීති සමයක් සදහා තෑගි ලෙස කැමරාවක් සහිත ජංගම දුරකථනයක්  මිලදී ගන්නේ නම් ඔව්නට එය ලෝක ගෝලය හා  වීද්‍යා පරීක්‍ෂණ සදහා යොදා ගන්නා ආකරයද පෙන්වා දීම ඉතා වැදගත් දෙයකි. 

එස් කූල් - S'COOL
ඔබ වලාකුළු වලට ප්‍රය මනාප නම් මෙය ඔබට ඉතා අගනා දෙයකි.  එස් කූල් - S'COOLනිර්මාණය කොට තිබෙන්නේ  භූමියේ සිට වලාකුළු පරීක්‍ෂා කිරීමට හා ඒවායේ හැඩය පිළිබද තොරතුරු සැපයීමටය.  මෙහිදී එකතු කරගන්නා දත්ත  අභ්‍යවකාශගත චන්ද්‍රිකාවක් මගින් ගබඩා කර ගනී. (CERES - Clouds and the Earth's Radiant Energy Sytem ) දැන් මෙම චන්ද්‍රිකාව නාසා ආයතනයේ  වලාකුළු ගෝලීය කාලගුණයට බලපාන අන්දම අධ්‍යනය සදහා යොමුවූ අංශයක් ලෙස  ලෝක ගෝලයට ඉහලින් කක්ෂගත වේ. එබැවින් ඔබටද දැන් මේ සදහා ඇතුලත් විය හැකිය. එය ඔබගේ පාසල හෝ පංතිය හෝ තනිව විද්‍යාඥයකු ලෙස දායක විය හැකිය.

ඒ සදහා සහභාගී වීමට ඔබට අවශ්‍ය නම් පහත වෙබ් අඩිවියට පිවීසීමෙන් ඉට කර ගහ හැකිය.

සාගරය රකින කොරල් පර

කොරල් පර සාගරයේ දැකිය හැකි වැදගත් පරිසර පද්ධතියකි. වෙරළේ ආරක්ෂාවටත් ධීවර කර්මාන්ත‍යේ පැවැත්මටත් සංචාරක කර්මාන්තය‍ටත් එමගින් ඉමහත් මෙහෙයක් ඉටුකරයි. දේශගුණික වෙනස් වීම් සාගර දූෂණය හා හිරිගල් කැඩීම වැනි හේතු මෙම පරිසර පද්ධතියේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

සාගරයේ වටිනාම සම්පත වන  කොරල් පර ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදේ.එනම්  කොරල් (Hard corals) හා මෘදු කොරල් (Soft corals) වශයෙනි. දඩ කොරල් වල කැල්සියම් කාබනේට් වලින් හැදුණු බාහිර සැකිල්ලක් දැකිය හැකි අතර මදු කොරල්වල අභ්‍යන්තරයේ සු වශයෙන්  කැල්සියම් කාබනේට් ඇත. ශ්‍රී ලංකාව සතු කොරල්පර ප්‍රමාණය සීමිතය. ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ කොරල් විශේෂ 183ක් පමණ ඇතැයි විශ්වාස කරන අතර එහි   ඩ කොරල් හා මෘදු කොරල් යන කාණ්ඩ දෙවර්ගයම හමුවේ.

කොරල් සෑදී ඇත්තේ බුහුබාවා නම් ඉතා කුඩා ජීවීන් රැසකගේ එක් වීමෙනි. බුහුබාවා විසින් දෘඩ  කොරල් වල කැල්සියම් කාබනේට් ආවරණයක් නිර්මාණය කරයි . එවන් ආවරණ රාශියක් එක් වී කොරල් ඝනාවාසයක් සෑදෙන  අතර. දඩ කොරල් වාස  භූමි සිය ගණනක් එකිනෙකට ආසන්න වීමෙන් එකමත එක වැඩීමෙන් කොරල් පරයක් නිර්මාණය වේ. කොරල් වලට වර්ණය ලැබෙනුයේ බුහුබාවන්ගෙන් වන අතර බුහුබාවන්ට එම වර්ණය ලැබෙනුයේ ඔවුන්ගේ ශරීර තුල ජීවත් වන ඒක සෛලික ඇල්ගී මගිනි.

නමුත්  කොරල් සෑම මුහුදකම හෝ මුහුදු තීරයකම වර්ධනය නොවන අතර එයට සාධක ගණනාවක් අවශ්‍ය වේ. ඒ සහා මුහුදු තීරයේ උෂ්ණත්වය සෙ.අංශක 25-30 අතර තිබීම යෝග්‍ය වේ. අධික හිරු එළිය කොරල් වලට හානිදායක වන නමුත් කොරල් හා සහජීවනයෙන් ජීවත් වන සුසැන්තිලේ  වැනි  ඇල්ගී   විශේෂ වර්ධනයට හා ශක්තිය නිපදවීමට හිරු එළිය අවශ්‍ය වේ.එමෙන්ම කොරල් වර්ධනයට ජලයේ පැහැදිලි බව ඉතා වැදගත් වේ. එමෙන්ම කොරල් මිරිදිය ජලයේ වර්ධනය නො‍වන අතර අධික ලවණතාවය සහිත ජලයට ඔරොත්තු දේ. කොරල් නිර්මාණය අවුරුදු දහස් ගණනක් තිස්සේ සිදුවන අතර ඒවායේ වර්ධනය ඉතා සෙමින් සිදුවේ. ඇතැම් කොරල් වසරකට සෙ.මී 15 පමණ වර්ධනය වන අතර තාරකා කොරල් හා මස්තිෂ්ක කොරල් වැනි විශාල කොරල් වර්ග වසරකට අල් 1/8-3/4 දක්වා ‍වර්ධනය වේ.   

ගැටි කොරල් බාධක පර අතොල් පර ලෙස කොරල් වර්ග කිහිපයකි. ගැටි කොරල් වෙරළට ආසන්නව වර්ධනය වී ඇත. වෙරළේ සිට මුහුද දක්වා විහිදී ඇත. බාධක කොරල් වෙරළ තීරය‍ට සාමාන්තරව ඇති අතර වෙරළෙන් වෙන් වන්නේ ජල තීරුවකිනි. එනම් එමගින් වෙරළත් මුහුදත් අතර බාධකයක් නිර්මාණය කරඇත. ගිලුණු ගිනිකන්දක ආවාට මුදුන වටා හෝ සාගරය තුල ගිළී පවතින කදු මුදුන් ව‍ටා කවා කාර හැඩයෙන් යුත් දූපත් ලෙස වර්ධනය වී ඇති කොරල් අතොල් පර  නමි. ශ්‍රී ලංකාවේ  බහුලවම ඇත්තේ ගැටි කොරල් පරය. බාධක පර හා අතොල් පර දැකිය නොහැකිය. ගැටි කොරල් පර බොහොමයක් නිරිත දිග දකුණ හා නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව ව්‍යාප්තව ඇත. ඒ අනුව දකුණු වෙරළ තීරයට අයත් හික්කඩුව උණවටුන වැලිගම ආසන්න වෙරළ තීරයේත් නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලය පරෙවි දූපත ආසන්නයේත් හොදින් වැඩුණු කොරල්පර දැකගත හැකිය.මීට අමතරව මන්නාරම් බොක්කේද  කල්පිටිය අර්ධද්වීපයට බටහිරින් ගැඹුරු මුහුදේද  හොදින් වැඩුණු කොරල්පර දැකගත හැකිය.     
                        
මුහුදු රළ‍ට එරෙහිව බාධකයක් වී වෙරළ ආරක්ෂා කරන සාගරයේ සිටින මසුන්ට හා අනෙකුත් අපෘෂ්ඨ වංශීන්ට ජීවත් වීමට පරිසරයේ ආරක්ෂාව හා ආහාර ලබා දෙන කොරල් පර සාගර ජෛව විවිධත්වය කෙරෙහි ඉතා වැදගත් වන පරිසර පද්ධතියකි.

සැකසුම-‍‍(පොත පත ඇසුරිනි)
කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-බලපිටිය

December 30, 2017

ඔබේ මින්මැදුරු පියස්සට උද්‍යානයක්

උපුටා ගැනීම :https://newatlas.com/ecoqube-c-aquaponics-plants-aquarium/52591



නව්‍ය ජලජීවී පද්ධති සැලසුම්කරණය සඳහා වූ Aqua Design Innovations සමාගම විසින් 2013 වර්ෂයේ ආරම්භ කර දියත් කරන ලද අවම නඩත්තු සහිත ගෘහාශිත ජලජීවී පද්ධති මේවන එහි සිටින මසුන් සහ පැලෑටි සඳහා පිරිසිදු ජලය ලබාදීම පිණිස ස්වභාවික පෙරීමේ ක්‍රමවේදයන් හි නව තාක්ෂණයන් මගින් මේ වන විට වැඩි පෑලෑටි ප්‍රමාණයක් දරා සිටිය හැකි සාර්ථක නිර්මාණ සිදුකර ඇත.
The EcoQube C+ measures 11.25 in wide, 8.25 in thick and stands 22.5 in tall
එකෝකියුබ් සී+(EcoQube C+)නම් වූ නව මින්මැදුරු පැරණි ජල පෙරහන් පද්ධතියම යොදාගෙන පැලෑටි වර්ධනය කිරීමට හා මාළු ටැංකිය පිරිසිදු කිරීමට හැකිවන සේ (ටැංකිය වාතනය කිරීම හෝ පෙරහන් මාරු කිරීමක් අවශ්‍ය නොවේ) නිර්මාණය කර ඇත. මෙහි මසුන් සහ පැලෑටි අතර සහජීවී සබඳතාවයක් තුලින් පිරිසිදු ජලය නිපදවීම සිදුකෙරේ. The EcoQube C+ is a successor to Aqua Design Innovations earlier aquariums
මසුන් සඳහා ආහාර ලබාදීමේදී ඔවුන් විසින් ඇමෝනියා වලින් පොහොසත් මලද්‍රව්‍ය නිපදවයි. මෙම ඇමෝනිය ජලයෙහි සිටින බැක්ටීරියා විසින් ශාඛ වර්ධනයට අවශ්‍ය නයිට්‍රෙට ලෙසට වියෝජනය කරයි. ශාඛ විසින් නයිට්‍රේට අවශෝෂනය කරගනු ලබන අතර ඇමෝනියා වලින් තොර ජලය නැවත ටැංකියට මුදා හැරේ.
Diagram showing how the aquaponics system in the EcoQube C+ aquarium works
C+ මාදිලිය දිග, පළල හා උස පිළිවෙලින් සෙන්ටිමීටර 28.6, 20.9 ක් හා 57.1 ක් වන අතර ධාරිතාවය ලීටර් 11.35 කි. එය කලින් පැවති  EcoQube C මාදිලියට වඩා දෙගුණයක් විශාලය. මෙහි පියස්සේ පෑලෑටි සඳහා විවර 5 ක් පවතින අතර එයටම සවිකර ඇති කුඩා දිය ඇල්ලකින් සහ දුරස්ථ පාලකයකින් පාලනය වන LED ආලෝක ප්‍රභවයකින් ද සමන්විතය.
 Aqua Design Innovations has returned to Kickstarter to fund the EcoQube C+
මෙම EcoQube C+ මින්මැදුර 2018 නොවැම්බර් වනවිට ඇ.ඩො. 99 ක පමණ මිළකට වෙළදපලට නිකුත් කිරීමට නියමිතය.




December 13th, 2017
මූලාශ්‍රය :Kickstarter

ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය

The world's first solar-powered train was fitted with custom-built curved solar panelsවක්‍රකාර සූර්‍ය පැනල සවිකර ඇති ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයකින් බලගැන්වූ නව ප්‍රවාහන සේවාවක අත්දැකීම විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. ‘බයරන් බේ‘ (Byron Bay) දුම්රිය සමාගම විසින් ලොව ප්‍රථම සූර්‍ය බල දුම්රිය ලෙස හඳුන්වා දී ඇති මෙය දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත දුම්රියකින් නිපදවා ඇත.


The roots of the world's first solar powered train can actually be traced back to World...
 මෙම නව දුම්රිය සේවාව සඳහා යොදාගෙන ඇති දුම්රිය මැදිරි දෙක 1949 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධය හේතුවෙන් යුරෝපීයේ සිට පැමිණි සංක්‍රමණිකයන් ප්‍රවාහණය කිරීම සඳහා මුලින්ම භාවිතා කර ඇත. එහි බඳ නිපදවා ඇතිතේ බෝම්බ හෙලීම සඳහා භාවිතාකරන ලද ගුවන් යානා නිපදවීම සඳහා භාවිතා වූ ඇලුමිනියම් ලෝහය වන බැවින් මෙම දුම්රිය මැදිරි නවීන සැහැල්ලු දුම්රිය වලටත් වඩා බරින් අඩු වේ.
Each charge of the solar-powered train is said to provide enough juice for 12 to 15...
මෙම මැදිරි 90 දශකයේ මැද භාගයේ සිට 2013 කාලය දක්වා භාවිතයට නොගෙන අංගනය තුල පැවති අතර බයිරන් බේ සමාගම විසින් මෙම ඉතිහාසගත දුම්රිය නැවත ප්‍රථිස්ඨාපනය කිරීමේ කරතව්‍ය භාරගන්නා ලදී. ඔවුන් මුලින්ම සැලසුම්කර තිබුනේ මෙය ඩීසල් බලයෙන් ධාවනය කරවීමට උපත් සූර්‍ය බල තාක්ෂණයේ නවීන දියුණුවත් සමග එය වෙනස් කරන ලදී. වෙනත් රටවල සූර්‍ය බලය භාවතා කරන දුම්රිය තිබූවත් මෙම සමාගමට අනුව මෙය පූර්ණ වශයෙන් සූර්‍ය බලය පමණක් යොදා ධාවනය වන ලොව පළමු දුම්රියයි
Each charge of the solar-powered train is said to provide enough juice for 12 to 15...දුම්රිය වහලයේ සවිකරන ලද විශේෂයෙන් නිර්මාණය කරන ලද වක්‍රාකාර සූර්‍ය පැණල මගින් බැටරි ආරෝපණය කරනු ලබන අතර, පුණර්ජනනීය තිරිංග පද්ධතියක් මගින් දුම්රිය ධාවනයට භාවිතාවන ශක්තියෙන් 25% නැවත හසුකරගනී. මෙය දුම්රියස්ථානයේ නවතා ඇතිවිට වේදිකා වහලයේ සවිකර ඇති විශාල සූර්‍ය පැණල පද්ධති වලින්ද එහි බැටරි ආරෝපනය කරගත හැකි එසේ නොමැතිනම් විදුලිබල පද්ධතියේ හරිත බලශක්ති සැපයුම්කරුවන් හරහා එය ලබාගත හැකි බව සමාගම පවසයි

 හදිසි අවස්ථාවන් සඳහා එක් ඩීසල් එන්ජිමක් මෙයට සවිකර ඇති (එමගින් දුම්රියට අවශ්‍ය බර සහ සමබරතාවය ද ලබාදේ) නමුත් මෙහි ඇති කි.වොට් 220 ක විදුලියෙන් ක්‍රියාකරන මොටර මගින් නවීකරණය කරන ලද දුම්රිය මාර්ගය ඔස්සේ කි.මී. 03 ක දුරක් ධාවන්‍ය කිරීමට හැකි වී ඇත.
The northern New South Wales coastline is home to a sustainably powered new transport option
2018 ජනවාරි මස සිට මෙහි සේවාවන් පුළුල් කරමින්, මගී ආසන 100 කින් සමන්විත මෙම දුම්රිය බයිරන් බොක්ක ආශිතව අළුතින් තනන ලද දුම්රිය ස්ථාන දෙක අතර පැයකට වරක් ගමන් කිරීමට බලාපොරොත්තු වේ. මෙහි එක් බැටරි ආරෝපනයකින් ගමන්වාර 12 ත් 15 ත් අතර සිදුකල හැක 

Nick Lavars December 19th, 2017
මූලාශය :  Byron Bay Rail Company

අවධානම් ශෛල්‍යකර්ම සැලසුම් කිරීමට සහ පුහුණු වීමට ත්‍රිමාණ මුද්‍රිත අවයව

An artificial prostate fitted with a soft sensor
ජ්‍යාත්‍යන්තර පර්යේෂකයින් පිරිසක් විසින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදාගෙන සංවේදී අවයවයන්හි ආකෘති නිපදවා ඇත. මෙම අවයවයන් වෛද්‍ය වරුන් සඳහා සත්‍ය ශෛල්‍යකර්මයක් කිරීමට පෙර සජීවී ශල්‍යකර්ම පුහුණුවීම සහ සැලසුම් කිරීම සඳහා යොදාගත හැක.
ත්‍රිමාණව මුද්‍රණය කරන ලද මෘදු සංවේදකය සහිත කෘතිම පුරස්ථි ග්‍රණ්ති(Credit:McAlpine Research Group)

සැත්කමක් යනු බොහෝ විට ජීවිතය සහ මරණය අතර දෝලනය වන්නකි. නියමිත ශෛල්‍යකර්මය කිරීමට පෙර කෘතිම පුද්ගලයකුගේ අදාලවන අවයවයන් සඳහා ශෛල්‍යගාරයෙන් පිටතදී ශල්‍යකර්මය පුරුදු පුහුණුවිය හැකි නම් එය රෝගියාගේ ශෛල්‍යකර්මය නිවැරදිව සිදුකිරීමට වෛද්‍යවරුන්ට උපකාරයක් වන අතර එය ශෛල්‍යකර්මය සාර්ථකත්වය ඉහලයෑමට හේතුවේ.

සියළු ශෛල්‍යකර්ම වල ක්‍රියාවලිය සමාන නොවේ. කෘතිම පුද්ගල ආදර්ශයක අදාල ශෛල්‍යකර්මය සිදුකිරීම වාසි සහගත වුවත් එය ශෛල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදී සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලි නිවැරදිව ප්‍රදර්ශනය නොකරයි. නිදසුනකට ප්ලාස්ටික් වලින් නිර්මිත අවයව පටක සෑබෑ අවයවයන්හි පටක වලට වඩා තරමක් දෘඩ බැවින් එවැන්නකින් ශල්‍ය කර්මයකදී සෑබෑ තුවාලයක් වැසීමේ නිවැරදි අවබෝධය වෛද්‍ය වරුන්ට එමගින් නොලැබේ.

පසුගිය වසරේදී, රොචෙස්ටර් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය සෑබෑ ශෛල්‍යකර්ම අභ්‍යාසයන් සඳහා සාර්ථක පිවිසුමක් ලබාගෙන තිබූ අතර එහිදී මෙල්ඩින් තාක්ෂණය (melding technology) සහ කලා සහ මූර්ති ශිල්පක්‍රම යොදාගෙන අවයව ආකෘති නිර්මාණය කර ඇත. මෙම ආකෘති සත්‍ය අවයවයන් ලෙස අතට දැනෙන අතර එය කැපීමේදී රුධිර වහනයද සිදුවිය.

මේ වන විට මෙම අධ්‍යයනයන් හි දියුණුවක් ලෙස කෘතිම අවයව නිර්මාණය සඳහා ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර යොදාගෙන නව පිවිසුමක් ලබාගෙන ඇත.
මෙම අධ්‍යයනය කාර්ය සඳහා විශේෂ සිලිකන් පාදක කරගත් තීන්ත භාවිතා කර පුරස්ථි ග්‍රන්ථියක් නිර්මාණය කරන ලදී. මෙම තීන්ත මගින් නිර්මාණය කර ඇති අවයවය පුරස්ථි ග්‍රන්තියේ චුම්භක අනුනාද ප්‍රථිබිම්භ (Magnetic Resonance Imaging (MRI))ස්කෑනරයකින් ලබාගත් දත්ත සහ අවයවයේ සාම්පල අධ්‍යයනයන්ට අනුව පටක වල ගුණාංග සහ ක්‍රියාකාරිත්වයන්ට අනුව සැලසුම් කර නිර්මාණය කර ඇත.

පර්යේෂකයන් විසින් මෙම කෘතිම පුරස්ථි ග්‍රන්ථිය කරුණු තුනක් සඳහා නිර්මාණය කර ඇත. එහි විවිධ ශෛල්‍යකර්ම සිදුකරන අවස්ථාවේදී විවිධ උපකරණයන් වලින් සිදුවන හානි වාර්ථා කිරීමට සහ අවයවය හැසිරෙන ආකරය පිළිබඳ දත්ත රැස්කිරීම සඳහා ත්‍රිමාණව මුද්‍රණය කරන ලද සංවේදක අන්තර්ගත කර ඇත.
මිනිසා විසින් නිර්මාණය කරන ලද පුරස්ථි ග්‍රන්ථිය සැබෑ ග්‍රන්ථියේ පෙනුම, ක්‍රියාකාරීත්ව ගුණාංග සහ හැසීරීම නිවැරදි ලෙස අනුකරණය  කර ඇති බවත් එය සැබෑ ග්‍රන්ථිය හා සමාන හැඟීමක් ඇතිකරන බව සොයාගෙන ඇත. මෙම ආදර්ශන තනිතනි පුද්ගලයාගේ අවයවයන්ට විශේෂිත සාධක මත වෛද්‍ය වරුන්ට ශෛල්‍යකර්මයේ ශක්‍යතාවය පිළිබඳ අනාවැකි කීමට මහත් පිටිවහලක් වනු ඇත.

මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙනයෑමේදී විවිධ තීන්ත භාවිතයෙන් වඩාත් සංකීරණ අවයව ආකෘති නිර්මාණය කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වේ. ශරීරය තුල හටගන්නා විවිධ ගෙඩි වැනි දෑ ශ්‍යල්‍යකර්ම මගින් ඉවත්කිරීම මෙයට නිදසුනකි. මේ ආකාරයට කෘතිම අවයව ඉදිරියේදී බොහෝ ජීවත බේරාගැනීමට සමත්වනු ඇත.

“අපහට පටක සහ අවයවයන්හි ක්‍රියාකාරීත්වය නැවත නැවත සිදුකිරීමට හැකිවුවහොත් එය අවයව බද්ධ කිරීම සඳහා යොදාගත හැකි ජීව අවයව ලෙස භාවිතයට ගත හැක.“ පර්යේෂක කණ්ඩායම් ප්‍රධානී මයිකල් මැක්ඇල්ෆයින් පවසයි. “මෙම ව්‍යාපෘතිය 'Human X' ව්‍යාපෘතිය ලෙස හැඳින්වේ. මෙය විද්‍යා ප්‍රභන්ධයක් ලෙස හැඟේ. නමුත් කෘතිම අවයව පෙනුමෙන්, හැඟීමෙන් සහ ක්‍රියාකාරිත්වයෙන් සැබෑ පටක හෝ ඉන්ද්‍රිය වැනිම නම් ඇයි අපට සෑබෑ අවයවයන් ප්‍රතිස්ථාපනය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ භාවිතා කල නොහැකි.“ විද්‍යාව හා ඉන්ජිනේරු පිළිබඳ මින්නෙසොටා විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් මැක්ඇල්ෆයින් මහතා තවදුරටත් පවසයි.

උපුටා ගැනීම :https://newatlas.com/artificial-organ-3d-printed/52523/
Anthony Wood  December 8th, 2017

මූලාශ්‍රය : University of Minnesota

වෛරස් වලින් සදාතනික ආරක්ෂාවට ඩී.එන්.ඒ (DNA) එන්නත්

උපුටා ගැනීම :https://newatlas.com/dna-vaccine-flu-universal/52768/

New research into DNA vaccines suggests a universal, one-dose flu vaccine could be developed

ඩීඑන්ඒ එන්නත් සම්බන්ධ නව පර්යේෂණවලින් අදහස් කරන්නේ විශ්වීය එක්-මාත්රා එන්නත් එන්නතක් වර්ධනය කළ හැකි බවයි Credit: destinacigdem/Depositphotos)

ලොව සියළු වෛරසයන් සඳහා එක් එන්නත් මාත්‍රාවක් ලබාදීම ලොව වෛද්‍ය පර්යේෂකයන්ගේ සිහිනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම මිලියන භාගයක් පමණ පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මියයන අරත එමගින් අහිමිවන සාමාජයීය සහ ආර්ථිකමය පිරිවැය ගණනය කල නොහැක. උණ රෝගය සඳහා වූ ඵලදායී එන්නතක බලපෑම කෙතරම්ද කියා මිළකල නොහැක. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව සඳහා වූ පාසලේ පර්යේෂකයන් පිරිසක් සියළු උණ රෝගයන් පතුරවන වෛරසවල ජානමය සංගටක ඉලක්ක කර යොදාගතහැකි නවDNA එන්නතක් පිළිබඳ අත්හදා බැලීම් සිදුකරනු ලැබේ.


ඩී.එන්.ඒ. එන්නත් නවතම වෛද්‍ය පර්යේෂණ වල පෙරටුගාමී වී සිටියි. සාම්ප්‍රදායික එන්නත් ලෙස නොව මෙම එන්නත් මගින් ජීවියාගේ සියළු රූපාකාරයන් සඳහාම ප්‍රතිශක්තිකරණය ලබා දෙයි. ඩී.එන්.ඒ. එන්නත් මිනිසාගේ ප්‍රවේණි සංගටක තුලට ඇතුල්වී ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉලක්ක කර අවශ්‍ය ව්‍යාධිජනක ප්‍රතිදේහ නිපදවයි.
  
පර්යේෂන කණ්ඩායම මෙහෙයවන ඩෙබෝරා ෆුලර්ට අනුව පසුගිය වසර 40 තුලදීම එකම එන්නත් ශිල්පක්‍රම යොදාගෙන එක් එක් වෛරසයන් සඳහා විවිධ එන්නත් නිපදවා ඇති නමුත් දැන් සියළු වෛරස සඳහා එක් එන්නතක් පමණක් යොදාගැනීමට සුදුසු කාලය බවයි.


සාම්ප්‍රදායික එන්නත් වලට වඩා ඩී.එන්.ඒ. එන්නත් වල ප්‍රයෝජන රැසකි. මෙය දැනට භාවිත එන්නත් නිපදවීමට වඩා ලාබදායී සහ වේගවත් ක්‍රමවේදයක් භාවිත කරයි. මෙය වෛරසවල මූලික ජානමය සංඝටක ඉලක්ක කරනු ලබන අතර එමනිසා එය වෛරසවල සිදුවන ජානමය වෙනස්වීම් වලට අනුව හැඩගැසේ. මෙහි අර්ථය එය දැනට පැවති හා අනාගතයේ ඇතිවිය හැකි  සියළු ඉන්ෆුවෙන්සා රෝගකාරක ප්‍රභේදයන්ට එරෙහිව ආරක්ෂාව සපයන බවයි.


කෙසේවෙතත්, ඩී.එන්.ඒ. එන්නත් පිළිබඳ මුල් අධ්‍යයනයන් වලදී එය එතරම් පලදායී නොවන බව පෙනී ගොස් ඇත. මෙම ක්‍රමවේදයන් යොදාගෙන ශරීරය තුල ප්‍රතිශක්තිකරණය ඇතිවීමට සාම්ප්‍රදායික අන්තර්පෙෂිමය එන්නත් කිරීමට වඩා තරමක කාලයක් ගතවීම මෙයට හේතුවයි.


මෙම නවතම ඩී.එන්.ඒ. එන්නත් කිරීමේ පර්යේෂණ සතුන් යොදා කල පර්යේෂණ වලදී සාර්ථක ප්‍රථිපල අත්කර ඇත. නව එන්නත එකිනෙකට වෙනස් වෛරස් ප්‍රභේද හතරක ඩී.එන්.ඒ. ප්‍රෝටීන අන්තර්ගත වන අතර අමතරව සෑම වෛරස් ප්‍රභේදයකටම පොදුවූ අතිරේඛ ප්‍රෝටීනයකින් ද සමන්විතය. ප්‍රතිඵල පැහැදිලි එන්නත්කරන ලද  සතුන් මුල් වෛරස් ප්‍රභේද හතරට අමතරව වෙනත් වෛරස් ප්‍රභේදයන්ට ද දැඩි ප්‍රතිශක්ති කරණයක් දැක්වූ බවයි. ඒ අනුව එන්නතට පුළුල් ප්‍රතිශක්ති කරණ හැකියාවක් පවතින බව අර්ථවත්වේ. 


ඩී.එන්.ඒ. එන්නත්කරණ පර්යේෂණවල ගෙවීගිය වසර 10 ක කාලය තුල කිසිදු මානව හෝ වානිජමය ප්‍රතිඵලයක් ලගාකරගත නොහැකි වුවත් මෙම ප්‍රතිඵල සැබවින්ම විප්ලවවාදී විය හැක. පසුගිය ශතවර්ෂයේ මහා මානව ජයග්‍රහනවලින් එකක් වන මිනිසුන්ගේ ජීවිත මිලියන ගණනක් බේරාගැනීමට හැකිවූ පෝලියෝ පතිශක්තිකරණ එන්නත මෙන්ම විසිඑක්වන ශතවර්ෂයේදී මෙම ඩී.එන්.ඒ. එන්නත්  මිනිසාට හානිකර ආසාදනවලින් ආර්ක්ෂාවීම සඳහා නව බලාපොරොත්තුවක් ඇති කරනු ඇත. 


Rich Haridy  December 29th, 2017  PLOS One. හි පලකනර ලද නවතම පර්යේෂණයක් ඇසුරිණි.
මුලාශ්‍රය: UW Medicine